Silkroute

Silkroute 𝐒𝐢𝐥𝐤𝐫𝐨𝐮𝐭𝐞™

The YouTube Channel

𝐒𝐈𝐋𝐊𝐑𝐎𝐔𝐓𝐄

𝗧𝗵𝗲 𝗦𝗶𝗹𝗸 𝗥𝗼𝘂𝘁𝗲 𝘄𝗮𝘀 𝗮 𝗻𝗲𝘁𝘄𝗼𝗿𝗸 𝗼𝗳 𝘁𝗿𝗮𝗱𝗲 𝗿𝗼𝘂𝘁𝗲𝘀 𝘄𝗵𝗶𝗰𝗵 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗲𝗱 𝘁𝗵𝗲 𝗘𝗮𝘀𝘁 𝗮𝗻𝗱 𝗪𝗲𝘀𝘁 𝗮𝗻𝗱 𝘄𝗮𝘀 𝗰𝗲𝗻𝘁𝗿𝗮𝗹 𝘁𝗼 𝘁𝗵𝗲 𝗲𝗰𝗼𝗻𝗼𝗺𝗶𝗰, 𝗰𝘂𝗹𝘁𝘂𝗿𝗮𝗹, 𝗽𝗼𝗹𝗶𝘁𝗶𝗰𝗮𝗹, 𝗮𝗻𝗱 𝗿𝗲𝗹𝗶𝗴𝗶𝗼𝘂𝘀 𝗶𝗻𝘁𝗲𝗿𝗮𝗰𝘁𝗶𝗼𝗻𝘀 𝗯𝗲𝘁𝘄𝗲𝗲𝗻 𝘁𝗵𝗲𝘀𝗲 𝗿𝗲𝗴𝗶𝗼𝗻𝘀 𝗳𝗿𝗼𝗺 𝘁𝗵𝗲 𝟮𝗻𝗱 𝗰𝗲𝗻𝘁𝘂𝗿𝘆 𝗕𝗖𝗘 𝘁𝗼 𝘁𝗵𝗲 𝟭𝟴𝘁𝗵 𝗰𝗲𝗻𝘁𝘂𝗿𝘆. 𝗧𝗵𝗲 𝗦𝗶𝗹𝗸 𝗥𝗼𝘂𝘁𝗲 𝗽𝗿𝗶𝗺𝗮𝗿𝗶𝗹𝘆 𝗿𝗲𝗳𝗲𝗿𝘀 𝘁𝗼 𝘁𝗵𝗲 𝗹𝗮𝗻𝗱 𝗿𝗼𝘂𝘁𝗲𝘀 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗶𝗻𝗴 𝗘𝗮𝘀𝘁 𝗔𝘀𝗶𝗮 𝗮𝗻𝗱 𝗦𝗼𝘂𝘁𝗵𝗲𝗮𝘀𝘁 𝗔𝘀𝗶𝗮 𝘄𝗶𝘁𝗵 𝗦𝗼𝘂𝘁𝗵 𝗔𝘀𝗶𝗮, 𝗣𝗲𝗿𝘀𝗶𝗮, 𝘁𝗵𝗲 𝗔𝗿𝗮𝗯𝗶𝗮𝗻 𝗣𝗲𝗻𝗶𝗻𝘀𝘂𝗹𝗮, 𝗘𝗮𝘀𝘁 𝗔𝗳𝗿𝗶𝗰𝗮 𝗮𝗻𝗱 𝗦𝗼𝘂𝘁𝗵𝗲

𝗿𝗻 𝗘𝘂𝗿𝗼𝗽𝗲.

𝗧𝗵𝗶𝘀 𝗺𝗼𝗱𝗲𝗿𝗻 𝗽𝗹𝗮𝘁𝗳𝗼𝗿𝗺 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝘀 𝗘𝗮𝘀𝘁 𝗮𝗻𝗱 𝗪𝗲𝘀𝘁 𝗶𝗻 𝗮 𝘄𝗮𝘆 𝘁𝗵𝗮𝘁 𝗰𝗼𝗻𝗻𝗲𝗰𝘁𝗲𝗱 𝗯𝗲𝗳𝗼𝗿𝗲.

