09/10/2025
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සුනන්දා ප්‍රේමසිරි මහත්මිය මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ (2025) හොඳම ස්වතන්ත්‍ර ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතියට හිමි සම්මානය දිනා ගත්තාය. ‘ජනශ්‍රැති අධ්‍යයන විධික්‍රම සහ ක්‍රමවේද න්‍යායාත්මක සහ විවරණාත්මක ආදර්ශ කිහිපයක්’ කෘතිය වෙනුවෙන් එම සම්මානය හිමිවුණි. මේ ඇය සමග ‘දිවයින’ වටමඬල සාකච්ඡාවයි.
ප්‍රශ්නය - රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් දිනා ගැනීම පිළිබඳ ඔබේ හැඟීම සහ මෙම සම්මානය ශ්‍රී ලාංකීය ශාස්ත්‍රීය ලේඛකයින්ට සහ පර්යේෂකයින්ට සපයන
වටිනාකම කුමක්ද?
පිළිතුර - රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් ‘දිනා ගැනීම’ කියන අදහස සෑහෙන්න සංකීර්ණ දෙයක්. ඔබ අදහස් කළා වගේ එවැන්නක් දිනා ගැනීම ලේඛකයකුගේ හෝ ලේඛිකාවකගේ ලේඛන දිවියේ අත් විඳින්නට ලැබෙන වින්දනීය අවස්ථාවක්. මොකද විශේෂයෙන් ශාස්ත්‍රීය සහ පර්යේෂණ ග්‍රන්ථයක්ස ම්පාදනය කරනවා කියනෙක සෑහෙන භාරදූර කාර්යයක්. ඒක සම්මාන බලාගෙන කරන වැඩක්නොවේ. වගකීම් සහගත සම්ප්‍රදානයක්. නිර්මාණාත්මක ලේඛනය ලඝු කිරීමක් කිසිසේත්ම මෙතනදී සිදු වෙන්නේ නෑ. නමුත් නිර්මාණාත්මක ලේඛකයාට තියන පරිකල්පනමය නිදහස, තමන්ට රිසි පරිදි ලේඛනය ඇතුළේ ස්වාධීනව රස්තියාදු ගහන්න තියන නිදහස ශාස්ත්‍රීය ලේඛකයාට නෑ. මොකද එහි අන්තර්ගතයේ නිරවද්‍යතාවට ලේඛකයා වග කියන්න ඕන. අපට ඕන ඕන විදියට ෆැන්ටසි ලියන්න ශාස්ත්‍රීය ලේඛනයේ සන්දර්භය, අන්තර්ගතය අපට අවසර දෙන්නේ නෑ. අප ලියන දෙය ලෝක
තත්ත්ව සමග පවා පෑහී න්‍යායිකවත් යාවත්කාලීනව පැවතිය යුතුයි. නැති නම් එහි ශාස්ත්‍රීය බව හීන වී යනවා. ඔන්න ඔය කාරණාවල සමබරතාවෙන්ශා ස්ත්‍රීය කෘතියකින් සමාජගත කරන දැනුම් කලාප සහ විචාරාත්මක වපසරි ප්‍රයෝජනවත් ලෙස ප්‍රසාරණය වෙනවා. එවන් මහන්සියකින් නිපදවන කෘතියකට රාජ්‍ය මට්ටමේ ඇගයුමක් ලැබෙනවා කියන්නේ ලේඛකයාගේ මහන්සියට ගරු කිරීම යි. ඉහළ වටිනාකමක් දෙන්නට උත්සාහ කිරීමයි.
ප්‍රශ්නය -
‘ජනශ්‍රැති අධ්‍යයන විධික්‍රම සහ ක්‍රමවේද න්‍යායාත්මක සහ විවරණාත්මක ආදර්ශ කිහිපයක්’ යනුවෙන් කෘතිය ලිවීමට ඔබට ඇති වූ ප්‍රධාන ප්‍රේරණය කුමක්ද?
