Speak Your Mind Sinhala Podcast

Speak Your Mind Sinhala Podcast SPEAK YOUR MIND SINHALA PODCAST එක මගින් බොහො අංශයන් පිල?

SUDU මම ඔයාට
20/09/2024

SUDU මම ඔයාට

එක එක කරන්න
16/09/2024

එක එක කරන්න

අවසානයේදීය...
15/09/2024

අවසානයේදීය...

හැමදාම උත්සාහ කිරීම
13/09/2024

හැමදාම උත්සාහ කිරීම

ඔයාට රිද්දගන්න එපා...
12/09/2024

ඔයාට රිද්දගන්න එපා...

මිනිස්සු අපිව දෙකේ කොලේට දානවා...
30/07/2024

මිනිස්සු අපිව දෙකේ කොලේට දානවා...

බැඳීමක් ඇතුලේ...
28/07/2024

බැඳීමක් ඇතුලේ...

හොදින් මතක තබා ගන්න...
27/07/2024

හොදින් මතක තබා ගන්න...

දරුණු නපුරු පිරිමි ළඟත් සමහර ගැහැණු හිත් නිවුනා..සමහර නපුරු මිනිස්සුන්ට ආදරණීය ගැහැණු ආලය කළා..ආලය කළා විතරක් නෙවෙයි ජීව...
30/06/2024

දරුණු නපුරු පිරිමි ළඟත් සමහර ගැහැණු හිත් නිවුනා..

සමහර නපුරු මිනිස්සුන්ට ආදරණීය ගැහැණු ආලය කළා..

ආලය කළා විතරක් නෙවෙයි ජීවිත කාලෙම ඒ අයත් එක්ක ජීවිතය බෙදා ගත්තා..

ඉතිං ඒ ආදරණීය බව නිසාම ආදරණීය දරුවන් ලැබුණා..

සමහරු නොගැලපෙනවා යයි කියන තැන් හරි ලස්සනට ගලපගෙන ජීවිතය දිනපු ගැහැණු සහ පිරිමින් ඉන්නවා..

ඉතින් නොගැලපෙනවා කියන්නේ වෙන්වීමට හේතුවක් නෙමෙයි.

ඔව් ඉතින් නොගැලපීම් කියන දේවල් හිතලු විතරයි.

කේන්දරේටවත්, හිතලුවලටවත් ගැලපීම් බාරදෙන්න එපා. ඒක තමන්ගෙ හිත ඇතුළේ තියෙන දෙයක්.. අපියි ඒක තීරණය කරන්න ඕන.

ඉතින් හිතල වෙනස් වෙන්න..🌻

අයේත් දවසක හමුවෙමු..🥰

All Rights Reserved
🎯 Speak Your Mind

"හිතක් අල්ලන් ඉන්නබැහැ ""මොකද කැමැත්තෙන් නතරවෙන තරම් සුන්දර නැහැ""ජීවිතේට එන මිනිස්සු ආයේ යන එක  වළක්වන්න බැහැ""අනික ඇයි...
27/06/2024

"හිතක් අල්ලන් ඉන්න
බැහැ "

"මොකද කැමැත්තෙන් නතරවෙන තරම් සුන්දර නැහැ"

"ජීවිතේට එන මිනිස්සු ආයේ යන එක වළක්වන්න බැහැ"

"අනික ඇයි අපි එහෙම කරන්නේ"

"ඉතින් මල් පිපිල ආයේත් මල් පිපෙනකන් බලන් ඉන්නම වෙනව නේද සමහර ගස් වල"

"ජීවිතෙත් ඒ වගේ සමහර ලස්සන දවස් හැමදාම නැහැ."

මේ තමයි ජීවිතේ..
මල් පිපෙන එක
පරවෙන එක සිද්දවෙනවා
ඒක අමුතු දෙයක් නෙමෙයි.
_________________________________

ඉතින් සුවද මල
මේක ඔයාට ලියල තියන්නම්.

