18/07/2025
රණවිරුවන් 1500ක් මහපොලව යට සැතපූ මුලතිව් සටනට අදට වසර 29යි...!!
-----------------------
මුලතිව් යුදහමුදා කඳවුර ශ්‍රී ලංකා හමුදාවෙන් ගිලිහී ගියේ 1996 ජූලි මාසයේදීය. මෙම කඳවුර ඇදවැටීම හමුදාවට විශාල හානියක් වූයේ එය සේනාංක මූලස්ථානයක්ද වීම නිසාය. කඳවුර මුදා ගැනීම සඳහා විශේෂ බළකා සෙබළුන් ගුවනින් ගොඩ බැස්සවීමට දරණ ලද උත්සාහය ද ව්‍යර්ථ වූයේ ඒවනවිට සමස්ත කඳවුරමක කොටි සංවිධානය අත්පත් කරගෙන සිටි බැවිනි.විශේෂ බළකා සෙබළුන් ගුවන් හමුදාව සහ නාවික හමුදාව සමග එක්ව කළ වික්‍රමාන්විත මෙහෙයුම කෙටියෙන් මෙමඟින් විස්තර කෙරේ.
1994 සිට බල සේනා මූලස්ථානය බවට පත්වුණු මුලතිව් යුධ හමුදා කඳවුර ඒ වනවිට යුධ නාවික හා පොලිස් භටයින් 1500ක් පමණ පිරිසක් රඳවා සිටියේය.නාවික හමුදා රේඩාර් මධ්‍යස්ථානයක්ද මෙහි ස්ථානගත කොට තිබිණි.පොලිස් කණ්ඩායම් සිටියේ පරිපාලන කටයුතු සඳහා සහය ලබාදීමට ය.
ත්‍රස්තවාදීන්ගේ බලකොටුව වූ යාපනය අර්ධද්වීපයට රිවිරැස මෙහෙයුම හරහා මේ වන විට හමුදාව අතට පත්වීම කොටි නායක ප්‍රභාකරන්ට දරාගත නොහැකි කාරණයක් විය. මේ නිසා තමන්ට වූ පාඩුව පිරිමසා ගැනීමට කොටි නායකයන්ට අවශ්‍යවිය.මුලතිව් කදවුරේ ස්ථාන ගතකර තිබූ කාලතුවක්කු පැහැරගැනීම ප්‍රභාකරන්ගේ මූලික අරමුණ විය.
ඒ අනුව ප්‍රභාකරන් ඊට අවශ්‍ය සියලු කටයුතු සැලසුම් කළේය දිනය 1996 ජූලි 18 වන බදාදා ය. අළුයම 1ට පමණ අඳුර මැදින් මුලිතිව් වෙරළ රත් පැහැ ගන්වමින් දරුණු වෙඩි වරුසාවක් සමග LTTE ත්‍රස්තවාදීන්ගේ මුහුදු කොටි බළකාය මුලතිව් යුධ හමුදා කඳවුර වෙත කඩා පැන්නේය. මරාගෙන මැරෙන කළු කොටි මුලතිව් මුහුදු වෙරළ හරහා පැමිණ කඳවුරට කඩා වැදී බංකර තුලට පැන බෝම්බ පුපුරුවා ගත්තේ එහිතුල සිටි සෙබළුන්ද සමගය.හතර වටින්ම මුලතිව් කඳවුර වටකර පහර දෙන්නට වූයේ නිමේෂයකිනි.
මෙම ප්‍රහාරය එල්ල වන විට බලසේනාධිපති ලෙස කටයුතු කළ කරන කල කර්නල් ලෝරන්ස් ෆර්නැන්ඩු රාජකාරි කටයුත්තක් සඳහා කොළඹ බලා පිටත්ව ගොස් සිටියේය
කඳවුරේ උතුරු කොටස ආරක්ෂා කිරීමේ වගකීම පැවරී තිබුණේ 9වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී වූ ලුතිනන් කර්නල් ගුණරත්න හටය. ඔහුද පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා නිවාඩු ලබා සිටියේය .එහි කටයුතු සිදුකරනු ලැබූයේ දෙවන අණදෙන නිලධාරී මේජර් හිරාන් දබරේරා විසින්ය.
කඳවුරේ දකුණු කොටස ආරක්ෂා කිරීම පැවරුණේ වැඩ බලන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කළ මේජර් අලිබා ගේ නායකත්වයෙන් යුත් හයවන විජයබාහු රෙජිමේන්තුවටය .
