Dinulini Online Customers Pvt Ltd

Dinulini Online Customers Pvt Ltd A Fast & Secure Online Trading System ��
(4)

❤️
10/07/2025

❤️

තව කිහිප දිනකින් මට අවුරුදු 30ක්...දකින අය නම් මට අවුරුදු 40 ක් වගේ කියනව...පෙනුමෙන් එහෙම ඇති.😉මොකද මම ආදරණීය දියණියන් ...
09/07/2025

තව කිහිප දිනකින් මට අවුරුදු 30ක්...
දකින අය නම් මට අවුරුදු 40 ක් වගේ කියනව...
පෙනුමෙන් එහෙම ඇති.😉
මොකද මම ආදරණීය දියණියන් තිදෙනෙකුගෙ මවක්, ජීවිතේ මට වඩා ඒ අයගේ අනාගතය වෙනුවෙන් මට කරන්න වැඩ ගොඩක් තියෙනවා.ඉතින් මුළු දවසම ඒ වෙනුවෙන් සෑහෙන මහන්සියක් වෙන කෙනෙක් මං. සමහර වෙලාවට කෑම ටිකක් නිදහසේ කන්නවත් මට වෙලවක් නැති තරම්.ඔයාලා දකින සමහර ස්වරූප ඇතුලේ නොදකින සංවේදි කතා ඕන තරම් ඇති.
ඉතින් අද මට විශේෂ දිනයක්.ඒ දිනේ ඒ විශේෂ ගමන යන්න සූදානම් වෙලා photo කිහිපයක් ගත්තෙ මතකයන් අතරට එක් කරන්න. තවත් අලුත් ව්‍යාපාර කටයුත්තක් වෙනුවෙන් අත්පොත් තැබුවා. ඒක 95%ක් ම සාර්ථක යි.ඉතිරි 5% ත් ලබන සතියේ අවසන් වෙයි.හෙමින් හෙමින් යන මේ ගමනේ මා සමග අත්වැල් බැදගත්තා වු ආදරණීය ඔයාලටත් මේ විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වේවා...
🙏🏻❤️💐

08/07/2025
07/07/2025
07/07/2025

වැරදි කරන්න... එහෙත් බොරුකාරයෙක් නොවන්න !

රහත් නොවුන ඕනම මනුස්සයෙක් අතින් වැරදි අඩුපාඩු සිද්ධ වෙන්න පුලුවන්.
ඒක සාමාන්‍ය දෙයක්.
හිත ඉහලටම දියුණු කරන තාක් කල් අපි හැමෝම හිතේ වහල්ලු.
මේ හිත අපිව එයා ආස ආස තැන් වලට එක්කන් යනවා...

හැබැයි කොච්චර වැරදි කරන මනුස්සයෙක් ලග වුණත් තියන ලස්සනම ගුණයක් තමයි, තමන් කරන වැරදි බොරුවෙන් වහන්නෙ නැති කම.
තමන් කරන වැරදි වහන්න බොරු කියන/ බොරු කරන කෙනා, දෙවිදියකට තමන්ව විනාස කර ගන්නවා.
එකක්, තමන් කරන වරද නිසා විනාස වෙන එක,
දෙවනි එක එයා කියන/ කරන කිසිම දෙයක් එයාගෙ බොරු දැනගන්න කවුරුත් ආයිමත් විස්වාස නොකරන එක.

අපි හැමෝම අතින් වැරදි වෙන්න පුලුවන් නිසා, වරදකට සමාව දෙන්න පුලුවන්.
හැබැයි තමන්ව රවට්ටපු මනුස්සයෙක්ට කවදාවත් සමාවක් දෙන්න හිත නැවෙන්නෙ නෑ...
සමාව දුන්නත් එයාව ආයි විස්වාස කරන්නෙත් නෑ...
ඒකයි ඇත්ත.

වැරදි කරලා බොරුවෙන් වැරැද්ද වැහුවාම මිනිස්සු හිතනවා ඒකෙන් තමන්ගෙ ප්‍රතිරූපය රැකෙනවා කියලා.
හැබැයි එයාගෙ ඇත්ත එලිවුණ දාට,
තිබුණට වඩා දහ ගුණයකින් එයාගෙ ප්‍රතිරූපය විනාස වෙනවා..

මනුස්සයෙක් ලග තියන වටිනාම ගුණයක් තමා අවංක කම,
තමන් අතින් වරදක් වුණත්, ඇත්ත කියන්න පුලුවන් පෞරුෂයක් තියන එක.
ඒ වෙලාවට ඒක වේදනාවක් උනත් සත්‍යවාදී මනුස්සයෙක් විදියට ප්‍රශංසා ලබන්න පුලුවන් තැනට එයා පත් වෙනව.

ඒ වගේම, වැරදි කලත් බොරු නොකියන මනුස්සයෙක්ව ආශ්‍රය කරද්දි,
සත්‍යය වේදනාත්මක වුණත් එයා එක්ක අපේ ජීවිතේ ගන්න ඕනෙ තීරණ,
හරි පහසුවෙන් අපිට ගන්න පුලුවන්.
බොරුකාරයෙක් විනාස කරන්නෙ එයාගෙ ජීවිතේ විතරක් නෙවෙයි, එයාගෙ බොරුවලට රැවටෙන හැමෝගෙම ජීවිත !

වැරදි කිරීම මනුස්ස ගතියක් උනාට,
සත්‍යවාදීබව දේව ගතියක් 💕😍🙏

✍️ හසනි ලේල්වල

07/07/2025
💯
07/07/2025

💯

Address

Nikaweratiya

Website

Alerts

Be the first to know and let us send you an email when Dinulini Online Customers Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share