Hilevel SL

Hilevel SL A Variety Channel that showcase everything from Luxury living to Fine dining, Fashion, High Culture, Art and Travel.

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා.......විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ල...
15/03/2023

කුප්පි ලාම්පුව පෙරැලී මියගිය ජාතික වස්තුව- නිත්තවෙල ගුණයා.......

විදේශ සම්මානයට බුහුමනට ලක් වුවද සිය දේශයේදී කෲර ඉරණමකට ලක්වූ මෙරට අති දක්ෂ නැට්ටුවා

නි ත් ත ව ල ගු ණ යා

කප්පරක සම්මාන ලාභී වූවත් ඔහුගේ ජීවිතයට වටිනාකමක් නොදුන් පාලකයෝ කුමට
***********
ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් ගුරු සේවයට ආරාධනා ලැබූ
යක්දෙස්සලාගේ ගුණයා ගුරුන්නාන්සේ නොහොත් නිත්තවෙල ගුණයා:

නිත්තවෙල ගුණයා උපන්නේ 1906 දී දුම්බර මිටියාවතේ පිහිටි නිත්තවෙල කියන සුන්දර ගමේ.

පියාගේ නම කිරි උක්කුවා.

කිරි උක්කුවා 6 වෙනි බුවනෙකබාහු රජතුමාගේ කාලයේ පටන් පැවත එන විශිෂ්ඨ පනික්කි පරම්පරාවක පනික්කි ගුරුන්නාන්සේ කෙනෙක්.

ගුණයා කිරි උක්කුවගේ එකම පුතා.

උඩරට කැරැල්ලෙ දී කැප්පෙටිපොළ නිළමේ එක්ක හිටපු නිත්තවෙල මහා පනික්කියා නිත්තවෙල ගුණයගේ මී මුත්තා.

ගුණයා අවුරුදු හතරේ ඉඳන් නැටුම් ඉගෙන ගත්තා.

අවුරුදු අටේ ඉඳන් මහනුවර සිරි දළදා පෙරහරේ නැටුවා.

අවුරුදු දහ අටේදි වෙස් කිරුළු පැළැන්දා.

අවුරුදු පනස්හතක් නුවර පෙරහැරේ නැටුවා.

සමනල වන්නම, තුරඟා වන්නම, මහබෝ වන්නම, මයුරා වන්නම නිත්තවෙල ගුණයගේ ම නිර්මාණ.

පණ්ඩිත් අමරදේවයන් ගයන 'වැලිතල අතරේ' ගීතය චන්ද්‍රරත්න ශ්‍රී මානවසිංහයන් රචනා කළේ මහබෝ වන්නමට අනුව.

නිත්තවෙල ගුණයා 1927 දි ජර්මනියේ නැටුවා.

1957 දී රුසියාවේ තිබුණු ලෝක තරුණ සම්මේලනයට සහභාගි වුණු ලංකා සංස්කෘතික කංඩායමේ නායකයා නිත්තවෙල ගුණයා.

යුරෝපා සංචාරයේ දී නිත්තවෙල ගුණයා එංගලන්ත මහා රැජිනගේ ප්‍රශංසාවට පවා ලක් වුණා.

නිත්තවෙල ගුණයා 1958 දී ෆිල්ම්⁣ෆෙයාර් සම්මාන උලෙළේ නැටුවා.

ෆිල්ම්ෆෙයාර් සඟරාවේ පිටු හතරක් නිත්තවෙල ගුණයගේ නැටුම්වලින් පිරුණා.

ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයේ උගන්වන්න ලැබුණු ආරාධනාව නිත්තවෙල ගුණයා ප්‍රතික්ෂේප කරා.

ඇමරිකාව, රුසියාව, මහා බ්‍රිතාන්‍ය, චීනය, ජපානය, නෙදර්ලන්තය, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව වැනි රටවල්වල නිත්තවෙල ගුණයා අතීශය ජනප්‍රිය වුණා.

1950 අගමැති ඩී.ඇස්.සේනානායක මැතිතුමාගේ උපදෙස් පරිදි නිදහස් සමරු මුද්දරේ සැරසුණේ නිත්තවෙල ගුණයගේ රුවෙන්.