පන්දහසක පමණ කොටි පිරිසක් කඳවුර වටකරගෙන පහර දුන්හ.නොසිතූ මොහොතක එල්ල වූ දරුණු ප්‍රහාරය හමුවේ සෙබළුන් වික්ෂිප්ත වූහ. ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක වළලු බිඳගෙන කඳවුර තුළට ඇතුළුවීම නවතා ගැනීම අසීරු විය.කඳවුරේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ මේජර් අලිබා පණිවුඩ හුවමාරු යන්ත්‍රයෙන් කුරුණෑගල බෝයගනේ වූ තම රෙජිමේන්තු මධ්‍යස්ථානය සමග සබඳතා තබා ගනිමින් ආධාර ඉල්ලා සිටියේය.
කඳවුරට උතුරින් හා දකුණින් ආරක්ෂක වළල්ල කඩාගෙන කොටින් ඇතුලූ වූ වී සිටියේය.මෙවැනි ප්‍රහාරයක් සඳහා ඉහළ නිලධාරීන්ගේ සූදානමක් නොවූයෙන් කඳවුරේ ආරක්ෂක වළලු කඩාගෙන පැමිණි ත්‍රස්තවාදීන්ට මිමි 122 කාලතුවක්කු දෙකද අත්පත් කරගැනීමට හැකිවිය.
'මුලතිව් කඳවුරට ප්‍රහාරයක් එල්ල වෙනවා වහාම කඳවුරට වාර්තා කරන්නැයි' ජූලි 18 දා පාන්දර 3.00ට පමණ මින්නේරිය කඳවුරේ සිටි බළගණ නායක කපිල වනිගසූරියට ලැබුන දැනුම්දීමක් මත ත්‍රිකුණාමල චීනවරාය ගුවන් හමුදා කඳවුර බලා පැමිණියේ සටන් පෙරමුණට යාමටය. ඒ වන විටත් චීනවරාය කඳවුරට තවත් ප්‍රහාරක යානා කිහිපයක් ගෙන්වාගෙන තිබුණේය.
මුලතිව් කඳවුරේ තත්ත්වය දරුණු වූයෙන් වහාම ප්‍රහාරක යානා මුලතිව් බලා පියාසර කළේය. කොටින්ට නොදැනෙන්නට ඝණ කැලෑවේ ගස්වල ගෑවෙන නොගෑවෙන මට්ටමින් හා මුහුදු වෙරළ ඔස්සේ පැමිණ සතුරු ඉලක්ක සොයා පහර දෙන්නට වූයෙන් මුලිතිව් කඳවුරේ සෙබළුන්ට එය මහත් අස්වැසිල්ලක් විය. මේ වනවිටත් මුහුදු කොටින්ගේ ග්‍රහණයේ තිබූ මුලතිව් මුහුදු තීරයේ කොටි යාත්‍රා, ඉලක්ක කර ප්‍රහාර එල්ල කරමින් පුපුරුවා හැරීමටද ගුවන් හමුදා නියමුවන් සමත් වූහ.
බ්‍රිගේඩියර් ජානක පෙරේරා හා එවකට කමාන්ඩෝ හා විශේෂ බළකා භාරව සිටි ස්වාධීන බළසේනාධිපති බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු මුලතිව්වලට කාලතුවක්කු සහාය මෙන්ම ගුවනින් හා මුහුදින් භට පිරිස් යැවීමට සැලසුම් කළේය. එම සැලසුම් ක්‍රියාත්මක වන්නටත් පෙර ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් මුලතිව් යාමට තීරණය කළේ මුලතිව්වල ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත සහෝදර සෙබළුන්ට දිරිය දෙන්නටය.
MI17 හෙලිකොප්ටර් හයක නැගුණු ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් ඇතුළු පළමුවැනි විශේෂ බළකා භට කණ්ඩායම් උදෑසන අට පමණ වනවිට ත්‍රිකුණාමල, චීනවරාය ගුවන් හමුදා කඳවුර වෙත රැගෙන එනු ලැබූහ. ගුවන් පථයේ දී බළඇණිය යළි පෝලිම් කර ඉදිරි මෙහෙයුම සඳහා දැනුවත් කරන්නට සෙසු නිලධාරීන්ට භාර දී ලුතිනන් කර්නල් ලෆීර් එම කඳවුරේ පැවැති හමුදා ප්‍රධානීන්ගේ සාකච්ඡාවට එක්විය.ගුවන් හමුදා මෙහෙයුම් මැදිරියට එක් වූ හමුදා ප්‍රධානීන් ඉදිරි සැලසුම් ගැන උපදෙස් දෙමින් විශේෂ බළකාය සටන්බිමට යද්දී කාලතුවක්කු සහායත්, සහායට පාබළ සේනාංකත් එවන බවට පොරොන්දු විය.