𝐒𝐈𝐋𝐊𝐑𝐎𝐔𝐓𝐄 𝐂𝐎𝐍𝐂𝐄𝐏𝐓𝐒

𝚂𝚒𝚕𝚔𝚛𝚘𝚞𝚝𝚎 𝙷𝚘𝚕𝚍𝚒𝚗𝚐𝚜 (𝙿𝚟𝚝) 𝙻𝚝𝚍 𝚒𝚜 𝚊 𝚐𝚘𝚟𝚎𝚛𝚗𝚖𝚎𝚗𝚝 𝚛𝚎𝚐𝚒𝚜𝚝𝚎𝚛𝚎𝚍 𝙲𝚘𝚖𝚙𝚊𝚗𝚢 𝚒𝚗 𝚂𝚛𝚒 𝙻𝚊𝚗𝚔𝚊.

පුරාණ පර්සියාව කොහොමද ඉරානය බවට පත් උනේ? මීට අවුරුදු හාරදාහකට විතර කලින්, ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 2000-1300 අතර කාලෙදි...
05/03/2026

පුරාණ පර්සියාව කොහොමද ඉරානය බවට පත් උනේ? මීට අවුරුදු හාරදාහකට විතර කලින්, ඒ කියන්නෙ ක්‍රිස්තු පූර්ව 2000-1300 අතර කාලෙදි තමයි අද ඉරානය තියෙන තැනට සාමූහිකව මිනිස්සු සංක්‍රමණය උනේ. එහෙම ආවෙ පුරාණ ඉන්දු-ඉරාන ජාතිකයින්. එයාලා දැවැන්ත තෘණබිම්වල ඇවිද ගියපු එඬේරුන්.

මේ අය එක එක භාෂා කතා කරන, විවිධ ජන වර්ගවල මිනිස්සු. ගොඩ දෙනෙක් කතා කෙරුවෙ ඉන්දු-යුරෝපීය භාෂා. ඔය කාලෙ ජනවර්ග හැඳින්නුවෙත් එයාලා කතා කරන භාෂාවෙ නමින්ම තමයි.

කොහොමහරි ඔන්න කට්ටිය ඔය කලාපයට ආවා. මේ අය අතර ප්‍රධාන ජන කණ්ඩායම් දෙකක් හිටියා. එකක් තමයි ‘මිඩීස්‘. මිඩීස්ලා ඇවිත් පදිංචි උනේ වයඹදිග ඉරාන ප්‍රදේශයේ. අනෙක් ප්‍රධාන කණ්ඩායම තමයි පර්සියන්. පර්සියානුවො ඇවිත් පදිංචි උනේ දකුණුදිග ඉරානයේ. මේ හරියට ඒ කාලෙ කිව්වෙ ‘පාර්ස් භූමිය‘ කියලා. සමහර තැන්වල මේ හරියට ‘පර්සිස්‘ භූමිය කියලත් කියනවා. ඒ කියන්නෙ පර්සියානු මිනිස්සු හිටපු තැන කියන අදහස. (සමහර ඉතිහාස සටහන්වල කියනවා පර්සිස් වල හිටපු නිසා මේ මිනිස්සුන්ට පර්සියානුවො කියනවා කියලත්. ඒ කියන්නෙ Vice versa )

කාලයක් ගත උනා. අවුරුදු 1000 ක් විතර සාමාන්‍ය ලෙස ගෙවී ගියා. කාලයෙන් කාලයට එක එක පාලකයින් මේ ප්‍රදේශයේ බලයටත් පත් උනා. ක්‍රිස්තු පූර්ව 600 දි විශේෂ පාලකයෙක් මෙතැන බිහි උනා. එයා තමයි ‘මහා සයිරස්‘. (Cyrus the Great)

මෙයා පර්සියන් ජාතිකයෙක්. මෙයාගෙ පාලන කාලයේදි අර ඉරාන භූමියේ අනෙක් කොටසත් මෙයා පර්සියානු කොටසට ඈඳාගත්තා. ඒ කියන්නෙ මිඩීස් ජන වර්ගය යුද්ධයකින් යටත් කරගත්තා. ක්‍රිස්තු පූර්ව 550 දි ‘අකීමිනිඩ් පර්සියානු අධිරාජ්‍යය’ නිර්මාණය කෙරුවා. (Achaemenid Persian Empire). මේක තමයි පුරාණ ලෝකයේ තිබුණු විශාලම අධිරාජ්‍යයන් අතර මුලින්ම හැදුණු එක.

