Marcity World with Shahee

Marcity World with Shahee Preventing is better than Cure

📢 අලෙවිකරණ ක්ෂේත්‍රයට කැමති ඔබට විශේෂ අවස්ථාවක්MarCity World Pvt Ltd ආයතනය විසින්අලෙවිකරණ හා කළමනාකරණ ක්ෂේත්‍රය තුළඋද්යෝ...
30/12/2025

📢 අලෙවිකරණ ක්ෂේත්‍රයට කැමති ඔබට විශේෂ අවස්ථාවක්

MarCity World Pvt Ltd ආයතනය විසින්
අලෙවිකරණ හා කළමනාකරණ ක්ෂේත්‍රය තුළ
උද්යෝගිමත් පුද්ගලයන් බඳවා ගනු ලැබේ.

🔹 අවශ්‍ය තනතුරු

✔ Sales Executive
✔ Sales Manager
✔ Regional Manager
✔ Zonal Manager
✔ Marketing Manager

🔹 ඔබ,

• අලෙවිකරණ / Sales ක්ෂේත්‍රයේ නියුතු කෙනෙක්ද?
• රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන කෙනෙක්ද?
• සමාජ ශුභ සේවයේ යෙදෙන කෙනෙක්ද?
• වෘත්තියෙන් රාජ්‍ය සේවයේ නියුතු කෙනෙක්ද?
• විශ්‍රාමික සුවයෙන් පසු වන්නෙක්ද?
• ආදායමක් උපයා ගැනීමට කැමති ගෘහණියක්ද?
• අමතර ආදායමක් සොයන කෙනෙක්ද?
• උසස් අධ්‍යාපනය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍ය/ශිෂ්‍යාවක්ද?

🔹 අපෙන් ඔබට

✔ Flexible working hours
✔ Online + product based income
✔ Training & full team support
✔ Earn alone or with a team
✔ Career growth opportunities

https://chat.whatsapp.com/FtoBqOE60tnCiq4XRPgdHQ
ඔස්සේ අපත් සමග සම්බන්ධ වෙන්න.

---










21/10/2025

සෑම කෙනාම මේ කතාව අහන්න.. ජීවිතයට ලොකු වටිනාකමක් එක් වේවි..

උපුටා ගැනීම Mind power Lk යූ ටියුබ් නාලිකාව තුලින්..

අද තවත් එක් සතියක ආරම්භයයි.... පහල තියෙන photo එක බලන්න... මේ තමා වර්තමානයේ යථාර්ථය. 'Preventing is better than cure' යන...
13/10/2025

අද තවත් එක් සතියක ආරම්භයයි.... පහල තියෙන photo එක බලන්න... මේ තමා වර්තමානයේ යථාර්ථය.

'Preventing is better than cure' යන කියමන ඔයාලා අහලා ඇති. ලෙඩක් ආවම බෙහෙත් කරනවාට වඩා ලෙඩ එන එක වලක්වා ගැනීම තමා වටින්නේ..

'රජෙක් වුනත් වැඩක් නෑ ඔහු ලෙඩෙක් නම්'

එහෙනම් ඔබේ නීරෝගීකම රැකගන්න ,, ඔබ ආදරණීයන් හටත් නීරෝගීකම දායාද කරවන්න.... එකතු වන්න Chance Nature Ceylon අප සමඟ

පොකිරිස්සන් හැදෙනකොට ... ඒ කියන්නෙ දවසින් දවස පොකිරිස්සා ලොකු වෙනකොට ඊට සමානුපාතිකව ඌගෙ කට්ට ලොකුවට හැදෙන්නෙ නැහැ. දවසින...
03/10/2025

පොකිරිස්සන් හැදෙනකොට ...
ඒ කියන්නෙ දවසින් දවස පොකිරිස්සා ලොකු වෙනකොට ඊට සමානුපාතිකව ඌගෙ කට්ට ලොකුවට හැදෙන්නෙ නැහැ. දවසින් දවස මස් ලොකු වුණා ට මුලින් ලැබුණ ප්‍රමාණයටම තමයි කට්ට තියෙන්නේ.
ඒ කට්ට ලොකු වෙන්නෙ නැහැ.
මේ කට්ට ඇතුලත තමයි හෙමින් හෙමින් පොකිරිස්සට හැදෙන්න වෙන්නේ. කොහොම වුණත් මේ කටුව ඇතුළේ පොකිරිස්ස දවසින් දවස ලොකු වෙනවා.

ඉතිං පොකිරිස්ස මොකද කරන්නේ...
කාලයක් මේ කට්ට ඇතුලේ හිර වෙලා ටිකෙන් ටික ලොකු වෙනවා. මස් ටිකින් ටික වැඩෙනකොට පොකිරිස්සාට කටුව ඇතුලෙ ලොකු වේඳනාවක් දැනෙනවා. කොහොම හරි අමාරුවෙන් පොකිරිස්සා ඉවසගෙන ඉන්නවා.

ඒත් එක කාලයක් එනවා මේ පීඩනය දරාගෙන බැරි... අන්න ඒ වෙලාවට... මේ පොකිරිස්සා හරි පුදුම වැඩක් කරනවා. ඒක ලොකු අවධානම් සහගත වැඩක්. තමන්ට තියෙන ආරක්ෂිතම - වටිනාම අවයවය වුණ මේ ශක්තිමත් කටුව ගළවලා අයින් කරනවා. කොච්චර වටිනා දෙයක් වුණත් පොකිරිස්සා තමන්ගෙ ආරක්ෂාවට තියෙන වටිනාම වස්තුව වුණ මේ කට්ට ගලවල අයින් කරනවා.

මේක ලොකු ජීවත අවධානමක් තියෙන වැඩක්. මොකද මේ කටුව නිසා තමයි ඌව බාහිර පරිසරයෙන් ආරක්ෂා වෙලා තියෙන්නේ. මේ කටුව නැති වුණොත් අනිත් මාළුවෝ මෙ නිසා ගොදුරු කර ගන්න පුළුවන්. තමන්ගෙ ජීවිතයම වුණත් නැති වෙන්න පුළුවන්.

ඊට පස්සෙ ඉතිං මේ පොකිරිස්සා මොකද කරන්නේ... ගලක් යටට ගිහින් කාලයක් හැංගිලා ඉන්නවා.
ඇයි ඒ... කට්ට නැති වුණොත් ආයෙත් මාලුන්‍ට අහු වෙලා විනාශ වෙයි කියලා භයට. ඒ කියන්නේ තමන් ගත කරපු සාමාන්‍ය ජීවිතය අයින් කරනවා. සාමාන්‍ය ලෝකයෙන් අයින් වෙනවා. ලොකු කැප කිරීමක් කරනවා.

