08/07/2024
ලංකාව තුල ග්‍රැෆික් ඩිසයින් වැඩ පටන්ගන්නා(විශේෂයෙන්ම ටියුෂන් ගුරුවරුන් සමග වැඩකිරීමේදී) නවකයින්ට හමුවන පොලුකාරයින් වර්ග සහ ඔවුන්ගෙන් බේරෙන ස්වර්ණමය නීති:
1) පලවෙනි අවස්ථාව
හොදින් මතක තබා ගතයුතුයි.ඔබගේ සේවාව ලබාගන්නෙ නම් ඔන්ලයින් නම් ගාස්තුව ගෙවීමද ඔන්ලයින් කිරීමට හැකියාව තිබිය යුතුය,එසේත් බැරිනම් අවශ්‍යතාවයක් නැතිකම සහ වගකීම් විරහිතකමයි.එවිට භාවිතා කලයුතු සරල ක්‍රමයක් සහ වටිනා මන්ත්‍රයක් ඇත.ක්‍රමය නම් පෝස්ට් එක නිමකිරීමෙන් පසු වෝටර් මාර්ක් එකක් දමා යැවීමයි,මන්ත්‍රය නම් "සර් අපි ඔර්ජිනල් පෝස්ට් එක ලබාදෙන්නේ පේමන්ට් එක කිරීමෙන් පස්සෙ" යනුවෙන් පේමන්ට් එක කරන තුරු මැතිරීමයි.
2) දෙවන අවස්ථාව
"හදිසි පෝස්ට් එකක් අද දවසේ ඕනෙ" යනුවෙන් පැවසීමත් පෝස්ට් එක නිමකල විගස බෑන්ක් එකවුන්ට් නම්බර් එක ඉල්ලීමත් ඔබ යැව්වේ ලංකා බැංකුවේ එකක් නම් රටේ පාවිච්චිය අඩු වෙනත් බැංකුවක එකවුන්ට් නම්බර් එකක් නැතිදැයි ඇසීම.උදාහරණයක් ලෙස ඔබේ එකවුන්ට් එක Boc නම් කමර්ෂල් එකවුන්ට් එකක් නැද්ද ඇසීම,නැහැ කිව්වොත් එහෙනම් හෙට දාන්නම් පැවසීම.එවිට ඔබ කල යුත්තේ ඉහතදී සදහන් කල මන්ත්‍රය කීම පමණි.
3) තුන්වන අවස්ථාව
මේ වර්ගයේ පොලුකාරයින් ලේසි නැත.ඔබගේ විශ්වාසය දිනාගැනීමට සූක්ෂමය.ඔබගේ ගාස්තුව 800 නම් ඔවුන් විසින් 1000ක්ම දමයි,ඉන්පසු පවසන්නෙ තව පෝස්ට් එකක් සාදාගැනීමට ඇති බවත් එය මෙහි වැඩිපුර මුදලින් අඩුකරගන්න ලෙසත්ය,නමුත් සත්‍ය ලෙසම සිදුවන්නෙ ඔවුන් විසින් ඩිසයින් දෙකක් හෝ වැඩි ගණනක් සූක්ෂමව කතාකොට ඔබව වටේ යවා රුපියල් 1000කට සාදාගැනීමයි.මෙහිදීද සුපුරුදු පරිදි ඉහත මන්ත්‍රය සුලු වෙනසක් කොට මතුරනු මැනවි."සර් අපි ඔර්ජිනල් පෝස්ට් එක දෙන්නෙ ඉතුරු ගාන දැම්මට පස්සෙ"
4) හතරවන අවස්ථාව
මේ පොලුකාරයා ඔහු ආයතන හිමිකරුවෙක් බවත් දිගටම වැඩ ඇති බවත් ඔබගේ වැඩ හොදද බැලීමට සාම්පල් එකක් අවශ්‍ය බවත් පවසයි,මතක ඇතිව සාම්පල් එකටත් වෝටර් මාර්ක් එකක් දමා යවන්න,අවශ්‍යනම් මිලදීගනු ඇත.ඔවුනුත් නිකන් වැඩකරගන්නා වර්ගයේ අයයි.
5) පස්වන අවස්ථාව
ඉතා කලබලයෙන් පෝස්ට් දෙක,තුනක විස්තර එවා පලවෙනි එක අදම අවශ්‍ය බව පැවසීම,අනික්වා හදිසි නැතිබවත් හෙට හෝ අනිද්දා නිම කරදෙන ලෙසත් පැවසීම,පෝස්ට් කීපයක් එවන්නේ සත්‍ය ලෙසම ඒවා ඔබ ලවා ඩිසයින් කරගැනීමට නෙවේ,වැඩ ඇති බව පෙන්වා පෝස්ට් එකක් පිනට නිර්මාණය කරගැනීමටයි.පලවෙනි පෝස්ට් එක ලබාදුන් පසු ඔහු මැසේජ් වලට රිප්ලයි කරන්නේවත් පෝන් ආන්සර් කරන්නේවත් නැත.මූලික අවස්ථාවේදීම සුපුරුදු මන්ත්‍රය මැතිරීමෙන් මෙවන් පොලුකාරයින්ගෙන්ද ආරක්ෂා විය හැකිය.
අමතර කරුණු:
*විශේෂයෙන්ම ඔබ ටියුෂන් ගුරුවරුන් සමග වැඩකිරීමේදී මේ අවස්ථා කටපාඩමින් මතක තබාගන්න,ටියුෂන් ගුරුවරුන් සියල්ලන්ම පොලුකාරයින් නොවේ,නමුත් මෙසේ කිරීමෙන් ඔබට ඔවුන් අතරෙන් ජෙනුයින් කවුද නැත්තෙ කවුද අදුරාගෙන ඔබේ ජාමෙ බේරගත හැක,වෙනත් මෙහි සදහන් නොවන පොලුකාරයින් සිටීනම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
*තවත් යමක්:ටියුෂන් සදහා ඩිසයින් කරන අතරතුර හැකිතරම් ඔබේ ස්කිල් එක තව තවත් දියුණු කරගෙන ෆයිවර් හෝ එවැනි විශ්වාසවන්ත වෙබ් අඩවි ඔස්සේ ඔබේ සේවාව ලබාදීම කරන්න,එවිට මෙවිට ගැටළු ඇති නොවේ.