අගමැති බණ්ඩාරනායක මැතිතුමා නිත්තවෙල ගුණයව ස්වර්ණ ජයන්ති සම්මානයෙන් පිදුවා.

1975 දී ජනාධිපති විලියම් ගොපල්ලව මැතිතුමා ශ්‍රී ලංකා සාහිත්‍ය දිනය වෙනුවෙන් නිත්තවෙල ගුණයව සම්මානයෙන් පිදුවා.

2005 ඉඳන් අද දක්වාම රුපියල් පනහේ නෝට්ටුව නිත්තවෙල ගුණය⁣ගේ රුවෙන් සැරසෙනවා.

දෙස් විදෙස් සඟරා, පර්යේෂණ ග්‍රන්ථ සිය ගණනක නිත්තවෙල ගුණයා ගැන ලිපි පළවුණා.

1947 ජර්මනියේ දී නිත්තවෙල ගුණයට ලැබුණු රන් සම්මානය කොළඹ දී පාදඩයෙක් හොරකම් කරා.

බිරිඳ 'සොඳිනා' ත් දියණිය 'අමරාවති'ත් මිය ගිය පසු නිත්තවෙල ගුණයා තනි වුණා.

අන්තිම කාලේ නිත්තවෙල ගුණයා ජීවත් වෙන්නෙ කෝපි කඩලා.

කෝපි කඩන අතරේ දිමි ගොට්ටක් ඇහැට වැටිලා නිත්තවෙල ගුණයගේ එක ඇහැක් අන්ධ වුණා.

ජීවිතේ අවසා⁣න භාගයේ අන්ත අසරණ ජීවිතයක් ගත කරපු නිත්තවෙල ගුණයා රෑ නින්දේදි කුප්පි ලාම්පුව පෙරළී පිලිස්සී මිය ගියා.

©️ ධර්ම ශ්‍රී නන්දලෝචන

ලංකාවේ  මෑතක බිහිවූ අති දක්ෂ සුපිරි ක්‍රිකට් තරුවක් වන වනිදු හසරංග අද දින තම විවාහ දිවියට ඇතුළත් වෙන ලදී... තුන්ඉරියව් ක...
09/03/2023

ලංකාවේ මෑතක බිහිවූ අති දක්ෂ සුපිරි ක්‍රිකට් තරුවක් වන වනිදු හසරංග අද දින තම විවාහ දිවියට ඇතුළත් වෙන ලදී... තුන්ඉරියව් ක්‍රීඩකයකු වන ඔහු අපගේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට වැදගත් දායකත්වයක් ලබාදෙන ක්‍රීඩකයෙකි..Hilevel SL වෙතින් විවාහය වෙනුවෙන් ඔවුන් දෙපළට උණුසුම් සුබපැතුම්...

2023 Catwalk තරගයේ Most Popular Modeler Award එක මෙන්ම Top Fashion Modeler Srilanka 2023 Award දෙකම ජයග්‍රහණය කරන ලද තම ...
01/02/2023

2023 Catwalk තරගයේ Most Popular Modeler Award එක මෙන්ම
Top Fashion Modeler Srilanka 2023 Award දෙකම ජයග්‍රහණය කරන ලද තම සිහිනය සැබෑ කරගත්.... සිහින ඔබට Hilevel අපේ උණුසුම් සුභ පැතුම්.... එම තරගාවලියේ තව ඡායාරූප ඉදිරියේදී ඔබලාට බලා ගැනීමට අප දැනටමත් කටයුතු සූදානම් කර ඇත...

රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල වින්ඩි සහ සනුකගේ විවාහ මංගල උත්සවය[PHOTOS]රටේ කාලයක් තිස්සේ ජනප්‍රිය රැල්ලේ දිගටම ඉන්න සුපි...
26/12/2022

රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල වින්ඩි සහ සනුකගේ විවාහ මංගල උත්සවය
[PHOTOS]

රටේ කාලයක් තිස්සේ ජනප්‍රිය රැල්ලේ දිගටම ඉන්න සුපිරි ගායකයෙක් තමයි රූකාන්ත ගුණතිලක කියන්නේ. රූකාන්තගේ ගායන හැකියාව ඒ විදියටම පිහිටලා තියෙනවා දියණියන් දෙන්නටත්.

