29/12/2025
පසුගිය දිනවල ආන්දෝලනයකට ලක්වූ යාපනය ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කොට තිබෙනවා.
එම නිවේදනයේ සදහන් වුණේ මණ්ඩතිව් හි පිහිටි යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් දැනට සිදුවෙමින් පවතින බවත් සැලසුම් කොට ඇති පරිදි ඉදිරියට යන බවයි.
දිත්වා සුලිකුණාටුව හේතුවෙන් ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට සිදුවූ බවත් ඒ හේතුවෙන් ජනවාරි මස 14වනදා පැවැත්වීමට සැලසුම් කොට තිබූ අත්හදා බැලීමේ තරගයද ඇතුලු වැඩසටහන් වලට බාධා එල්ල වූ බවත් එම නිවේදනයේ සදහන්.
එම තරගය විස්සයි විස්ස ලෝක කුසලානයෙන් අනතුරුව පැවැත්වීමට සැලසුම් කොට ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.