Udesh Abeysingha

Udesh Abeysingha 😍Living in freedom, joy, and unity—spreading love, peace, and gratitude with every😍 heartbeat.❤️ Let’s create a life we love – one thought at a time.

Welcome to the official page of Udesh Abeysingha – a passionate digital creator dedicated to spreading positive vibes, motivation, and the mindset of success. Through engaging content and inspiring visuals, Udesh helps people around the world tap into their inner potential and build a life of abundance, clarity, and confidence. Whether you're looking for daily motivation, fresh perspectives on per

sonal growth, or a spark of positivity, you're in the right place. Join the journey and become part of a growing community committed to transformation and success.

ගංවතුර පවතින අවස්ථාවලදී ඔබ නොකළ යුතු දෑ මොනවා ද?1. ආපදා තත්ත්වයන් ගැන ලබා දෙන නිවේදන නොසලකා හැරීමෙන් වළකින්න.2. ගංවතුර ත...
27/11/2025

ගංවතුර පවතින අවස්ථාවලදී ඔබ නොකළ යුතු දෑ මොනවා ද?

1. ආපදා තත්ත්වයන් ගැන ලබා දෙන නිවේදන නොසලකා හැරීමෙන් වළකින්න.

2. ගංවතුර තත්ත්වයන් ඇතිවූ විට ඒවා නැරඹීමට යාම සහ එම ස්ථානවල විනෝද වීම නොකරන්න.

3.සෑම විටම අනතුරුදායක මට්ටමින් ඈත්ව කටයුතු කිරීමට පියවර ගන්න.

4. ගංවතුරට බැසීමෙන් වලකින්න. නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් විවිධ බැක්ටීරියා වර්ග ආසාදනය වීමට ඇති හැකියාව ඉහළ බව සෞඛ්‍ය අංශ පවසයි.

5. ගංවතුරේ පිහිනීම සහ ඔරු පැදීමෙන් වළකින්න. ගංවතුර ඇතිවූ විට ඔරු, පාරු සහ කෙසෙල් කඳන් සහ බැරල් ආදිය යොදා ගනිමින් ඔරු පැදීම මෙන්ම ගංවතුරේ පිහිනීමට යෑම අතිශය භයානක විය හැකිය.

6. ගංවතුර තත්ත්වය සමග ජලයෙන් යටවී ඇති ප්‍රදේශවල ඇති විදුලි රැහැන් ආදිය ඇල්ලීමෙන් වලකින්න.

7. වාහන ධාවනය හැකිතාක් සීමා කරන්න. ගංවතුර තත්ත්වය සමග බොහෝ පුද්ගලයින් ඒ හරහා වාහන, බස් ආදිය ධාවනය කරන අයුරු දක්නට ලැබේ. කෙසේ වුවත් අදාළ මාර්ගවල තත්ත්වය සහ ජල මට්ටම ගැන අවබෝධයක් නොමැති වීම හේතුවෙන් ගංවතුර පවතින අවස්ථාවල එලෙස වාහන ධාවනය අනතුරුදායක විය හැකිය.

8. ගංවතුර ඇති අවස්ථාවල ළිං ඇතුළු ජල සැපයුම් මාර්ග අපිරිසිදු විමට ඉඩ ඇති හෙයින් ඒ පිළිබඳව අවධානය යොමු කොට උණුකර නිවාගත් පිරිසිදු ජලය හෝ බෝතල් කළ ජලය පමණක් භාවිත කරන්න.
ආහාර පිසීමට සහ වෙනත් අවශ්‍යතා සපුරා ගැනීමට ගංවතුර භාවිත නොකරන්න.

9. ගංවතුරට නිරාවරණය වූ ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් වලකින්න.

10. හදිසි ආපදා අවස්ථාවකදී කුමක් ද කළ යුත්තේ ?

👈කාලගුණ බලධාරීන් හා ආපදා කළමනාකරණ අංශ නිකුත් කරන නිවේදන පිළිබඳ සැලකිලිමත් වීම හා එම උපදෙස් අනුව කටයුතු කිරීම.
👈 ආපදා මල්ලක් සූදානම්ව තබා ගැනීම
👈 ජංගම දුරකතනය චාජ්කර තබා ගැනීම
👈 හදිසි අවස්ථාවක් නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකතන අංකය අමතන්න.

