Clap Offers

Clap Offers Preventing is better than Cure

උදේ කෑමට රසම රස ඉඳිආප්ප 10ක් දැන් රුපියල් 200යි....https://clapoffers.com/product-service/198/ #166හෝ හෝ Clap offers සාම...
02/06/2025

උදේ කෑමට රසම රස ඉඳිආප්ප 10ක් දැන් රුපියල් 200යි....

https://clapoffers.com/product-service/198/ #166

හෝ හෝ Clap offers සාමාජිකයන්ට 10%ක් අඩු කරනවා.. ගෙදරටම අපි delivery කරනවා

Clap offers සාමාජිකයෙක් ලෙස නොමිලේ ලියාපදිංචි වීමට හා වැඩි විස්තර දැන ගැනීමට
https://wa.link/ql4sg0

ඔබත් මීගමුව අවට කෙනෙක් නම් ඔබට අවශ්‍ය ඕනෑම  fast food item එකක් දැන් අපේ Clapoffers.com වෙබ් අඩවිය හරහා 10% සිට වට්ටම් ස...
02/06/2025

ඔබත් මීගමුව අවට කෙනෙක් නම් ඔබට අවශ්‍ය ඕනෑම fast food item එකක් දැන් අපේ Clapoffers.com වෙබ් අඩවිය හරහා 10% සිට වට්ටම් සහිතව නිවසටම ගෙන්වා ගත හැක.....

ඔබ කල යුත්තේ clap offers සාමාජිකයෙකු ලෙස පහත link එක හරහා ලියාපදිංචි වීම පමණි

https://www.clapoffers.com/referral/zyrfpviulnhqdsbx/

දැනට අපගේ ආහාර menu එක

තෝසේ වර්ග
ආප්ප වර්ග
ඉඳිආප්ප
ඉඩ්ලි
වඩේ වර්ග
පරාටා සහ බිත්තර රොටී
බර්ගර් වර්ග
කේක් වර්ග

කොත්තු වර්ග
ෆ්‍රයිඩ් රයිස් වර්ග
රයිස් & කරි

ඇතුළු තවත් ආහාර හා පාන වර්ග රැසක් ඔබ වෙනුවෙන්.....

ඔබත් අදම පහත link එක හරහා නොමිලයේ ලියාපදිංචි වී clapoffers food වාසිය අත්විඳින්න

www.clapoffers.com

වැඩි විස්තර සඳහා https://wa.link/ql4sg0

නොමිලේ clap offers සාමාජිකයෙකු ලෙස ලියාපදිංචි වීමට

https://www.clapoffers.com/referral/zyrfpviulnhqdsbx/

මීට අමතරව තවත් නිෂ්පාදන හා සේවා රැසක් විශේෂ වට්ටම් සහිතව ඔබට අප වෙබ් අඩවිය හරහා ලබා ගත හැක

සමාගම්වලින් ජීවිත පාඩම්....𝙏𝙝𝙧𝙚𝙚 😍😍1. Nokia Android ප්‍රතික්ෂේප කළා 😱2. යාහූ ගූගල් ප්‍රතික්ෂේප කළා 😫3. කොඩැක් ඩිජිටල් කැ...
29/10/2024

සමාගම්වලින් ජීවිත පාඩම්....
𝙏𝙝𝙧𝙚𝙚 😍😍
1. Nokia Android ප්‍රතික්ෂේප කළා 😱
2. යාහූ ගූගල් ප්‍රතික්ෂේප කළා 😫
3. කොඩැක් ඩිජිටල් කැමරා 🤯 ප්‍රතික්ෂේප කළේය

𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨:
1. අවස්ථා ගන්න ✔️
2. වෙනස වැලඳගන්න ✔️
3. ඔබ කාලයත් සමඟ වෙනස් වීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔබ යල් පැන ගිය අයෙකු වනු ඇත ✔️

𝙏𝙬𝙤 𝙢𝙤𝙧𝙚 𝙨𝙩,
1. Facebook whatsapp සහ instagram 💯 අත්පත් කර ගනී
2. Grab අග්නිදිග ආසියාවේ Uber අත්පත් කර ගනී 💯

𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨:
1. ඔබේ තරඟකරුවන් ඔබේ සගයන් බවට පත් වන තරමට බලවත් වන්න 💪🏽
2. ඉහළට පැමිණ තරඟය ඉවත් කරන්න. 💪🏽
3. දිගටම නව්‍යකරණය කරන්න 💪🏽

𝙏𝙬𝙤 𝙢𝙤𝙧𝙚 𝙨𝙩,
1. කර්නල් සැන්ඩර්ස් 65 දී KFC ආරම්භ කළේය
2. KFC හි රැකියාවක් ලබා ගැනීමට නොහැකි වූ ජැක් මා, Alibaba ආරම්භ කර වයස අවුරුදු 55 දී විශ්‍රාම ගියේය.

𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨:
1. වයස යනු හුදෙක් අංකයකි
2. දිගටම උත්සාහ කරන අය පමණයි සාර්ථක වෙන්නේ

𝙇𝙖𝙨𝙩 𝙗𝙪𝙩 𝙣𝙤𝙩 😍
ෆෙරාරි නිර්මාතෘ එන්සෝ ෆෙරාරිගේ අපහාසයට ලක් වූ ට්‍රැක්ටර් නිෂ්පාදකයෙකුගෙන් පළිගැනීමේ ප්‍රතිඵලයක් ලෙස ලැම්බෝගිනි ආරම්භ කරන ලදී.

𝙇𝙚𝙨𝙨𝙤𝙣𝙨:
කිසිවිටෙක කිසිවෙකු අවතක්සේරු නොකරන්න!✔️
වෙහෙස මහන්සි වී වැඩ කරන්න! ✔️
ඔබේ කාලය ඥානවන්තව ආයෝජනය කරන්න! ✔️
අසාර්ථක වීමට බිය නොවන්න! ✔️

Translated
Copied

1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාව...
21/07/2024

1906 ජපානයේ ඉපදුනු කොලු පැටියෙක්. දුප්පත්කම නිසා පාසල් යන්න ලැබුනේ නෑ.ඒ හින්දා අවුරුදු 15 දී මොහු ටෝකියෝවේ ගරාජයක රස්සාවට ගියා.

හැබයි ගරාජයේ හිමිකරු ඔහුට දුන්න රැකියාව තමා ඔහුගේ දරුවා බලාගැනීම. ඔහු කලේ දරුවාව පිටේ එල්ලාගෙන මුලු ගරාජය පුරාම ඇවිද්දා.. එහි වෙන වැඩ හොඳ අවධානයකින් බැලුවා.

තරුණ වයසෙදි ඔහු ඒ දවස්වල ප්‍රසිද්ධ කොම්පැනියක් වුන ටොයෝටා සමාගමේ මිකෑනික් වරයෙක් විදිහට බැඳුනා.කාලය ගතවුනා. ඔහු දැන් ඉතා දක්ෂ මිකෑනික් වරයෙක්.
ඔහුත් අනික් මිකෑනික් වරුන් ට වඩා වෙනස්. අනික් අයගේ සිහිනය වුනේ කොහොම හරි ජපානයේ හොඳම වාහන නිපදවන සමාගමේ මිකෑනික් වරයෙක් වීම.
ඒ අපේ මේ කොලුවා ඔවුන්ගෙන් වෙනස් වුනේ ඔහු දැකපු සිහිනයයි.
ඒ ඔහුගේම මෝටර් රථ සමාගමක් නිර්මාණය කිරීමයි.

ඉතින් තමාගේ ම මෝටර් රථයක් නිපදවන්න සිහින දැකපු මේ තරුණයාට ටොයෝටා සමාගම අදාල පරීක්ෂණ කටයුතු කරන්න ඉඩ දුන්නා. හැබයි ඒකට වැයවෙන මුදල් සේරම කොලුවා විසින් දැරිය යුතුයි. ඉතින් ඔහු කෙතරම් මේ සඳහා මුදල් වැය කෙරුවාද කීවොත් බෝඩිමට සමුදී ගරාජයේ බංකුවක් මත නිදාගත්තා.
මේ විදිහට ඔහු අවුරුදු දෙකක් බංකුව මත නිදාගත්තා. ඒ තමන්ගෙ සිහින රථය ඉලිදක්වන්න.එහි ප්‍රථිපලය සිහින මෝටර් රථය එලිදැක්වීම.
ඒත් ටොයෝටා සමාගම මේ මෝටර් රථය නිපදවීම ප්‍රතික්ශේප කරා.

කතාව ඉවර කරන්න කලින් ප්‍රශ්නයක් අහන්නද
ඔබ ඔහු නම් කුමක් කරයිද?