මුලතිව් බලා යන මුල්ම කණ්ඩායම සමග යාමට කර්නල් ලෆීර් ද එක්විය. බලඇණියේ අණදෙන නිලධාරියා සටන් පෙරමුණට යාම නිර්භීත නිලධාරින්ට පමණක් උරුම වූ දෙයකි.ගොල්ෆ් හා චාලි බලඝන දෙක සමග ඉර බැස යන මොහොතේ (Last Fight) උපක්‍රමික ලෙස අලම්පීල්වලට ගොඩබැසීමට සැලසුම විය. බලපන්ති ලුතිනන් ශිරාන් පෙරේරා ඇතුළු ගුවන් නියමුවෝ අභියෝගාත්මක ගුවන් මෙහෙයුමට දායක වූහ.මෙවර මුලතිව්වලට කිලෝමීටර් හතරක් දකුණින් අලම්පිල් වෙරළ තීරයට යාමට ගුවන් නියමුවන්ට පැවරිණි.
සවස 4.30ට ත්‍රිකුණාමලයෙන් ඉහළට නැංවුණු MI17 හෙලිකොප්ටර් යානා හයක 30 බගින් වූ විශේෂ බලකා සෙබළුන් හා මුලතිව් කදවුරේ *අණදෙන නිලධාරීන් දෙදෙනාද විනාඩි හතළිහක් පමණ ඇතුළත අලම්පිල් බලා ළඟාවූහ. කර්නල් ලෆීර් හා මේජර් රත්නායක දෙවැනි හෙලිකොප්ටරයේ වූහ.MI17 හෙලිකොප්ටරයක සෙබළු තිස්පහක් රැගෙන ගිය අතර හෙලිකොප්ටරය පොළොව ආසන්නයට ළංවත්ම තප්පර විසිඑකකට කලින් සියලු දෙනා බැසගැනීමට පුරුදු කර තිබිණි.
විශේෂ බළකා සෙබළුන් ගුවන්ගත වෙනවාත් සමඟම MI24 ප්‍රහාරක ගුවන් යානා සහ මිග් යානා ගමන් ගත් අතර ත්‍රස්තයන්ට ප්‍රහාරදීම ආරම්භ කළහ. එසේ පහරදෙන අතරතුර විශේෂ බළකා සෙබළු රැගෙන ගිය හෙලිකොප්ටර් මුහුදු තීරයට පහත් කරන්නට විය. ඒ දෙසටද සතුරා වෙඩි තියන්නට වූවේය.
මුලතිව් වෙත ළඟා වෙද්දී කඳවුරෙන් නැගෙන වෙඩි හඬත්, අහසට නැගෙන කළු දුමාරයත් හැර වෙන කිසිවක් ගුවන් නියමුවන්ට දැකගත නොහැකි විය. මුලතිව් මහ වනාන්තරයට ඉහළින් වට කිහිපයක් ගිය ශිරාන්ට කඳවුරේ දකුණින් වූ වැලි තලාවක් සහිත තැනක් නිරීක්ෂණය විය. වහාම සිය හෙලිකොප්ටරය පහත් කරනවාත් සමග නියමුවාට වෙනසක් තේරිණි. මුහුදු වැල්‍ලේ වළවල් කපාගෙන සිටි කොටින්ගේ ෆයිව් සීරෝ අවි ඇටවූ තිප්‍පොළක් මතට යානය පහත්කර ඇතැයි පසක් වනවිටත් යානයට වෙඩි තබන්නට අර අඳින කොටි ත්‍රස්තයාගේ හිස මතට යානය පහත්කර යටකර මරාදමා යානයේ අවර පෙතිවලින් වැලි කුණාටුවක් මෙන් ඇවිස්සෙන තෙක් ළං කළේය. සිනිඳු වැලි තලාව වැලි කුණාටුවක් මෙන් කොටි ත්‍රස්තයන්ගේ දෑස් වැසෙන තරමට වැලි ඉහළට නගිද්දීත් ත්‍රස්තයන් හතර වටේට වෙඩි තබන්නට වූහ.