එයින් වැඩිමහල් දියණිය අපි කොයි කවුරුත් දන්න රයිනි චාරුකා..අනෙක් කෙනා වින්ඩි ගුණතිලක. ඇයටත් ගීත ගායනා කිරීමේ හැකියාව උපරිමයෙන් පිහිටලා තියෙනවා. මේ දිනවල ජනප්‍රිය අයියෝ ස්වාම්නේ ගීතයෙන් එය මනාව ඔප්පුවෙලා තියනවනේ..

සරාගයේ දුවිලි මාවතේ අවසන් සටන චාවෝ මල්ලි වගේ ගීත අහද්දී ඒවා කාගෙද කියලා ආයේ කියන්න ඕනේ නැනේ. සනුක වික්‍රමසිංහ කිව්වාම අද ලංකාවම දන්නා සුපිරි ගායකයෙක් සනුක කියන්නේ සංගීත් වික්‍රමසිංහ මහතාගේ පුතානේ.

ඉතින් දිගුකාගයක් පෙමින් බැදුනු වින්ඩි ගුණතිලක සහ සනුක වික්‍රමසිංහගෙ විවාහ මංගල උත්සවය අදයි.

මේ වෙද්දි සියලු කලා රසිකයින් බලාගෙන ඉන්නේ අද පති කුලයට ගිය නව ගායන තරු යුවල වන වින්ඩිගෙයි සනුකගෙයි ඡායාරූප දකින්න.

මට පුතා හම්බවෙන්න කලින් දරුවෝ දෙන්නෙක් හිටියා....දේශපාලන වේදිකාව තුළ ඇගේ නම නොඇසෙන වාරයක් නොමැති තරම්. ඇය එතරම්ම බොහෝ දෙ...
08/12/2022

මට පුතා හම්බවෙන්න
කලින් දරුවෝ දෙන්නෙක් හිටියා....

