My Heaven

My Heaven my heaven's diary...
මගේ කැදැල්ලේ රසට හැදෙන අලුත්.. පහසු recipe සමගින්... It's My hobby. wellcome you all🙏
(29)

🔥රසට ගැලපෙන මෙනුවක් බාස්මතී බත් එකට කිරිකොස් හින්දලා ලින්නෝ මාළුබෝංචි කිරට තලපත් කරවල බැදුම අතු ගෝවා මැල්ලුම රසට හැපෙන්න...
25/09/2026

🔥රසට ගැලපෙන මෙනුවක්

බාස්මතී බත් එකට
කිරිකොස් හින්දලා
ලින්නෝ මාළු
බෝංචි කිරට
තලපත් කරවල බැදුම
අතු ගෝවා මැල්ලුම
රසට හැපෙන්න බැදපු මිරිස්

මේක නම් හරිම රස මෙනුවක් ඔයාලා කැමතිද..?

24/09/2026

Breakfast Buffet එකකින් වැඩියෙන්ම කන්න කැමති,
Bakery & Pastry Counter එකෙන්..
ඒවා නම් කෑමට සීමාවකුත් නෑ ඉතින් 🤭..
At The Grand Kandyan Hotel

🔥මේක නම් සුපිරි රස       ගැලපුමක්.. ♦️කඩල පරිප්පු කරිය කිරට ♦️වැව් මාළු දුම් කරවල බැදුම ♦️රතු පොල් සම්බෝලය සැරට ♦️තම්බපු...
23/09/2026

🔥මේක නම් සුපිරි රස
ගැලපුමක්..
♦️කඩල පරිප්පු කරිය කිරට
♦️වැව් මාළු දුම් කරවල බැදුම
♦️රතු පොල් සම්බෝලය සැරට
♦️තම්බපු බිත්තර
♦️සමග කීරි කැකුළු බත්

ඔයාලත් මේ රස මෙනුවට ආසයිද..?

22/09/2026

කැමති දෙයක් බෙදා ගන්නකෝ..
මේ දවස්වල හරි කම්මැලියි.. පේජ් එක පැත්තෙ එන්න අනේ..
මේ දවස්වල ෆ්‍රී ටයිම් එකට drama බලනවාඅනේ..
පෝස්ට් රීච් වෙනවත් අඩුයිනේ..

🔥ලන්ච් එකටරසම රස      මෙනුවක්..,👌♦️පොඩි ලින්නෝ මාළු කිරට ♦️බටානා තෙම්පරාදුව ♦️රතු පොල් සම්බෝලය ♦️රසට හැපෙන්න පපඩම් හා  ♦...
18/09/2026

🔥ලන්ච් එකටරසම රස
මෙනුවක්..,👌

♦️පොඩි ලින්නෝ මාළු කිරට
♦️බටානා තෙම්පරාදුව
♦️රතු පොල් සම්බෝලය
♦️රසට හැපෙන්න පපඩම් හා ♦️සලාද කොළ
♦️සමග කීරි සම්බා කැකුළු බත්

මේකත් රසම ගැලපුමක්.. 👌
මේ මෙනුවට ඔයාලත් කැමතිද..?

🔥රස පිරුණු මෙනුවක්..♦️පොලොස් ඇඹුල ♦️කිරි රසට නෝකෝල් අලසහ    කොළ කරිය♦️සැරට රසට පෝක්කරිය ♦️රසට හැපෙන්න පපඩම්මේකෙ රස නම් උ...
16/09/2026

🔥රස පිරුණු මෙනුවක්..

♦️පොලොස් ඇඹුල
♦️කිරි රසට නෝකෝල් අලසහ
කොළ කරිය
♦️සැරට රසට පෝක්කරිය
♦️රසට හැපෙන්න පපඩම්

මේකෙ රස නම් උපරිමයි... 👌👌👌 ඔයාලත් කැමතිද බලන්නකෝ..


14/09/2026

🔥ශ්‍රී ලාංකික අපි හොයන රාජකීය රසක් මේ....
කවදාවත් එපා වෙන්නේ නැති ව හොඳම ගැලපීමක්.👌
මේ රස හඳුනන අය දන්නවා මේක මොන තරම් රස කෑමක්ද කියලා..

🐟ගෙදරදීම සැමන් හදාගන්න දැන් ගොඩක් අය දන්නවා ...           කඩෙන් ගන්නවාටත් වඩා පිරිසිදුවට සහ රසට සැමන් හදාගන්න පුළුවන් ලෙ...
14/09/2026

🐟ගෙදරදීම සැමන් හදාගන්න දැන් ගොඩක් අය දන්නවා ...
කඩෙන් ගන්නවාටත් වඩා පිරිසිදුවට සහ රසට සැමන් හදාගන්න පුළුවන් ලෙහෙසිම ක්‍රමයක් මේ..
Pressue cooker එකක් තියෙනවා නම් මාළු කටු පවා හොඳටම තැම්බිලා කඩේ සැමන් එක වගේම හදාගන්න පුළුවන්.