-බීබීසී පුවත් සේවය ඇසුරිනි.

අද රෑට,ඔයාට ඉන්න ගෙයක් තියෙනව නම්,නිදාගන්න ඇඳක් තියෙනව නම්,ඔයාගෙ පවුලෙ හැමෝම ගෙදර ඉන්නව නම්,ඔයා හරි වාසනාවන්තයි..මොකද මේ...
27/11/2025

අද රෑට,

ඔයාට ඉන්න ගෙයක් තියෙනව නම්,
නිදාගන්න ඇඳක් තියෙනව නම්,
ඔයාගෙ පවුලෙ හැමෝම ගෙදර ඉන්නව නම්,
ඔයා හරි වාසනාවන්තයි..
මොකද මේ කිසිම දෙයක් නැතුව අද රෑ ගෙවන මිනිස්සු ටිකක් ඉන්නවා..

පුළුවන් විදිහට හැමෝටම උදව් කරන්න..🖤

27/11/2025
26/11/2025

හොද පුරුදු ,ඔයාව බබලවයි💐❤️

ඔයාගේ මනසට වද දෙන පීඩාකාරී සිතුවිලි නිතරම එනවද?"හිඟන්නාගේ තියරිය" භාවිත කරන්නඔයාගේ ගෙදරට දවසක් හිඟන්නෙක් ආවා කියල හිතන්න...
16/11/2025

ඔයාගේ මනසට වද දෙන පීඩාකාරී සිතුවිලි නිතරම එනවද?

"හිඟන්නාගේ තියරිය" භාවිත කරන්න

ඔයාගේ ගෙදරට දවසක් හිඟන්නෙක් ආවා කියල හිතන්න.
ඔයා එදා හිඟන්නා ගැන අවධානය දීලා එයාට රු:50 ක් දෙනවා..

මෙන්න මේ මනුස්සයා දෙවනි දවසෙත් ඇවිල්ලා.!!

එදත් ඔයා රු:20 ක් දෙනවා..

ඔහොම ඔහොම හිගන්නා සල්ලි ලැබෙන නිසා පුරුද්දට දිනපතාම ඔයාගේ ගෙදරට එන්න ගත්තා..
දැන් ඔයාට මේක කරදරයක්..

දැන් මේක නතර කරගන්න ඔයා මොකද කරන්නේ??

හිගන්නා ආයි දවසක් ඇවිත් ගෙදර ගේට්ටුවට තට්ටු කළාම ඔයා ඇහුන්නෑ වගේ,ගෙදර කවුරුත් නෑ වගේ මුකුත්ම reaction එකක් නොකර ඉන්නවා.

ටික වෙලාවක් බලල හිගන්නා හැරිල යනවා.ඊළග දවසේ එයා ආයෙත් එනවා. ඇවිත් ගේට්ටුවට තට්ටු කරනවා.එදත් ඔයාගෙන් රිඇක්ෂන් එකක් නෑ.ටිකක් බලල එයා හැරිල යනවා.

ඔහොම එයා ටික දවසක් එනවා. ගේට්ටුවට තට්ටු කරනවා.ඔයාගෙන් රිඇක්ෂන් එකක් නෑ.ඊට පස්සේ හිගන්නාම ඔයගෙ ගෙදරට එන එක නතර කරල දානවා.
ඔයාගෙන් රිඇක්ෂන් එකක් නැති නිසා.

ඔන්න ඔය පාවිච්චි කරපු තියරියම තමයි අපි අර මනසට පීඩාකාරි,කරදරකාරි සිතුවිල්ලක් එනකොටත් කරන්න ඕන.

ඒ සිතුවිල්ලට හිතට එන්න දෙන්න.
ඔයා ඒ සිතුවිල්ල දිහා හිස් බැල්මෙන් බලාගෙන ඉන්න.
ඒ සිතුවිල්ලට බය වෙන්නවත් දුක වෙන්නවත් එපා.

ඒ කියන්නේ ඒ සිතුවිල්ල ගණන් ගන්න එපා,ඒකට ප්‍රතිචාර දක්වන්න යන්න එපා.

ඔයා ඒකට රිඇක්ෂන් එකක් කරොත් ඒ සිතුවිල්ල ආයි ආයි හිතට එනවා. ඒක කොයිතරම් පීඩාකාරී,අසහනකාරී සිතුවිල්ලක් වුණත් ඒකට කිසිම විදියකට බය,දුක වගේ ප්‍රතිචාර දක්වන්න එපා.