ඔන්න ඔහොම ටික කාලයක් ඉන්න කොට ආයෙත් අලුතින් කට්ට හැදෙන්න පටන් ගන්නවා... දැන් ඔන්න පොකිරිස්සා අර ගලෙන් එලියට එනවා. දැන් ආරක්ෂිතයි. පරණ ජීවිතයම ගත කරනවා.

ඒත් මේ කට්ට ඇතුලෙ ටික කාලයක් ඉන්නකොට පොකිරිස්සා ආයෙත් ටිකෙන් ටික ලොකු වෙනවා. ඒත් කලින් වගේමයි අර කටුව ලොකු වෙන්නේ නැහැ. අමාරුවෙන් ආයෙත් කට්ට ඇතුලෙ හිර වෙලා වැඩෙන මේ පොකිරිස්සා ආයෙත් කලින් විදිහටම...
කට්ට ගලවලා ගලක් ඇතුලට රිංගනවා.

ඔන්න ඔහොම තමයි වරින් වර පොකිරිස්ස හැදෙන්නේ. ජීවිත කාලෙම මේ විදිහට මේ සිදුවීම කිහිප වතාවක් සිද්ධ වෙනවා.

එයා ලොකු පීඩනයක් දරා ගන්නවා.
ඒ පීඩනය තමන් විසින්ම ඉවසනවා.
ඊට පස්සෙ ඌ විසින්ම තමන්ගෙ ආරක්ෂාවට තියෙන කටුව ගලවලා ලොකු අවධානමක් ගන්නවා.
හැබැයි ඒ අවධානම වෙනුවෙන් පොකිරිස්සා කරන්නෙ මොකක්ද.
තමන්ට තිබුණ සාමාන්‍ය ජීවිතය අත් හරිනවා.
අත් හැරලා ගලක් ඇතුලට ගිහින් හිර වෙලා ජීවත් වෙනවා.
ආයෙත් කටුව හැදුනාම එලියට එනවා.

ඔන්න ඔහොම තමයි ...
මේ ලෝකයෙ ගොඩාක් සාමාන්‍ය මිනිස්සු...
ඒ කියන්නේ අර සමහර පොකිරිස්සාන් වගෙ
කටුව ඇතුළට හිර වෙලා... කටුව ගලවන අවධානම ගන්න බැරුව ...මේ මගෙ ලැබීම - මේ මගෙ සීමාව - මේ මගෙ කර්මය ... කියලා ... තමන් විසින්ම තමන්ට හේතු හදාගෙන ... එහෙම්මම කටුව ඇතුලෙ මැරිලා යනවා.

නමුත්... මේ ලොකේ නැගිටපු ගොඩාක් මිනිස්සු ඊට වඩා හාත් පසින්ම වෙනස්... ඒ අය අවබෝධ කර ගන්නවා...අපි හැමෝවම ගොඩ නඟන්නේ අපිට වටෙන් එල්ල වෙන පීඩනයම තමයි.... කීයන කාරණාව...

සමහර වෙලාවට අපි වටේට තියෙන වටිනාම දේවල් අපිට අත් හරින්න වෙනවා.
ඒක ගොඩාක් ලොකු අවධානමක් වෙන්න පුළුවන්...
ඒ විතරක් නෙවෙයි .... ඒ අත් හැරීම තුළ ජීවිතයම වුණත් නැති වෙන්න පුළුවන් කියලා ඒ මිනිස්සු තේරුම් ගන්නව.... නමුත් පීඩන මැද්දෙ හිර වෙලා ... තව දුරටත් මැරිලා යන්න බැරි නිසා ඒ මිනිස්සු මොකද කරන්නේ... තමන් කොච්චර ආදරය කරත්... තමන්ට කොච්චර වටිනවා වුණත්... අන්න ඒ සියල්ලම අත් හරිනවා... අවධානම ගන්නවා....

පොකිරිස්සා තමන්ට තියෙන එකම ආරක්ෂාව වුණ කටුව ගලවලා ඒ අවධානම නොගත්තොත් කවදාවත් පොකිරිස්සෙක්ට ලොකු වෙන්න බැහැ.

අන්න ඒ වගෙම තමයි ආයෙත් අපෙ ජීවිතය අලුතින් ගොඩ නඟා ගන්න නම්
අපිටත් මේ පොකිරිස්සා වගේම වෙන්න වෙනවා.

කොච්චර වටිනවා වුණත් කටුව ගලවන්න වෙනවා.
අවධානම ගන්නම වෙනවා. ආයෙමත් අලුතින් කටුව හැදෙනකම්....
ගලක් ඇතුලට ගිහින් හැංගෙන්න වෙනවා.

උපුටා ගැනීමකි

එක් ජයග්‍රාහී කඩයිමක් පසු කලා.... ස්තූතියි හැම කෙනාටම.. මීළඟ කඩයිම් බලා ඉදිරියට ... නීරෝගීමත් අනාගතයක් කරා  Chance Natur...
01/10/2025

එක් ජයග්‍රාහී කඩයිමක් පසු කලා.... ස්තූතියි හැම කෙනාටම.. මීළඟ කඩයිම් බලා ඉදිරියට ...

නීරෝගීමත් අනාගතයක් කරා Chance Nature Ceylon

🌾🥜 බබාලට කවන්න එපා 😱 – අපිටත් 🙏👉 ඇෆ්ලටොක්සින් (Aflatoxin)ඔබේ ආහාරයේ සැඟවුණු, නොපෙනෙන අනතුරඔබ කවදා හෝ රටකජු පෑකට්ටුවක්, බ...
27/09/2025

🌾🥜 බබාලට කවන්න එපා 😱 – අපිටත් 🙏

👉 ඇෆ්ලටොක්සින් (Aflatoxin)

ඔබේ ආහාරයේ සැඟවුණු, නොපෙනෙන අනතුර

ඔබ කවදා හෝ රටකජු පෑකට්ටුවක්, බඩඉරිඟු පිටි භාජනයක්, හෝ කුළුබඩු පිට්ටනියක් දෙස බලා,
"මේකේ ඇතුළත මට නොපෙනෙන, නොදැනෙන, නමුත් සෞඛ්‍යයට තර්ජනයක් තිබේද?" කියලා හිතලා තියෙනවද?