හැබැයි මෙයා තව විශේෂ දෙයක් කෙරුවා. මෙයාගෙ අධිරාජ්‍යයට යටත් වන මිනිස්සුන්ගෙ දේශපාලනයට විතරයි මෙයා ඇඟිලි ගැහුවෙ. ඒ ඒ ජන වර්ගවල ආගම්, සංස්කෘතිය, භාෂාව, සිරිත් විරිත් හැමදේම පවත්වාගෙන යන්න ඉඩ දුන්නා. බැබිලෝනියා කොටසෙ තිබුණු යුදෙව් පන්සල් මෙයා අලුත්වැඩියා කෙරුවා. විවිධ ගැටුම් හින්දා සංක්‍රමණය වෙච්ච යුදෙව්වන්ව නැවත පදිංචි කෙරෙව්වා.

සයිරස්ගෙන් පස්සෙ ආපු පාලකයොත් මේ වැඩපිළිවෙල දිගටම ගෙනිච්චා. ‘පළමුවැනි ඩාරියස්‘ කියන්නෙ මේ අකීමිනිඩ් අධිරාජ්‍යය විශාල වශයෙන් සමෘද්ධිමත් කරපු පාලකයෙක්. එයාගෙ කාලෙදි ඊජිප්තුවේ ඉඳන් ඉන්දියාව වෙනකන් මුලු කලාපයම අකීමිනිඩ් අධිරාජ්‍යය යටතට පත් උනා. මේ මුලු කලාපයේම දැවැන්ත මාර්ග පද්ධතියක් හදන්න මෙයා කටයුතු කෙරුවා. ඒ වගේම පණිවුඩ හුවමාරු ක්‍රමයක් සහ ගමනාගමන පහසුකම් ඇති කෙරුවා. ලෝකෙන් බාගයක්ම සැළසුම්සහගතව පාලනය කෙරුවා.

තවත් කාලයක් ගත උනා.

ක්‍රිස්තු පූර්ව 334 වෙද්දි මේ ළඟපාතම තිබුණු මැසිඩෝනියානු ප්‍රදේශයේ තරුණ පාලකයෙක් බිහි උනා. එයා තමයි ‘මහා ඇලෙක්සැන්ඩර්’. එයා ක්‍රිස්තු පූර්ව 334 වෙද්දි මේ පර්සියානු අකීමිනිඩ් අධිරාජ්‍යය යටත් කරගත්තා.