ඒක හරියට වාහනයක යද්දී පාර දෙපැත්තේ තියෙන ගස්,මිනිස්සු, ගොඩනැගිලි දැක්කට ඒ රූප සංඥාවලට අපි කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑනෙ.ඒව දිහා බලන් ඉන්නේ හිස් බැල්මෙන්.ආන්න ඒ වගේ හිතට එන ඒ සිතුවිලි දිහා හිස් බැල්මෙන් බලන් ඉන්න.

මුලින්ම මේක කරන්න ටිකක් අමාරු වෙයි.මොකද මේ එන සිතුවිල්ල ගොඩක් පීඩාකාරී අසහනකාරී එකක් වෙන්න පුලුවන්නේ.ඒ නිසා පොඩ්ඩ පොඩ්ඩ පුරුදු කරන්න.ටික ටික කරද්දී හුරු වෙයි.

එතකොට හිතට පීඩාකාරී සිතුවිල්ලක් එනකොට ඒකට අනවශ්‍ය බයක්, දුකක්, පීඩනයක් ඔයාට නොදැනේවි.ඒක හිතට එන නිකම්ම නිකම් සිතුවිල්ලක් බව ඔයාට දැනේවි.ඉතින් ඔයා ඒ සිතුවිල්ලට රිඇක්ෂන් එකක් නොකරන නිසා ක්‍රමානුකූලව ඒ සිතුවිල්ල හිතට එන එක නතර වේවි.

#නිනාව_පාලනය #අභ්‍යන්තර_සමනය ාලනය

''ආදරය කරන්න ඇඳුම් ගලවන්න ඕනේ කියලා කවුද ඔයාට කිව්වේ.. ?- මම දන්න තරමින්, ඒක එහෙමයි. - නෑ, ආදරය කරන්න තියෙන එකම ක්‍රමය ඒ...
15/11/2025

''ආදරය කරන්න ඇඳුම් ගලවන්න ඕනේ කියලා කවුද ඔයාට කිව්වේ.. ?
- මම දන්න තරමින්, ඒක එහෙමයි.
- නෑ, ආදරය කරන්න තියෙන එකම ක්‍රමය ඒක නෙවෙයි.
- එහෙනම් ඔයාට ආදරය කරන්න පුළුවන් කොහොමද..?

- ඇඳුම් ඇඳගෙන ඉන්න, අපි මහන්සි වෙනකම් කතා කරමු.. ඕනෑම දෙයකට හිනා වෙමු.. එකිනෙකා දෙස බලමු .. මා සමඟ, ඔබේ ඇඟලුම් විවෘත විය යුතු නැහැ, නමුත් ඔබේ ආත්මය විවෘත විය යුතුයි. අපි ගොළු වන තුරු එකිනෙකා දෙස බලාහිදිමු, එවිට, අපට දැනෙන දේ පැහැදිලි කිරීමට වචන ප්‍රමාණවත් නොවන මොහොතේ, ඒ අනන්ත නිශ්ශබ්දතාවයේ දී, අපට අපවම ස්පර්ශ කළ හැකියි. ♥️✨

- ගාබ්‍රියෙල් ගාර්ෂියා මාකේස් -





Shout out to my newest followers! Excited to have you onboard! Dinidu Nimantha Narangoda, Chamila Warnakula, Kalani Eran...
14/11/2025

Shout out to my newest followers! Excited to have you onboard! Dinidu Nimantha Narangoda, Chamila Warnakula, Kalani Eranga Silva

🌿✨ අද අපෙන් ගිලිහී ගියාවූ ඒ අපේ සත්‍ය සෞඛ්‍යය... ✨🌿නවීන තාක්ෂණය කියලා ගොඩක් අය කියයි.කෙනෙක්ට උයන්න බොත්තමක්, වෙනෙක්ට විව...
13/11/2025

🌿✨ අද අපෙන් ගිලිහී ගියාවූ ඒ අපේ සත්‍ය සෞඛ්‍යය... ✨🌿

නවීන තාක්ෂණය කියලා ගොඩක් අය කියයි.
කෙනෙක්ට උයන්න බොත්තමක්, වෙනෙක්ට විවේකයත් WiFi එකත් එකටම ඕනෑ...

