Cyber Lens

Cyber Lens 🧡 Dine 🖤 Dream 💙 Repeat

22/05/2025
22/05/2025
06/02/2025

බයියන්ව යට ඇඳුම් පිටින් බේරේ වැවේ නාවලා අරුන් කෝටි ගණන් වන්දි අරන්.....
😂😂😂

04/02/2025

⚠️
රතු හාල් කන අයගේ හිගයක්..!
ලුණු සහ සුපර් ඩීසල්
භාවිතයේ ඉහල යාමක්...!😅

14/01/2025
අපි පොඩි කාලේ ලී කරත්ත හදලා LED ගහලා, කෑලි බෑලි එල්ලලා සරසගෙන ඔික උඩ නැගලා පැදලා ආතල් ගත්තා. පොඩි පුශ් සයිකල් එහෙමත් ...
06/01/2025

අපි පොඩි කාලේ ලී කරත්ත හදලා LED ගහලා, කෑලි බෑලි එල්ලලා සරසගෙන ඔික උඩ නැගලා පැදලා ආතල් ගත්තා. පොඩි පුශ් සයිකල් එහෙමත් මියුසික් කෑලි යන ගැජට් ගහගෙන අපි පැද්දා. O\L වගේ කරන කාලෙ වෙනකොට ඒ මානසිකත්වය නැතුව ගියා. වයස 18-35 වෙලත් අර කරත්ත පැදපු පොඩි දරුවගෙන් එහාට මනස වර්ධනය නොවුන මන්ද-බුද්ධිකයෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා.

කම්පැනි වලිං වාහන හදන්නෙ ඩ්‍රයිව් කරන්න පුලුවන් වෙන්නම විතරක් නෙවෙයි. වාහන හැදිල්ලෙ ලොකු සයන්ස් එකක් තියේ. ටෙක්නොලාජි, සයන්ස් දියුණු වෙනකොට දවස ගානෙ වාහන හැදිල්ලත් අළුත් අළුත් ප්‍රමිතීන් වලට අදාලව දියුණු වෙනවා. ලංකාවේ පාරවල් වල තියෙන්නෙ අවුරුදු 20-30 පරණ ඒ කාලවල් වල තිබුණ ප්‍රමිතීන්ට හදපු වාහන. එහෙම තියෙද්දිත් මොඩිෆිකේශන් කරනවා කියන්නෙ දැනට ලෝකේ තියෙන අළුත්, දියුුණු ප්‍රමිතීන් එක්ක 100%ක්ම පටහැනි කියන එක.

⭕ වාහන හදනකොට Aerodynamics (වායුගතික විද්‍යාව), Anthropometrics (මානවමිතික), Ergonomics (ක්‍රමක්ෂමතා විද්‍යාව), Physics (භෞතික විද්‍යාව) වගේ විද්‍යාවන් වලට අනුකූලව තමයි හදන්නේ.

📌 Aerodynamics ගත්තම වාහන හදන්නේ වායුගතික නියමයන් සලකා බලලා. කාර් වල එහෙම Body Shape එක හදන්නෙ වායු ප්‍රතිරෝදය අවම වෙන්න, ඉන්ධන කාර්යයක්ෂමතාවය වැඩි වෙන්න. ශබ්ධය හා කම්පන අවම වෙන්න. බස් වලත් එහෙමයි. මේවා මොඩිෆයි කලාම Body Shape එක වෙනස් වෙනවා.