පර්සියානු අධිරාජ්‍යය යටත් කරගන්න තමයි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා එයාගෙ ජීවිතයේ කරපු විශාලම යුද්ධ මාලාව කෙරුවෙ. ක්‍රිස්තු පූර්ව 330 වෙද්දි ඉරානය අයත් වූ අකීමිනිඩ් අධිරාජ්‍යය අවසන් උනා. ඒක මැසිඩෝනියාවේ කොටසක් බවට පත් උනා. ඇලෙක්සැන්ඩර් ගැන අපි කලින් ලිපි ගණනාවක කතා කෙරුවා. එයාත් තමන්ට යටත්වන ජාතීන්ගෙ අනන්‍යතාවය ඒ විදිහටම පවත්වාගෙන ගියපු කෙනෙක්. ඉතින් පර්සියන් ආගම්, දර්ශන, සංස්කෘතිය, සිරිත් විරිත් ආදිය මේ කාලයෙත් දිගටම පෝෂණය උනා. පැවතුණා.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා තරුණ කාලෙදිම (වයස අවුරුදු 32 දි) මියැදුනා. එයාගෙන් පස්සෙ මැසිඩෝනියානු අධිරාජ්‍යය බෙදාගන්න එයාගෙම ජෙනරාල්ල කා කොටා ගත්තා. මැසිඩෝනියානු අධිරාජ්‍යය කියන්නෙ ග්‍රීක අධිරාජ්‍යයක්. ඉතින් එක එක ජෙනරාල්ලා ග්‍රීක ජනපද නියෝජනය කරමින් මේ මහා මැසිඩෝනියානු භූමියේ කෑලි කෑලි පාලනය කරන්න පටන් ගත්තා. පර්සියානු (ඉරානය සහිත) කොටසෙ පාලකයා විදිහට පත් උනේ සාමාන්‍ය කමාන්ඩර් කෙනෙක් වෙච්ච සෙලියුකස් කියන තරුණයා. සෙලියුකස් කාලයක් ගිහින් පර්සියානු තරුණියක්වම විවාහ කරගත්තා. ඒ තරුණිය පර්සියාවෙ ඉස්සර තිබුණු අකීමිනිඩ් අධිරාජ්‍යයේ උරුමය තිබුණු තරුණියක්. මේ දෙන්නට ළමයෙක් ලැබුණා. දැන් ඇලෙක්සැන්ඩර්වත්, මැසිඩෝනියාවවත් නෑ. ඉතින් ඔය ඉපදුනු දරුවා තමයි කොයි විදිහකින් හෝ පර්සියානු පාරම්පරික රාජ උරුමය සහිත කුමාරයා උනේ.

ඊට පස්සෙ පර්සියානු කොටසට සෙලියුකස් අයිතිවාසිකම් කිව්වා. එයාට නොමැරී ජීවත් වෙලා මේකෙ පාලනය ගන්න උදව් කෙරුවෙ ඊජිප්තුවේ පළමුවැනි ටොලමි. (ක්ලියෝපැට්රාගෙ මී මුත්තා). දැන් අපි පළමුවැනි ටොලමි ගැන අපේම මී මුත්තාටත් වඩා හොඳින් දන්නවා දිගටම එයා ගැන කතා කරපු හින්දා. 😁

සෙලියුකස් කාලයක් යද්දි මුලු පර්සියානු කොටසෙම පාලකයා උනා. ළඟ ළඟ තිබුණු අනෙක් කලාපත් යටත් කරගත්තා. එයා ‘සෙලියුසිඩ්’ නමින් අධිරාජ්‍යයත් පිහිටෙව්වා. ඉන්දියාවෙ චන්ද්‍රගුප්ත මෞර්ය එක්ක පවා මෙයා යුද්ධ කෙරුවා. එතැනට එනකම් මෙයාගෙ සෙලියුසිඩ් අධිරාජ්‍යය වර්ධනය උනා. දැන් ඔන්න ඉරානය තියෙන්නෙ සෙලියුසිඩ් අධිරාජ්‍යයේ.

තවත් කාලයක් ගත උනා. පොඩි පොඩි වෙනස්කම් සහිතව.

ක්‍රිස්තු පූර්ව අවසන් උනා. ක්‍රිස්තු වර්ෂ ආරම්භ උනා. ක්‍රිස්තු වර්ෂ 224 දි ඉරානය සහිත පර්සියානු කොටසෙ ‘සසේනිඩ්‘ කියන වංශය ටික ටික බලවත් උනා. ඊට පස්සෙ මෙයාලා පර්සියානු මිනිස්සුන්ට කිව්වා තමන් පුරාණ පර්සියානු අධිරාජ්‍යයේ පාලකයින්ට ලේ නෑකම සහිත වංශයක් බව. තව දේවල් උනා. කෙටියෙන් කිව්වොත් අයිතිය පෙන්වලා මෙයාලා බලයට ආවා. මෙයාලත් යුද්ධ කරලා අසල්වැසි ප්‍රදේශ තමන්ට ඈඳාගත්තා. මෙයාලගෙ පාලනය තමයි ‘සසේනියන් අධිරාජ්‍යය‘. මේකෙ ප්‍රධාන ආගම ‘ශරතුස්ත්‍රවාදය‘ බවට මෙයාලා නම් කෙරුවා.