අපට ඕන වෙනවා:
♦️ලොකු මාළු (ලින්නා, බලයා හෝ සැලයා): 500g (කැබලි කපා පිරිසිදු කරගත්)
♦️දෙහි යුෂ: 2-3tbs
♦️තක්කාලි සෝස් (tomato paste හෝ puree)3-4 tbs
(තක්කාලි ගෙඩි 2ක් බ්ලෙන්ඩ් කරගෙන ගන්නත් පුළුවන්)
♦️තෙල්: 2ක්tbs(ඔලිව් oil)
♦️මිරිස් කුඩු: 1 tbs(රස අනුව)
♦️කහ කුඩු: 1/2 tsp
♦️ගම්මිරිස් කුඩු: 1tsp
♦️ලුණු: රස අනුව
♦️වතුර: කප් 1 – 1.5 (ප්‍රෙෂර් කුකර් එකට අවශ්‍ය ප්‍රමාණයට)
අමුමිරිස්, කරපිංචා සහ රම්පෙ (අවශ්‍ය නම් පමණක්)

දන් හදමූ...
👉සුද්ද කරගත් මාළු කැබලිවලට ලුණු, කහ කුඩු සහ දෙහි යුෂ එකතු කර හොඳින් අනා විනාඩි 10ක් පසෙකින් තබන්න.

👉භාජනයකට තක්කාලි සෝස්, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, තෙල් සහ වතුර එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.
👉ප්‍රෙෂර් කුකර් එකට පදම් කරගත් මාළු ටික එකින් එක අතුරන්න.
👉ඒ මතට සාදාගත් තක්කාලි සෝස් මිශ්‍රණය වක්කරන්න. (අවශ්‍ය නම් රම්පෙ, කරපිංචා එකතු කරන්න).
👉කුකර් එක වසා Whistles (විසිල්) 6-8ක් යනතුරු මධ්‍යම ගින්දරේ තම්බාගන්න.
👉පසුව ගින්දර අඩු කර තවත් විනාඩි 15-20ක් අඩු ගින්දරේ තිබෙන්න හැර ලිපෙන් බා ගන්න. (මේ මගින් මාළු කටු හොඳින් මොළොක් වේ).

❗කඩේ සැමන් වල එන තද රතු පාට සහ උකු ගතිය ගන්න Tomato Paste භාවිත කිරීම වඩාත් සුදුසුයි.
❗තෙල් එකතු කිරීමෙන් සැමන් එක කල් තබා ගැනීමට සහ හොඳ පදමට තෙල් බේරෙන ස්වභාවයක් ලබාගැනීමට පුළුවන්.
❗තම්බාගත් සැමන් එක ඒ වෙලාවෙම ලූනු, අමුමිරිස්, දෙහි දාලා තෙම්පරාදු කරගන්නත්, එහෙමත් නැත්නම් සැමන් හොද්දක් විදිහට පොල්කිරි ස්වල්පයක් එකතු කරලා හදාගන්නත් පුළුවන්!
ඉතිං මෙහෙම හදලා බලන්නකෝ මුළු ගෙදරම සුවඳයි.. රසයි ගුණයි..

දන්නේ නැති කෙනෙකුට බලන්න ශෙයා කරන්න... ඔයාලගේ අදහස් කියන්න...


ඉඳලා හිටලා ඩයට් කරන්න ඕනේ කියලා පුදුම උනක් හැදෙනවනේ.. 😂ආන්න එහෙම වෙලාවට මේන්න මෙහෙමයි මම කන්නේ... 😂😂හැබැයි පුතේ මෙහෙම කන...
13/09/2026

ඉඳලා හිටලා ඩයට් කරන්න ඕනේ කියලා පුදුම උනක් හැදෙනවනේ.. 😂
ආන්න එහෙම වෙලාවට මේන්න මෙහෙමයි මම කන්නේ... 😂😂
හැබැයි පුතේ මෙහෙම කනවා නම් බොහෝම හොඳයි..
මේ දරුවොත් මෙහෙම කන්න පුරුදු වෙන්න ඕනා..Ok..

♦️බත් සූට්ටක්
♦️😈චිකන් ගොඩාඩාක් (කොත්තමල්ලි කොළ එහෙම දාලා හදාගත්තම කන්න ඇහැකියි 👌)
♦️බෝංචි තෙම්පරාදුවක්
♦️පාප්පු කරියක්
♦️සුට්ටන් ලූනු ගෙඩි, දයියා කරල් ටිකක් එක්ක රතු බෝල ගෙඩි ටිකක්..

මෙහෙම කනවනම් බඩ පිරෙනවා සුපිරියටම ඈ...😁😁
මොකද කියන්නේ? මෙහෙම කමුද...?





11/09/2026

3පෝෂ family එකන්, අපේ
CAFE DE SKYLARK COFFEE
SHOP & RESTAURANT එකේ food review එකක් කළා..
බලන්නකො හොඳයිද කියලා..?
ඉතින් ඔයාලත් දඹුල්ල පැත්තෙ ආවොත්, අපේ කොෆි ෂොප් එකේන් Premium Quality Coffee
එකක රස බලන්නකෝ..
ඒ පේජ් එක first comment එකේ මෙන්ෂන් කරන්නම්..

Address

Jetwing Blue Ethukale,
Negombo

Website

Alerts

Be the first to know and let us send you an email when My Heaven posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share