පිළිතුර -ඇත්තටම මේක මේ විෂයට අදාළව මම ලියපු පළමුවැනි පොත නොවේ. මීට කලින් ජනශ්‍රැති විද්‍යාවක් වශයෙන් හැදෑරීමට සුදුසු න්‍යායික
මෙවලම් කිහිපයක් හඳුන්වා දෙන කෘති දෙකක් පළ කරලා තියනවා. ‘ජනශ්‍රැති විද්‍යා පර්යේෂණ න්‍යායික හා ප්‍රායෝගික භාවිතය’ කියන පොත ජනශ්‍රැති විෂයයට අදාළව මම ලියපු පළමුවැනි ශාස්ත්‍රීය කෘතිය, ඒක පළ වුණේ 2019 වර්ෂයේ සරසවි ප්‍රකාශනයක් විදියට. ඒකේ දෙවන මුද්‍රණයකුත් ඉතා ඉක්මනින් පැමිණියා. ඊට පස්සේ 2020 දී ‘සිංහල ජනශ්‍රැති අධ්‍යයනය; ඓතිහාසික හා සමකාලීන අධ්‍යයන ප්‍රවේශය, න්‍යායාත්මක සහ තුලනාත්මක පර්යේෂණ රචනා’ කියන කෘතිය විදර්ශන ප්‍රකාශනයක් වශයෙන් පැමිණියා. ඒක ඒ වර්ෂයට අදාළව රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශිත අවසන් කෘති දෙක අතරට නිර්දේශ වුණා. එහෙම බැලුවම මෙවර සම්මාන හිමි වුණු මෙම කෘතිය දීර්ඝකාලීන ශාස්ත්‍රීය ව්‍යායාමයක එක්පු රුකක් වශයෙන් හඳුන්වන්නට මං කැමතියි. මේ එහි අවසන් පුරුකත් නොවේ. මේ සියල්ලට ප්‍රධාන ප්‍රේරණය වන්නේ සරසවියේ ඉගැන්වීම්වලදී අපට පෙන්වීමට තිබෙන ඇතැම් ගැටලු. ජනශ්‍රැති විද්‍යාව සහ පර්යේෂණ පිළිබඳ උනන්දු අය වෙනුවෙන් සහ ඔවුනොවුන්අ තර න්‍යායික බරකින් යුතු ශාස්ත්‍රීය සංවාදයක් ඇති කිරීම මූලික අරමුණ. විශේෂයෙන්ජනශ්‍රැති පර්යේෂණ කරන්නට ඇල්මක් දක්වන තරුණ විද්‍යාර්ථින්ට ගැඹුරු පර්යේෂණ න්‍යායික මෙවලම් මල්ලක් ලබා දීම තමයි ප්‍රමුඛ අභිප්‍රාය.
මොකද හුදෙක් ජනශ්‍රැති ඒකරාශි කරල ගොඩවල්ග හලා ප්‍රදර්ශනය කිරීමෙන් විතරක් පර්යේෂණ කාර්යය සම්පූර්ණ වෙන්නේ නෑ. තමන් මහන්සියෙන්එ කතු කර ගත්ත ජනශ්‍රැති ගැඹුරින් විමසීමට අවශ්‍ය කරන මෙවලම් ටිකක් තමයි මේ ලේඛනවලින් ලබා දෙමින් ඉන්නේ, මේක අපට ශක්ති පමණින්ඉ දිරියටත් අඛණ්ඩව සිදු වේවි.
ප්‍රශ්නය -
ඔබ ජනශ්‍රැති අධ්‍යයනයේ දී ස්පර්ශ කළ ජනශ්‍රැතික අංග මොනවාද සහ ඔබේ මතය අනුව ජනශ්‍රැති අධ්‍යයනය අද සමාජයට කෙතරම්වැ දගත් ද?