ඒ තර්ජනය තමයි 👉 ඇෆ්ලටොක්සින් කියන්නේ.
එය දිලීරයකි (Aspergillus flavus / A. parasiticus) මගින් සෑදෙන මහා බලවත්වූ ස්වභාවික විෂ ද්‍රව්‍යයකි.

🧪 ඇෆ්ලටොක්සින් ගැන දැනගන්න

උණුසුම් 🌞 සහ තෙතමනය 💧 වැඩි ප්‍රදේශවල ආහාර ගබඩා කළ විට, මේ දිලීර වර්ධනය වෙලා අපේ ආහාර මත සැඟවෙලා තිබිය හැක.

පිසීමෙන් එය මරන්න බෑ. වරක් ආහාරය දූෂිත වුණොත් ඉවත් කරන්න ද අමාරුයි.

⚠️ සෞඛ්‍යයට බලපෑම

1️⃣ උග්‍ර විෂ වීම (Acute exposure):
අධික මාත්‍රාවෙන් ඇෆ්ලටොක්සින් ගත්තාම
🤢 වමනය, 🤕 උදර වේදනාව, 🫨 අක්මාවට දැඩි හානි, තවත් මාරාන්තික අවදානම්.

2️⃣ දිගු කාලීන නිරාවරණය (Chronic exposure):
👉 අක්මාවේ පිළිකා ඇති වීමේ ප්‍රධාන හේතුවක්
👉 දරුවන්ගේ වර්ධනය පසුබෑම
👉 ආරක්ෂක පද්ධතිය අඩු වී රෝග වලට ගොදුර වීම

🍚🥥 අවදානම වැඩි ආහාර

ධාන්‍ය: බඩඉරිඟු, සහල්, තිරිඟු

ඇට වර්ග / බීජ: රටකජු, ආමන්ඩ්, පිස්ටා, කපු ඇට, සූරියකාන්ත ඇට, කොප්පරා

කුළුබඩු: මිරිස් කුඩු, ගම්මිරිස්, කහ, ඉඟුරු

සත්ව නිෂ්පාදන: දූෂිත සත්ව ආහාරයෙන් 🐄🐓 ලැබෙන කිරි, බිත්තර, මස්

🛡️ ඔබේ ආරක්ෂාව සඳහා උපදෙස්

✅ විශ්වාසදායක ස්ථානවලින් මිලදී ගන්න – පුස් බැඳුණු, දුර්වර්ණ, හඳුනාගන්න පුළුවන් අසමත් ආහාර වලින් වළකින්න.
✅ නිසි ගබඩා කිරීම – සිසිල්, වියළි, පිරිසිදු තැනක තබන්න. වායු රහිත බඳුන් භාවිතා කරන්න.
✅ දෘශ්‍ය පරීක්ෂාව – මුඩු, තිත්ත රසක් තියෙන ඇටවර්ග, පිටි, කුළුබඩු ඉවත දමන්න.
✅ නැවුම්ව පරිභෝජනය – දිගු කාලය ගබඩා නොකරන්න.
✅ ආහාර විවිධාංගීකරණය කරන්න – එක ආහාරයට පමණක් බර නොපැවැත්වීමෙන් අවදානම අඩු වෙනවා.

🌟 අවසාන වශයෙන්:
ඇෆ්ලටොක්සින් කියන්නේ නොපෙනෙනත්, ඉතා බලවත් ආහාර සුරක්ෂිතතා ගැටලුවක්.
නමුත් අපි හැමෝම සරල පියවර ගත්තොත්, අපේ පවුලේ සෞඛ්‍යය ආරක්ෂා කරගන්න පුළුවන්.

ඔබේ ආහාරයට කවදාත් සැකයක් ඇත්නම්, “ඉවත දමන්න – ජීවිතය තවමත් අගනායි!” 🙏
🌟💫✨😊🌻❤️🫰

everyoneUdesha Perera

(උපුටාගැනීමකි)

ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ජාලය වන ජෝන් කීල්ස් සමූහය ගොඩනැගුනු කතාවේ සාරාංශය පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ල...
25/09/2025

ලංකාවේ අංක එකේ ව්‍යාපාරික ජාලය වන ජෝන් කීල්ස් සමූහය ගොඩනැගුනු කතාවේ සාරාංශය

පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා......
අග හිඟකම් මැද ඉපිද,ලොව ප්‍රමුඛපෙලේ ව්‍යාපාර තැනු, කීල්ස් සමාගමේ අයිතිකාරයා...

මෙරට ව්‍යාපාර නායකයන්ගේ ලෝකයේ, බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේ ජ්‍යෙෂ්ඨයා ඔහුය. තවමත් ක්‍රියාකාරීව, නායකත්වයේ මෙහෙවරෙහි යෙදෙයි. කෙන් බාලේන්ද්‍ර යනු මෙරට ව්‍යාපාරික ලෝකයේ සන්ධිස්ථානයකි. චරිතයකි. නායකත්වයට පූර්වාදර්ශයකි. ජාත්‍යන්තරයට ගිය ශ්‍රී ලාංකිකයෙකි. ඔහු පිළිබඳ සෙවීම, විමසීම, අධ්‍යයනය කිරීම යනු දැනුම් සම්භාරයක් ලබා ගැනීමයි. සම්මුඛ සාකච්ඡාවක් ගැනීම උගහට වුවද එය අත් නොහළේ ද එබැවිනි.
පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා.
කෙන් බාලේන්ද්‍ර නම් දැවැන්තයා ඇතුළේ තව කවුද ඉන්නෙ…
සතුටින් හිනාවෙලා ඉන්න සරල මනුෂ්‍යයෙක්. හරියි කියලා හිතෙන දේ නොබියව කරන, මහන්සිවෙලා වැඩකරන, තමන් එක්ක වැඩකරන මිනිස්සුන්ව බලා ගන්න බොහොම ආදරණීය මනුෂ්‍යයෙක්.

මොනවද අද ඔබ මේ රටට කරන්නේ…

දැවැන්ත සමාගම්, බැංකු මොන තරම් කතා කළත් මං පඩියට වැඩ කරන එක නැවැත්තුවා. දැන් මං වැඩ කරන්නෙ, වෘත්තීය පුහුණු හා නිපුණතා අමාත්‍යාංශය යටතේ කෙරෙන වැඩසටහන්වලට විතරයි. ඒ, එක සතයක් හෝ නොගෙන. වෘත්තීය පුහුණුව රටේ ආර්ථිකයට ප්‍රබලව බලපාන සාධකයක්.

