SilkRoute

SilkRoute 𝐒𝐢𝐥𝐤𝐫𝐨𝐮𝐭𝐞™

The YouTube Channel
The TikTok Channel

𝐒𝐈𝐋𝐊𝐑𝐎𝐔𝐓𝐄

𝗧𝗵𝗲 𝗦𝗶𝗹𝗸 𝗥𝗼𝘂𝘁𝗲 𝘄𝗮𝘀 𝗮 𝗻𝗲𝘁𝘄𝗼𝗿𝗸 𝗼𝗳 𝘁𝗿𝗮𝗱𝗲 𝗿𝗼𝘂𝘁𝗲𝘀 𝘄𝗵𝗶𝗰𝗵 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗲𝗱 𝘁𝗵𝗲 𝗘𝗮𝘀𝘁 𝗮𝗻𝗱 𝗪𝗲𝘀𝘁 𝗮𝗻𝗱 𝘄𝗮𝘀 𝗰𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝘁𝗼 𝘁𝗵𝗲 𝗲𝗰𝗼𝗻𝗼𝗺𝗶𝗰, 𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗮𝗹, 𝗽𝗼𝗹𝗶𝘁𝗶𝗰𝗮𝗹, 𝗮𝗻𝗱 𝗿𝗲𝗹𝗶𝗴𝗶𝗼𝘂𝘀 𝗶𝗻𝘁𝗲𝗿𝗮𝗰𝘁𝗶𝗼𝗻𝘀 𝗯𝗲𝘁𝘄𝗲𝗲𝗻 𝘁𝗵𝗲𝘀𝗲 𝗿𝗲𝗴𝗶𝗼𝗻𝘀 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝟮𝗻𝗱 𝗰𝗲𝗻𝘁𝘂𝗿𝘆 𝗕𝗖𝗘 𝘁𝗼 𝘁𝗵𝗲 𝟭𝟴𝘁𝗵 𝗰𝗲𝗻𝘁𝘂𝗿𝘆. 𝗧𝗵𝗲 𝗦𝗶𝗹𝗸 𝗥𝗼𝘂𝘁𝗲 𝗽𝗿𝗶𝗺𝗮𝗿𝗶𝗹𝘆 𝗿𝗲𝗳𝗲𝗿𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗹𝗮𝗻𝗱 𝗿𝗼𝘂𝘁𝗲𝘀 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗘𝗮𝘀𝘁 𝗔𝘀𝗶𝗮 𝗮𝗻𝗱 𝗦𝗼𝘂𝘁𝗵𝗲𝗮𝘀𝘁 𝗔𝘀𝗶𝗮 𝘄𝗶𝘁𝗵 𝗦𝗼𝘂𝘁𝗵 𝗔𝘀𝗶𝗮, 𝗣𝗲𝗿𝘀𝗶𝗮, 𝘁𝗵𝗲 𝗔𝗿𝗮𝗯𝗶𝗮𝗻 𝗣𝗲𝗻𝗶𝗻𝘀𝘂𝗹𝗮, 𝗘𝗮𝘀𝘁 𝗔𝗳𝗿𝗶𝗰𝗮 𝗮𝗻𝗱 𝗦𝗼𝘂𝘁𝗵𝗲𝗿𝗻 𝗘𝘂𝗿𝗼𝗽𝗲.

𝗧𝗵𝗶𝘀 𝗺𝗼𝗱𝗲𝗿𝗻 𝗽𝗹𝗮𝘁𝗳𝗼𝗿𝗺 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝘀 𝗘𝗮𝘀𝘁 𝗮𝗻𝗱 𝗪𝗲𝘀𝘁 𝗶𝗻 𝗮 𝘄𝗮𝘆 𝘁𝗵𝗮𝘁 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗲𝗱 𝗯𝗲𝗳𝗼𝗿𝗲.

𝐒𝐈𝐋𝐊𝐑𝐎𝐔𝐓𝐄 𝐂𝐎𝐍𝐂𝐄𝐏𝐓𝐒

𝚂𝚒𝚕𝚔𝚛𝚘𝚞𝚝𝚎 𝙷𝚘𝚕𝚍𝚒𝚗𝚐𝚜 (𝙿𝚟𝚝) 𝙻𝚝𝚍 𝚒𝚜 𝚊 𝚐𝚘𝚟𝚎𝚛𝚗𝚖𝚎𝚗𝚝 𝚛𝚎𝚐𝚒𝚜𝚝𝚎𝚛𝚎𝚍 𝙲𝚘𝚖𝚙𝚊𝚗𝚢 𝚒𝚗 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊.

නවතම නිර්මාණශීලී ආරක ගීත ඉදිරිපත් කිරීමක්.මේ ගීතය, 1950 අප්‍රේල් 26 දින මුලින්ම තිරගත කරන ලද, " හදිසි විනිශ්චය  " චිත්‍ර...
14/09/2026

නවතම නිර්මාණශීලී ආරක ගීත ඉදිරිපත් කිරීමක්.