සුවද මල් අපිට ගේන්නේ ලොකු ආශ්වාදයක්. ඉතින් මේ හැම සුවදක්ම එක වගේ නෑ. අපේ ජීවිතේට ලැබෙන, මුණගැහෙන සමහර දේවලුත් ඒවගෙයි..

ඉතින් ජීවිතේ මල් පිපිලා සුවද හමන කාලය කෙටි වුණත් ඒ සුවද, ඒ ලස්සන උපරිමෙන් විදගන්න..

කාලයක් නිහඩවෙලා ඉන්න ගස් දවසක, ගොඩක් මිනිස්සු පුදුම කරවන, ආස කරන සුවද ලස්සන මල් වලින් මුළු ගහම පුරවනවා..

ඉතින් ඔයාම තීරණය කරන්න 😊

එහෙනම් අයේත් දවසක හමුවෙමු..🥰
සුබ ගමන්.🌹

All Rights Reserved
🎯 Speak Your Mind

සමහර හීන ඉපදෙද්දී තිබුනේ නැහැඔව්..ඉපදෙද්දී කාගෙවත් ඉරණම හෝ ජීවිතේ ලියන්න බෑ..මොකද ඒක කාලයත් එක්ක ලියවෙන දෙයක්..🌹ජීවිතේ ක...
10/06/2024

සමහර හීන ඉපදෙද්දී තිබුනේ නැහැ
ඔව්..
ඉපදෙද්දී කාගෙවත් ඉරණම හෝ ජීවිතේ ලියන්න බෑ..
මොකද ඒක කාලයත් එක්ක ලියවෙන දෙයක්..🌹

ජීවිතේ කියන්නේ චක්‍රයක්
හීනවලට යනවා කියන්නෙත් චක්‍රයක් තමයි..
ඒ කොහොමද..
මිනිස්සු හීන දකිනවා.
ඒවට ආදරේ කරනවා
හීන හැබෑ කර ගන්න උත්සාහ කරනවා
ඒ වෙනුවෙන් වැඩ කරනවා..
අවසානේ කට්ට කාලා හීන හැබෑ කරගන්නවා.

ගොඩක් අය දැන් මේ ස්ටෙප් පහු කරල ඇති.
සමහර අය මුල් ස්ටෙප් එක පටන්ගෙන ඇති
සමහර අය තවම තමන්ගේ හීනේ ගැන හිතනවත් ඇති..
තවත් සමහරු මේ හීනේ හැබෑකරගෙන ගොඩක් කල් වෙන්නත් ඇති...

ඔයාම හිතන්න ඔයා මේ කොයි ස්ටෙප් එකේද ඉන්නේ කියලා..
පුංචි කාලේ කියනවා ගොඩක් අයට ඔයා මෙහෙම වෙන්න කියලා .
ඉතින් කාගෙවත් හීන ඔයාගේ ඔලුවට දාගන්නේ නැතුව, ඔයාගේ හීන වලට ඇවිදන් යන්න...

දෙමව්පියන් විදිහට,
ඒක පුංචි කාලේ ඉදන් දරුවෙක්ට පුරුදු කරන්න. මොකද ගොඩක් අය පුංචි කාලේ ඉදන් දුවන්නේ අනුන්ගේ හීන හැබෑ කරන්න. එහෙම වුණොත් ඒ අයට තමන්ගේ කියලා හීන නැතිවෙයි.

පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි😘

All Rights Reserved
🎯 Speak Your Mind

දන්නවද සතුට තිබුනෙම අපි හිතන්නෙවත් නැති හිත් ගාව.🌹 හරියට මෙයා වගේ.🐕මගේ ලොකේ කවුරුත් තේරුම් නොගත්ත..කවුරුත් අහන් හිටියේ න...
06/06/2024

දන්නවද සතුට තිබුනෙම අපි හිතන්නෙවත් නැති හිත් ගාව.🌹

හරියට මෙයා වගේ.🐕

මගේ ලොකේ කවුරුත් තේරුම් නොගත්ත..
කවුරුත් අහන් හිටියේ නැති..
ගොඩක් අය මගහැරල ගියපු

හැම දවසකම මට මං ගාව හිටියේ මෙයා.

