J'pura Flames Lite

J'pura Flames Lite The artistic branch of J'pura Flames - providing a platform for our creative individuals.

In the suffocating dark, a single white lamb stands frozen, completely enveloped by a snarling pack of wolves. Their dam...
20/09/2026

In the suffocating dark, a single white lamb stands frozen, completely enveloped by a snarling pack of wolves. Their damp snouts press close and sharp teeth grazing its pure white wool. Instead of panic, an unsettling serenity blankets the scene. Although their teeth are tearing into the lamb’s body, its eyes are softly closed in total surrender, undisturbed by the imminent violence.Neither a scratch has been made, nor a drop of blood has been spilled. Just above its head, a gold halo cuts through the shadows and glows.

This haunting scene isn’t just a random wildlife encounter; it is a profound spiritual riddle brought to life by Russian painter Konstantin Korobov. He titled it Agnus, the Latin word for "Lamb.” If you look closely, you can see that Korobov is channeling a powerful ancient symbol, which is the Agnus Dei or the "Lamb of God." In traditional stories, this represents Jesus Christ. Just like the lamb on the canvas, he was the ultimate sacrifice. He was the almighty who willingly stepped into the hostile cruel world without fighting back. By using breathtaking realism, Korobov made an old religious metaphor feel shockingly real, alive and dangerous.

The true brilliance of Korobov’s work lies in a subtle, haunting detail. The brilliant golden light of the halo is reflected directly in the glowing eyes of the predatory wolves. It serves as a powerful reminder that even in human corruption, hatred and mob violence, a spark of the divine remains trapped within the dark. He has also highlighted one specific wolf's sorrowful expression that introduces themes of doubt and human conscience into the chaotic scene.

Written By: Sethuli Wijesekara
Designed By: Pavani Wanniarachchi



අගනුවරට නුදුරුව  කැළණි ගංගාව අසල  පිහිටා ඇති කැළණි රජමහා විහාරය බුදුරජාණන් වහන්සේගේ තෙවන වර  පාද ස්පර්ශය ලද උතුම් පුදබිම...
18/09/2026

අගනුවරට නුදුරුව කැළණි ගංගාව අසල පිහිටා ඇති කැළණි රජමහා විහාරය බුදුරජාණන් වහන්සේගේ තෙවන වර පාද ස්පර්ශය ලද උතුම් පුදබිමකි. ලෝකරු නයිදේ නම් කවියා විසින් කැලණි හෑල්ල නම් කාව්‍ය සංග්‍රහයේ කියන්නේ, "උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ" යනුවෙනි.එතරම් ශ්‍රද්ධා සම්පන්නව වන්දනාමාන කරන මෙම විහාරස්ථානයේ ඇති බිතු සිතුවම් මඟින් නව බෞද්ධ විහාර චිත්‍ර ශෛලියක් මෙරටට හඳුන්වා දෙන ලදී. මෙම චිත්‍ර ඉන්දියාවේ විහාරස්ථානවල හා ලංකාවේ සීගිරිය, තිවංක පිළිම ගෙය වැනි ඉපැරණි සිතුවම් නිර්මාණවල ආභාසය ලබා ඇත.

සෝලියස් මෙන්ඩිස් මහතා විසින් අදින ලද මෙම සිතුවම් අතරින් නව කැළණි විහාරයේ බිතු සිතුවම් තේමාත්මක ව කොටස් දෙකකි.ඒවා නම් බුද්ධ චරිතයේ විවිධ අවස්ථා සහ ඓතිහාසික සිද්ධි හා පුවත් වේ. බුද්ධ චරිතයේ අවස්ථා ලෙස මහාමාය දේවිය දුටු සිහිනය,වප්මඟුල, සිදුහත් කුමාරයා ශිල්ප ඉගෙනීම, සුජාතා සිටු දේවියගේ කිරිපිඬු දානය,සිදුහත් කුමාරයා සම්බුද්ධත්වයට පත්වීම හා බුදුන්වහන්සේගේ පරිනිර්වාණය යන චිත්‍ර ද ,ඓතිහාසික සිද්ධීන් ලෙස විජය කුමරුගේ ලංකාගමනය, අනුරාධපුර මහාසාර බැඳීම,අලු විහාරේ දී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම,හේමමාලි කුමරිය හා දන්ත කුමරු ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කරවීම, සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධි අංකුරය ලක්දිවට වැඩම කරවීම ද,බුදුන් වහන්සේගේ ලංකාගමනය දැක්වෙන මහියංගනං, නාගදීපං,කල්‍යාණං,
පදලාංඡනං යන ප්‍රධාන සිතුවම් සතර ද දැක්විය හැක. බුදුන් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය තුනක් මෙන්ම කැලණි තිස්ස රජ සමයේ කැලණියේ මහ තෙරුන් වහන්සේ ඝාතනය කිරීම ද මෙම සිතුවම් අතර වේ.