මේ ගීතය,
1950 අප්‍රේල් 26 දින මුලින්ම තිරගත කරන ලද,
" හදිසි විනිශ්චය " චිත්‍රපටිය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක්.
මෙම ගීතය,
මර්සලීනු ඇල්බට් මහතා විසින් රචනා කරනු ලදුව,
බී. ඇස්. පෙරේරා මහතා විසින්, සංගීතවත් කර ඇත.
ගායනය: ඇඩී ජයමාන්න [ කෝකිල ],
සමඟ,
ලැටීෂියා පීරිස් [ පද්මිණී ]
විසින් ගායනා කර ඇත.

මේ ගීතයේ මීළඟට එන පදවැලේ කොටසක් මෙසේය.

🎵...කෝකිල: මගේ මාල ගිරවී මේ.
කන්ඩකො,
ඩයස් ගෙ හෙරළී,
පද්මිණී: රාජා මෙ මාගේ කියල
විහිළු,
ඇයි මාව රවටන්නේ,
දැන් ඇයි මාව රවටන්නේ,
කෝකිළ: නැහැ කොටෝ කන්ඩකෝ,
මෙ කොහිල දලු,
මේ ළපටි දලු,
පද්මිණී: සීනි බබෝ,
මේ ඔයත් කන්ඩකෝ.....🎵.

කොහොමද, මේ පද වැල...?

𝗛𝗲𝗹𝗹𝗼 𝗔𝗹𝗹,𝗧𝗵𝗲 𝗦𝗶𝗹𝗸 𝗥𝗼𝘂𝘁𝗲 𝘄𝗮𝘀 𝗮 𝗻𝗲𝘁𝘄𝗼𝗿𝗸 𝗼𝗳 𝘁𝗿𝗮𝗱𝗲 𝗿𝗼𝘂𝘁𝗲𝘀 𝘄𝗵𝗶𝗰𝗵 𝗰𝗼𝗻𝗻...

සිනමා සම්මානයේ වටිනාකම තීරණය කරන්නේ ජූරිය පමණක් ද?Part II - ජූරියෙන් ඔබ්බට ගිය සම්මාන ක්‍රමයක අවශ්‍යතාවසිනමා සම්මානයක් ය...
13/09/2026

සිනමා සම්මානයේ වටිනාකම තීරණය කරන්නේ ජූරිය පමණක් ද?

Part II - ජූරියෙන් ඔබ්බට ගිය සම්මාන ක්‍රමයක අවශ්‍යතාව

සිනමා සම්මානයක් යනු අවසානයේ වේදිකාවකදී නමක් ප්‍රකාශ කිරීම පමණක් නොවේ. එය යම් නිර්මාණයකට “මෙය එම වසරේ විශිෂ්ට කලාත්මක හෝ වෘත්තීය දායකත්වයක්” යන නිල පිළිගැනීම ලබාදීම කි. එබැවින් සම්මානයේ වටිනාකම තීරණය වන්නේ ඔහු හෝ ඇය තෝරාගත් ක්‍රමවේදය මත ය.

හොඳම ජූරියක් පත් කළත් ඔවුන් භාවිතා කරන නිර්ණායක පැහැදිලි නැත්නම්, සියලු නිර්දේශිත නිර්මාණ සම්පූර්ණයෙන් නරඹා නැත්නම්, පෞද්ගලික සබඳතා තීරණයට බලපානවා නම් හෝ එක් එක් කාණ්ඩයට වෙනස් විශේෂඥ දැනුම අවශ්‍ය බව නොසලකා හැරියොත්, “Expert Jury” යන නාමය පමණක් සම්මානයකට වෘත්තීය විශ්වසනීයත්වයක් ලබාදෙන්නේ නැත. එබැවින් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ ප්‍රසිද්ධ පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත ජූරියක් පමණක් නොව, විශ්වාස කළ හැකි Award Governance System එක කි.

මෙහිදී තවත් වැදගත් කරුණක් වන්නේ සම්මාන කාණ්ඩ අතර ඇති ස්වභාවික වෙනසයි. “හොඳම චිත්‍රපටය” සහ “හොඳම ශබ්ද නිර්මාණය” එකම ආකාරයෙන් විනිශ්චය කළ නොහැක. පළමු කාණ්ඩයේදී සමස්ත සිනමා අත්දැකීම, තිර රචනය, රංගනය, අධ්‍යක්ෂණය, දෘශ්‍ය භාෂාව, සංස්කරණය, ශබ්දය සහ චිත්‍රපටයේ අභ්‍යන්තර සංගතභාවය වැනි පුළුල් කරුණු සලකා බැලිය හැක. එහෙත් ශබ්ද නිර්මාණය වැනි කාණ්ඩයකදී ශබ්ද ස්ථර නිර්මාණය, අවකාශීය භාවිතය, dialogue clarity, ambience, effects, mixing සහ narrative function වැනි විශේෂිත කරුණු පිළිබඳ දැනුම අවශ්‍ය වේ. එබැවින් “එකම ජූරියක් සියලුම කාණ්ඩ තීරණය කරයි” යන ක්‍රමය වෙනුවට, Category-specific expertise ඇතුළත් කරන ක්‍රමයක් වඩාත් සාධාරණ විය හැක. මෙහිදී තීරණය කරන එකම මතය අවසාන තීන්දුව විය යුතු නැත; ඔහුගේ හෝ ඇයගේ විශේෂඥ දැනුම පුළුල් ජූරි තීරණයට නිවැරදි පදනමක් සැපයිය යුතු ය.