දේශපාලන වේදිකාව තුළ ඇගේ නම නොඇසෙන වාරයක් නොමැති තරම්. ඇය එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත් වෙච්ච කෙනෙක්. ඇය නමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. හිරුණිකා කියන චරිතයට අද වෙද්දි බොහෝ දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. ඒ දේශපාලන භූමිකාව තුළ ඇය කුමන ආකාරයේ චරිතයක් වුණත් පෞද්ගලික ජීවිතය තුළ ඇය ආදරණීය දරුවන් තිදෙනකුට සෙනෙහෙබර මවක් වෙමින් කාලය ගත කරන නිසයි. හිරුනිකාගේ ආදරණිය සැමියා තමයි හිරාන්. ඔහ වෘත්තියෙන් නිරූපන ශිල්පියෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ලෙස ද කාලයක් කටයුතු කළ අයෙක්. ඔහුත් ඇයව තේරුම් අරගෙන හොඳින් කටයුතු කරන ස්වාමි පුරුෂයෙක් කිව්වොත් හරි.
ඉතින් මේ හිරුනිකාගේ පුංචි කැදැල්ලේ ඔබ මෙතෙක් නොඇසූ ඇය මෙතෙක් ප්‍රසිද්ධියේ නොපැවසූ කතාවක් ගැන තමයි මේ කියන්නේ. ඇයගේ දරු ප්‍රසූතිය පිළිබඳව කතාකරද්දී මුලින්ම හිරුණිකා උපත දෙන්නෙ ආදරණීය පුතෙකුට. නමුත් ඊටත් කලින් ඉඳන් ඇය අවාසනාවන්ත සිදුවීම් කිහිපයකට මුහුණ දුන් බව සඳහන් වනවා.
ජීවිතයේ දරු සම්පතක් කියන්නේ අපි කොයි කවුරුත් ආදරේ කරන සහ බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් ඒ දේ හිරුණිකාත් ඒ විදිහටම බලාපොරොත්තු වෙච්ච කෙනෙක්. නමුත් අවාසනාවන්ත විදිහට ඇය මුහුණ දුන්නෙ කවුරුත් මුහුණ දෙන්න අකමැති අනපේක්ෂිත සිදුවීමකට. ඒ පිළිබඳව හිරුණිකා කිව්වේ මේ වගේ කතාවක්.
“මට පුතා හම්බ වෙන්න කලින් දරුවෝ දෙන්නෙක් හම්බවෙන්න හිටියා. ඒ දෙන්නම නැති වුණා. මම හිරාන් එක්ක විවාහ වුණේ ජූලි 6. අගෝස්තු තමයි ඡන්දෙ තිබ්බේ. විවාහ වෙච්ච ගමන්ම දරුවා පිළිසිඳගෙන තිබුණා. මම දැනගෙන ඉඳලා නෙවෙයි කැම්පේන් එක කරේ. මට වෙන campaign වලට වඩා ඒ campaign එක හරි අසීරු වුණා. යන යන තැන වමනය යන්න පටන් ගත්තා. යන යන තැන කලන්තෙ දාන්න පටන් ගත්තා. රැස්වීම් මම මග හැරියා. නමුත් මම හිතුවේ නැහැ හීනෙකින් වත් මම දරුවෙක් පිළිසිඳගෙන කියල
අවසානයේ මම හිතන්නේ අගෝස්තු 17ද කොහෙද ජන්දේ තිබ්බේ. එදා ඡන්ද ප්‍රතිඵල එද්දි මම නිකමට ටෙස්ට් එකක් කළා. එදා රාත්‍රියේ තමයි මම දැනගත්තේ මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා. ඉතින් ඒ කාලේ ඒකෙ මහන්සියත් එක්ක ටික දවසක් යනකොට මගේ දරුවා නැතිවුණා. ඊළඟට ආයෙත් සැරයක් ඒ වගේ වුණා. ඉතින් එතනින් පස්සෙ මම ගොඩක් බය වුනා. එතකොට තුන්වැනි දරුවා හම්බ වෙද්දි ඒ කියන්නේ මගේ දැන් ඉන්න පළවෙනි දරුවා හම්බ වෙද්දි මම ගොඩක් පරිස්සම් වුනා.
මම මේ කරන රැකියාවත් එක්ක මට නිතරම ඇවිදින්න යන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක වෙන්න ඇති ගොඩක් වෙලාවට පළවෙනි දරුවා අහිමි වෙන්න ඇත්තේ. ඉතින් මට තේරෙන කාලේ ඉඳන් හැමදාම මට දරුවෝ පස් දෙනෙක් ඕනේ උනා. දැන්නම් මට ආයේ දරුවන් හදන්න බැරි වෙයි. හැබැයි මම හිතනවා අර දෙන්නා ජීවත් වෙලා හිටිය නං අද මට දරුවෝ පස් දෙනෙක්.” ඉතින් ඒ සංවේදී කතාව පිළිබඳව හිරුණිකා අදහස් දැක්වූයේ ඒ විදිහටයි.
ලැබෙන සියලුම දේවල් පින් පව් අනුව තීරණය වන නිසා ජීවිතය ගැන ඇය කලකිරෙන නැතුව දරුවන් තුන් දෙනා සමග සමඟ සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලත් සඳහන් කළා. ඉතින් ඒ ජීවිතය ඒ විදිහටම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම අපි හදවතින් ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පාඩම!මෑතකදී  ඔහුට සම්මානයක් ලැබුණු විට, රොනාල්ඩෝ එය යම් ... *Alberto Fantrau.* කෙනෙකු වෙත කැප ක...
03/12/2022

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පාඩම!

මෑතකදී ඔහුට සම්මානයක් ලැබුණු විට, රොනාල්ඩෝ එය යම් ... *Alberto Fantrau.* කෙනෙකු වෙත කැප කළේය. ඉන්පසු මෙසේ පැවසීය: *"ඔව් මම විශිෂ්ට පාපන්දු ක්‍රීඩකයෙක් සහ මගේ සියලු සාර්ථකත්වය මගේ මිත්‍ර ඇල්බර්ටෝට ස්තූතියි"*
මිනිසුන් එකිනෙකා දෙස බලා, "කවුද මේ මිස්ටර් ෆැන්ට්‍රෝ?"

