01/08/2026
Degree එක අතේ තියෙනවා. හැබැයි Job එක නැත්තේ ඇයි?
Degree එක සහ Employability එක කියන්නෙ එකක්ද? දෙකක්ද?
A/L ළමයින්ට උගන්වපු කෙනෙක් විදිහටත්, අද digital marketing field එකේ youth එක්ක සහ different industries එක්ක practically work කරන කෙනෙක් විදිහටත්, මට මේ ප්‍රශ්නය practically දකින්න හම්බවෙනවා.
එක පැත්තකින් studentsලා අවුරුදු ගණනක් මහන්සි වෙලා qualifications හදාගන්නවා.
අනිත් පැත්තෙන් companies කියනවා,
“ඔයාට Qualifications තියෙනවා. හැබැයි job එක practically කරන්න අවශ්‍ය skills නැහැ” කියලා.
ඇත්තටම problem එක කොතැනද?
2026 පළමු quarter එකේ ශ්‍රී ලංකාවේ overall unemployment rate එක 3.7%යි.
හැබැයි වයස අවුරුදු 15 - 24 අතර youth unemployment rate එක 16.1%යි. අවුරුදු 25–29 අතර එය 11.8%ක්.
තවත් interesting point එකක් තියෙනවා.
GCE A/L සහ ඊට ඉහළ education level එකක් තියෙන group එකේ unemployment rate එක 6.5%යි. ඒක education levels අතර report වෙලා තියෙන highest rate එක.
Educated female group එකේ ඒ number එක 9.7%ක්.
([Department of Census and Statistics – Q1 2026](https://www.statistics.gov.lk/Resource/en/LabourForce/Bulletins/LFS_Q1_Bulletin_2026.pdf))
මේ numbersවලින් කියන්නේ education වැදගත් නැහැ කියන එක නෙවෙයි.
කියන්නේ,
Qualification එකක් තිබීම සහ labour market එකට ready වීම එකම දෙයක් නෙවෙයි කියන එක.
Degree එකෙන් subject knowledge එකක් ලැබෙනවා.
Employability කියන්නේ ඒ knowledge එක practical problem එකක් solve කරන්න use කරන හැකියාව.
ඒකට communication, teamwork, responsibility, technology, English, presentation, critical thinking සහ continuously learn කිරීමත් එකතු වෙනවා.
සරලවම කිව්වොත්,
Degree එක කියන්නේ ඔබ ඉගෙනගෙන තියෙන දේ.
Employability කියන්නේ ඒ දැනුමෙන් වෙනත් කෙනෙකුට value එකක් create කරන්න පුළුවන්ද කියන එක.
හැබැයි මේක සම්පූර්ණයෙන්ම youth එකේ වරදක් කියලා කියන්නත් බැහැ.
World Bank එකට අනුව ඉදිරි අවුරුදු දහය තුළ Sri Lankan youth මිලියනයකට ආසන්න ප්‍රමාණයක් job market එකට එන්න නියමිතයි.
ඒත් දැනට පවතින growth conditions යටතේ අලුතින් create වෙයි කියලා estimate කරන්නේ formal jobs 300,000ක් විතරයි.
ඒ කියන්නේ employable වුණත්, හැමෝටම quality job එකක් නැති වෙන්න පුළුවන්.
([World Bank – April 2026](https://www.worldbank.org/en/news/press-release/2026/04/01/sri-lanka-and-world-bank-group-launch-new-partnership-to-create-jobs-attract-private-investment))
ඒ නිසා අපිට problems දෙකක් තියෙනවා.
එකක් ප්‍රමාණවත් quality jobs create නොවීම.
අනික create වෙන jobsවලට ගැළපෙන skills develop නොවීම.
Education institutionsවල responsibility එක certificate එකක් දීලා අවසන් වෙන්න බැහැ.
Industry exposure, internships, practical assignments, communication skills සහ changing technology syllabus එකට connect කරන්න ඕනේ.
Companiesවලටත් responsibility එකක් තියෙනවා.
“Experience required” කියලා entry level candidates reject කරන එක විතරක් නෙවෙයි, proper training opportunities create කරන්නත් ඕනේ. Fair salary එකක් සහ learn කරන්න පුළුවන් environment එකක් නැතුව employability ගැන විතරක් කතා කරන එකත් සාධාරණ නැහැ.
Youth එකත් degree එක complete වෙනකල් career එක start කරන්න බලාගෙන ඉන්න හොඳ නැහැ.
Degree එක කරන අතරේම,
Communication improve කරන්න
AI සහ digital tools use කරන්න ඉගෙනගන්න
Internship හෝ project experience එකක් ගන්න
Portfolio එකක් build කරන්න
තමන්ගේ field එකට අදාළ marketable skill එකක් develop කරන්න
Professional network එකක් හදාගන්න මහන්සි වෙන්න ඕනේ
(මේ skills develop කරගන්න free YouTube learning resources ටිකක් මේ post එකේ first comment එකේ දාලා තියෙනවා. Post එක save කරගෙන, තමන්ට අවශ්‍ය එක skill එකකින් අදම පටන්ගන්න.)
අද job market එකේ “මට certificate එකක් තියෙනවා” කියන එකට වඩා,
මට මේ problem එක solve කරන්න පුළුවන්”කියන එක මාරම powerful.
Degree එක useless නෙවෙයි.
Degree එක foundation එකක්.
හැබැයි ඒ foundation එක උඩ skills, experience, attitude සහ adaptability build නොකළොත්, certificate එක විතරක් successes full career එකක් guarantee කරන්නේ නැහැ.
අන්තිමට youth එකෙන් අහන්න තියෙන්නේ,
ඔයාගේ CV එකේ qualifications විතරද තියෙන්නේ?
නැත්නම් ඔයාට create කරන්න පුළුවන් value එකත් පෙන්වන්න පුළුවන්ද?
රටෙන් අහන්න තියෙන්නේ,
අපි youth එක job ready කරනවාද කියලා අහන අතරේ, ඔවුන්ට enter වෙන්න ප්‍රමාණවත් quality jobs අපි create කරනවාද? කියන ඒක.
-Ramesh Rajapaksha-
#අපිවෙනුවෙන්අපි