
21/07/2025
🟠 WTC අවසන් තරග තුනක සත්කාරක රට ලෙස එංගලන්තය නම් කෙරේ
ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුලුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර ඇත.
සිංගප්පූරුවේ පැවති ICC වාර්ෂික සමුළුවේදී මෙම තීරණය අනුමත කර ඇත.
ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගය පැවැත්වීමේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊට දැක්වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.
ඒ අනුව, 2021 වසරේ පැවැති අවසන් මහා තරගය ඇතුලුව මේ දක්වා පැවැති සෑම අදියරකම (2023, 2025) අවසන් මහා තරග සඳහා ද සත්කාරකත්වය ලබාදී ඇත්තේ එංගලන්තයයි.
2023–2025 අදියරට අදාළ ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය පසුගිය මාසයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති අතර, එහිදී ඔස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
තහවුරු කරන ලද නවතම ප්‍රවෘත්ති දැනගැනීමට පහතින් අපගේ Whatsapp Channel එකට දැන්ම සම්බන්ධ වන්න.
https://whatsapp.com/channel/0029Va6pHaKLI8YSGVy3ZQ2W
2025.07.21| 𝘾𝙞𝙩𝙞𝙯𝙚𝙣.𝙡𝙠