📌 Anthropometrics ගත්තම වාහනේ හදන්නේ වාහනේ යන මිනිස්සුන්ගෙ විවිධ ප්‍රමාණයේ ශරීර ප්‍රමාණ ගැන හිතලා. සීට් ඩිසයින් කරලා තියෙන්නෙ, කකුල් වලට ඉඩ පහසුව (Legroom), ඔළුව හරියට තියාගන්න ඉඩ පහසුව (Headroom) හදලා තියෙන්නෙ, ඩ්‍රයිවර්ට පාර උපරිම පේන විදිහට Blind Spots අඩු කරලා හදලා තියෙන්නෙ විද්‍යාත්මක ක්‍රමවේදයකට. මොඩිෆයි කලාම ඩ්‍රයිවර්ට පාර පේන ප්‍රමාණය අඩු වෙනවා, Blind Spots වැඩි වෙනවා.) ලංකාවේ ලොරි චැසි වල නං Anthropometrics බලලා නැතුව ඇති. ඒ සිට් වල මනුස්සයෙක්ට සුව පහසුව වාඩි වෙලා යන්න බෑනේ.

📌 Ergonomics ගත්තම වාහනේ හදන්නෙ වාහනේ Controls ඩ්‍රයිවර්ට පහසුවෙන් හසුරවන්න පුලුවන් වෙන්න. ස්ක්‍රීන්, ලේබල්, ඇජස්ටබල් සීට්, අඩු ශබ්ධය සහ අඩු කම්පනය එහෙමත් මේකට අදාලයි.

ඔය වාහන හදලා තියෙන්නෙ පරීක්ෂණ සිය ගානක් කරලා, සැප පහසුව, ආරක්ෂාව, කාර්යයක්ෂමතාව උපරිම වෙන විදිහට.

⭕ වාහන මොඩිෆයි කරනවා කියන්නෙම,

📌 වාහනේ ගමන් කරන අය, පිටත පදිකයින්, අනෙකුත් වාහන රියදුරන් අනතුරේ දානවා කියන එක.

📌 ශබ්ධ, ආලෝක, පරිසර දූෂණය කරනව කියන එක.

📌 ප්‍රමිතිගත සුව පහසුව නැති කරනව කියන එක.

✅ මේ සයන්සස් වලට අනුව වාහන මොඩිෆයි කරන්න පුලුවන්, හැබැයි A\L වත් නොකරපු ගරාජ් වල ඉන්න උංට ඒක කරන්න බෑ. ඒකට Vehicle Interior සහ Exterior Designers ලා ඔිනෙ. මෙයාලා Highly skilled, Highly Educated අය.

⚠️ ලංකාවේ පොදු ප්‍රවාහනය ගත්තොත් අපි බස් එකට නගින වෙලාවේ ඉඳන් බැහැලා යනකම් මර බියේ ඉන්න ඔිනෙ. බස් එකට නගින්න බස් එක නවත්තන්නෑ, ස්ලෝ කලාම අපි පැනලා එල්ලෙන්න ඔිනෙ, බස් එකෙ අධික ගෝෂාකාරී සංගීතය, සැරෙන් සැරේ බස් එකට නගින වෙළඳුන්, හිඟන්නන්ගෙන් වෙන බාධා කිරීම්, අධික වේගය වගේ වැරදි විශාල ප්‍රමාණයක් තියෙනවා.

✅ Clean Sri Lanka යටතේ පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් වල සම්මත වර්ණ ක්‍රමයක්, අඩුම A\L දක්වා ඉගෙන ගත් අයට පමණක් බස් රියදුරු ලයිසන් ලබා දීමේ වැඩ පිළිවෙලක්, ලයිසන් වලට පොයින්ට් ක්‍රම වේදයක් වගේ දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් පොදු ප්‍රවාහනයේ ලොකු වෙනසක් කරන්න පුළුවන්.

Hiran Kavishka 🦇
Seek! Think! Know! Share!

We are Radiant.......✨
22/11/2024

We are Radiant.......✨

17/11/2024
16/02/2024

💚💚🎶🎶

💕💕 Follow us on Instagram

Instagram.com/lenscyber

15/02/2024

💚☕📖

💕💕 Follow us on Instagram

Instagram.com/lenscyber

Address

Mirissa

Telephone

+94701003345

Website

Alerts

Be the first to know and let us send you an email when Cyber Lens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share