ශරතුස්ත්‍රවාදය, එහෙමත් නැතිනම් ශරතුස්ත්‍ර ආගම කියන්නෙ පුරාණ ග්‍රීක සහ පර්සියානු ආගමික සංකල්ප මිශ්‍ර වෙලා හැදුණු එකක්. පස්සෙ මේකට ක්‍රිස්තියානි ඇදහිලිත් එකතු උනා. මේ තමයි පර්සියානු කලාපයේ (ඉරානය සහිත) රාජ්‍ය මැදිහත්වීමෙන් පිහිටුවාපු මුල්ම ඇදහිල්ල. ඊට කලින් තිබුණෙ ජනතාවගේ සිරිත් විරිත්වලට පාලකයින් මැදිහත් නොවුනු ක්‍රමයක්.

ඔන්න දැන් ඉරානය ඇතුළු කොටස් අයිති ‘ශරතුස්ත්‍රවාදී සසේනියන්’ අධිරාජ්‍යයට.

තවත් කාලයක් ගත උනා. ක්‍රිස්තු වර්ෂ 633-651 අතර කාලයේදි ඉරානයට අලුත්ම ආක්‍රමණයක් ආවා. මෙතෙක් කල් පර්සියානු සහ ග්‍රීක පාලකයින් තමයි මාරුවෙන් මාරුවට ඉරානය සහිත භූමිය පාලනය කෙරුවෙ. අලුතින්ම ආපු අය උනේ ‘අරාබි ජාතිකයින්’.

මේ ආපු අරාබි ජාතිකයින්ගෙ ආගම උනේ ඉස්ලාම්. එයාලා පර්සියානු-ඉරාන ප්‍රදේශයේ තිබුණු ශරතුස්ත්‍රවාදය වෙනුවට ඉස්ලාම් ආගම ප්‍රචාරය කෙරුවා. අරාබි ජාතිකයින්ගෙ පරිපාලන කටයුතු, ආගමික කටයුතු වගේම සංස්කෘතික කටයුතුත් බොහොම සැළසුම්සහගතයි. එයාලගෙ පාලනයේ ප්‍රධාන අංග උනේ මේ දේවල්. ඉතින් පර්සියානු සංස්කෘතියේ ලොකු කොටසක් මේ කාලයේදි අරාබි ජාතිකයින්ගේ ක්‍රමවේදයට අනුව හැඩගැහුණා. ලොකුම දේ උනේ වසර දහස් ගානක් පැවතුණු පර්සියානු භාෂාව ලියන්න අරාබි අකුරු යොදාගැනීම. පර්සියානු භාෂාව කියන්නෙ ඉන්දු-යුරෝපීය භාෂා පවුලට අයිති භාෂාවක්. (භාෂා ගැන හදාරන අයට මේ කොටස අපූරු තැනක්. ඉන්දු-යුරෝපීය භාෂාවක්, අරාබි අකුරුවලින් ලිවීම ආරම්භ කරපු එක)

තවත් වසර 1000 ක් විතර විවිධ වෙනස්කම් සහිතව ගත උනා.

ක්‍රිස්තු වර්ෂ 1501 දි, ‘සෆවිඩ්‘ වංශය ඉරාන-පර්සියා කලාපයේ බලයට පත් උනා. මෙයාලා යටතේ වර්තමාන ඉරානය-ඉරාකය-ඇෆ්ගනිස්ථානය-අසර්බයිජානය සහිත කොටස පාලනය උනා. සෆවිඩ් වංශය පාලනයට පත්වීමත් එක්ක මේ කලාපයේ රාජ්‍ය ආගම බවට ‘ෂීස්ම්‘ එහෙමත් නැතිනම් ‘ෂියා‘ ඉස්ලාම් ධර්මය නම් කෙරුවා. (ෂියා සහ සුන්නි කියන ප්‍රධාන කොටස් වගේම අනු කොටස් ගණනාවක් ඉස්ලාම් ධර්මය තුළ තිබුණා)

මේ තමයි ඉරානය සහිත පර්සියානු කලාපය නිශ්චිතවම ෂියා ඉස්ලාම් කලාපයක් ලෙස පාලනය වීමේ ආරම්භය. මේකෙන් පස්සෙ අරාබිය ඇතුළු තවත් ප්‍රදේශවල තිබුණු ‘සුන්නි‘ ඉස්ලාම් පාලනයන්ගෙන් ඉරානය වෙනස් වීම ආරම්භ උනා.