එහි දී යානයේ කෙළවරක සිටි කෝප්‍රල් ලන්දේකුඹුරගේ අත පසාරු කරගෙන ත්‍රස්තවාදීන්ගේ වෙඩි උන්ඩ පියාබා යද්දී එයින් කුපිත වී ගොඩබිමට පැනගත් කෝප්‍රල් මංජුල සෝමසිරි ඇතුළු දෙදෙනකු කොටි ත්‍රස්තයන් එකිනෙකා මරා දමමින් කොටි සතු ෆයිව් සීරෝ අවියක් ද සටන්බිමට ගොඩබට වහාම අත්පත් කරගෙන එයින්ම සතුරාට පහරදුන්හ.තත්පර ගණනක් ඇතුළත සියල්ලම සිදු වූ අතර හෙලිකොප්ටර් යානා දෙකක පැමිණ භට කණ්ඩායම් හා අණදෙන නිලධාරියාට පමණක් ගොඩබසින්නට හැකි විය. කොටි ත්‍රස්තයන් පවා නොසිතූ මොහොතක සටන් බිමට විශේෂ බළකා භට පිරිස් ගොඩබැසගත් අතර සෙසු හෙලිකොප්ටර් හතරේ සෙබළුන් ත්‍රස්ත ප්‍රහාර නිසා ගොඩබැස්සවීමට නොහැකි වූ බැවින් යළිත් ත්‍රිකුණාමලය බලා පියාසර කළේය.
ත්‍රිකුණාමලය බලා ගිය හෙලිකොප්ටර් යළිත් විශේෂ බළකායේ ඉතිරි භට කණ්ඩායම් රැගෙන යළිත් ගුවනට නැගුණේ ඝන අඳුරේය. එම පිරිසට කපිතාන් නාලක ද සිල්වා, කපිතාන් ස්ටැන්ලි සිරිමාන්න ඇතුළු කණ්ඩායම ද අයත් වූහ. එම හෙලිකොප්ටර් මුලතිව් කැලෑවේ ගස්වල ගැටෙන නොගැටෙන මට්ටමට ගොස් වෙරළ තීරයට ළං වූයේ රාත්‍රි 1.00ට පමණය.
මුලතිව් කඳවුරට කිලෝමීටර් තුනක් පමණ දකුණට වන්නට මෙම පිරිස ගොඩබැස්සවීමට සූදානම් වෙද්දී යළිත් කොටින්ගේ ෆයිව් සීරෝ වෙඩි උණ්ඩ හතර වටේට නිකුත් වන්නට වූයේය.තප්පර ගණනක් ඇතුළත යළි හෙලිකොප්ටර් පහෙන් ආ සෙබළුන් හා නිලධාරීන් තැන් කිහිපයකට ආරක්ෂිතව ගොඩබැස්සවූ අතර එක් හෙලිකොප්ටරයකින් මීටර් දහයක් පමණ උඩ දී කොටසක් පැනගත් අතර කපිතාන් නාලක ද සිල්වා ඇතුළු පහළොවක් හෙලිකොප්ටරයේ තබාගෙන යළිත් හෙලිකොප්ටරය ඉහළට නැංවිණ.
1996 ජූලි 19 දින, කඳවුරට ආසන්නයේ උස්බිමක පරණ ලිදක් අසල වතුර ටැංකියේ ජෙනරේටරය තැබිමට වූ අඩි හතරක පමණ කොටසේ ඒ වනවිටත් කර්නල් ලෝරන්ස් ප්‍රනාන්දුගේ සංඥා භාර නිලධාරි කපිතාන් නිහාල් එතැන සිට පණිවුඩ හුවාමරු කර ගනිමින් සිටියේය.එම සංඥා නිලධාරියා උපයෝගී කරගෙන ඉදිරි සටන් බිමට කාලතුවක්කු සහාය ගැනීම කර්නල් ලෆීර්ගේ සැලසුම විය.කර්නල් ලෆීර් වතුර ටැංකිය යටට ගොස් මේ සෙට් එකෙන් මට වැලිඔයට කතා කරන්න පුළුවන්ද කියා විමසද්දී කපිතාන්වරයා තම මූලස්ථානය හරහා වැලිඔය කඳවුරට සම්බන්ධ කර දෙන්නට කටයුතු කළේය.
වැලිඔය සිට අණදෙන බ්‍රිගේඩියර් ජානක පෙරේරා ලවා හැකි ඉක්මනින් කාලතුවක්කු සහායත් පණිවුඩ හුවාමරු සක්‍රීය කරවා ගැනීමත් කර්නල් ලෆීර්ගේ අරමුණ විය.