එමෙන්ම සම්මානයක විශ්වසනීයත්වය රැකීමට “කවුද ජූරියේ සිටියේ?” යන්නට අමතරව “ඔවුන් තීරණය කළේ කෙසේද?” යන්න ද ප්‍රශ්නයක් විය යුතු ය. ජූරි සාමාජිකයන්ට පෙර නිර්වචනය කළ නිර්ණායක ලබාදීම, සියලුම නිර්දේශිත නිර්මාණ නැරඹීම අනිවාර්ය කිරීම, තමන්ට සම්බන්ධ නිර්මාණයක් තිබේ නම් එම තීරණයෙන් ඉවත් වීම, සාමාජිකයන්ගේ Conflict of Interest ප්‍රකාශ කිරීම, රහස් ඡන්ද ක්‍රමයක් භාවිත කිරීම සහ අවම වශයෙන් අභ්‍යන්තර ලකුණුකරණයක් හෝ ඇගයීම් ක්‍රමයක් පවත්වා ගැනීම වැනි කරුණු සම්මාන ක්‍රමයක විශ්වාසය වැඩි කරයි. මෙහි අරමුණ කලාව "ගණිතයකට" සීමා කිරීම නොවේ. එය “මට මේ චිත්‍රපටය කැමතියි” යන පෞද්ගලික රුචිය සහ “මෙම නිර්මාණය තමන් භාවිතා කරන සිනමා භාෂාව තුළ සාර්ථකව ක්‍රියාත්මක වී ඇත” යන critical judgment එක අතර වෙනස හඳුනා ගැනීම යි.

ශ්‍රී ලංකාවේ තවත් වැදගත් ප්‍රතිසංස්කරණයක් විය යුත්තේ ජනප්‍රියත්වය සහ වෘත්තීය විශිෂ්ටත්වය පැහැදිලිව වෙන් කිරීම යි. ජනප්‍රිය නළුවා, ජනප්‍රිය නිළිය, ජනප්‍රිය චිත්‍රපටය හෝ Audience Choice වැනි සම්මාන සඳහා මහජන ඡන්දය ඉතා සුදුසු ක්‍රමය කි. එය ජනතාවගේ රුචිය මැනීමකි. නමුත් කැමරාකරණය, සංස්කරණය, තිර රචනය, ශබ්ද නිර්මාණය, සංගීත අධ්‍යක්ෂණය හෝ දෘශ්‍ය ප්‍රයෝග වැනි කාණ්ඩවලදී ජනප්‍රියත්වය මත තීරණය කිරීම වෙනත් අර්ථය කි. සමාජ මාධ්‍ය ප්‍රතිචාර, ප්‍රසිද්ධිය, රසික පිරිස හෝ Box Office සාර්ථකත්වය විශිෂ්ට වෘත්තීය නිර්මාණයක් සඳහා ස්වයංක්‍රීය සාක්ෂියක් නොවේ. එබැවින් සම්මාන ක්‍රමයක Popular Awards සහ Professional Awards යන අංශ දෙක පැහැදිලිව වෙන් කිරීම ශ්‍රී ලංකාවේ සම්මාන සංස්කෘතියට වඩාත් පිරිසිදු භාවයක් ලබාදිය හැක.

ප්‍රශ්නය “ජූරියේ ප්‍රසිද්ධ අය සිටිය යුතු ද?” යන්නට වඩා බැරෑරුම් ය.

ප්‍රසිද්ධියට කිසිදු වරදක් නැත; සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණ, ගෞරවනීය සහ විශිෂ්ට නිර්මාණකරුවෙකු ජූරියේ සිටීම වටිනා දෙයකි. නමුත් ප්‍රසිද්ධිය qualification එකක් නොවිය යුතු ය. ඒ වෙනුවට නිර්මාණාත්මක අත්දැකීම, තාක්ෂණික ප්‍රාමාණිකත්වය, න්‍යායාත්මක අවබෝධය, වෘත්තීය ඉතිහාසය, විචාරාත්මක හැකියාව සහ ස්වාධීනත්වය එකට සලකා බැලිය යුතුය. ශ්‍රී ලංකාවේ ජාතික සිනමා සම්මාන ක්‍රමයක් ජාත්‍යන්තර මට්ටමේ ගෞරවයක් ලබාගැනීමට නම්, අපට අවශ්‍ය වන්නේ “කවු ද දිනුවේ?” යන ප්‍රශ්නයට පමණක් පිළිතුරු දෙන ක්‍රමයක් නොව, “ඇයි ඔහු හෝ ඇය දිනුවේ?” යන්න වෘත්තීයමය වශයෙන් පැහැදිලි කළ හැකි ක්‍රමය කි. එදාට සම්මානයක් යනු වේදිකාවේ දෙන කුසලානයක් පමණක් නොව, ශ්‍රී ලාංකික සිනමාවේ වෘත්තීය ප්‍රමිතිය පිළිබඳ විශ්වාස කළ හැකි ලකුණක් බවට පත්වනු ඇත.