මෙන්න මේ අවුරුදු 3500 ක විතර මුලු කාලය පුරාම, පිටත ලෝකයේ මිනිස්සු මේ කලාපයට දිගටම කිව්වෙ ‘පර්සියාව‘ කියලා. ඒ අර මුලින්ම ආපු එඬේරුන් පදිංචි වූ ‘පාර්ස් භූමිය සහිත පළාත‘ කියන අර්ථයෙන්. හැබැයි මේ මුලු අවුරුදු 3500 පුරාම මේ රට ඇතුලෙ හිටපු මිනිස්සු එයාලගෙ රටට කිව්වෙ ‘ඉරානය‘ කියලා (Iran).

ඉරානය කියන වචනය එයාලා හදාගත්තෙ ‘ආර්ය ජනතාවගේ භූමිය‘ කියන අර්ථය දෙන විදිහට. මේ ගැන විවිධ මත තියෙයි.

ඉතින් මේ මුලුමහත් කාලය පුරාම ලෝකයා විසින් ‘ඉරානය‘ නමින් රටක් දැනගෙන හිටියෙ නෑ. ඉතිහාසය විසින් ඒ කලාපයට කිව්වෙ පර්සියාව කියලා. නමුත් ඒ රට ඉරානය නමින්ම ස්වදේශිකයින් අතර පැවතුණා.

වර්ෂ 1935 දි, ඉරාන පාලකයා වෙච්චි ‘රේසා ෂා‘ විසින් ලෝකයට දැනුම්දීමක් කෙරුවා මෙතැන් පටන් නිල කටයුතුවලදි තමන්ගෙ රට ‘ඉරානය‘ කියන නමින් විතරක් ආමන්ත්‍රණය කරන්නය කියලා. ඒකට හේතුව විදිහට සඳහන් වෙන්නෙ ඉරානයට ජාතික අනන්‍යතාවයක් ලබාදෙන්න (පර්සියාව කිව්වහම තව ප්‍රදේශ ඇතුළත් නිසා) සහ, පරිපාලන ප්‍රතිසංස්කරණයකට යන්න උවමනා වීම. මෙතැන් පටන් අනෙකුත් රටවල් විසින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී පර්සියාව කියන වචනය වෙනුවට ඉරානය කියන වචනය පාවිච්චි කරන්න පටන් ගත්තා.

වර්ෂ 1979 දි ඉරානයේ රාජ වංශවල පාලනය අවසන් උනා. ඒක සිද්ධ උනේ ඉරාන විප්ලවයෙන්. ඉරාන විප්ලවය කියන්නෙ රජ පෙලපත පළවාහැරලා ආගමික තන්ත්‍රයක් අතට බලය මාරු වෙච්ච අවස්ථාවක්. මේක ආගමික විප්ලවයක්. ඒ ගැන අපි කතා කෙරුවා ඉරාන සිනමාව ගැන ලිපියෙදි කෙටියෙන්.

ඊට පස්සෙ අලුත් ආගමික පාලන තන්ත්‍රය විසින් ඉරානයේ නම ආයෙත් වෙනස් කෙරුවා. ඒ ‘ඉරාන ඉස්ලාම් ජනරජය‘ (Islamic Republic of Iran) නමින්. මේකෙන් පස්සෙ ඉරානය කියන භූමිය එහෙමම තියෙද්දි, ඉරානයේ දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් උනා. ඊට පස්සෙ කොටස් ඔබ දන්නවා. ඉරානයේ අද වෙනකන් තවම තියෙන්නෙ 1979 දි පිහිටවාපු මේ පාලන තන්ත්‍රය.