ඔබේ විශේෂඥ දැනුම තිබෙන්නේ, ව්‍යාපාර ක්ෂේත්‍රයේ. ඇයි වෘත්තීය පුහුණුවට යොමු වුණේ…

තෘප්තියට. අද අපේ රටේ ඉදිකිරීම් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක රැකියා අවස්ථා මිලියනයකට වඩා තිබෙනවා. පුහුණු ශ්‍රමිකයන් නැහැ. ඉදිකිරීම්වලට පිටරටින් සේවකයො ගේන්න වෙලා. තරුණ අය ත්‍රිවිල් පදවමින් වයසට යනවා. ලංකාවට කෝ තරුණ ශ්‍රමය. තරුණ ජවය. වෘත්තීය පුහුණුවට තියෙන ඉල්ලුම ලෝකෙ අති විශාලයි. අපේ තරුණ පරපුරට මං මුලා නොවී හොඳ රැකියාවක් කරන්න සහ ආර්ථිකය හදාගන්න අත්වැලක් වෙන්නයි මං මේ වැඩේට බැස්සේ.

ඔබ දැක්මක් ඇති නායකයෙක්. (Visionary Leader). ඒ නායකත්වය ඔබේ අනුගාමිකයන්ට දුන්නෙ කොහොමද…

හොඳම උදාහරණය අද ජෝන් කීල්ස් සභාපති සුසන්ත රත්නායක මහත්මයා. නියෝජ්‍ය සභාපති, අජිත් ගුණවර්ධන මහත්මයා. හැකියාවන්ගෙන් පිරිපුන් තරුණ විධායක නිලධාරින් සමඟ ඒ කාලෙ මං ‘2020 Team’ එකක් හැදුවා. මේ දෙන්න ම ඒ ටීම් එකේ අය. නොබියව කතා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලය විවේචනය කිරීම… වගකීම… වගවීම, කණ්ඩායමෙන් බැහැර යන අය නැවත කණ්ඩායම තුළට ගෙන්වා ගැනීමට කටයුතු කිරීම වැනි පොදු අරමුණු ගණනාවක් මේ 2020 ටීම් එකෙන් නිරන්තර සිදුවුණා. ඒ හරහා නායකත්වය සඳහා අඛණ්ඩව අනුගාමිකයන් බිහිවුණා. ඔවුන්ගේ සිතිවිලි සෑම විටම සාමූහිකයි. ඒ වගේ ම, ආයතනික කේන්ද්‍රීයයි.

ඔබට අනුව හොඳ නායකයෙක් වෙන්නේ කොහොමද…

නායකයා යනු, විල්ලුද රෙදි කඩකින් එතූ යකඩයක්. කාරුණිකව කටයුතු කිරීම වගේ ම අවශ්‍ය තැනදි ඔහු තදට සිටිය යුතුයි. ඔහුට ප්‍රතිඵලයයි, මූලික. ආයතනික අරමුණු ඉලක්ක අබිබවා යන ආකාරයයි ඔහු නිතර සිතිය යුතු. තමන්ගෙ නිෂ්පාදන හෝ සේවාවේ විශිෂ්ටත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම, තමන්ගේ සමස්ත සේවක මඩුල්ල කොයි තරම් විශාල වුවත් ඔවුන් තමන්ගෙ දැක්ම තුළ රඳවා ගැනීම අතිශය වැදගත්. සේවකයන්ගෙන් බලාපොරොත්තු වන විනය ඔහු තුළත් තිබිය යුතුයි. මේ වගේ කාරණා බොහෝමයක් තිබෙනවා.

හොඳ නායකයෙක් නොකළ යුතු දේ මොනවද…

සේවකයන් හා ගනුදෙනුවේදි පාවිච්චි කරන වචන උඩින් පල්ලෙන් අතපත ගෑ වදන් නොවිය යුතුයි. හරවත් දේ හැර මුසාබස් නොකිව යුතුයි. සේවකයන් රැවටීම, හංගාගෙන කතා කිරීම, ලොකුකම ආරූඪ කර ගැනීම ඔහුට තරම් නොවන දෙයක්. කිසියම් ප්‍රධානියකුට තමන්ගෙ සේවකයන්ට හිනාවකින් හෝ සංග්‍රහ කිරීමට නොහැකි නම් ඔහු සේවකයන්ගේ හිත්වලින් ඈත් වන්න පටන් ගන්නෙ එතැනින්. ඔහු අනවශ්‍ය ලෙස සතුරන් ඇති නොකර ගත යුතුයි. වංචා නොකළ යුතුයි. කේළම් ඇසුවොත් සමහර විට ඔහු නැති කර ගන්නෙ තමන්ගේ හොඳම සේවකයා. ඒ වගේ ම අනවශ්‍ය කාන්තා ඇසුර හා ඔවුන්ගේ අතකොලු බවට පත් නොවිය යුතුයි. එසේ වුවහොත් ප්‍රධානියා විතරක් නොවෙයි, ආයතනයත් විනාශ වෙනවා.

ආයතනයක් දියුණුවෙන්න බලපාන හොඳ ම සාධකයක් කියන්න…

ටීම් එකක නායකයා, අග්‍රගණ්‍යයේ ‘ප්ලේයර්’ කෙනෙක් විය යුතුයි. වයසක අධ්‍යක්ෂවරු මත ම ‍නොයැපී තරුණ ජවය හා තරුණ අදහස් ගන්නත් ඒවා ක්‍රියාත්මක කරන්නත් දක්ෂයෙක් විය යුතුයි. ආයතනයකට බොස්ලා වැඩක් නැහැ. අවශ්‍ය, වැඩදන්න හොඳ නායකයො පමණයි.

මොකක්ද ඔබේ මුල් ම රස්සාව…

හපුගස්තැන්න වතු යායේ ‘ක්‍රීපර්…’. මං සෙල්ලම් කරපු රගර් මැච් බලන්න ජේම්ස් ෆින්ලේ සමාගමේ යුරෝපීය ජාතික, ජෙනරල් මැනේජර් නිතර ආවා. එයා තමයි මට ෆින්ලේස් එන්න ආරාධනා කළේ. මං අවුරුදු හතක් ගත කළේ තේ සහ රබර් එක්ක. ටයිම් කීපින්… ඉංග්ලිෂ්… ඇතුළු බොහෝ දේ ඉගෙන ගත්තෙ දියුණු කරගත්තෙ මගේ ඒ පළවෙනි රස්සාවෙන්.