ඔහු නැවතත් තමන්ගේ පරීක්ෂණ කටයුතු ගෙන ගියා. බංකුව මත තවත් අවුරුදු කීපයක් නිදාගන්න සිදුවුනා.
අවසානයේ ඒ අඩුපාඩු මගහැරපු ඔහුගේ නව මෝටර් රථය ටොයෝටා සමාගමට ඉදිරිපත්කරා...
සමාගම එය පිලිගත්තා..
කතාව එතනින් නවතින්නෙ නෑ. අවසානයේ ඔහුගේ සිහිනය සැබෑවෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙවන ලෝක යුද්ධය ආරම්භ වුනා.
ඉතින් කිසිම ආයෝජකයෙක් මේ මෝටර් රථයට ආයෝජනය කරන්න ඉදිරිපත්වුනේ නෑ. ඔහු වසර ගණනාවක් ආයෝජකයින්ට ලිපි ලීවා. අවසානයේ ආයෝජකයින් දෙදෙනෙක් ඉදිරිපත්වුනා.ඔහුගේ නව මෝටර් රථ කම්හල ඉදිවුනා...

සියල්ල සතුටෙන් විසිරගියා කියලාද හිතන්නේ....

නෑ... 1945 දී ඇමරිකාව විසින් ජපානයට හෙලූ බෝම්බ ප්‍රහාරයකින් මේ කර්මාන්ත ශාලාව පොලොවට සමතලා වුනා.මේ වෙනකොට මේ තරුණයා එකතුකල මුදල්... පොදිගැසූ හීන යලිත් දියවුනා. හිටපු තැනටත් අන්තයට වැටුනා.

ඔබ මොහුනම් කුමක් කරයිද..?

ඒත් මොහු කතාව අපිට මෙතනින් නතරකරන්න ඉඩදෙන්නේ නෑ...

මොහු නව නිපැයුම් කරුවෙක්. ඒ වගේම හොඳ ව්‍යවසායකයෙක්. ඒ මොහු කල්පනා කලා කොහොමද ආයෙ වැඩේ ගොඩදාන්නෙ කියලා.

ඔහු ආයෙමත් කාර් එක හදන්න ගියේ නෑ, මොකද ඒ වෙනකොට ජපානයේ කාර් මිල ඉතා ඉහලයි. කවුරුවත් ගන්නෙත් නෑ...

ඔහු ඒ හින්දා එයට පිලියමක් ලෙස මෝටර් බයිසිකලයක් නිපදෙව්වා.

1949 දී අශ්වබල 3 ක Dream මෝටර් බයිසිකලය ලොවට බිහිවුනා...

ඒ විතරක් නෙවේ එය මොහුව කෝටිපතියෙකු කලා.
වැඩේ නැගලා ගියා කියලා ඔහු මෝටර් බයිසිකල් මුදලාලි කෙනෙක් වෙලා ආතල් එකේ ඉන්න හිතුවේ නෑ. ආපහු ඔහුගේ සිහින මෝටර් රථය නිපදවන්න තීරණය කරා. මෙවර සියල්ල හොඳින් සිදුවුනා.
අවසානයේ ඔහු නිපදවු මෝටර් රථය ලොව ඉතා ජනප්‍රිය වුනා. ඒ විතරක් නෙවේ අද වනවිට තමන් මිකෑනික් වරයෙක් ලෙස වැඩකරපු ටොයෝටා සමාගම සමග කරට කර සිටින මෝටර් රථ සමාගමක්...
මෙච්චර අමාරු ගමන්ක් පසුකරපු ඒ මෝටර් රථ තමා...

"හොන්ඩා" HONDA

මේ කොලුවාගෙ නම තමා සොයිචිරෝ හොන්ඩා.
ඔබටත් මේ වගේම බාදක වලින් පිරුනු අතීතයක් ඇති. මෙය කියවපු හැමෝටමත් එහෙම ඇති.ඒ බාධක ජයගත්ත අය වෙන්න ඇති.
කියන්න ඕනෙ වුනේ මෙච්චරයි.

බාධක එන එක ඔබට පාලනය කරන්න බෑ..
ඒත් ඔබට පුලුවන් පරාජය වෙන එක පාලනය කරන්න...

Credit - Orginal Writer

07/07/2024

අහන්න වටින කතාවක්... අපේ ජීවිතත් මේ වගේ තමා....

06/07/2024

කම්මැලිකම තමා ඔයාට ඉන්න ලොකුම සතුරා...

තමන්ට තමන් එක්ක තමා තරඟය තියෙන්න ඕනේ.. ඊයේ හිටපු මට වඩා අද ඉන්න මම,,, අද ඉන්න මට මට වඩා හෙට ඉන්න මම,,

එහෙනම් මේ වීඩියෝ එක බලන්න. ලෝකයේ දියුණුම රටක් මේක උගන්වන්නේ...

ඔබේ අදහසත් Comment කරන්න

Address

St. Josheph Street
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Clap Offers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Clap Offers:

Share