With love චතුර්ක වින්දන ❤️

සිනමා සම්මානයක Jury එකට ප්‍රසිද්ධ පුද්ගලයන් පමණක් ද, නැතිනම් අදාළ ක්ෂේත්‍රවල න්‍යායාත්මක, තාක්ෂණික හා ප්‍රායෝගික ප්‍රාමා...
12/09/2026

සිනමා සම්මානයක Jury එකට ප්‍රසිද්ධ පුද්ගලයන් පමණක් ද, නැතිනම් අදාළ ක්ෂේත්‍රවල න්‍යායාත්මක, තාක්ෂණික හා ප්‍රායෝගික ප්‍රාමාණික දැනුම ඇති විශේෂඥයන් සිටිය යුතු ද?



ජාත්‍යන්තර භාවිතය පරීක්ෂා කළ විට පිළිතුර වන්නේ විශේෂයෙන් technical categories සඳහා domain expertise ඉතා වැදගත් බවයි. එහෙත් ඒකේ අර්ථය “Cinematography award එක තීරණය කරන්න cinematographer කෙනෙක් පමණක් සිටිය යුතුයි” කියන එක නොවේ. හොඳම ක්‍රමය වන්නේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන peer expertise + broader cinematic judgment + transparent rules + conflict-of-interest safeguards එකට යෙදීමයි.

සිනමා සම්මාන විනිශ්චය කළ යුත්තේ කවුද?

ලෝකයේ භාවිතය සහ ශ්‍රී ලංකා සිනමාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණයක් පිළිබඳ ස්වාධීන විමසුමක්.
සිනමා සම්මානයක් යනු ජනප්‍රියත්වය මැනීමක් නොවේ. එය කලාත්මක, තාක්ෂණික, න්‍යායාත්මක සහ වෘත්තීය විශිෂ්ටත්වය පිළිබඳ ප්‍රකාශයක්. එබැවින් සම්මානයක විශ්වසනීයත්වය රඳා පවතින්නේ ජයග්‍රාහකයා කවුද යන්නට පමණක් නොව, එම තීරණය ගැනීමට භාවිතා කළ ක්‍රමය කෙතරම් වෘත්තීය ද? යන්න මතය.

ශ්‍රී ලංකාවේ මෙය වඩාත් වැදගත් ප්‍රශ්නයක් වන්නේ, වර්තමාන සම්මාන උළෙලවලදී Best Film, Direction, Screenplay, Cinematography, Editing, Music, Sound, Visual Effects, Colour Grading වැනි සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂඥතා අවශ්‍ය වන කාණ්ඩ විශාල සංඛ්‍යාවක් තිබීම නිසාය. 2026 සරසවිය සම්මානවලද Best Music Direction, Visual Effects, Editing, Sound Editing සහ පළමු වරට Best Colour Grading වැනි technical categories ඇතුළත් කර තිබේ.

1. Oscar ක්‍රමය අපට කියන්නේ කුමක්ද?

මෙහි පළමුව වැදගත් වෙනසක් තේරුම් ගත යුතුය. Oscar එක Cannes වගේ “9 දෙනෙකුගේ Jury එකක්” මත පදනම් වූ ක්‍රමයක් නොවේ.
Academy එකේ වර්තමානයේ film professionals 19 branchesකට සංවිධානය වී ඇත. Actors, Cinematographers, Directors, Film Editors, Music, Producers, Production Design, Sound, Visual Effects, Writers ආදී ක්ෂේත්‍ර වෙන වෙනම නියෝජනය වේ. Oscar voting ක්‍රමයේ විශේෂ වැදගත්කම වන්නේ category එකට අදාළ professional expertise භාවිතා කිරීමයි.

උදාහරණයක් ලෙස,

Cinematography → Cinematography branch expertise

☆ Editing → Editors
☆ Music → Music professionals
☆ Sound → Sound professionals
☆ Writing → Writers

ඒ අතර Best Picture වැනි සමස්ත චිත්‍රපටය පිළිබඳ category එක සඳහා Academy branches සියල්ලේ සුදුසුකම් ලත් සාමාජිකයන්ට ඡන්දය දීමට හැකිය. Final voting අදියරේදී සියලු eligible Academy membersට categories 24ම vote කළ හැක. සියලු voting secret ballot මත සිදු වන අතර independent accounting firm එකක් ඒවා tabulate කරයි.

මෙය ඉතා වැදගත් මූලධර්මයක්.

"Technical excellence should not be judged primarily through popularity; it should be judged by people who understand the craft"

2. Cannes ක්‍රමය තවත් වෙනස්.

Cannes Film Festival එකේදී Oscar වගේ දහස් ගණනක Academy membership voting system එකක් වෙනුවට international jury එකක් පත් කරයි. උදාහරණයක් ලෙස 2026 Cannes Feature Film Jury එකේ President වූයේ South Korean director, writer සහ producer Park Chan-wook ය. අනෙක් සාමාජිකයන් වූයේ actresses Demi Moore සහ Ruth Negga, directors/writers Laura Wandel, Diego Céspedes සහ Chloé Zhao, actor Isaach De Bankolé, screenwriter Paul Laverty සහ actor Stellan Skarsgård ය.