“ළමයා මම කර්නල් ලෆීර්” කියා වැලිඔය කඳවුරේ පණිවුඩ හුවමාරු යන්ත්‍රය හා සම්බන්ධ වෙත්ම මිලිමීටර් 60 වර්ගයේ මෝටර් උණ්ඩයක් පුපුරා ගියේ පළාතම වැලිවලින් වසා ගනිමිනි.පුපුරා ගිය මෝටාර් බෝම්බයේ කැබැල්ලක් කර්නල් ලෆීර් ගේ මුහුනේ වැදී බරපතළ තුවාල සිදුවූ අතර ස්වල්ප වේලාවකින් ඔහුගේ අවසන් හුස්ම පොද ලක් දෙරණේ වාතලයට මුසු විය.
විශේෂ බලකා භටපිරිස් වලට එල්ල වූ ප්‍රහාර එන්න එන්නම දරුණු වූයෙන් ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වූ දෙවන විශේෂ බලකා අඅණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රාජ් විජේසිරි හැටක පමණ සෙබළුන් පිරිසක් රැගෙන MI17 හෙලිකොප්ටර් දෙකක නැගී සටන් බිමට පිවිසුණාය.ගොඩ බැස ගත් මෙම පිරිස ද කොටින්ගේ දරුණු ප්‍රහාරයකට ලක්වූ අතර එම ප්‍රහාරවලින් කර්නල් රාජ් විජේසිරි තුවාල ලැබීය.
මේ ආකාරයටම යුද්ධය මෙහෙයවමින් සිටි 2වැනි විශේෂ බළකායේ අණදෙන නිලධාරියා වූ කර්නල් රාජ් විජේසිරි ද ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූවේය. ඔහුගේ පපුවම ත්‍රස්තයාගේ ඉලක්කය වූ අතර එය දරුණු ප්‍රහාරයක් විය.
ලෙෆ්ටිනන් මහින්ද රණසිංහ සහ ලෙෆ්ටිනන් ඊරියගමට නැවතත් 2වැනි විශේෂ බළකා සෙබළුන්ගේ මානසික තත්ත්වය ගොඩ නගමින් සටනට මුහුණදීමේ කටයුතු සැලසුම් කරන්නට සිදුවිය. ඒ වනවිටත් රාත්‍රිය උදාවෙමින් තිබූ අතර විශේෂ බළකා සෙබළුන්ට සමීපවීමට තිබුණේ කිලෝමීටරයක පමණ ප්‍රමාණයකි.
එහෙත් කර්නල් රාජ් විජේසිරිට වෙඩි වැදීමෙන් පසු ඔවුන් මඳ වේලාවක් නිහඬවී වෙරළ ආසන්නයට ගොස් තුවාල ලත් සෙබළුන්ට ප්‍රතිකාර කරමින් රැය පහන් කරන්නට වූහ.
කර්නල් ලෆීර්ගේ මරණයත්, කර්නල් රාජ් විජේසිරිගේ තුවාල වීමත් විශේෂ බළකා සෙබළුන්ට සුවිශාල පාඩුවක් වූ අතර ඒ වනවිට විශේෂ බළකා පුහුණු පාසලේ අණදෙන නිලධාරියාව සිටි මේජර් ප්‍රසන්න සිල්වා ස්වේච්ඡාවෙන්ම යුද පිටියට පැමිණීම භාර ගත්තේය.
කර්නල් රාජ් විජේසිරි රැගෙන යාමට එන හෙලිකොප්ටරයට ගොඩනැගුණු මේජර් ප්‍රසන්න සිල්වා මුලතිව් සටන් භූමියට සම්ප්‍රාප්ත වූවේය.රාත්‍රි අඳුරේම මුලතිව් මුහුදු තීරයට බලපන්ති ලුතිනන් දුෂ්‍යාන්ත හෙට්ටිආරච්චි පැදවූ ගුවන් යානාව ගොඩ බැස්සවූවේය. ඒ වනවිටත් තුවාලවලින් බඩට ලේ බහිමින් සිටි රාජ් විජේසිරි දුර්වල තත්ත්වයේ පසුවූ අතර මේජර් ප්‍රසන්න සිල්වාගේ පැමිණීම ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හේතු වූවේය.
LTTE ත්‍රස්තයන්ගේ නොමඟ යැවීමේ විදුලි සංඥාවලට සාර්ථකව මුහුණ දුන් ගුවන් නියමුවා මෝටාර් ප්‍රහාර මධ්‍යයේ ක්ෂණිකවම හෙලිකොප්ටර් යානය ගොඩබස්වා කර්නල් රාජ් විජේසිරි ඇතුළු අනතුරට ලක්වූ සෙබළුන් රැගෙන යළි ගුවන් ගත වූවේය.
