05/08/2026
Marry කලාට පස්සේ අපි දෙන්නා යන පලවෙනි trip එක තමයි මේ…මේ ගමනට මං Downsouth select කරගත්තේ ලංකාවේ මං යන්න ආසම තැන් වලින් මුලින්ම තියෙන්නේ මෙහේ නිසා…මං මෙහේ තියෙන වෙනස් වෙනස් cafes and restaurants try කරන්න මාරම ආසයි ..
මේ ගමනෙත් මුලිකම දේ වුනෙත් ඒක තමයි 🙊
මුලින්ම කියන්න ඕනේ මේ ගමන මං තනියම මට ඕනේ විදිහට මං ආස places add කරලා plan කලේ😌
මුලින් මායි husband විතරක් යන්න හිටියා වුනත් එයාගේ නංගිත් ඒ දවසේ නිවාඩු නිසා එයයි මල්ලියි තව husbund ගේ හොදම යාලුවොයි අපිත් එක්ක මේ ගමන යන්න ලෑස්ති වුනා 😇 අපි ගියේ පොසොන් පෝය දවසේ ..
උදේ 8.30 වෙද්දි අපි පිටත් වුනා..යන අතරමගදි highway service area එකෙන් පොඩ්ඩක් නවත්තලා ගෙදරින් හදාගෙන ආව sandwich කෑවා..යන අතරමගදි වැස්සත් highway exit කලාට පස්සේ වැස්සෙන් බාධාවක් වුනේ නෑ
📍Kai beach - Ahangama
අපේ පලවෙනි spot එක වුනේ මේ restaurant එක ..මෙතන view එක දැකලා තමයි මං මෙතන select කලේ .. cafe එකේ ඉදන් කෙලින්ම පේන්නේ beach view එකක් ..ඒ view එක බලන් coffee එකක් බොනවා කියන්නේ වෙනම vibe එකක් ..අපි දෙන්නා order කලේ hot chocolate and cappuccino..
📍 Turtle beach
මගේ bucket list එකේ මං කාලේක ඉදන් කරන්න ආසාවෙන් හිටපු දෙයක් තමයි ලොකුම ලොකු කැස්බෑවෙක් ලගට ගිහින් එකෙක් අල්ලන එක 🤭 හැබැයි මෙතනට අපිට entrance වෙන්න එක්කෙනෙක්ට රු 1000ක් ගෙවන්න වුනා😒ඒක නම් හරිම ආසාධාරනයි..husband එයාගේ යාලුවොයි විරුද්ද වුනත් මං ආස වුන නිසා අපි හය දෙනා 6000ක් ගෙවලා beach එකට ආවා ..බලන්න හිටියෙත් එක කැස්බෑවයි හැබැයි 🥲
📍Uper most villa
මේ trip එකේ අපිට lunch ගන්න තමයි තැනක් කලින් plan කරලා තිබ්බේ නැත්තේ ..මම plan කරලා තිබ්බේ pool එකක් තියෙන තැනකින් නාලා lunch ගන්න ..හැබැයි අපි කතා කරපු හැමතැනකින්ම pool එකට විතරක් ලොකු ගානක් ඉල්ලනවා ..අන්තිමේ හොයලා හොයලා තමයි අපිට මේ place එක හම්බ වුනේ ..villa එකටම හිටියේ අපි විතරයි ..pool view එකත් හරිම ලස්සනයි ..හැබැයි කෑම නම් එච්චර quality නෑ
📍Galle fort
හවස sunset එකත් එක්ක මං plan කරලා තිබ්බේ Galle fort යන්න..හැබැයි අපි hotel හොයලා checkin වෙන්න ටිකක් පරක්කු වුන නිසා checkout වෙද්දි ගොඩක් හවස් වුනා..එදා පොය නිසා හැමතැනම දන්සල් එක්ක ලොකු traffic එකක් තිබ්බා ..ඒ නිසා අපි fort එකට එද්දි කලුවර වැටුන නිසා අපි fort එකට ගියේ නෑ
📍kixi
මෙතන ice bear කියලා drink එකක් තියෙනවා ..මං ඇත්තටම ආවේ ඒ drink එක try කරන්න ..හැබැයි ඒක තිබ්බේ නෑ..ඒ නිසා අපි mango smoothi and hot chocolate ගත්තා..ඒ දෙකම හරිම රසයි…මේ වෙද්දි උදේ ඉදන් කාලා කාලා හැමෝගෙම බංඩි full
📍 Night walk
කාපුවා බහින්නත් එක්ක අපි streets වල පොඩි night walk එකක් ගියා ..මේකත් මං කරන්න හරිම ආසාවෙන් හිටියේ ..ඒත් එසා ඒ streets වල lights , shops තිබ්බේ නැ..එදා පෝය නිසාද දන්නෙත් නැ ..මෙහෙම ඇවිදන් යද්දි මේ trip එක මට මතක් වෙන්න මං fridge magnet එකක් ගත්තා ..
📍Mango house
Dinner එකට මං යන්න හිතන් හිටියේ මේ restaurant එකට ..මෙතන තියෙන්නේ වෙනස්ම ලස්සනක් ..අපි මෙතනින් chicken pizza එකක් order කලේ..මොකද අපි හැමෝගෙම බංඩි full නිසා
මේ තමයි ඉතිං අපේ ගාලු ගමන..මං මේකේ full vlog එකක් දාලා තියෙනවා එකත් ගිහින් බලන්න
https://youtu.be/EuRQDJQYCKE?si=Pcye82G0pqSpCUuc