මෙහි දැකිය හැකි වැදගත් කරුණක් වන්නේ,

සියලුම Jury members එකම profession එකේ අය නොවීමයි. නමුත් ඔවුන් සියල්ලෝම සිනමාව පිළිබඳ ඉහළ මට්ටමේ professional practitioners.
එම නිසා Cannes model එකේ ප්‍රධාන මූලධර්මය වන්නේ:

"Professional diversity, not celebrity diversity"

නළුවෙක් සිටිනවා. අධ්‍යක්ෂවරයෙක් සිටිනවා. තිර රචකයෙක් සිටිනවා. Producer කෙනෙක් සිටිනවා. Editor කෙනෙක් පවා සිටිනවා. ඒ නිසා “ප්‍රසිද්ධ කෙනෙක්” වීම පමණක් qualification එක නොවේ.

3. එහෙනම් technical knowledge අවශ්‍යද?

ඔව්, විශේෂයෙන් technical awards සඳහා. මෙය මගේ පෞද්ගලික මතයක් පමණක් නොවේ. ලෝකයේ ප්‍රමුඛ Academy/Festival structures වල professional disciplines වෙන වෙනම හඳුනාගෙන තිබීමෙන් ඒක පැහැදිලියි. උදාහරණයක් ලෙස, Cinematography කියන්නේ “ලස්සනට පෙනෙනවා ද?” කියන ප්‍රශ්නය පමණක් නොවේ.

විනිශ්චය කිරීමට අවශ්‍ය විය හැකි කරුණු,

☆ lens selection
☆ focal length
☆ camera movement
☆ framing
☆ composition
☆ lighting design
☆ exposure
☆ colour science
☆ dynamic range
☆ contrast
☆ practical lighting
☆ motivated lighting
☆ visual continuity
☆ visual storytelling
☆,camera language
☆ digital workflow

මේවා පිළිබඳ වෘත්තීය අවබෝධයක් නොමැති පුද්ගලයෙකුට “මට මේක ලස්සනයි” කියා තීරණයක් ගත හැකියි. නමුත් ඒක professional cinematography assessment එකක් නොවිය හැක.

4. Music category එක තවත් හොඳ උදාහරණයක්.

Film music එකක් විනිශ්චය කිරීමත් එසේම ය.
Film score එකක් හොඳද කියා තීරණය කිරීමේ දී,

☆ melody
☆ harmony
☆ orchestration
☆ instrumentation
☆ thematic development
☆ leitmotif
☆ rhythm
☆ silence
☆ diegetic/non-diegetic music
☆ sound-image relationship
☆ dramatic function
☆ emotional manipulation
☆ originality
☆ mixing/mastering

වැනි කරුණු සලකා බැලිය හැක. එබැවින්, සංගීතය ගැන හොඳ රසඥතාවක් ඇති කෙනෙක් සහ film scoring පිළිබඳ professional knowledge ඇති composer/musicologist යන දෙදෙනා එකම දෙයක් නොවේ.එසේම musician කෙනෙකු වීම පමණින් film music පිළිබඳ expert කෙනෙකු බවට පත් වන්නේ ද නැත.

Domain expertise + film-specific understanding දෙකම වඩාත් සුදුසුය.

5. Editing ගැනත් ඒකමයි

සාමාන්‍ය ප්‍රේක්ෂකයෙක් කියන්න පුළුවන්,
“Film එක slow වැඩියි.” නමුත් editor කෙනෙක් විමසන්නේ,

☆ shot duration
☆ continuity
☆ rhythm
☆ temporal structure
☆ spatial continuity
☆ parallel editing
☆ match cuts
☆ montage
☆ reaction shots
☆ pacing
☆ narrative information
☆ ellipsis
☆ subjective editing වැනි දේ.

ඒ නිසා “මට boring වුණා” යන්න සහ “editing එකේ structural weakness එකක් තිබුණා” යන්න සම්පූර්ණයෙන්ම වෙනස් විනිශ්චයන් දෙකකි.

6. Best Film එකට technical experts පමණක් ප්‍රමාණවත්ද? නැහැ.

මෙතැන balance එක අවශ්‍යයි. Best Film එක කියන්නේ,

Acting + Direction + Screenplay + Cinematography + Editing + Sound + Music + Production Design + Theme + Cultural significance + Overall cinematic coherence යන සියල්ලගේ එකතුවක්.

ඒ නිසා, Best Film සඳහා සියලු technical categories එකට එකතු කරලා “වැඩිම technical quality” ඇති චිත්‍රපටය තෝරා ගැනීම වැරදියි.
උදාහරණයක් ලෙස ඉතා විශිෂ්ට cinematography එකක් තිබුණත් screenplay එක දුර්වල film එකක් Best Film නොවිය හැක. ඒ නිසා Best Film Jury එකට broader cinematic judgment අවශ්‍යය.

7. ශ්‍රී ලංකාවට මෙහි ඇති ප්‍රධාන ගැටලුව?