කැළණි විහාරයේ සිතුවම්වල සුවිශේෂී ලක්ෂණ කිහිපයකි. සිතුවම්වල රිද්මයානුකූල හා විස්තරාත්මක මානව රූප සම්පිණ්ඩනය, ප්‍රාණ පූර්ණ සියුම් රේඛාකරණය මඟින් චිත්‍රවලට ජීවමාන බවක් ගෙන දීම හා සියුම්ව හා ‍ත්‍රිමානව ගොඩනගන ලද සිතුවම්වලට අඳුරු කහ,දුඹුරු,කළු,සුදු ආදී වර්ණ භාවිත කිරීම ඒ අතර වේ. අඳුර තුළින් ආලෝකය තීව්‍ර ලෙස මතු කර දක්වන, කියරෝස්කූරො සිද්ධාන්තය,විශාල අවකාශයක් මත ක්‍රියාකාරී රූප බොහෝ ගණනක් එකට සම්පිණ්ඩනය කිරීම,වියළි බදාම මත බිතුසිතුවම් ඇඳීමේ ශිල්ප ක්‍රමය වන ප්‍රෙස්කෝ සිකෝ ශිල්ප ක්‍රමය ද මෙහිදී භාවිතා කර ඇත. මෙලෙස කලාත්මක බවින් අනූන කැලණි විහාරය අදටත් දෙස් - විදෙස් සංචාරකයන් හා බැතිමතුන් අතර වන්දනාමානයට පත් වන්නේ ශ්‍රී විභූතිය කියාපාමිනි.

Written by : Nishadi Kaveesha
Design by : Kelum Namal



Jan Matejko's Stanczyk, a 16th century court jester in Poland used satire to mock the politicians' decisions. This scene...
14/09/2026

Jan Matejko's Stanczyk, a 16th century court jester in Poland used satire to mock the politicians' decisions. This scene occurs at Wawel castle. Matejko depicts joy and grief in one setting. The broken lute beside Stanczyk and the golden-brown letter, learning after Poland had lost Smolensk to Russia, Reflects broken dreams of standing nation. Behind the scenes bright red, nobles chatter and celebrate while Stanczyk, is seated in the dark, eyes distant face drooping in a melancholic state. He mourns. This brings a shift of roles on how a jester instead of bringing joy mourns while the actual people in power ignore their responsibility.

Matejko uses a 16th century jester as a symbol to criticize 19th century politicians, as he himself is a strong patriarch and during the time of his creation, Poland was swept off the world map under the rule of Russia,Purssia and Austria. He perhaps compares himself to Stanczyk
And reflects how the hope of standing as one nation is shattered, and no one is willing to accept nor act towards it. This timely piece becomes a national symbol of speaking the truth even when it's unpopular.

Written by : Linalie Synethmie
Designed by : Thamira Ruchindra



ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සනිටුහන් කළ රුමේෂ් තරංග පතිරගේ, 2003 මාර්තු 21 වන දින කළුතර දිස්ත්‍...
13/09/2026

ලෝක මලල ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් සනිටුහන් කළ රුමේෂ් තරංග පතිරගේ, 2003 මාර්තු 21 වන දින කළුතර දිස්ත්‍රික්කයේදී උපත ලැබීය. හොරණ ශ්‍රී පාලි මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු, කුඩා කල සිට ම ක්‍රීඩාවට සහජ දක්ෂතාවක් පෙන්නුම් කළේය. රුමේෂ්ගේ ක්‍රීඩා දිවියේ මූලික පදනම වැටුණේ ඔහුගේ නිවසිනි. ඔහුගේ පියා වන ප්‍රේමකීර්ති මහතා ද දක්ෂ මළල ක්‍රීඩා ක්‍රීඩකයෙකි. පියාගෙන් ලද ආභාසය ද මව ඇතුළු පවුලේ අයගෙන් ලැබුණු නිහඬ කැපකිරීම් ද , පාසල් කාලයේ සිටම රුමේෂ්ව ක්‍රීඩාවෙන් ඉදිරියටම රැගෙන යාමට මහත් රුකුලක් විය.

රුමේෂ් ක්‍රීඩා ලෝකයට මුලින්ම පියනැගුවේ මලල ක්‍රීඩකයෙකු ලෙස නොව, දක්ෂ වේග පන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසිනි. හොරණ ශ්‍රී පාලි විද්‍යාලයේ සහ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ පාසල් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළ ඔහු, පැයට කිලෝමීටර 134 ක වේගයෙන් පන්දු යවමින් සුවිශේෂී දක්ෂතා පෙන්වූ තරුණයෙකි. කෙසේ වෙතත්, ඔහුගේ පියා වන තුෂාර පතිරගේ මහතාගේ ආභාසය මත ඔහු මලල ක්‍රීඩා ක්ෂේත්‍රය ට යොමු විය. මුලින්ම කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ආරම්භ කර, 2017 වසරේදී සිය පාසල් පුහුණුකරුගේ මඟපෙන්වීම මත හෙල්ල විසිකිරීමේ ඉසව්වට මාරු වූ රුමේෂ්, තමන්ගේම උත්සාහය මත ජයග්‍රහණය තීරණය කිරීම සඳහා ඇති ඇල්ම නිසා ක්‍රිකට් පිටියට සමු දී පූර්ණකාලීනව හෙල්ල අතට ගැනීමට තීරණය කළේය.