"මමත් තව දෙසීයක් විතර භට පිරිසක් කඳවුර අල්ලාගෙන සිටිනවා.පිටින් ආධාර නාවොත් ඒ අයත් විනාශ වෙන්න පුළුවන්" මේජර් අලිබා දිගින් දිගටම පණිවිඩ හුවමාරු යන්ත්‍රය හරහා කතා කරමින් දන්වා සිටියේය. එය මුලතිව් කඳවුරෙන් එවන ලද අවසාන පණිවිඩය විය.
මේජර් ප්‍රසන්න සිල්වා සමඟ එකතු වීමට විශේෂ බළකායේ ධාවන පැදි බළගණයේ කැප්ටන් උදය ප්‍රියන්ත නිලමේ සහ කැප්ටන් මානව යහම්පත් ඇතුළු පිරිසක් නාවික හමුදා LCM යාත්‍රාවකින් පැමිණ මුලතිව් සටනට සම්බන්ධ වූහ.නාවික හමුදා සෙබළුන් විශේෂ බළකා සෙබළුන් රැගත් යාත්‍රාවෙන් වෙරළට ළඟාවෙද්දී LTTE මරාගෙන මැරෙන බෝට්ටු විශාල තර්ජනයක් වූවේය.LCM යාත්‍රාවන්ට ආරක්ෂාව සැපයූ රණවිරු නෞකාව එහි සිටි නාවික හමුදා සෙබළුන් 35 දෙනෙකු සමග LTTE ත්‍රස්තයන් අතින් විනාශ වූ අතර LCM යාත්‍රාව බේරා ගැනීම විශාල සටනක් කිරීමට සිදුවිය.
( මේ පිළිබඳව විස්තර කෙරෙන ලිපියක් කලින් පලකර ඇත )
එබැවින් මේජර් හරේන්ද්‍ර රණසිංහයන් එකෝ බළගණය සහ හොටෙල් බළගණය දෙපැත්තක සිට LTTE මරාගෙන මැරෙන බෝට්ටුවලට පහරදීම සඳහා මෙහෙයවූවේය. ඔහුගේ කාර්යභාරය සාර්ථක විය.LCM යාත්‍රාවට පහරදීමට LTTE යාත්‍රා රාශියක් පැමිණි අතර මරාගෙන මැරෙන කුඩා බෝට්ටුවක්ද ඒ අතර විය. මීටර් 50 පමණ දුරක තිබියදී එම කුඩා බෝට්ටුව විනාශ කිරීමට නාවික හමුදා සෙබළුන් සමත්වූ අතර ඒ LCM යාත්‍රාවේ පැමිණි 300ක පමණ සෙබළුන්ගේ ජීවිත බේරුණි.
මේ අතරතුර පළමුවන විශේෂ බලකා බලඇණියේ සිට නිවාඩු ගොස් සිටි කපිතාන් සිරිමාන්න ඇතුළු පිරිසක් පතරොම් සහ අවශ්‍ය උපකරණ රැගෙන හෙලිකොප්ටරයකින් පැමිණ තම සගයන් අතරට බැස ගත්තේය.ඒ සමගම තම ආරක්ෂක භටයින් විස්සක් පමණ එක් කරගත් *බලසේනාධිපති වරයා සිරිමාන්න පැමිණි හෙලිකොප්ටරයේ නැගී තමනුත් තුවාල ලබා ඇතිබව පවසා එතැනින් පලා ගියේය.රොහල් ගතකර පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනාගේ සිරුරුවල කිසිදු තුවාලයක් නොතිබූ බව වාර්තා විය.
ජූලි 19වන දින දහවල් වනවිට මුලතිව් කඳවුරේ ප්‍රධාන රේඩියෝ සංඥා කුළුණටද ත්‍රස්තවාදීන් පහරදී විනාශ කළේය.ඒ හමුදා සෙබළුන්ගේ සහයට අතිරේක බල ඇණි පැමිණීම වලකාලීම මෙහි අරමුණ විය.මේ මොහොත වනවිට මුලතිව් කඳවුරේ සහයට ගිය විශේෂ බලකායේ සෙබළුන් පිටතින් කිසිදු සහයක් නොමැතිව කොටින්ගේ දරුණු ප්‍රහාරයන්ට ලක්ව සිටියේය.විශේෂ බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෆස්ලි ලෆීර් ඇතුළු විශේෂ බලකායේ සෙබළුන් 36 දෙනෙකු මෙහිදී මරණයට පත්ව සිටියහ .