මොකක්ද ඔබේ ජීවිතය වෙනස් කළ Turning point එක…

‍ජෝන් කීල්ස් සමාගමේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වීම. බොස්ටොක් සහ බ්ලැක්ලර් සුදුජාතික මහත්වරුන්ට පස්සෙ සභාපති වුණේ මං. මම ඉල්ලුම් කරලා අාව එකම රස්සාව, ජෝන් කීල්ස් පමණයි. එතැනින් උඩට මං යන්නෙ පර්ෆෝමන්ස්වලින්. මට ම හදාගත්තු වටිනාකම්වලින්. ඒ වටිනාකම්වලට ලැබුණු ආරාධනා මතයි ඉතිරි සෑම දෙය ම සිද්ධ වුණේ.

වෘත්තීය ජීවිතය පුරා ම ඔබ ඉතා සතුටින් වැඩ කළ කෙනෙක්. මොකක්ද රහස…?

කාරණා දෙකක් තියෙනවා. එකක් රෝයල් එකේ ඉගෙන ගැනීම. දෙක රගර් ගැසීම. ඉතා දක්ෂ හොඳ ගුරුවරු යටතේ ඉගෙන ගත්තා. ගෙදර සහ පාසලෙන් ලැබුණු විනය අපිව හොඳ මිනිසුන් කළා. රගර් ගැසීමෙන් ලද පන්නරය දරා ගැනීම, හික්මීම සතුටින් වැඩ කරන්න හේතු වුණා. අනික තමයි, මේ වගේ හොඳ දේවල් එක්ක මං ගොඩනැඟුණු එක. මගේ ස්ටාර් එකත් හොඳ වෙන්න ඇති.

ජෝන් කීල්ස් සමාගමට ඔබ කළ හොඳ ම වෙනස කුමක් ද…

දෙයාකාරයි. එක ‘2020 Team’ එක හදපු එක. අනික ගැහැනු අයව ‘බෝඩ්’ එකට පත් කළ එක. අනුෂියා කුමාරස්වාමි… රජී ගුණවර්ධන වැනි හතර පස් දෙනෙක් අධ්‍යක්ෂ මණ්ඩලයට ආවේ ඒ වෙනසෙන්.

ඔබට තවමත් සමාගම්වලින් ආරාධනා ලැබෙනවද…

ඔව්. විදේශීය සමාගම්වලින් පවා. මං ජෝන් කීල්ස් සමාගමෙන් අයින් වුණාට පස්සෙ ඉන්ටර්නැෂනල් කම්පැනි කිහිපයක විධායක නොවන සභාපති, අධ්‍යක්ෂතනතුරුවල හිටියා. තේරුමක් නැහැ. තීන්දු තීරණ ගන්නෙ පිටරට තිබෙන මවු සමාගම. හැබැයි ඉන්නවට අපිට හොඳට ගෙවනවා. වැඩක් නොකර නමට විතරක් පඩියක් අරන් මොකටද… මං ඒ තැන්වලින් අයින් වුණා.
හැබැයි ඔබ හිටපු බොහෝ සමාගම්වල ඔබ ස්වර්ණමය යුගයක් හැදුවා.
එහෙම කළා නම් කළේ යථාර්ථවාදි දර්ශනයක් හරහා පමණයි. ඒකට කණ්ඩායම් හැඟීමෙන් යුතු ප්‍රායෝගික මනුෂ්‍යයෙක් වීම ප්‍රමාණවත්. ඒ හරහා සියල්ල ළඟා කර ගත හැකියි. ඉලක්ක අරමුණු සාක්ෂාත් කර ගත හැකියි.
කොයි තරම් ප්‍රායෝගික වුණත් සභාපතිවරයකුට පතුලට බැසිය හැකි සීමාවක් තිබෙනවා…
ඒ ගැන මං උදාහරණයක් කියන්නම්. එතකොට මං වෝකර්ස් ටුවර්ස් සමාගමේ සභාපති. නිකොමාන් සමාගමේ සංචාරකයො සියලු දෙනාව ම එව්වෙ අපිට. දවසක් මට කෝල් එකක් ආවා එයාර්පෝට් එකෙන්. ‘මෙහෙ ලොකු කලබලයක්. ඔයාලගේ සංචාරකයන්ගෙ බෑග් සංවිධානාත්මකව කට්ටියක් බලෙන් අරන් ගිහින් බස් එකට දාලා සල්ලි ගන්නවා කියලා. මං ගියා එයාර්පෝට්. ඊළඟ ෆ්ලයිට් එකේ ආපු හැම දෙනාගෙ ම බෑග් මම බස් එකට පටවන්න ගත්තා. පහුවැනිදා පත්තරේ මුල් පිටුවෙ ගියා ලොකු පින්තූරයක් ‘වෝකර්ස් සමාගමේ සභාපති, සංචාරකයන්ගේ බෑග් උස්සාගෙන යන අයුරු…’ කියලා. මේ තමයි මගේ විදිය. මගේ පෞරුෂත්වය.