නමුත්... 💭
අපේ ආත්තම්මලා වගේ ශක්තිය, හිතේ සතුට, ශරීරේ බලය අද අපිට නැහැ. 😔

🪶 වංගෙඩියේන් කෙටීම, ගලේ ඇඹරීම, දරලිපේ උයද්දි ලැබුණු උණුසුම...
දැන් කිසි කෙනෙකුට ලැබෙන්නේ නෑ.
ඒ දේවල් තුළ හිටියා නම්, නිරෝගී බවත්, ජීවිතේ සබඳතාවත් මීට වඩා ශක්තිමත් වෙන්න තිබුනා. ❤️

අද අපිට තියෙන්නේ මැෂින්, මෘදු ස්විච්, අතෙන් වැඩ නැති ජීවිතයක්.
ඒත් ඒත්... 🌱
අපේ හිතත්, ශරීරත් මැලි වෙලා යනවා.

🕯️ අපේ ඒ පුරුදු නැතිවුණාට, අපේ සෞඛ්‍යයත් එන්න එන්න ගිලිහෙනවා...🥲
හෙට අාපහු,
ඒ සරල ජීවිතේ
අපේ අතට ගන්න
තිබ්බා නම්,,,🙏💚

හැමදාම අනුන්ගේ Ads,Videos නිකං බල බල ඉන්නව නේ...ඔන්න එහෙනම් ඒකෙන් ගානක් ඔයාගේ අතට එන වැඩක්👇පහල link එක තියෙනවා ගිහින් Re...
12/11/2025

හැමදාම අනුන්ගේ Ads,Videos නිකං බල බල ඉන්නව නේ...ඔන්න එහෙනම් ඒකෙන් ගානක් ඔයාගේ අතට එන වැඩක්👇
පහල link එක තියෙනවා ගිහින් Register වෙන්න දැන්ම👇
https://ads2cash.com/6zqhb

අද තමයි දවස 11:11 විශ්වයේ ආශිර්වාදාත්මක දවස...ඔබත් ඔබගේ සිහින ,බලාපොරොත්තු වැනි සුභ දේවල් විශ්වයට මුදා හරින්න.අද අනිවාර්...
11/11/2025

අද තමයි දවස 11:11 විශ්වයේ ආශිර්වාදාත්මක දවස...
ඔබත් ඔබගේ සිහින ,බලාපොරොත්තු වැනි සුභ දේවල් විශ්වයට මුදා හරින්න.
අද අනිවාර්යයෙන්ම එය ඉටු වේවි.
විශ්වමාතාවට ස්තුතියි !!!
Thank You Mother Universe !!!
විශ්වමාතාවට ස්තුතියි !!!

නියත වශයෙන්ම "Love Languages" එහෙමත් නැත්තන් ආදර භාෂා සංකල්පය කියන්නේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉතා වැදගත් වන මනෝවිද්‍යාත...
09/11/2025

නියත වශයෙන්ම "Love Languages" එහෙමත් නැත්තන් ආදර භාෂා සංකල්පය කියන්නේ සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉතා වැදගත් වන මනෝවිද්‍යාත්මක හා ප්‍රායෝගික මාතෘකාවක් .
ආචාර්ය ගැරී චැප්මන් -Dr. Gary Chapman ගේ The Five Love Languages එහෙමත් නැත්තන් ප්‍රදීප් කුමාර බාලසූරිය සිංහලයට පරිවර්තනය කරපු "ආදරයේ භාෂා" කියන පොතෙන් තමයි මම පහත කරුණු දක්වල තියෙන්නේ. මේ පොත මං මුලින්ම කියවනකොට විශ්වවිද්‍යාලයේ තුන්වන වසරේ වගේ.. ඇත්තටම මේ පොත ඊට කලින් හම්බ උනානම් හොදයි කියල එතකොට හිතුන.ජීවිතයේ සමහර ප්‍රශ්න සබදතා ඇතුලෙ ඇතිවෙන ගොඩක් ප්‍රශ්න වලට විසදුම් හොයාගන්න නම් අපි ලග ඉන්න පුද්ගලයන්ගේ ආදරයේ භාශාව දැනගන්න එක කොයිතරම් වැදගත්ද කියල ඇත්තටම මට අදහසක් ආවේ මේ පොත කියෙව්වම තමයි මුලින්ම. මොහු වගේම ලෝකය පුරා බොහොමයක් සම්බන්ධතා විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ සාර්ථක සම්බන්ධතාවයක රහස ආදරයේ භාෂාවය බවයි ඉතින් එකිනෙකාගේ ආදරයේ භාෂාව නොදන්නා තැන නිතර ගැටුම් සහ අඩදබර ඇතිවෙන්න පුලුවන් .