ඉන්පසු රොනාල්ඩෝ තවදුරටත් මෙසේ පැවසීය: *"අපි තරුණ කණ්ඩායමක එකට ක්‍රීඩා කළා. Sporting of Lisbon බඳවා ගන්නන් අපව නිරීක්ෂණය කිරීමට පැමිණි විට, ඔවුන් අපට පැවසුවේ වැඩිම ගෝල ලබාගත් ප්‍රහාරකයා ක්‍රීඩා ඇකඩමියට බඳවා ගන්නා බවයි.*

*එදා අපි 3-0ක් දිනුවා. මම පළමු ගෝලය ලබාගත් අතර පසුව ඇල්බට් 2 වැනි ගෝලය හිසෙන් ලබා ගත්තා. ඉන්පසුව 3 වැනි ගෝලය කාගේත් සිත් ගත් එක විය.* *wing position එකෙන් පටන් ගත් ඇල්බර්ටෝ පසුව පන්දු රකින්නා සමඟ මුහුණට මුහුණ සොයා ගෝල රකින්නා ඩ්‍රිබල් කර ඔහුට කළ යුතුව තිබුණේ පන්දුව හිස් ගෝලයට තල්ලු කිරීම පමණි. ඒ අතරේ මම එයාගේ පැත්තට දුවගෙන ගියා. හිස් ගෝලයට පන්දුව ගැසීම වෙනුවට, ඇල්බර්ටෝ මට පන්දුව යැවීමට තීරණය කළ අතර මම ලකුණු රැස් කළෙමි.* *ස්පෝටිං ලිස්බන් ඇකඩමියේ මා සොයා ගන්නේ එලෙසයි. තරගයෙන් පසු මම ඔහු වෙත ගොස් "ඇයි ඔබ එසේ කළේ?" එවිට ඔහු පිළිතුරු දෙමින්, "ඔබ මට වඩා හොඳ බව මම දන්නා නිසා"*

වැඩි විස්තර දැන ගැනීමට කුතුහලයෙන් සිටි මාධ්‍යවේදීන් විමර්ශනය කිරීමට පටන් ගත් අතර රොනාල්ඩෝ පැවසූ කතාව සත්‍යදැයි විමසීමට මෙම ඇල්බර්ටෝ ෆැන්ට්‍රෝ හමුවීමට හැකි වූ අතර ඔහු එය සනාථ කළ අතර පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ඔහුගේ වෘත්තීය ජීවිතය මෙම තරඟයෙන් පසුව අවසන් වූ බව පැවසීය. වෘත්තීය වීමට ඇති එකම අවස්ථාව වන අතර එතැන් සිට ඔහු රැකියා විරහිතව සිටියේය.

කෙසේ වෙතත්, ඔහුගේ සුඛෝපභෝගී නිවස සහ ගරාජයේ නවතා ඇති ඔහුගේ මර්සිඩීස් නිරීක්ෂණය කළ මාධ්‍යවේදීන් ඇල්බර්ටෝගෙන් ඇසුවේ "නමුත් රැකියා විරහිතව ඔබට එවැනි නිවසක් සහ මෝටර් රථයක් ලබාගෙන මෙතරම් සුඛෝපභෝගී ලෙස ජීවත් වන්නේ කෙසේද? ඔබට ශාරීරිකව තරමක් සුවපහසු බව පෙනේ" ඇල්බර්ටෝගේ පිළිතුර: "ඒ සියල්ල? . . රොනාල්ඩෝ * වේ

මෙම කතාවේ තේමාව:
අපි පහත ප්‍රශ්නය අපෙන්ම අසාගනිමු: රොනාල්ඩෝ සහ ඇල්බර්ටෝ වැනි දෙයක් අපගෙන් කී දෙනෙක් කවදා හෝ කර තිබේද?

මිතුරන්! අපගේ සහෝදරයන්ගේ / සහෝදරියන්ගේ / මිතුරන්ගේ / ඥාතීන්ගේ සාර්ථකත්වය ගැන ආඩම්බර වන පරිදි අපි එකිනෙකාට උදව් කරමු
ඒ වගේම අපි පුද්ගලයෙකුට සාර්ථක වීමට උදව් කරන විට, ඔහුගේ ජීවිතයේ මෙම සාර්ථකත්වයට දායක වූ අයව දෙවැන්නා කිසි විටෙකත් අමතක නොකළ යුතුය.