ශ්‍රී ලංකාවේ සම්මාන ක්‍රමය සම්පූර්ණයෙන්ම වැරදියි කියන තීන්දුවකට පැමිණීම සාධාරණ නැහැ. උදාහරණයක් ලෙස 37th Sarasaviya Awards සඳහා independent panel of experts awards තීරණය කළ බව නිල වාර්තාව සඳහන් කරයි. Popular categories සඳහා public voting සහ Popular Film සඳහා box-office performance භාවිතා කිරීම ද වෙනම ක්‍රමයකි. එය හොඳ distinction එකක්. නමුත් ඊළඟ ප්‍රශ්නය වන්නේ, “Expert” කියන්නේ කවුද? මෙය තමයි ශ්‍රී ලංකාවේ තවදුරටත් පැහැදිලි කළ යුතු කරුණ. Expert යන්නෙන්,

☆ ප්‍රසිද්ධ පුද්ගලයෙක් ද?
☆ සිනමා ක්ෂේත්‍රයේ senior කෙනෙක් ද?
☆ වසර ගණනාවක් වැඩ කළ කෙනෙක් ද?
☆ academic qualification තියෙන කෙනෙක් ද?
☆ technical qualification තියෙන කෙනෙක් ද?
☆ international experience තියෙන කෙනෙක් ද?
☆ awards ගණනාවක් දිනා ඇති කෙනෙක් ද?

කියන ප්‍රශ්න මතු වෙනවා.

8. ශ්‍රී ලංකාවේ හොඳ ආදර්ශයක් තිබුණා

මෙයත් අමතක නොකළ යුතු කරුණක්. පැරණි Sarasaviya Awards records බලන විට categories වෙන වෙනම Best Cameraman, Best Editor, Best Music Director, Best Art Director, Best Sound Management, Best Script Writer, Best Lyricist ආදී වශයෙන් වෙන් කර තිබූ බව පැහැදිලියි. 1968 සම්මාන උළෙලේ පවා මෙවැනි වෘත්තීය අංශ වෙන්කර හඳුනාගෙන තිබුණි. එනම්, ශ්‍රී ලංකාවේ සිනමා සම්මාන ඉතිහාසයට technical craft recognition අලුත් දෙයක් නොවේ. ඇත්තටම මුල් Sarasaviya structure එකේම cinematography, editing, music, art direction, sound, script writing වැනි disciplines සඳහා වෙන වෙනම awards තිබුණි. එය නැවත වඩාත් වෘත්තීය මට්ටමකට ගෙන ඒම වැදගත්.

9. යෝජනා කරන ශ්‍රී ලංකා ක්‍රමය!

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජාතික සිනමා සම්මානයක් නම්, මම එකම Jury එකක් හැම category එකක්ම තීරණය කරන model එකකට වඩා මෙවැනි hybrid system එකක් යෝජනා කරමි.

A. Technical Peer Panels

☆ Cinematography
ප්‍රවීණ cinematographers + film academics

☆ Editing
senior editors + film scholars

☆ Music
film composers + music academic

☆ Sound
sound designers + re-recording/mixing engineers

☆ Visual Effects

→ VFX professionals + relevant technical experts

☆ Production Design

→ production designers + art/architecture/design professionals

☆ Costume/Make-up

→ experienced professionals + relevant academics

මේවාට එම discipline එකේ ප්‍රාමාණික දැනුම අනිවාර්ය කළ හැක.

10. ඒකෙන් පස්සේ Main Jury එක

Best Film, Best Director, Best Screenplay වැනි ප්‍රධාන categories සඳහා වෙනම Main Jury එකක් තිබිය හැක. උදාහරණයක් ලෙස 9 දෙනෙක් නම්,
(සාමාජිකයා - ප්‍රධාන දායකත්වය).

1 Senior Director - Jury President
2 Screenwriter
3 Actor/Actress
4 Cinematographer
5 Editor
6 Composer / Music professional
7 Sound / Technical professional
8 Film critic / Film scholar / Academic
9 Independent international film professional

මෙය “ජනප්‍රිය පුද්ගලයන් 9 දෙනෙක්” නොව සිනමා වෘත්තියේ 9 different perspectives. Cannes 2026 Jury එකේ පවා Director, Writer, Actor, Producer සහ Editor වැනි විවිධ disciplines එකට තිබීම මෙයට හොඳ contemporary example එකකි.

11. Academic qualification එක අනිවාර්ය කළ යුතු ද?

මෙතැන මම “degree එක නැත්නම් expert නොවේ” කියන අදහසට එකඟ නැහැ. සිනමාවේ විශිෂ්ට practitioners බොහෝ දෙනෙක් academic degree එකකට වඩා දශක ගණනක practical experience මගින් තම expertise ලබාගෙන ඇත.
ඒ නිසා සුදුසු මූලධර්මය,

Qualification ≠ Degree only

වඩා හොඳ framework එක,

Academic knowledge + Professional experience + Demonstrated body of work + Peer recognition
යන හතරේ එකතුවයි. උදාහරණයක් ලෙස, වසර 30ක් ප්‍රමුඛ චිත්‍රපටවල cinematographer ලෙස වැඩ කළ කෙනෙක්, cinematography degree එකක් නැති නිසා Jury එකෙන් ඉවත් කිරීම අසාධාරණ යි. අනිත් පැත්තෙන්, cinema degree එකක් තිබුණ පමණින් technical master කෙනෙකු බවට පත්වන්නේද නැහැ.

12. වඩාත් වැදගත් කරුණ - Conflict of Interest

මෙය ශ්‍රී ලංකාවේ ඉතාම වැදගත් ප්‍රතිසංස්කරණයක් විය හැක. Jury member කෙනෙක්,

තරඟ කරන film එකක producer නම්, director නම්, financial interest එකක් තිබේ නම්, immediate family member කෙනෙක් nominated නම්, film එකේ ප්‍රධාන creative contributor කෙනෙක් නම්, competing nominee කෙනෙකු සමඟ direct professional relationship එකක් තිබේ නම්, එම category එකේ vote කිරීමෙන් ඉවත් වීම හෝ Jury එකෙන් recuse වීම වැනි නීති තිබිය යුතුය.