එතැන් පටන් දැඩි කැපවීමෙන් හා උත්සාහයෙන් පුහුණුවීම්වල නිරත වූ රුමේෂ්, වසර කිහිපයක් ඇතුළත ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටිය තමන් සතු කර ගැනීමට සමත් විය. ඔහුගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය සන්ධිස්ථානය සනිටුහන් වූයේ 2026 වසරේ රෝම ඩයමන්ඩ් ලීග් (Rome Diamond League) තරගාවලියේදී මීටර 92.62ක දැවැන්ත දුරක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් සහ තරග වාර්තාවක් පිහිටුවීමත් සමඟය. එමඟින් ඔහු ඉතිහාසයේ මීටර 90 සීමාව පසුකළ පළමු ශ්‍රී ලාංකිකයා මෙන්ම ආසියාවේ මෙතෙක් බිහිවූ දෙවන හොඳම හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා බවට ද පත්විය. එම වසරේම ස්කොට්ලන්තයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී (Commonwealth Games) මීටර 89.75ක දුරක් යවමින් රන් පදක්කම දිනාගත් ඔහු, බ්‍රසල්ස් හි පැවැති ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගය ද (Diamond League Final) ජයග්‍රහණය කරමින් එම සුවිශේෂී කුසලානය දිනාගත් ඉතිහාසයේ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ක්‍රීඩා ඉතිහාසයට එක්විය.

රුමේෂ් තරංග පතිරගේ යනු හුදෙක් ජයග්‍රහණ රැසක් හිමිකරගත් ක්‍රීඩකයෙකු පමණක් නොව, දැඩි කැපවීම සහ නොපසුබට උත්සාහය තුළින් ඕනෑම දුෂ්කර ඉලක්කයක් ජයගත හැකි බව ශ්‍රී ලාංකේය තරුණ පරපුරට පසක් කර දුන් සැබෑ දක්ෂයෙකි. සීමිත සම්පත් මධ්‍යයේ වුවද, පවුලෙන් ලද ශක්තිය සහ ගුවන් හමුදාවෙන් ලද වෘත්තීය සහයෝගය උපයෝගී කරගනිමින් ඔහු අද වන විට ලෝකයම දන්නා දක්ශ ක්‍රීඩකයෙකු වී අවසන්ය. ඩයමන්ඩ් ලීග් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය රන් පදක්කම්වලින් තම මව්බිම ලෝකය හමුවේ ඉහළින්ම ඔසවා තැබූ මෙම අභිමානවත් ක්‍රීඩා පෞර්ෂත්වයේ ඊළඟ බලාපොරොත්තුව වන්නේ , ලක්බිමට ඔලිම්පික් රන් පදක්කමක අභිමානය ළඟා කර දීමයි. සමස්ත ශ්‍රී ලංකාවේම ආශිර්වාදය මැද ඔහු තබන සෑම පියවරක්ම හෙට දවසේ ශ්‍රී ලාංකේය ක්‍රීඩා ඉතිහාසය කීර්තිමත් කරන බව නොරහසකි.

Written by : Maleesha Lankathilaka
Designed by : Kelum Namal

‎
‎
‎
‎

Joheirry Mola Dominguez of the Dominican Republic was crowned Miss World 2026 at the grand finale held in Vietnam on Sep...
07/09/2026

Joheirry Mola Dominguez of the Dominican Republic was crowned Miss World 2026 at the grand finale held in Vietnam on September 5, 2026. The competition marked the 73rd edition of Miss World, celebrating the pageant’s 75th anniversary, and brought together 111 contestants from around the world.

Mola Dominguez made history by securing the second Miss World crown for the Dominican Republic. The country’s previous victory came in 1982, making her achievement particularly significant after more than four decades. Her success also highlighted her strong performance throughout the competition, including her victory in the Americas and Caribbean Top Model challenge, which secured her a place in the Top 40.

Apart from her success on the pageant floor, Joheirry Mola Dominguez is also highly accomplished professionally and socially. According to her biography at the Miss World website, she is a teacher of Literature and Social Studies, news correspondent, model, and Founder-President of Voices of Tomorrow. She can speak both Spanish and English and has been dedicated to educating youth.

At the grand finale, Elisabeth Reynés of Spain was named the First Runner-up, while Taanusiya Chetty of Malaysia became the Second Runner-up. Their strong performances placed them among the leading contestants of this year's competition.

In the Miss World 2026 pageant, apart from looking into the aspects of beauty and elegance, other important elements such as purpose, talent, communication, and social responsibilities were highlighted. The participants underwent different challenges before proceeding to the finals.

Joheirry Mola Dominguez’s victory is therefore more than a pageant achievement. It represents a significant moment for the Dominican Republic and reflects the modern Miss World vision of combining beauty with purpose. As she begins her reign, she will represent Miss World on an international platform while continuing to promote education, empowerment and positive social change.