උපුටාගත්තකි.

---------------------------------------------

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන පැතුම් නිශ්ශංක විවාහ දිවියට....ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පි...
28/11/2022

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වන පැතුම් නිශ්ශංක විවාහ දිවියට....
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද දිනයේ විවාහ ගිවිසගෙන තිබෙනවා. මේ වන විට 24 වන වියේ පසුවන පැතුම් එශානි නැමැති සිය පෙම්වතිය සමග විවාහ ගිවිස ගෙන ඇති බවයි තොරතුරු අපට වාර්තා වුණේ ඡායාරූප පහතින්...

ෆාතිමා මධුෂාන් එක්ක 26 වෙනි උපන් දිනය සමරපු හැටිඅද අපි කතා කරන ඇය නිළියක් නම් නොවේ , නිරූපණ ශිල්පිනියක් ද නොවෙයි.. සිය හ...
27/11/2022

ෆාතිමා මධුෂාන් එක්ක 26 වෙනි උපන් දිනය සමරපු හැටි

අද අපි කතා කරන ඇය නිළියක් නම් නොවේ , නිරූපණ ශිල්පිනියක් ද නොවෙයි.. සිය හඬ පෞර්ෂය නිසාම ජනතාවගෙ ආදරය දිනා ගත්ත නිවේදන ශිල්පීනියක්.. ඇය නමින් පාතිමා නස්රින් මුස්ලිම් ජාතික තරුණියක් වුණත් … සම්ප්‍රදායෙන් බැහැරව තමන්ට ආවේණික වූ ජීවන රටාවක් ගෙන යන ෆාතිමා සමාජ ජාල තුළ බෙහෙවින් ජනප්‍රිය චරිතක්. ඇය විවාහ විවාහ වෙලා ඉන්නේ කළත් ඇය සමග එකට සේවය කළ. සිංහල ජාතික තරුණයකු වන මධුෂාන් සමග… සම්ප්‍රදාය අතික්‍රමණය කළ පාතිමා මධුෂාන් විවාහය මේ රටේ කොයි කවුරුත් කතා කරපු පුවත් මවපු විවාහ උත්සවයක් වුණා.
ස්වර්ණවාහිනී නාලිකාවේ live at 8 ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් බොහොම අපූරුවට සිංහල භාෂාව හසුරුවපු ඇය ලංකාවේ එකම මුස්ලිම් ප්‍රවෘත්ති නිවේදිකාව බවට පත්වුණා. පාතිමා මෑතක සිය 26 වන උපන්දිනය පවුලෙ අයත් එක්ක බොහොම චාමෙට ගත්ත ඡායාරූප එකතුවක් සමාජ ජාල වලට එක් කරමින් මෙන්න මෙහෙම අදහසක් තමයි කියලා තිබුණේ…
දැන් මට 26ක් වෙනදා වගේම පවුලේ අයත් එක්ක කාලෙකට පස්සේ කේක් ගෙනත් කපල බොහොම චාමෙට උපන්දින සැමරුවා. මගේ දෙවන ගෙදර අය හිටියේ නැතත් එයාලගේන් උදේ පාන්දරම සුභ පැතුම් ආවා. ළඟම යාළුවො නෑදෑයො හැමෝම වගේ සුභ පැතුම් එකතුකරා.. සෝෂල් මීඩියා වල යාළුවොත් රෑ 12 පහුවෙලා සුභ පැතුම් එකතු කළා ගොඩක් සතුටුයි කෝටි ගණනක් දීලාවත් ගන්න බෑ මේ සතුට ඔයාලට ගොඩාක් ස්තුතියි.

Job vecansies...
16/05/2022

Job vecansies...

ලක්වාසී සියලු දෙනාට සුභ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා...
14/04/2022

ලක්වාසී සියලු දෙනාට සුභ සිංහල හා හින්දු අළුත් අවුරුද්දක් වේවා...

Address

Nugegoda
Nugegoda
00500

Alerts

Be the first to know and let us send you an email when Hilevel SL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hilevel SL:

Share