ශ්‍රී ලංකාවේ 2026 National Oscars Selection Committee එක පිළිබඳ National Film Corporation නිල නිවේදනයේද expertise across producing, directing, screenwriting, cinematography, editing, film journalism/criticism, programming/curating සහ international film promotion යන disciplines සඳහන් කරන අතර, conflict-of-interest disclosure සහ impartiality ගැනද පැහැදිලිව සඳහන් කර තිබේ. මෙය ඉතා හොඳ institutional direction එකකි.

13. Jury member කෙනෙක් film එක බලලා නැත්නම්?

මෙයත් professional system එකක ඉතා වැදගත් කරුණක්. Oscar International Feature Film rules අනුව final voting සඳහා nominated films සියල්ලම නැරඹූ eligible members පමණක් vote කළ යුතුය. Preliminary සහ nomination stages වලද viewing requirements තිබේ. එය ඉතා සාධාරණ මූලධර්මයක්,

"Film එක සම්පූර්ණයෙන් නැරඹුවේ නැත්නම් ඒ film එක පිළිබඳ vote කිරීමට නොහැක". ශ්‍රී ලංකාවටත් මෙය formal rule එකක් විය යුතුයි.

14. Jury එකට scoring system එකක් තිබිය යුතුද?

මම කියන්නේ ඔව්, නමුත් mechanical scoring එකක් නොවිය යුතුයි. උදාහරණයක්,

Best Cinematography

Visual storytelling - 25%
Lighting - 20%
Composition/framing - 15%
Camera movement/lens language - 15%
Colour/image treatment - 10%
Technical ex*****on - 10%
Originality - 5%

එවැනි framework එකක් Jury membersට common evaluation language එකක් ලබා දෙයි.
නමුත් අවසානයේ,

85/100 = winner

වගේ purely mathematical mechanism එකකට සිනමාව සීමා නොකළ යුතුයි.,මන්ද, කලාවට subjective judgment එකක්ද අවශ්‍යයි.

15. “මට කැමතියි” සහ “හොඳයි” අතර වෙනස

මේක තමයි සම්මාන Jury එකක ඇති විශාලම philosophical problem එක.

Personal taste ≠ professional evaluation.

Jury member කෙනෙක්ට horror films කැමති නැති වුණත්, විශිෂ්ට horror film එකක් තිබිය හැක. Classical music කැමති නැති කෙනෙකුට modern experimental score එකක් හොඳින් විනිශ්චය කිරීමට සිදුවිය හැක. එබැවින් Jury member කෙනෙක් තමන්ගේ personal taste එකෙන් ඉහළට ගොස්,

“මෙය මට කැමති film එකද?” යන්න වෙනුවට,

“මෙම film එක තමන් තෝරාගත් cinematic language එක තුළ කෙතරම් සාර්ථක ද?” යන්න ඇසිය යුතුයි.

මේ දෙක අතර විශාල වෙනසක් තියෙනවා.

16. ජනප්‍රියත්වය සහ කලාත්මක විශිෂ්ටත්වය වෙන් කළ යුතුයි. මෙයත් ශ්‍රී ලංකාවට ඉතා වැදගත්.

☆ Popular Actor
☆ Popular Actress
☆ Popular Film
☆ Audience Choice

වැනි awards සඳහා public voting ඉතා සුදුසුය.
නමුත්,

☆ Best Cinematography
☆ Best Editing
☆ Best Sound
☆ Best Original Score
☆ Best Screenplay

වැනි categories සඳහා SMS voting හෝ popularity vote යොදාගැනීම professional evaluation එකක් නොවේ. ශ්‍රී ලංකාවේ දැනටමත් Popular categories සඳහා audience voting සහ Popular Film සඳහා box office performance වෙන් කර ඇති ආකාරය මේ distinction එකට හොඳ පදනමක්.

17. එහෙනම් ශ්‍රී ලංකාවේ කළ යුතු ප්‍රධාන වෙනස කුමක්ද?

මගේ ස්වාධීන නිගමනය අනුව, Jury members “කවුද?” යන්නට වඩා “ඔවුන් තෝරාගන්නේ කෙසේද?” යන්න ප්‍රධාන ප්‍රශ්නය විය යුතුය. ශ්‍රී ලංකා ජාතික සිනමා සම්මාන ක්‍රමයකට අවම වශයෙන් මේවා තිබිය යුතුයි,

① Published Jury Criteria

Jury member කෙනෙක් තෝරාගන්නා qualification criteria ප්‍රකාශයට පත් කිරීම.

② Professional Diversity

Director + Writer + Actor + Cinematographer + Editor + Music + Sound + Academic/Critic ආදී විවිධ disciplines.

③ Technical Peer Review

Technical categories සඳහා එම discipline එකේ practitioners ඇතුළත් කිරීම.

④ Conflict-of-Interest Declaration

සියලු Jury members conflict declaration එකක් අත්සන් කිරීම.