Written by : Dewmini Fernando
Designed by : Apsara Madurangi

‎
‎
‎

ලොව පුරා රටවල් රැසක සුරූපී යුවතියන්, දක්ෂතා, පෞරුෂත්වය සහ සමාජ මෙහෙවර සමඟින් එකම වේදිකාවකට එක් කරන Miss World තරගාවලිය, ...
06/09/2026

ලොව පුරා රටවල් රැසක සුරූපී යුවතියන්, දක්ෂතා, පෞරුෂත්වය සහ සමාජ මෙහෙවර සමඟින් එකම වේදිකාවකට එක් කරන Miss World තරගාවලිය, ලෝකයේ වඩාත්ම අවධානය දිනාගත් ජාත්‍යන්තර රූ රැජින තරගාවලියක් ලෙස සැලකිය හැකිය. ශ්‍රී ලංකාව ද දශක ගණනාවක් පුරා මෙම ජාත්‍යන්තර වේදිකාව නියෝජනය කරමින් ලාංකිකත්වයේ අභිමානය ලොවට ගෙන ගොස් ඇත.

එවන් අභිමානවත් ගමනක නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් අද ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකාවේ නාමය රැගෙන යන්නේ ප්‍රතිභා සම්බෝධි ලියනආරච්චියි. 2025 වර්ෂයේ Miss World Sri Lanka කිරුළ දිනාගත් ඇය, 2026 වසරේ පැවැත්වෙන 73 වන Miss World තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලැබුවාය. Hilton Colombo හි පැවති අවසන් තරගයේදී ඇය Miss World Sri Lanka ලෙස කිරුළු පැළඳීම ඇගේ ජීවිතයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පත්විය.

රූපයෙන් පමණක් නොව දැනුමෙන්, නිර්මාණශීලීත්වයෙන් සහ සමාජ මෙහෙවරකින් ද සන්නද්ධ වූ ප්‍රතිභා,මොරටුව විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන අතර, වෘත්තියෙන් විලාසිතා නිර්මාණ ශිල්පිනියක සහ තාක්ෂණික නිර්මාණ ශිල්පිනියක ලෙස කටයුතු කරයි. ඇය නිරූපණ ක්ෂේත්‍රයේ ද දක්ෂතාවක් පෙන්වා ඇති අතර, තම නිර්මාණශීලී හැකියාවන් සමාජය වෙනුවෙන් යොදා ගැනීමට ද කටයුතු කරමින් සිටින්නීය.

2025 වසරේ Miss World Sri Lanka තරගාවලියේ දී ඇය දිනාගත් Beauty With a Purpose සම්මානය ඇගේ ගමනේ විශේෂත්වයකි. එම සම්මානය හරහා ඇයගේ සමාජ මෙහෙවර පිළිබඳව ද අවධානය යොමු විය. ප්‍රතිභාගේ Beauty With a Purpose ව්‍යාපෘතියේ මූලික අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ අඩු වරප්‍රසාද සහිත කාන්තාවන් ශිල්ප හා නිර්මාණකරණය ඔස්සේ සවිබල ගැන්වීමයි.

ඇය විසින් ආරම්භ කළ HOOP The Label ඔස්සේ කාන්තා ශිල්පීන්ට පුහුණුව, මඟපෙන්වීම සහ ආදායම් උපයාගත හැකි අවස්ථා ලබාදීමට කටයුතු කරනු ලබයි. ඔවුන්ගේ සාම්ප්‍රදායික හා නිර්මාණාත්මක හැකියාවන් වටිනා නිෂ්පාදන බවට පත් කරමින් ඒවා පුළුල් වෙළඳපොළකට ගෙන යාම ඇගේ මෙහෙවරේ එක් අරමුණකි. මෙලෙසින් රූපලාවණ්‍යය පමණක් නොව කාන්තා සවිබලගැන්වීම ද තම ගමනේ කොටසක් බවට පත් කරගත් ඇය සැබෑ අරුතින්ම “Beauty With a Purpose” යන්න නිරූපණය කරන්නීය.

73වන Miss World තරගාවලියේදී ද ප්‍රතිභා තම දක්ෂතාවයන් මනාව ප්‍රදර්ශනය කිරීමට සමත් වූවාය. ලොව රටවල් සහ ප්‍රදේශ සියයකට ආසන්න සංඛ්‍යාවක තරගකාරියන් සමඟ තරග කරමින් ඇය Beauty With a Purpose අංශයේ Top 24, Talent අංශයේ Top 23, Sports Challenge හි Top 24 සහ Top Model අංශයේ Top 60 අතරට තේරී පත්වීම විශේෂත්වයකි.

විශේෂයෙන්ම Beauty With a Purpose අංශයේ Top 24 අතරට පත්වීම ඇයගේ සමාජ මෙහෙවරට ලැබුණු ජාත්‍යන්තර පිළිගැනීමක් ලෙස හැඳින්විය හැකිය. එම ව්‍යාපෘතිය ආසියා සහ ඕෂනියා කලාපයේ හොඳම ව්‍යාපෘති හය අතරටද තේරී පත්වීම ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙන තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

ප්‍රතිභාගේ Miss World ගමනේ තවත් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ඇය ලෝක වේදිකාව තුළ ශ්‍රී ලාංකික නිර්මාණකරුවන් සහ ශිල්පීන්ගේ දක්ෂතා ප්‍රවර්ධනය කිරීමයි. ඇය විවිධ තරග හා වැඩසටහන් සඳහා සහභාගී වන අවස්ථාවල දී ශ්‍රී ලාංකික නිර්මාණකරුවන්ගේ සහ දේශීය ශිල්පීන්ගේ නිර්මාණ භාවිත කරමින් ශ්‍රී ලංකාවේ නිර්මාණශීලීත්වය සහ සංස්කෘතික උරුමය ලොවට හඳුන්වා දීමට ද කටයුතු කර ඇත.