පිළිතුර -
ජන සමාජයේ ව්‍යවහාරයේ තියන හැම ශ්‍රැතියක්ම එක සමාන වටිනාකමකින් යුක්තයි. අඩු වැඩි වශයෙන් එවන් බොහෝ ජනශ්‍රැති මාගේ පර්යේෂණවලදී න්‍යායික පැහැදිලි කිරීම්වල පහසුව පිණිස මම නිදර්ශන වශයෙන් භාවිතයට ගන්නවා. ජනශ්‍රැති කියන ඒවායේ තියන විශ්ව ව්‍යාපී ගුණයත්ඒවා උචිත න්‍යායික මෙවලම් භාවිතයෙන් ලෝකයේ හැම රටකම වාගේ ගැඹුරින් විමර්ශනය කරනවා. එමගින් තවදුරටත් ඒවායේ තියන ගැඹුරු සමාජ, සංස්කෘතික, මානව විද්‍යාත්මක, මනෝ විද්‍යාත්මක වගේම ඇතැම් විටෙක දේශපාලනික ස්වභාව සහ ව්‍යවහාර පවා අනාවරණය කර ගත හැකියි. මිනිසා දැන හෝ නොදැන නිරන්තර ජනශ්‍රැති සමග දෛනික ජන ජීවිතය ගත කරන්නේ. ඒකම ගැමි නාගරික හැම ජන සමාජයකටම පොදුයි. ඉතින්එ හෙම බලන විට තමා අවට ශ්‍රැති පිළිබඳ විධිමත්කියවීමක නිරත වීම අද සමාජයට නොවැදගත් විය හැකිද?
ප්‍රශ්නය -
ශ්‍රී ලාංකීය ජනශ්‍රැති අධ්‍යයනය සිදු කරන අනාගත පරපුරේ සිසුන්ට හා ගවේෂකයන්ට ඔබේ කෘතියෙන් සිදු විය හැකි බලපෑම කුමක්
වේවිද?
පිළිතුර -
මෙහෙමයි. මම මුලිනුත් සඳහන් කළා වගේ මම මේ අයට දෙන්නේ ජනශ්‍රැති සොයා යා හැකි, ඒවා එකතු කර ගොඩගසාගත හැකි සහ ඒවා විධිමත්ව විමර්ශනය කළ හැකි විධික්‍රම සහ ක්‍රමවේද කීපයක්. ජනශ්‍රැති ගොඩගසා අපට පෙන්වීම හොඳයි. නමුත් ඒ ජනශ්‍රැති ගොඩ හාරලා අවුස්සලා ඒවායේ අහුමුලුවල අර්ථ, විද්‍යාත්මකව ඉදිරිපත් කරන්න දිරි දෙන බලපෑමක් මේ කෘතිවලින් කරමින් ඉන්නේ. ඒක හරියට මුළුතැන්ගෙයක තැන් තැන්වල තියන හාල්, පොල්, ලුණු, මිරිස්, තුනපහ ආදිය එකතු කරලා එක එක ක්‍රමවලට රසවත් ආහාර සකසනවා වගේ වැඩක්. අමුද්‍රව්‍ය වෙන වෙනම තිබුණට නියම ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නෑ. එක එක ඉවුම් ක්‍රම දන්න කෝකියා එක එක ආරේ රස ආහාර පිසිනවා වාගේ ජනශ්‍රැති එකතු සියුම්ව න්‍යායිකව විමර්ශනයෙන් මානව සමාජයේ රස තැන්සො යා යා හැකියි. ඒකට අවශ්‍ය කරන මෙවලම් සහ ඒ මෙවලම් පාවිච්චි කිරීමට සුදුසු දැනුම ලබා දීමෙන් පර්යේෂකයන්ට ප්‍රයෝජනවත් බලපෑමක් කළ හැක්කේ.
ප්‍රශ්නය -
ජනශ්‍රැති පර්යේෂණය සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ඔබ ලබා දෙන උපදෙස් මොනවාද ?
පිළිතුර -
උපදෙස ඉතා පැහැදිලියි. ජනශ්‍රැති එකතු කරන වැඩේ පර්යේෂක සහායකයෝ යොදවමින් ද ඇතැම් විට සිදු කරනවා අපි දකිනවා. නමුත් ඒ එකතු කරපු ශ්‍රැති කපල කොටල විමර්ශනය කරන්න වෙන කෙනෙකුට බෑ. ඒ කාර්යය පර්යේෂකයාම සිදු කරන්න ඕනි ක්‍රියාවලියක්. ඒ විමර්ශන ක්‍රියාවලිය සඳහා න්‍යායික දැනුමින් පොහොසත් වෙන්න. න්‍යායික උපකරණවලින් සන්නද්ධ වෙන්න. හුදු ජනශ්‍රැති එකතු කරන්නෙක් නොවී ජනශ්‍රැති පර්යේෂකයෙක් වෙන්න.
2025 ඔක්තෝබර් 09 දිවයින
සාකච්ඡා කළේ
සුධර්මා සමරසේකර