මේ අතර මේජර් ජයන්ත රත්නායක අත තිබූ ත්‍රස්තවාදීන්ගෙන් අත්පත්කරගත් ගුවන් පණිවුඩ යන්ත්‍රයකට සවන්දීමෙන් ඉතා වටිනා තොරතුරු රැසක් අනාවරණය කර කරගැනීමට හැකි විය.එදින රාත්‍රියේ එතරම් තර්ජනයක් නොතිබූ හෙයින් පසුදින උදෑසන ජයන්ත රත්නායක සමඟ සිටි පළවන විශේෂ බලකායේ භට පිරිස් සහ ii විශේෂ බලකායේ භට පිරිස් එකට එකතු වූහ.මෙහිදී මුහුදෙන් පැමිණෙන ආධාරක භට පිරිස් වලට ගොඩ බැසීම සඳහා මුහුදු වෙරළ ආරක්ෂා කිරීමට ඔවුන් කටයුතු කරන ලදී.
බ්‍රිගේඩියර් පර්සි ප්‍රනාන්දු සමඟ භට පිරිස් ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ ගොඩබැස විශේෂ බලකායේ භට පිරිස් සමග එකතු වීමඅනුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු සමඟ භට පිරිස් අති විශාල ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ ගොඩබැස විශේෂ බලකායේ භට පිරිස් සමග එකතුවීම 23 දින දිවා කාලයේදී සිදුවිය.ඒ අනුව පසුදින එනම් 24 වන දින මුලතිව් කඳවුරට යාම සඳහා පිටත්වන ලෙස ඔවුන්ට මේජර් ජෙනරාල් ජානක පෙරේරා ගෙන් උපදෙස්අනුව බ්‍රිගේඩියර් ප්‍රනාන්දු සමඟ භට පිරිස් අති විශාල ත්‍රස්තවාදී ප්‍රහාර මධ්‍යයේ ගොඩබැස විශේෂ බලකායේ භට පිරිස් සමග එකතුවීම 23 දින දිවා කාලයේදී සිදුවිය පසුදින එනම් 24 වන දින මුලතිව් කඳවුරට යාම සඳහා පිටත්වන ලෙස ඔවුන්ට මේජර් ජෙනරාල් ජානක පෙරේරා ගෙන් උපදෙස් උපදෙස් ලැබුනේ ය. එම උපදෙස් එසේම ක්‍රියාත්මක විය.
එහෙත් ත්‍රස්තවාදීන්ගේ ගුවන්විදුලි පණිවුඩ වලට සවන් දීමෙන් අනතුරුව මුලතිව් හමුදා කඳවුර සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදීන් අත්පත් කරගෙන අවසන් බව තහවුරු විය.ඒ දෙසට යාමේදී ත්‍රස්තවාදී ප්‍රහාර වලින් තව තවත් සෙබළුන් මිය යාමත් තුවාල වීමත් සිදුවිය හැකි බැවින් එම ගමනනවතා දමන ලද අතර එදින රාත්‍රියේ දී පැවති සාකච්ඡාවෙන් පසු සියලුම බට පිරිස් නැවත ගෙන්වා ගැනීමට තීරණය විය.
මෙහිදී අනෙක් භට පිරිස් වලට LCM යාත්‍රාවන්ට ගොඩ නැගීමට ඉඩ ලබාදීම සඳහා උතුරු දිශාව ආවරණය කරමින් විශේෂ බලකා භට පිරිස් අතරින් කුඩා කණ්ඩායම් තුනක් ලුතිනන් සංජීව හොරවලවිතාණ, ලුතිනන් එරන්ද රත්නායක හා කපිතාන් මානද යහම්පත් යන නිලධාරීන්ගේ මෙහෙය වීම යටතේ ඉතා දරුණු සටනක නියැලුණු අතර ත්‍රස්තවාදීන් වෙරළ තීරයට එම ප්‍රමාධ කලේය.මෙම කුඩා කණ්ඩායම් තුන සතුරා සමඟ අභීතව සටන් කරද්දී අනෙක් භටපිරිස් LCM යාත්‍රාවලට ගොඩවීම සඳහා ක්‍රියාත්මක විය .