කවුද ඔබට පූර්වාදර්ශ වූ ව්‍යපාර නායකයන්…
හපුගස්තැන්න වතුයායෙදි මට මුණගැහුණු මගේ පළමු බොස්, සේපාල ඉලංගකෝන් මහත්මයා. ඊළඟට ජෝන් කීල්ස් සමාගමේ මාක් බොස්ටොක් සහ ඩේවිඩ් බ්ලැක්ලර් මහත්වරු. ඔවුන්ගේ විශිෂ්ට ගුණාංග. මං මගේ ජීවිතයට ගත්තා වගේ ම මාව අනුගමනය කළ අයගෙ ජීවිතවලටත් ඒ දේවල් කා වැද්දුවා.
ඒ දේවල් ඔබේ ජීවිතයේ හැබෑවටම තිබුණ ද…
ඒ නිසා තමයි, ලංකා බැංකුවෙ, විනිමය හුවමාරු කොමිසමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ විධායක නොවන සභාපතිව හිටි කාලයේ එක සතයක වැටුපක් නොගෙන වැඩ කළේ. එක වෙලාවක චන්ද්‍රිකා ජනාධිපතිතුමිය මගෙන් අහනවා, ‘කෙන් ඔයා මට හරි කරදරයක්. ඔයාට පඩි තුනක් ගෙවනවා. වාහන තුනක් තියෙනවා. සෙකට්‍රීස්ලා තුන්දෙනෙක් ඉන්නවා. මේ මුකුත් ම නොගන්න එක ප්‍රශ්නයක්…’ කියලා. මැඩම්! ඒක මගේ ප්‍රතිපත්තිය. ඒ වගේ ම, මගේ කොන්දේසිය…’ එච්චරයි. මං කිව්වෙ. රාජ්‍ය සේවයට මං, එදා වැඩ කළෙත් නොමිලේ. අද වැඩකරන්නෙත් නොමිලේ.
මොකක්ද, ඔබට ම ආවේණික Management Style එක…
ඒක, විශ්වවිද්‍යාලෙ ගිහින් ලොකු තියරිවලින් ඉගෙන ගත්තු එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලෙ නොගියට ජෝන් කීල්ස් සමාගමේදි මං විසිදාහක් විතර පාලනය කළා. මගේ ක්‍රමය තමයි, පහළ ම සිට උඩට යන කල් හැම සේවකයා එක්ක ම සමීපව වැඩ කිරීම. මගේ ළඟ පංති භේද නැහැ. ‘මහ ජාතිත්’ නැහැ.
ඔබ අනුගමනය කළ සුහදශීලී නායකත්වය හැම විට ම සාර්ථක වුණා ද…
ජෝන් කීල්ස්, සමාගමේදි වගේ ම මං විධායක නොවන සභාපති වෙලා හිටපු ලංකා බැංකුව වගේ රාජ්‍ය ආයතනවලදි පවා බෝඩ් මීටින්වලට පරක්කුවෙලා එන කිසි කෙනෙක් මං ඇතුළට ගත්තෙ නැහැ. එළෙව්වා. බ්‍රැන්ඩික්ස් සමාගමේදීත් එහෙමයි. එහෙම අයට මේසෙ මැද මං වීදුරු පෙට්ටියක් තියලා රුපියල් දාහක දඩයක් ගැහුවා. පරක්කුවෙලා එන අධ්‍යක්ෂවරු ඒ පෙට්ටියට රුපියල් දාහක් දැමිය යුතු වුණා. එකෙන් දෙකෙන් ඒ අය හැදුණා. යම් මීටිමකට කවුරු හරි පරක්කු වෙලා එනවා කියන්නෙ එතැන ඉන්න අනිත් අයගෙ විශාල මිනිස් පැය ගණනක් විනාශ කර දැමීමක්. ඒක ආයතනයකට හොඳ තත්වයක් නෙවෙයි.

බ්‍රැන්ඩික්ස් සමාගම, ඔවුන් ගේ නවීන කාර්යාල ගොඩනැඟිල්ල ඔබ වෙනුවෙන් නම් කළා නේද…

ඔව්. ජෝන් කීල්ස් සමාගමෙන් රිටයර් වුණාට පස්සෙ ඔවුන් මට ආරාධනා කළා, බ්‍රැන්ඩික්ස් සභාපති ධුරයට. අවුරුදු දහයක් මං ඔවුන් එක්ක වැඩ කළා. ඒ කාලය පුරා ආයතනය ලැබූ ප්‍රගතිය, දැක්මක් ඇති කණ්ඩායමක් බිහිකිරීම වැනි කාරණා මුල් කරගෙන තමයි ඔවුන් මේ ඇගැයීම කළේ. බ්‍රැන්ඩික්ස් හෙටත් ඉදිරියට යන්නෙ මං හදපු ඒ සමහර සංකල්ප එක්ක. ඒ ගැන මට හරි සතුටුයි.

ළමා කාලෙ ගැන ඔබට තිබෙන හොඳ ම මතකය කියන්න…

පුංචි කාලෙ අපි හිටියෙ කොල්ලුපිටියෙ 25 වැනි ලේන් එකේ පොඩි කුලී ගේක. අපේ ගෙවල් පිටිපස්සට වෙන්න, ඒ කියන්නෙ අද ලිබර්ටි ප්ලාසා එක තියෙන තැන ඔක්කොම තිබුණෙ මුඩුක්කු ගෙවල්. ළමයි ගොඩයි. අපි ඒ ළමයි එක්කත් සෙල්ලම් කළා. තාරවත් දමලා නැති ගුරුපාරක් වෙච්චි ඩුප්ලිකේෂන් පාරෙ තමයි අපි ක්‍රිකට් ගැහුවේ. බයිසිකල් පැද්දෙ. ලිබර්ටි ප්ලාසා පහුකරන හැම වෙලාවක ම ඒ ලස්සන අතීතෙ මට මතක් වෙනවා.

එතකොට ඉස්කෝලෙ ගියේ…

ඩුප්ලිකේෂන් පාරේ ඉඳන් රෝයල් එකට මිනිත්තු පහළොවක දුරක්. අපි හැමදාම ගියේ පයින්. ඉඳහිට රික්ෂෝ එකේ. අපේ ගේ ළඟ තිබුණා ‘ජෝන් ඇන්ඩ් කම්පනි’ ස්ටුඩියෝ එක. ඒකෙ අයිතිකාර මහත්තයයි එයාගෙ පුතයි ඉඳහිට අපිව කාර් එකෙත් දාගෙන ගියා.

එ‍තකොට යාපනෙත් එක්ක තිබුණු සම්බන්ධතාව මොකක්ද…

මං ඉපදුණේ යාපනේ. ඉනුවිල් ඉස්පිරිතාලේ. ආච්චි සීයා එහේ. නංගිව මල්ලිව ලැබෙන්න ඉන්නකොට අම්මා හැම වාරෙකම යාපනේ ගියා. තාත්තා නිවාඩු කාලෙට අපිවත් අරන් තාත්තගේ ‘රේල්වේ වොරන්ට්’ එකෙන් යාපනේ ගියා. ඉතින් මුළු නිවාඩු කාලෙ ම අපි ගත කරන්නේ නෑයන්ගේ ළමයි එක්ක.

ඔබ වගේ කෙනෙක් ළමා කාලෙත් අදක්ෂයෙක් වෙන්න බැහැ…

මං දක්ෂ ව‍ුණේ සෙල්ලම් කරන්න. තාත්තා වැඩට යන්න ලෑස්තිවෙලා පාන්දර හතරහමාරට අපිවත් ‘පඩි… පඩි… පඩි… (පාඩම් කරන්න… පාඩම් කරන්න) කිය කියා කූද්දනවා. මං අනිත් පැත්ත හැරිලා බුදියනවා. ඕ ලෙවල්ස්වලින් මං ක්‍රෙඩිට් පාස් පහක් ගත්තා. හැබැයි මෙඩිකල් කොලේජ් යන්න ම හිතාගෙන ලියපු යුනිවර්සිටි එන්ට්‍රන්ස් ෆේල්.