ඇයගේ ගමන පිළිබඳව ප්‍රතිභා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර වේදිකාවකට පැමිණීම තම සිහිනයක් වූ බවත්, රට නියෝජනය කිරීම මහත් ගෞරවයක් මෙන්ම විශාල වගකීමක් බවත්ය. ලෝකයේ විවිධ රටවල තරුණියන් හමුවෙමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, නිර්මාණශීලීත්වය සහ දක්ෂතා ලොවට හඳුන්වා දීමට ලැබීම ද ඇගේ ගමනේ වටිනා අත්දැකීමක් වී ඇත.
ශ්‍රී ලංකාව වැනි පුංචි දිවයිනක නාමය ලෝක වේදිකාවක් මත රැගෙන යමින්, රූපලාවණ්‍යය සමඟ දක්ෂතාව, නිර්මාණශීලීත්වය, කාන්තා සවිබලගැන්වීම සහ සමාජ වගකීම එකට එක් කළ ඇය සැබැවින්ම ශ්‍රී ලාංකික අප සැමට ආඩම්බරයකි.

ලක් දෙරණේ නාමය ලෝකය ඉදිරියේ අභිමානවත් කළ ඇය ප්‍රතිභා ලියනආරච්චි වන්නීය.

Written by : Nithasha Fernando
Designed by : Thamira Ruchindra

‎
‎
‎
‎

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සිය මියුරු හඬින් වටිනා සලකුණක් එක් කළ, ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද රසික හදවත් දිනාගත් ප්‍රිය...
06/09/2026

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සිය මියුරු හඬින් වටිනා සලකුණක් එක් කළ, ගායනයෙන් මෙන්ම රංගනයෙන් ද රසික හදවත් දිනාගත් ප්‍රියංකර පෙරේරා මහතාගේ වියෝව මෙරට කලා ක්ෂේත්‍රයට පිරිමැසිය නොහැකි හිස් තැනක් ඉතිරි කරන්නකි.

1962 අප්‍රේල් 7 වැනිදා උපත ලැබූ ප්‍රියංකර පෙරේරා මහතා, ශ්‍රී ලාංකේය සංගීතයේ ප්‍රකට නාමයක් වූ ප්‍රවීණ ගායක ජේ. ඒ. මිල්ටන් පෙරේරා මහතාගේ දෙටු පුත්‍රයා විය. සංගීතය ඔහුට හුදෙක් වෘත්තියක් නොව, පවුලෙන්ම උරුම වූ දායාදයකි. පියාගේ සංගීත සෙවණේ හැදී වැඩුණු ඔහු, පසුව තමන්ගේම ගායන අනන්‍යතාවක් ගොඩනඟා ගනිමින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක් හිමි කර ගත්තේය.

ප්‍රියංකර පෙරේරා මහතාගේ ගායන දිවිය සිහිපත් කරන විට ඔහුගේ පියාගේ ගීත ද අමතක කළ නොහැකිය. “සුපුන් සඳක්”, “සඳුන් ගසේ සමන් වැලක්”, “සිකුරුලියා”, “රන් පොකුණෙන්” සහ “අගාධ සාගරයේ” වැනි මිල්ටන් පෙරේරා මහතාගේ ජනප්‍රිය ගීත ඔහුගේ හඬින්ද යළි රසිකයන් වෙත ගෙන එනු ලැබීය. එමඟින් පියාගෙන් උරුම වූ ගීත පරම්පරාවක් තවත් පරම්පරාවකට සමීප කරවීමට ද ඔහුට හැකි විය. ඔහුගේම ගී නිර්මාණ අතර “නෙළන්න බැරි මල්” සහ “කියන්න කවුද ඔබ කියා” වැනි ගීත ද සඳහන් වේ.

ගායනයට පමණක් සීමා නොවූ ප්‍රියංකර පෙරේරා මහතාගේ කලා දිවිය සිනමාව තුළ ද සුවිශේෂී මතකයන් ඉතිරි කළේය. 1985 වසරේ “අරලිය මල්” චිත්‍රපටයෙන් සිනමා ගමන ආරම්භ කළ ඔහු, “ජනේලය”, “සත්‍යග්‍රහනය”, “ගෙදර බුදුන් අම්මා”, “දුර්ගා”, “ඔක්කොම රජවරු”, “ජය කොතැන ද”, “වැඩ බැරිනම් වැඩක් නෑ”, “උමයංගනා”, “ළඳුනි ඔබ දෙවඟනකි”, “ධවල පුෂ්පය”, “විජය ගීතා”, “මධුරි”, “නින්ජා ශ්‍රී ලංකා”, “අඳුරු සෙවණැලි”, “උණ්ඩය”, “වසන්තයේ කුණාටුවක්”, “සීතල ගිනි කඳු” සහ “පිස්සු ඩබල්” ඇතුළු සිනමා නිර්මාණ රැසකට රංගනයෙන් දායක විය.