නාවික හමුදාවේ LCM යාත්‍රා දෙකක් LTTE මුහුදු කොටි යාත්‍රා වලින් එල්ල කරන ප්‍රහාර මධ්‍යයේ නාවිගක හමුදා ඩෝරා ප්‍රහාරක යාත්‍රා වලින් එල්ල කරන ආවරණ වෙඩි ප්‍රහාරයෙන් වෙරළට පැමිණි ඉතිරි භට පිරිස් නංවා ලදී. මේ සඳහා පැමිණි LCM යාත්‍රා දෙකට භට පිරිස් ගොඩවීමේදී කමාන්ඩෝ සහ හත්වන ගැමුණු භට පිරිස් දකුණින් පැමිණි යාත්‍රාවටත් ,විශේෂ බලකාය සහ vi පාබල බලඇණයේ සෙබළුන් උතුරට පැමිණි LCM යාත්‍රාවටත් ඉතාම දුෂ්කර තත්ත්වයන් සහ දරුණු සතුරු ප්‍රහාර මධ්‍යයේ ගොඩ වූහ .
මෙහිදී සෙබළුන් පිරිසකට නාවික හමුදා යාත්‍රා වලට ගොඩනැගීමට නොහැකි වූ අතර ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි අද දක්වාම දැනගැනීමට නැත.තවත් සමහරෙක් සතුරු ප්‍රහාර මධ්‍යයේ අවි සහ පතුරම් සමග මුහුදට බැස නාවික යාත්‍රා වලට නැගවලට නැගීමට දරන ලද උත්සාහයේ දී මුහුදේ ගිලී මියගියහ. මේ සමඟම මුලතිව් කඳවුරත්,එය බේරා ගැනීමට කරන ලද උත්සාහයේත් අවසානය සනිටුහන් විය.
මේ ආකාරයට ජූලි 18 සිට 26 දක්වා මුලතිව් හි පැවැති දරුණු සටනින් යුද පිටියේ අභීත සෙන්පතියකුවූ කර්නල් ලෆීර් ඇතුළු විශේෂ බළකා සෙබළුන් 35 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් ජීවිතයෙන් සමුගත් අතර කර්නල් රාජ් විජේසිරි ඇතුළු 100 ට අධික විශේෂ බලකා භට පිරිසක් තුවාල ලැබූහ. එසේම ඒ වනවිටත් මුලතිව් කඳවුරේ සිටි 1400ට වැඩි පිරිස සටනේදී මියගොස් හෝ පසුව ඝාතනය කර දමා හෝ තිබුනි.
මෙම සටනේදීමිය ගිය තවත් 800කට අධික සෙබලුන් පිරිසකගේ මළසිරුරු කිලිනොච්චියේදී ප්‍රදර්ශනය කිරීමෙන් පසු ,දිසාපති වරයා විසින් රතුකුරුස සංවිධානය හා එක්ව වළ දැමූ බව කියැවේ.
මිමි 122 කාලතුවක්කු අවි දෙකක් සමග එම උණ්ඩ 610ක්,මිමි 120 මෝටාර් අවි 4ක් හා උණ්ඩ 377ක්.සන්නද්ධ රථ , වෙනත් අවි ආයුධ ඇතුළු රුපියල් කෝටි ගණනක අවි ආයුධ හා නාවික හමුදාව සතු රේඩාර් යන්ත්‍රයක්ද කොටි මෙහි දී පැහැර ගත්ත. ඉතිහාසයේ නොවූ විරූ අන්දමේ පරාජයක් ශ්‍රී ලංකා හමුදාවට අත් වූවා පමණක් නොව, ඊලාම් යුද්ධයේදී බලසේනා මූලස්ථානයක් කොටි ග්‍රහණයට පත් වූ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්විය. එමෙන්ම දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුද කඳවුරකට විශාල පහර දීමක් සිදුකර,කඳවුරක් මුළුමනින්ම අත්පත් කර ගත්තේ ද මෙම ප්‍රහාරයෙන් බව එවකට වාර්තා විය.
එවන් වූ වාතාවරණයකදී තම ජීවිතය නොතකා ඉදිරියට ගොස් සිය සහෝදර සෙබළුන් බේරා ගැනීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදා සෙබළුන්ගේ වික්‍රමාන්විතය ප්‍රශංසනීයය.
සටහන: Buddika Dissanayake
(උපුටා ගැනීම් මූලාශ්‍ර : රිවිර ,ලංකාදීප ,Sunday Times පුවත්පත්,TR.Perera, අන්තර්ජාල තොරතුරු)
උපුටා ගැනීමේදී කතෘත්වය සුරකින්න.