ළමයෙක් හැටියට ඔබට තිබුණු හීන සහ අරමුණු මොනවද…

අම්මා තාත්තාට ඕනෙ කළේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න. මං ආසා කළේ ශ්‍රී ලංකාවේ ටීම් එකට රගර් ගහන්න. ඒත් ඒක බැරිවුණා. 1957, 58, 59, 60 මුළු කාලෙ ම ඉස්කෝලෙට රගර් ගැහුවා. බ්‍රැඩ්බි කුසලානෙට ට්‍රිනිට් එකත් එක්ක සෙල්ලම් කරපු එකයි, සි‍ලෝන් බාබේරියන්ස් ටීම් එකේ සෙල්ලම් කරපු කාලෙයි තමයි මගේ හොඳ ම කාලෙ. රෝයල් එකෙන් අස් වෙන‍කොට මං රග්බි ටීම් ‍එකේ වයිස් කැප්ටන්.

ජීවිතයේ අරපිරිමැස්ම… අඩුපාඩුකම් කවදාවත් විඳලා තියෙනවද…

‘ජැෆ්නා ටැමිල්’ මිනිස්සුන්ට අරපිරිමැස්ම අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නැහැ. ඒක ඔවුන්ගේ ඇ‍ඟේ ම තියෙනවා. නගර සභාවේ රස්සාව කරපු තාත්තගෙ පඩිය රුපියල් හත්සිය පණහයි. ළමයි පස්දෙනෙක්. හිටියෙ කුලී ගේක. අම්මා – තාත්තා දරුවො ඇතුළු හත් දෙනෙක් ජීවත් වුණේ ඒ පඩියෙන්. සරල කෑම් බීම්, සරල ඇඳුම් පැලඳුම්…

අඩුපාඩුකම් දරා ගනිද්දිත් ඔබ එහෙම ම හිතුවද…

කවදාවත් ඒවා ලොකුවට හිතුවෙ නැහැ. එන හැටියට මුහුණ දුන්නා. දවසක් GOH එකේ ලොකු මඟුල් ගෙදරකට අපේ හිතවතකුගෙන් අයියටත් මටත් ආරාධනා ලැබුනා. ඇඳුම් තියෙන්නෙ අයියට විතරයි. මට නැහැ. ඉතින් මොකද කරන්නේ, ඉස්සරවෙලා අයියා ගියා. එයා ගිහින් ගෙදර ආවම ඒ ඇඳුමම ඇඳගෙන මාත් ගියා. අඩුපාඩුකම් ඉදිරියේ අපි ජීවිතේ සමහර දේවල් බෙදා ගත්තෙ එහෙමයි.

ඔබ වගේ කෙනෙක් ඇයි හැමදාම අනුන්ට විතරක් වැඩකළේ…

ෆින්ලේස් හැරුණුකොට ජෝන් කීල්ස්… වෝකර්ස් ටුවර්ස්… චෙව්රෝන් ලුබ්රිකන්ට්ස්, ටුබැකෝ, ඇමරිකන් ටුබැකෝ… බ්‍රැන්ඩික්ස්… මේ හැම තැනකම මං හිටියෙ ඉහළ ම තනතුරුවල. ඔවුන් මට හොඳට ගෙව්වා. මාව බලා ගත්තා. මං රටවල් තිහ හතළියකට ගියා. ගුවන් යානයක ගියත් ඒ පළවෙනි පංතියේ. මං හුඟක් කැමැති නැව් සංචාරවලට. ඇති තරමට ඒවත් ගියා. ඉතින් වෙන මොනවද… මට කවදාවත් හිතුණෙ නැහැ, මගේ ම බිස්නස් එකක් කරන්න.

කෝ ඔබ තුළ හිටි ක්‍රීඩකයා…

තව ම ඉන්නවා. සතියකට දෙපාරක් ගොල්ෆ් සෙල්ලම් කරන්නෙ, තුන් හතර දවසක් ජිම් යන්නෙ ඒ ක්‍රීඩකයා ම තමයි. වයස 76යි. ඒ වුණාට මට එහෙම හිතෙන් නෑ. දැනෙන්නෙත් නැහැ. මගේ වයිෆ්ට ඕනෙ දැන් මට යෝගා කරවන්නත්.

බිරිය ඔබට හුඟක් ආදරේ හැඩයි…

ඔව්. ඔව්. එයා මට මුණගැහුණෙ හපුගස්තැන්න වත්තෙ වැඩකරන කාලෙ. එයා රත්නපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් කෙනෙක් විදියට වැඩ කළා. එයාගෙ නම ස්වෛරී. සිංහල බෞද්ධ. මං දෙමළ හින්දු. අපි මුණ ගැහුණා. ආදරේ කළා. කෝවිලේදි පෝරුවේදි විවාහ වුණා. දරුවො ලැබුණට පස්සෙ එයා වෛද්‍ය වෘත්තිය අත්හැරියා.

ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරනවද…

මම නෙවෙයි අම්මලා හුඟක් විශ්වාස කළා. මගේ ලග්නෙ ධනු. අවුරුදු 81 දි මං මැරෙනවා කියලයි සාස්තරකාරයො කියලා තියෙන්නෙ. මං ඉතින් දැන් බලාගෙන ඉන්නවා. (හිනැහෙමින්)

තාත්තෙක් හැටියටත් ඔබ සාර්ථකයි කියලා හිතෙනවද…

ක්‍රිෂාන් බාලේන්ද්‍ර මගේ පුතා ජෝන් කීල්ස් සමූහයේ විධායක අධ්‍යක්ෂවරයෙක්. නටාෂා බාලේන්ද්‍ර මගේ දුව. ළමා රක්ෂණ අධිකාරියේ. මේ දෙන්නගේ ළමයින් පස් දෙනා තමයි දැන් මගේ යාළුවෝ. මහා තක්කඩි රැලක් (හිනැහෙමින්). මට නටන්න… සිංදු කියන්න…. දුවන්න… හැංගෙන්න, සෙල්ලම් කරන්න ඇති තරම් අවස්ථා තියෙනවා මේ පස්දෙනාගෙ කල්ලිය නිසා....