කලා ලෝකයෙන් ඔබ්බට ඔහුගේ ජීවිතය තුළ ද කලාවට හිමි වූයේ සුවිශේෂී ස්ථානයකි. ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක මහත්මිය සමඟ ඔහු ගත කළ පවුල් ජීවිතයත්, ඔවුන්ගේ පුත් දිල්මින් පෙරේරා සංගීත ක්ෂේත්‍රයට පිවිසීමත් ඔහුගේ ජීවිතයේ වැදගත් පැතිකඩකි. මිල්ටන් පෙරේරා මහතාගෙන් ඇරඹුණු සංගීත උරුමය ප්‍රියංකර පෙරේරා මහතා හරහා ඉදිරියට පැමිණ, ඔහුගේ පුත්‍රයා හරහා ද තවදුරටත් ගලා යාම එම කලා පවුලේ සුවිශේෂීත්වය පෙන්වා දෙයි.

වසර ගණනාවක් පුරා ගීතයෙන් හා රංගනයෙන් රසිකයන් සමඟ සමීපව සිටි ප්‍රියංකර පෙරේරා මහතා 2026 සැප්තැම්බර් 1 වැනිදා රාත්‍රියේ සිය දිවි ගමන නිමා කළේය. ඒ වන විට 64 වැනි වියේ පසු වූ ඔහු, කලක් රෝගාතුරව සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ බව වාර්තා විය.

කලාකරුවකුගේ ජීවිතය අවසන් වන්නේ ඔහුගේ හඬ නිහඬ වූ දිනයේ නොවේ. ඔහුගේ නිර්මාණ අප හදවත තුළ ජීවත් වන තාක් ඔහුගේ කලා ජීවිතය ද අඛණ්ඩව ජීවමානව පවතී. ප්‍රියංකර පෙරේරා මහතා අපට ඉතිරි කර ගියේ ද එවන් වූ නොමැකෙන මතකයකි. ඔහු ගැයූ ගීත නැවත නැවත ඇසෙනු ඇත. ඔහු පණ පෙවූ චරිත යළිත් යළිත් සිහිපත් වනු ඇත.

ඔහුගේ ගී හඬත්, රංගන මතකයත්, සංගීත උරුමයත් ශ්‍රී ලාංකේය කලා ඉතිහාසයේ තවත් සුන්දර පරිච්ඡේදයක් ලෙස සදා මතකයේ රැඳෙනු ඇත.

ගීයෙන් හදවත් සනහාලූ ඒ මියුරු හඬට නිවන් සුව !

Written by : Thakshila Nishani Rathnayaka
Designed by : Apsara Madurangi

‎
‎
‎
‎

ලෝක සිතුවම් කලාවේ අතිශය චිත්තවේගීය මෙන්ම ගැඹුරු ආගමික සහ දාර්ශනික තේමාවක් නිරූපණය කරන විශිෂ්ටතම නිර්මාණයක් ලෙස බ්‍රිතාන්...
01/09/2026

ලෝක සිතුවම් කලාවේ අතිශය චිත්තවේගීය මෙන්ම ගැඹුරු ආගමික සහ දාර්ශනික තේමාවක් නිරූපණය කරන විශිෂ්ටතම නිර්මාණයක් ලෙස බ්‍රිතාන්‍ය ජාතික චිත්‍ර ශිල්පී බ්‍රිටන් රිවියර් (Briton Rivière) විසින් 1890 වසරේදී නිමවන ලද "Daniel's Answer to the King" (රජුට දානියෙල්ගේ පිළිතුර) සිතුවම හැඳින්විය හැකිය. සිංහ ගුහාවක අඳුර සහ මෘගයන්ගේ රෞද්‍රත්වය මැද, මිනිසෙකු සතු අචල විශ්වාසය, භක්තිය සහ සන්සුන්කම කලාත්මක ලෙස නිරූපණය කරන මෙම චිත්‍රය දෙස බලන්නෙකුගේ සිත තුළ ඇති කරන්නේ මහත් ආශ්චර්යයකි.වර්තමානයේ මැන්චෙස්ටර් කලාගාරයේ ප්‍රදර්ශනය කොට තබා ඇති මෙහි ගැබ්වී ඇති කතා පුවත ඉතා සිත් ඇඳගන්නා සුළු වේ.

