15/07/2026
කෙල්ලෙකුට හයිය ?
කෙල්ලෙකුට හයියක් වෙන්න හැම වෙලාවෙම අම්මා තාත්තා නෑ..ඒ නිසා හැම මොහොතෙම උත්සහ කරන්න ඕන හිත පාලනය කර ගන්න..මොකද කසාද බැන්දට පස්සේ තමයි ඒක අපිට හොඳටම තේරුම් යන්නේ..
ඔව් ඔයාට හස්බන්ඩ් ඉන්නවා හැබැයි එයත් හැම අවස්ථාවෙම එයාගෙ අම්මා තාත්තා හිත රිද්දන රිද්දන් වෙලාවට කතා කරන්නේ නෑ..එයාට අවස්ථාව එනකන්ම ඉන්න වෙනවා මොකද ඒ එයාගේ අම්මයි තාත්තයිනේ..ඒත් අපි අසරණ වෙනවා මොක්ද අපි හැදිලා තියෙන්නේ ගලක් වගේ නෙවෙයි අපි අම්මෙක් මාස නවයක් බඩේ තියන් හදල බිහිකරලා අපිව උස් මහත් කරලා උගන්වලා ලස්සනට අපි කැමති කෙනාට හරි එයාලා කැමති කෙනෙක්ට හරි අපිව දෙන්නේ එයගෙ ගෙදර මිනිස්සුන්ගෙන් වචන අහන්න නෙවේනේ...සමහර අවස්ථා වල හිතෙනවා මොකටද මෙච්චර මිනිසුන්ගෙන් වචන අහන්නේ කියලා..සාම්ප්‍රදායික දේවල් වලට යට වෙලා ඒ මිනිස්සු දැන හෝ නොදැන කරන්නේ ගෙවාගන්න බැරි පවක්...
කසාද බදින්න හොඳ පිරිමියෙක් ඉන්නම ඕන හැබැයි එයාගේ පව්ල අප්ඩේට් නැත්නම් , මෝඩ නම්,නූගත් නම් ඒ සේරම එකතු කරන් හෙන මාන්නෙන් නම් ඉන්නේ ..අපිව විශ්වාස කරන්නේ නැත්නම් ඇත්තටම අපිව දුවක් විදියට දකින්නේ නැත්නම් ඒ බව යාලු වෙලා ඉන්න කාලෙම දැනුනොත් අයින් වෙන්න...
මොකද දෙන්නෙක් විදියට ගැලපුනාට පව්ලේ එව්න් ගැලපෙන්නැත්තන් ඒ දීගේ උන් කන්න දෙන්නෑ...
ඉවසීම ඕනවටත් වඩා තියෙනවනම් ආදරේ ඒ හැමදේටම යටයි නම් එයාව බදින්න ඒත් ලංකාවෙ ඉන්න එපා රට යන්න..ලොකු ටයිම් ගැප් එකක් තියෙන
මොකද පුතා ඕපන් නැති වුණාම වෙනම හිටිහත් කෝල් කර කර අපේ දේවල් අහනවා..ඒක වැරදි නෑ..ඒත් ඕනවට වැඩී නම් ඒක ප්‍රශ්නයක්නේ...
මොනව වුණත් කෙල්ලනේ හොඳට ඉගෙනගෙන පුලුවන් නම් හස්බන්ඩ්ට වඩා වැඩි පඩියක් ගන්න රස්සාවක් කරන්න...එතකොටවත් ඒවුන්ගේ කටවල් වැහෙයි ...ඒකයි කෙල්ලොන්ගේ හයිය වෙන්නේ
-Shari-