❤️ ආදරයේ භාෂා පහ කියන සංකල්පය ගැන මේ විදියට මේ පොත ආශ්‍රයෙන්ම මුලින්ම දැනගමු.
මෙම සංකල්පයේ මූලික අදහස වන්නේ, පුද්ගලයන් ආදරය ලබා දෙන සහ ආදරය ලැබීමට කැමති ආකාරය එකිනෙකට වෙනස් බවයි. ඔබේ සහකරු හෝ සහකාරිය කතා කරන ආදර භාෂාව හඳුනාගෙන, ඒ අනුව ක්‍රියා කිරීමෙන් ඔවුන්ගේ "ආදර ටැංකිය" ඒකියන්නේ Love Tank එක පිරී ඇති බවක් ඔවුන්ට දැනෙන අතර, සබඳතාව ඉතා ශක්තිමත් කරගන්න මේක ඉතාමත්ම වැදගත් වෙනව.ඉතින් අපි බලමු මේ ආදරයේ භාෂා මොනවද කියල.

1.අගය කිරීම

•මෙම ආදර භාෂාව නියෝජනය කරන පුද්ගලයන් ආදරය හා ගෞරවය අත්විඳින්නේ වාචික ප්‍රකාශන මගිනි. ඔවුන්ට වැදගත් වන්නේ හදවතින්ම කියන පැසසුම්, කෘතඥතාව සහ දිරිගැන්වීම් කියන කාරණා ය.ඔවුන් පැසසුම් ආදර වචන ලබන තරම වැඩිවන තරමට පෙරලා ආදරය ලබාදීම වැඩි කරනව.
• උදාහරණයක් විදියට ගත්තම,
• "ඔබ මේ වැඩේ ගොඩක් හොඳට කළා." -ඒක පැසසුමක්
• "මම ඔයා ගැන ආඩම්බරයි." -මෙය දිරිමත් කිරීමක්
• "මම ඔයාට ආදරෙයි." -මෙහිදී සෘජුවම ආදරය ප්‍රකාශ කිරීමක් සිදුවෙයි.වගේ වචන ඒ වගේම තව ඕනතරම් ආදරණීය වචන තියනව මේ අයගේ හිත සතුටින් තියන්න පුලුවන් .
නමුත් මෙහිදී දැනගන්න ඕන අනිත් කාරණාව තමයි විවේචන සහ හිත් රිදෙන ඍණාත්මක වචන ඔවුන්ගේ සිතට දැඩි වේදනාවක් ගෙන දෙන බව. ඒ නිසා හිත රිදෙන වචන වලින් මේ වගේ අය රිදවනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕන. ඉතිංආදරණීය වචන වලින් තමයි මේ අය සමග ශක්තිමත් සබදතාවයක් ගොඩනගා ගැනීම ඉතාමත් පහසු වෙන්නේ.

2. කාලය සහ අවධානය ලබාදීම

මේ ආදරයේ භාෂාව නියෝජනය කරන පුද්ගලයන්ට ආදරය කියන්නේ ඔවුන් වෙත අප දක්වන අවධානය සහ ගත කරන කාලයයි.ඔවුන්ට වැදගත් වන්නේ බාහිර කිසිම බාධාවකින් තොරව එකිනෙකා සමඟ කාලය ගත කිරීමයි. මෙහිදී අවධානය සියයට සියයක්ම සහකරු හෝ සහකාරිය වෙත යොමු වී තිබිය යුතු අතර දුරකතන භාවිතය, රූපවාහිනී නැරඹීම වගේ දේවල් කරනකොට ඉතාමත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි මේ වගේ අයත් එක්ක.මොකද තමාවෙත අවධානය නැතිවෙනකොට මේ අය කළකිරීමට පත්වෙනව.
• උදාහරණයක් විදියට ගත්තොත්,
• එකට ඇවිදින්න යෑම හෝ ආහාර ගැනීම.
• කිසිවක් නොකර එකට වාඩි වී, කතාබස් කිරීම.
• දෙදෙනාම කැමති විනෝදාංශයක යෙදීම.
වගේ දේවල් වලට මේ අය ගොඩක් කැමතියි. තමන්ගෙ වටිනා කාලයට නිසි වටිනාකමක් දෙන කෙනෙක්ට ආදරය කරන්න ලැබෙන එක තමයි මෙයාලගෙ ලොකුම සතුට.