මෙම සිතුවමට පාදක වී ඇත්තේ පැරණි බයිබල් පුවතකි. බැබිලෝනියේ දාරිස් (Darius) රජුගේ පාලන සමයේදී, රජු විසින් හැර වෙනත් කිසිදු දෙවියෙකුට හෝ පුද්ගලයෙකුට යාච්ඥා කිරීම තහනම් කරමින් රාජකීය අණක් නිකුත් කෙරීය. එහෙත්, දානියෙල් නම් උක්ත දිවැසිවරයා සිය දේව විශ්වාසය අත් නොහැරම දෙවියන් වහන්සේට යාච්ඥා කළේය. මෙයින් කෝපයට පත් රජු, නීතියට අනුව දානියෙල්ව කුසගින්නෙන් පෙළෙන රෞද්‍ර සිංහයන් පිරි ගුහාවකට දැමීමට නියෝග කළේය.
රාත්‍රිය පුරා දැඩි කනස්සල්ලෙන් සහ පසුතැවිල්ලෙන් පසු වූ දාරිස් රජු, පසුදා උදෑසනම සිංහ ගුහාව වෙත දිව ගොස්, දානියෙල් තවමත් ජීවතුන් අතර සිටින්නේ දැ'යි බියෙන් හා ශෝකයෙන් යුතුව විමසා සිටියේය. බ්‍රිටන් රිවියර් සිය තෙලිතුඩින් අමරණීය කර ඇත්තේ, රජුගේ එම ප්‍රශ්නයට දානියෙල් ඉතා සන්සුන්ව සහ ගෞරවාන්විතව පිළිතුරු දෙන ඒ ඓතිහාසික මොහොතයි. රෞද්‍ර සිංහයන්ගෙ නිය පහරක තරම් හෝ හානියකින් තොරව දෙවියන් වහන්සේ කෙරෙහි වූ අසීමිත , නොසැලෙන භක්තිය සිතෙහි දරාගෙන දානියෙල් රජුට පිළිතුරු දෙන ආකාරය මෙම ශ්‍රේෂ්ඨ සිතුවමට වස්තුබීජය සපයයි.

චිත්‍රයේ ව්‍යුහය දෙස බැලීමේදී ශිල්පියා ආලෝකය භාවිත කර ඇති ආකාරය අතිශය මනහරය. ගුහාවේ වම්පස ඉහළින් ඇති කුඩා කවුළුවෙන් උදෑසන නැගී එන සූර්යාලෝකය ගුහාව තුළට විහිදී යයි. මෙම ආලෝක ධාරාව කෙළින්ම පතිත වන්නේ දානියෙල්ගේ මුහුණ සහ ශරීරය මතටයි. එයින් ඔහුගේ පිවිතුරු බව, නිර්දෝෂීභාවය සහ දිව්‍යමය ආරක්ෂාව මැනවින් සංකේතවත් කෙරේ. ගුහාවේ පසුබිම ගඩොල් ප්‍රාකාරයකින් සහ දැඩි අඳුරකින් වටවී ඇති අතර, එය බන්ධනාගාරයක ඇති බියකරු බව තීව්‍ර කරයි.බ්‍රිටන් රිවියර් සතුන්ගේ හැසිරීම් සහ ඉරියව් ඉතා සියුම් ලෙස නිරූපණය කිරීමට දක්ෂ කලාකරුවෙකි. මෙම සිතුවමේ සිටින සිංහයන් සමූහයා දානියෙල්ට පහර දීමට උත්සාහ කරන්නේ නැත. ඒ වෙනුවට උන් යටහත් පහත් වී, බියෙන් හෝ යම් අද්භූත බලවේගයකට අවනත වූවාක් මෙන් පසෙකට වී සිටිති. සමහර සිංහයන් දානියෙල් දෙස ගෞරවයෙන් මෙන් බලා සිටින අතර, තවත් සමහරුන් කවුළුවෙන් වැටෙන ආලෝකය දෙස කුතුහලයෙන් යුතුව බලා සිටිති. "දෙවියන් වහන්සේ දූතයෙකු එවා සිංහයන්ගේ මුඛ වසා දැමූ සේක" යන ආගමික විශ්වාසය සනාථ කිරීමට ශිල්පියා සිංහයන්ගේ මෙම සන්සුන් හැසිරීම මනාව උපයෝගී කරගෙන ඇත.

"Daniel's Answer to the King" යනු හුදෙක් ආගමික කතා පුවතක් නිරූපණය කරන සිතුවමක් පමණක් නොවේ. එය මිනිස් ජීවිතයට මුහුණ දීමට සිදුවන බාධක, අභියෝග සහ "සිංහ ගුහා" වැනි බියකරු අවස්ථාවන් හමුවේ වුවද, තමාගේ නිවැරදි භාවය සහ නොසැලෙන විශ්වාසය තුළින් ඕනෑම මෘග බලවේගයක් හෝ අයුක්තියක් පරාජය කළ හැකි බව පසක් කර දෙන සර්වකාලීන කලා නිර්මාණයකි.

Written by : Himandi Thehara
Design by : Samindi Wijerathna



What makes a painting a national painting? How does a painting even qualify to become such a perennial wonder? These que...
27/08/2026

What makes a painting a national painting? How does a painting even qualify to become such a perennial wonder? These questions arise when looking at the cryptic masterpiece The Wounded Angel, painted by the Finnish artist Hugo Simberg in 1903.

This mysterious painting was intriguing enough to be voted the country's "National Painting" in 2006, and even today, it continues to fascinate people everywhere.