පැය ගානක් වුනත් මං කියන හැම දේම අහං හිටියා. කවදාවත් මාව මගහැරල ගියේ නැහැ.. මෙයා තරම් මගේ හිතේ වේදනාවල්, සතුට දැනුනු දවස් ගැන හොදින් දන්න වෙන කවුරුත් නැහැ. අනිත් හැමෝම හිත රිද්දද්දී මෙයා හැමදාම හිනාවෙලා මං කියන හැමදේම තේරෙනවා වගේ අහගෙන හිටියා.

ඔව් මං හිතන්නේ එයාට මාව හොදටම තේරෙනවා. මං පොඩ්ඩක් සැර කළත් කවදාවත් මන් එක්කනම් තරහක් පෙන්නුවේවත් නැහැ. ඇත්තටම මේ සතෙක් කියන්න බැහැ.

මොකද මනුස්සයින්ට බැරිවුණු මගේ කදුලු සතුටක් කළා. එයාගේ හිනාව, දඟ වැඩ මං ගාවින්ම ඉද්දී ඇත්තටම මං හිතුවේ.. ඇයි මාව තේරුම් නොගන්න මිනිසුන් වෙනුවෙන් අඩන්නේ මං කියල මට හිතුනා..

ඇත්තටම කොයිතරම් වයසට අපි ගියත්, බව්වෙක් දෙන ආදරේනම් අඩුවක් දැනෙන්නේ නැහැ. ඒක හරිම අමුතු වයිබ් එකක් නේද..

අපි ගෙදර යද්දී මතක් වෙන්නේ එයාව.. ඒක කියල නිම කරන්න බැරි සතුටක්... දුර ගිහින් හිටියත් අම්මට තාත්තට කතා කරල අහන්න අමතක කරන්නේ නැහැ නේද. ඔයා ගෙදර ආවම එයට තියෙන සතුට මතකද..

ඉතින් ඔයාටත් මට වගේ ආදරණිය බව් පැටියෙක් ඇති නේද..? ඉතින් ආදරේ අඩුවක් නැතිව දෙන්න මේ අයට. කවදාවත් ඔයාගෙ හිත රිද්දන්නෑ මේ අය..

මිනිසුනේ පුලුවන්නම් මෙයාට ජීවිත කාලේම මනුස්සයෙක්ව සතුටින්ම තියන්න.. මොකද ශරීර කූඩුවක් මනසක් විතරයි මේ අයට තියෙන්නේ.. ඇයි බැරි මිනිසුන්ට මිනිසුන්ගේ ජීවිත වලට සතුට අහිමි නොකර ඉන්න.

හිතන්නට යමක්...

තව දෙයක්..

ඒවගේම මතක තියාගන්න මේ අයටත් තියෙන්නේ හුස්ම ගන්න ජීවිතයක් කියන එක.. මොකද සමහරුන්ට මතක නැහැ ඒක. ඒත් දංවැලකට කතා කරන්න පුළුවන්නම් බව්වගේ දුක කියයි. ඇයි දන්නවද එහෙම කිව්වේ මං..
මේකයි මේ දවස්වල බව්වන්ව බැදලා දාල හිටිය වීඩියෝස් පොටෝස් ගොඩක් දැක්කා..
මේක දැකල හරි කාටහරි කෙනෙක්ට මේක මතක් වෙලා බව්වව නිදහස් කරන්න මතක් වෙන්න කියලයි මේක කිව්වේ..

බව්වන්ට ආදරය කරන ඔයාල හැමෝටම..

අදට නවතින්නම්
ආදරෙන් පරිස්සමින් ඉන්න. ආදරෙයි.
ජය❤️

All Rights Reserved
🎯 Speak Your Mind

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Speak Your Mind Sinhala Podcast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Speak Your Mind Sinhala Podcast:

Share

Category