⑤ Mandatory Viewing

සලකා බලන film සියල්ල සම්පූර්ණයෙන් නැරඹීම.

⑥ Written Evaluation

අවම වශයෙන් internal scoring/reasoning framework එකක් තිබීම.

⑦ Secret Voting

Individual preferences public pressure වලින් ආරක්ෂා කිරීම.

⑧ Independent Administration

Award organizer එකෙන් Jury decision එකට අනවශ්‍ය මැදිහත්වීමක් නොතිබීම.

⑨ Separation of Popular & Artistic Awards

Audience popularity සහ professional excellence එකම මිනුමකින් නොමැනීම.

⑩ Rotation

එකම පිරිස වසරින් වසර Jury එක වීම වැළැක්වීම.

සිනමා සම්මානයක Jury එකට සිනමාව පිළිබඳ න්‍යායාත්මක, තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුම ඇති පුද්ගලයන් සිටීම අත්‍යවශ්‍ය වීම වඩාත් සුදුසු professional practice එකකි.

විශේෂයෙන්,

● Cinematography → Cinematography expertise
● Editing → Editing expertise
● Music → Music/Film-scoring expertise
● Sound → Sound expertise
● Visual Effects → VFX expertise
● Screenplay → Screenwriting expertise
● Production Design → Production-design expertise

වැනි craft-specific awards සඳහා ඒ ඒ ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුම තිබීම සාධාරණ හා වෘත්තීයමය අවශ්‍යතාවක්. නමුත්, Best Film වැනි සමස්ත කාණ්ඩයකට එක් technical discipline එකක expert කෙනෙක් පමණක් ප්‍රමාණවත් නැහැ. එතැන විවිධ disciplines වලින් ලැබෙන professional judgment එක + film theory/criticism + broader cinematic understanding එකට අවශ්‍යයි. ඒ නිසා හොඳම සූත්‍රය මෙයයි,

“Celebrity Jury” නොව - “Expert Jury”.
“One-discipline Jury” නොව - “Multi-disciplinary Jury”.
“Popularity-based judgment” නොව - “Evidence-based professional judgment”.
“Personal taste” නොව - “Informed critical judgment”.

ඒ වගේම Oscar model එක සහ Cannes model එක එකම දෙයක් නොවන බවත් පැහැදිලිව තේරුම් ගත යුතුයි. Oscar එකේ 19 professional branches සහ category-specific voting structure එකක් තිබෙන අතර Cannes එකේ highly experienced multidisciplinary international Jury එකක් තිබේ. දෙකේම common principle එක වන්නේ cinema expertise සහ structured evaluation යන්නයි. ශ්‍රී ලංකාවට වඩාත් සුදුසු model එක නම් Oscar එක copy කිරීමවත් Cannes එක copy කිරීමවත් නොව, මේ දෙකේ හොඳ

principles - professional expertise, multidisciplinary representation, category-specific competence, independence සහ conflict-of-interest safeguards - එකතු කරගත් ශ්‍රී ලංකාවට ගැළපෙන system එකක් නිර්මාණය කිරීමයි. මෙහි “expert” යන්න degree එකක් ඇති පුද්ගලයෙකුට පමණක් සීමා කර නැත. ප්‍රාමාණික වෘත්තීය අත්දැකීම, නිර්මාණ කාර්යයන්, peer recognition සහ academic/critical knowledge යන සියල්ල එකට සලකා බැලීම වඩා සාධාරණ ය.

Writer: චතුර්ක වින්දන

වෙනස් විදිහකට දැක්කමයි. ඩී.බී ගංගොඩතැන්න
12/09/2026

වෙනස් විදිහකට දැක්කමයි. ඩී.බී ගංගොඩතැන්න

අසුන්ගෙන ඉන්නේ එවක ඉංග්‍රීසි ආණ්ඩුවේ  මහමුදලිවරයා වූ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා සහ හිටගෙන ඉන්නේ එතුමාගේ පුත් ශ්‍රී ලංකා...
11/09/2026

අසුන්ගෙන ඉන්නේ එවක ඉංග්‍රීසි ආණ්ඩුවේ මහමුදලිවරයා වූ සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා සහ හිටගෙන ඉන්නේ එතුමාගේ පුත් ශ්‍රී ලංකාවේ සිව්වැනි අගමැතිධුරය දැරූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක මහතා..

03/09/2026

Silkroute | Bringing the Brand to Life 🕊️

A symbol of vision, movement and timeless elegance. Watch the Silkroute logo come alive, transforming a distinctive identity into a living expression of the brand.

"CONNECTING EAST & WEST"

01/09/2026

🔴 යශෝධරාවන් නිවුණා ● ලන්දු සෙට්ටිනායක

සඳුන් සුවඳ සේ මැදුරේ සැරිසරමින්
හද තුළ රිදුමන් බෝ රහසේ රකිමින්
සිදුහත් රුවට සෙවණක් වී හිඳිමින්
යශෝධරා දිවි ගෙවූවා සසරපෙමින්//

SilkRoute

Collection
24/08/2026

Collection

Collection
24/08/2026

Collection

Address

Colombo
Nugegoda
10250

Telephone

+94712399999

Website

Alerts

Be the first to know and let us send you an email when SilkRoute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SilkRoute:

Shortcuts

Share