උපුටා ගැනීම සිළුමිණ පුවත්පත

සටහන ඉනෝකා පෙරේරා බණ්ඩාර
ව්‍යාපාරික අංශය
සිළුමිණ පුවත්පත

ස්තුතියි මුල් අයිතියට

⭕ මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා  රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.⭕ නමුත් අපි ඒවා කන්නේ සබන් ...
21/09/2025

⭕ මේ වන විට ලෝකයේ වස විස සහිත ආහාර ගන්නා රටවල් අතරින් ශ්‍රී ලංකාව පළමු වැනි ස්ථානයට පත්ව ඇත.

⭕ නමුත් අපි ඒවා කන්නේ සබන් යොදා අත් සෝදාගෙනය.

☠️මස් පිණිස ඇති කරණ සියළු සතුන් වස ගසා ජාන විකෘති කර ඇත.මාළුන් පමණක් බේරී ඇත්තේ උන් මුහුදේ ඉන්න නිසා වුවත් උන්ද අල්ලා කල් තබා ගැනීමට වස ගසයි .

☠️මුදවපු කිරි දින දෙකකින් ඇඹුල් රසය. නමුත් වස ගසා මුදවූ කිරි වල කල් ඉකුත් වන දිනය එන්නේ සති දෙකකිනි .

☠️මෑතක් වන තුරු වසවිස නැතුව කොස් කෑමට හැකිව තිබුනත් මේ වනවිට කොස් කල් තබා ගැනීමට වැසිකිලි සේදීමට ගන්නා දියර ගසති .

☠️පළා වර්ග වල සම්මත ප්‍රමාණයට වඩා 700%කින් වස තැන්පත්වී ඇත .

☠️කුළුබඩු බොහෝ ඒවායේ ඇත්තේ රොඩු සහ විස ඩයි වර්ගය .

☠️බයිට් වර්ග බැදීමට පෙර තෙල් තාච්චියට ප්ලාස්ටික් දමන්නේද ඒවා කල් තබා ගැනීමටය .

☠️කුඹුරේ වල් මැරීමට පස් බුරුල් වීමට කෘම්න් නැසීමට වස ගසයි. හාල් වලට ගුල්ලන් ගැසීම වැලක්වීමටත් වස ගසයි .

☠️එළවලු වලට කෘමිනාශක ගසා පසු දිනයේම කඩා වෙළඳපොළට එයි .ඒවා විශාල කිරිමටත් කල් තබා ගැනීමටත් වස ගසයි.

☠️පලතුරු වලට සියළු වස ගසා විශාල කර පලදාව නෙලා ගත් පසු ඉදවිමටත් වස ගසයි .

☠️ලෝකයේ හොඳම තේ ඇත්තේ ශ්‍රී ලංකාවේ වුවත් අපි බොන්නේ කසල තේය .එසේත් නැතිනම් විස ඩයි වර්ග කලවම් කළ තේය .

☠️පිටි කිරි කියා බොන්නේ ස්වභාවික කිරි වල ඇති පෝෂණ කොටස් අයින් කරන ලද කටු පොල් තෙල් හා රසකාරක යොදා නිපදවන වස ගොඩකි .

☠️යෝගට් කියා ඇත්තේ එම පිටි වලටම ස්ට්‍රෝබෙරි,වැනිලා කෘතීම විස රසකාරක යෙදු වස කෝප්පයකි.

☠️ආප්ප වාටිය ශක්තිමත් කිරීමට ප්ලාස්ටර් ඔ‍ෆ් පැරිස් දමති .

☠️කෝලා බිම වර්ග ඇතුළු සියළු පැණි බීම වස ආකරය .

☠️සෝයා මීට් යනු පුන්නක්කු හා රසකාරක යොදා සකසන වස ගුලියකි .ඒවා දැල්ලෝ, ඉස්සෝ සහ පොලොස් වැනි නානාප්‍රකාර රසයෙන් ඇත්තේ ඒ රස ගැනීමට වස කලවම් කර ඇති නිසාය. .
සුප් කැටය යනු වස කුට්ටියකි.

☠️සොසේජස් යනු පුන්නක්කු සහ සතුන්ගේ ඉවතලන කොටස් එකට අඹරා එහි නැවුම් රුධිරය ඇති බව පෙන්වීමට වස ගසා රතු පාට ගන්නා වස ගුලියකි .

☠️අජිනොමොටෝ නමැති වස නොදමන ෆ්‍රයිඩ් රයිස් කඩයක් ලංකාවේම නැත .

☠️මිට අමතරව කෘතිමව නිෂ්පාදනය කරන නුඩ්ල්ස් බිස්කට් වර්ග ඇතුළු සියලුම දේට වස මිශ්‍ර කරයි . එහි නියමිත මාත්‍රාවක් ඇතත් එයද වසය.

☠️පොල් තෙල් නිෂ්පාදනයේදී ශරීරයට අහිතකර ලාභදායි තෙල් වර්ග එයට කලවම් කරයි .

☠️තක්කාලි සෝස් සෑදීමට තක්කාලි භාවිතා නොකරයි. ඒ සඳහා යොදා ගන්නේ පිටි ඩයි සහ රසකාරකය...

☠️දින 45 ට කලින් විකුණා ගතයුතු නිසා අධික විෂසහිත හොමෝන වර්ග කවා බ්‍රොයිලර් කුකුලන් ඉක්මනින් බර වැඩීවීමට සලස්වයි..

මේවායේ ප්‍රතිඵල මේ වනවිට අප අත් කරගෙන ඇත. එනම් මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා ඇත. දැනට වසර දහයකට පමණ පෙර එය ඉතා සුළු ප්‍රමාණයකි . දැන් දහස තව වසර පහකින් පන්දහස විය හැක. තව වසර දහයකින් රටම පිළිකා වාට්ටුවක් විය හැක. දැනටත් මෙය කියවන ඔබ දන්නා එක අයෙක් හෝ පිළිකා රෝගයෙන් පෙලෙන අයකු සිටිය හැක. අතීතයේ පිළිකා රෝගය යනු දුර්ලභ රෝගයකි.
අපේ රටේ සවුඛ්‍ය අංශයේ වැඩිම වියදමක් දරනු ලබන්නේ පිළිකා රෝගීන්ගේ ඖශධ වලට වන අතර 100% ආනයනික ඖශධය.
.

කිසිවකුත් මේ ගැන කතා නොකරනවානම් ජනතාව වන අප කුමක් කලයුතුද..?

ස්තුතිය -
උපුටා ගැනීමක සාරාංශය කි
රනිල් මුදුන්කොටුව
Ranil Mudunkotuwa page

Address

St. Josheph Street
Negombo
11500

Website

Alerts

Be the first to know and let us send you an email when Marcity World with Shahee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Marcity World with Shahee:

Share