3. තෑගි ලැබීම

මෙම ආදරයේ භාෂාව කතා කරන පුද්ගලයන්ට තෑගි කියන්නේ ආදරයේ සහ සැලකිල්ලේ සංකේතය යි.තෑග්ගේ වටිනාකමට වඩා, එය ලබා දීමට ගත් උත්සාහය සහ එය තමන් වෙනුවෙන් කල්පනා කර තෝරා ගත් බවකියන කාරණාව තමයි ඔවුන්ට වැදගත් වෙන්නේ. තෑග්ගක් තමන් වෙනුවෙන්ම තෝරා ගෙන් ඇතිබව දැනීමෙන් මොවුන් ඉතාමත් ප්‍රීති දායක තත්වයකට පත්වෙන අතර..හදවත තුල අනෙකා කෙරෙහි විශාල ආදරණීය බවක් ඇතිවෙනව.
• උදාහරණයක් විදියට ගත්තොත්,
• කුඩා මල් කළඹක් හෝ කැමති චොකලට් එකක් මිලදී ගැනීම.
• සැමරුම් දිනවලදී පමණක් නොව, හදිසියේ දෙන තෑගි.
• තමන්ට අවශ්‍ය දෙයක් කල්තියා හඳුනාගෙන එය ලබා දීම. වගේ දේවල් මොවුන් ඉතා සතුටට පත් කරනව.
ඉතිං මේ වගේ කෙනෙක්ට තෑගි දීමෙන් වැළකීම හෝ තමන්ට වැදගත් නොවන බොරු දේවල් තෑගි දීමෙන් ඔවුන්ට ආදරය නොලැබෙන බවක් දැනිය හැකි අතර තමා කෙරෙහි කිසි සැලකිලිමත් බවක් නැත යන උදාසීන හැගීම මොවුන්ට එහිදී ඇතිවෙනව. ඉතින් මේ වගේ කෙනෙක්ට ආදරේ කරනකොට පුංචි පුංචි තෑගි වලට ගොඩාක් ආදරේ ඇති කරන්න පුලුවන් බව අමතක කරන්න හොද නැහැ.

4. උදව් වීම

මෙම ආදරයේ භාෂාව කතාකරන පුද්ගලයන්ට ආදරය යනු ක්‍රියා වෙන් ඔප්පු කරන දෙයකි. ඔවුන්ට වෙනුවෙන් යම් වැඩක් කර දීම හෝ ඔවුන්ගේ ජීවිතයේ වගකීම් බර සැහැල්ලු කිරීමට උපකාර කිරීම ඔවුන් ආදරය ලැබෙන බවට දැනෙන දේවල්‍ ය.
• උදාහරණයක් විදියට ගත්තොත්,

• වාහනය හෝ ගෙදර දොරේ කැඩුණු දෙයක් හදා දීම.
• තේ හෝ කෝපි කෝප්පයක් සාදා දීම.
• ඔවුන්ගේ බර අඩු කිරීමට ස්වේච්ඡාවෙන් වැඩකට උදව් කිරීම.වගේ දේවල් මොවුන්ට ඉතාමත් වැදගත් කාරණාවේ.තමන්ට ක්‍රියාවේදී උදව්කරන අය සමග මොවුන් ඉක්මනින් ආදරයෙන් බැදේ.
මෙවැනි අයත් සමග සිටීමේදී, පොරොන්දු කඩ කිරීම හෝ කම්මැලි ලෙස සිටීම ඔවුන්ට තමන් ගැන සැලකිල්ලක් නොදක්වන බවට හැඟීමක් ඇති කරවයි.එය සබදතාව දුර්වල කරණ කාරණා ලෙස මොවුන් සලකයි. ඉතින් මේ වගේ කෙනෙක් එක්ක ආදරය කරනකොට පුංචි පුංචි උදව් ඔවුන්ගේ ආදරය ගොඩාක් වැඩි කරන බව අමතක කරන්න හොදනැහැ.