At first glance, our focus lands on the angel. Then, we are drawn to the scene. In this somber setting, we observe two boys carrying the angel on a wooden stretcher through a barren landscape. The scene grows uneasy as we notice additional details, evoking a sense of a funeral, even though the angel seems to be still alive. The boy in the front looks at the path ahead of him, while the boy in the back breaks the fourth wall by looking directly at the viewer. He wears a sullen, serious expression, and we get an uneasy feeling, as if the boy is accusing us of something. Looking deeper into the painting, we notice the wound on the angel's wing, along with the flowers in her hand. The gaze of the boy in the back seems to align with the horizon, strengthening the uneasiness we feel when looking at him.

What exactly does this painting symbolize? The truth is that Simberg famously refused to give the painting an official title or explanation, wanting viewers to form their own emotional connection with it. One of the most famous interpretations is that it symbolizes the artist's battle with a long-term illness. Others suggest that it represents the national suffering of Finland during the 20th century, while the loss of innocence seems to be a central theme. Whatever the meaning may be, what is known is the painting's setting. The landscape in the background has been identified as Eläintarha, a recreational area where a school for blind girls was located nearby. The blindfolded angel may also symbolize this place.

Ultimately, the painting leaves us with more questions than answers about its true meaning. Simberg's imagination is rooted in this otherworldly scenario, which takes place in a real location.

Written by : Gayathmie Gunarathne
Designed by : Tharindu Udayanga



1950 මැයි 22 වන දින දෙණියායේදී ආනන්ද ලියනගේ නමින් උපත ලැබූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ 1963 දී ශාසනබ්‍රහ්මචර්යාවට ඇතුළ...
23/08/2026

1950 මැයි 22 වන දින දෙණියායේදී ආනන්ද ලියනගේ නමින් උපත ලැබූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ 1963 දී ශාසනබ්‍රහ්මචර්යාවට ඇතුළත් වූහ. ගාල්ල හෙට්ඨාචල පිරිවෙනෙන් සහ පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය හිමිකර ගත්හ. මාධ්‍යවේදියෙකු ලෙස ලේක්හවුස් ආයතනයෙන් ලද අත්දැකීම්ද සිය ජීවිතයට එක් කරගත් උන්වහන්සේ, අධ්‍යාපනය, ආගමික ජීවිතය සහ සාහිත්‍ය නිර්මාණකරණය ඔස්සේ සුවිශේෂී ගමනක් ආරම්භ කළහ.

බුදු දහමේ ගැඹුරු දර්ශනය, මානව දයාව සහ ජීවිතයේ අස්ථිරත්වය සරල හා සංවේදී පදවැල්වලට නඟමින් පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියෝ සිංහල ගීත සාහිත්‍යයට අමරණීය නිර්මාණ රැසක් දායාද කළහ. “ළා දලු බෝපත්”, “බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති”, “පෙර සංසාරේ” සහ “පන්සලේ පල්ලියේ” වැනි නිර්මාණ හරහා පරම්පරා ගණනාවක ජන හදවත් සුවපත් කළ උන්වහන්සේ, “සංසාරේ අපි” කැසට් පටයේ සිට “සසර දනව්ව” ගේය පද සංග්‍රහය දක්වා සිය නිර්මාණශීලී මෙහෙවර පුළුල් කළහ. සරසවිය සහ දෙරණ සිනමා සම්මාන ඇතුළු ඇගයීම්වලටද පාත්‍ර වූ උන්වහන්සේ, ආගමික සහජීවනය හා සාහිත්‍ය ප්‍රබෝධය වෙනුවෙන් දශක පහකට අධික කාලයක් සිය දිවිය කැප කරමින් ශ්‍රී ලාංකේය කලා කෙතටත් ශාසනයටත් අනුපමේය සේවයක් ඉටු කළහ.

දශක ගණනාවක් පුරා සිය පදවැලෙන් මිනිස් හදවත් සුවපත් කළ මෙම මහා යතිවරයාණන් වහන්සේ, සුවපත් කළ නොහැකි රෝගී තත්ත්වයක් හේතුවෙන් 2026 අගෝස්තු 18 වන දින 76 වැනි වියේදී ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේදී අපවත් වී වදාළහ. උන්වහන්සේගේ භෞතික ජීවිතය නිමාවට පත්වුවද, උන්වහන්සේ තැබූ සදාතනික පද සටහන්, ආධ්‍යාත්මික පණිවුඩ සහ මානවීය වටිනාකම් ජන හදවත් තුළ සදා ජීවමානව පවතිනු ඇත. පදවැලෙන් හදවත් සුවපත් කළ ඒ මහා යතිවර අභිමානය ශ්‍රී ලාංකේය සාහිත්‍ය හා කලා ඉතිහාසයේ සදා අමරණීයව රැඳෙනු ඇත.

Written By : Umeshi Navodya
Designed By : Kelum Namal

‎
‎
‎
‎

Address

Gangodawila
Nugegoda
80000

Alerts

Be the first to know and let us send you an email when J'pura Flames Lite posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to J'pura Flames Lite:

Shortcuts

Share