5. ස්පර්ශය

මෙම ආදරයේ භාෂාව කතා කරන පුද්ගලයන්ට ආදරය ලැබෙන්නේ ශාරීරික සමීපතාව එහෙමත් නැත්තන් ස්පර්ශය මගිනි. මෙයට ලිංගිකත්වය පමණක් නොව, සුළු ස්පර්ශයන් පවා අයත් වෙනව.තමාට ආදරය දැනෙන්නේ තමා ආදරය කරන අයගෙන් ලැබෙන ආදරණීය ස්පර්ශයන් හරහා බව මේ අය විශ්වාස කරනව.
• උදාහරණයක් විදියට ගත්තොත් ,
• අතින් අල්ලාගෙන සිටීම.
• වැලඳ ගැනීම සහ සිප ගැනීම.
• ඔවුන්ගේ උරහිස මත අත තැබීම , හිස අත ගෑම.
• සෝෆාවේදී හෝ ඇඳේදී එකට තුරුළු වී සිටීම.වගේ දේවල් වලින් මේ අය ඉතා සංවේදී වෙනව.
ඉතිං මේ වගේ අයට ඒ ආදරණීය ස්පර්ශ නොලැබෙන් බව දැනෙනකොට ඉතාමත් දුකට පත්වෙලා දුරස් වෙන්න පුලුවන් මොකද අනෙක් පුද්ගලයා භෞතිකව ඈත් වීම හෝ ස්පර්ශයෙන් වැළකීම ඔවුන්ගේ ආදරය ක්ෂණිකව හිස් කරන බැවින්.

ඉතිං,මෙම භාෂා පහ හඳුනා ගැනීමෙන් ඔබගේ සහකරු/සහකාරිය ඇත්තටම ආදරය ලැබීමට කැමති ප්‍රධාන භාෂාව කුමක්දැයි ඔබට තේරුම් ගන්න පුලුවන් .මේක ටිකක් සැලකිලිමත් විදියට නිරීක්ෂණය කරමින් හදුනාගන්න.. ආදරය කියන්නේ විවාහය කියන්නේ ලිංගික සබදතාව තුලින්ම පමණක් ගොඩනගා ගත යුතු දෙයක් නෙමෙයි. දීර්ඝ කාලීන සතුටු දායක ජීවිතයක් ගත කරන්න නම් මේ ආදර භාෂා එකිනෙකා තුලින් හදුනා ගැනීම ඉතාම වැදගත් එතකොට තමයි ශාරීරීක මෙන්ම මානසිකවත් සතුටු දායක ශක්තිමත් සබදතාවයක් ගොඩනැගෙන්නේ.. මේක අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි..

මේක තමන්ගේ සහකාරිය හෝ සහකරුවට පමණක් නෙමෙයි තමන් අවට සිටින තමන්ගේ දෙමව්පියන්ට සහෝදර සහෝදරියන්ට යහලුවන්ව උනත් නිවැරදිව තේරුම් ගන්න බාවිතා කරන්න පුලුවන් දෙයක් . ඇත්තටම මම පුද්ගලිකවම මගේ සමීප සියලුම දෙනා ඉක්මනින් හදුනාගන්න මේක පාවිච්චි කරනව. ඒ කියන්නේ තව කෙනෙක් ඉක්මනින් හදුනාගන්න තේරුම් ගන්න හරිම පහසුවෙනම ඒ පුද්ගලයා ගේ ආදරය ලැබීමට කැමැත්ත ලැබීමට ඇති භාෂාව හදුනාගැනීම ඉතාම වැදගත්.

(Dr. Gary Chapman ගේ The Five Love Languages හි ආදරයේ භාෂා- ප්‍රදීප් කුමාර බාලසූරියගේ සිංහල අනුවර්තනය ඇසුරෙන්)

08/11/2025

✨ Be grateful to the Universe…
When you appreciate what you have today,
you open the doors for what’s coming tomorrow! 💫

🙏 Say “Thank You” to the Universe ❤️
Comment “Amen” ✨ below to receive your blessings 💬

Address

Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when Udesh Abeysingha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Udesh Abeysingha:

Share