ඉතින්, පුරාණ පර්සියාව ඉතිහාසයෙන් මැකිලා ගියෙ නෑ. පුරාණ පර්සියානු ශිෂ්ටාචාරය ඒ විදිහටම වෙනත් නමක් යටතේ පවතිනවා. නම් දෙකම මුල ඉඳන් පැවතුනාට, එක නමකින් තවත් නමකට ආපු ගමන බොහොම බරසාරයි. දිගයි. සංකීර්ණයි. පරිවර්තන අටෝරාසියකින් යුතුයි.

පුරාණ ශිෂ්ටාචාරයන් ගැන කුතුහලයෙන් හොයාගෙන යන අපිට පුලුවන් මේ කතාවෙන් ‘බල දේශපාලනය‘ අද එක්වරම හටගත්තු දෙයක් නොවන බව තේරුම්ගන්න. ඒ වගේම අද එක්වරකින් අවසන් නොවන දෙයක් බව තේරුම්ගන්න.

සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

නිදහස් දිනය ශ්‍රී ලංකාවේ (එදා “සීලෝන්”) නවීන නිදහස් ඉතිහාසය 19වන සියවස අග භාගයෙන්ම සජීවී වෙයි. 1815 කන්දියන් රාජධානිය බ්...
04/02/2026

නිදහස් දිනය

ශ්‍රී ලංකාවේ (එදා “සීලෝන්”) නවීන නිදහස් ඉතිහාසය 19වන සියවස අග භාගයෙන්ම සජීවී වෙයි. 1815 කන්දියන් රාජධානිය බ්‍රිතාන්‍ය අධිපත්‍යයට පත් වීමෙන් පසු රට සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය කොලනික් රාජ්‍යයක් ලෙස පාලනය වුණා. ඒ සමඟම අධ්‍යාපනය, පුවත්පත්, නීතිමය ව්‍යුහයන් වැනි නවීන ආයතන හරහා දේශපාලන අවබෝධය වර්ධනය වෙමින්, “නිදහස” පිළිබඳ චින්තනය ජනගත වුණා.

20වන සියවස ආරම්භයේදී අනාගාරික ධර්මපාල, පී. අරුණාචලම්, ඩී. එස්. සේනානායක වැනි නායකයන් මඟින් ජාතික පුනරුදය සහ ස්වයංපාලනය සඳහා වූ අරගලය සංවිධානාත්මක වෙයි. 1915 කාණ්ඩය සහ පසු ඇති වූ දේශපාලන සංවිධානකරණය, 1931 දී ඩොනොමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සර්වජන ඡන්ද බලය ලැබීම වැනි සංවර්ධන, නිදහසට යන මාවත තවදුරටත් පැහැදිලි කළා. දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ දුර්වල වීමත්, කොලනී රටවල ස්වයංපාලන ඉල්ලීම් වර්ධනය වීමත් නිසා, අපට ස්වාධීනත්වය ලබාදීමට මාර්ගය විවර වුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස 1948 පෙබරවාරි 4 දා අප රාජ්‍යය ස්වාධීන ඩොමිනියන් රාජ්‍යයක් ලෙස නිල වශයෙන් බිහි වුණා. ඩී. එස්. සේනානායක ප්‍රථම අගමැතිවරයා ලෙස කටයුතු කළා. පසුව 1972 දී රට “ශ්‍රී ලංකා ජනරජය” ලෙස නව නාමය හා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ සම්පූර්ණ ජනරජයක් බවට පත්වුණා.

ඒ නිසා පෙබරවාරි 4 කියන්නේ පාලන අධිපත්‍යයෙන් නිදහස් වුණු දිනයක් විතරක් නෙමෙයි. එය ජාතික අනන්‍යතාවය ගොඩනැගීම, බහුජාතික–බහුසංස්කෘතික සමාජයක් තුළ එකට ජීවත් වීම, සහ නිදහසට සමඟම එන වගකීම් පිළිගැනීම සිහිපත් කරන සංකේතමය දිනයක් ලෙස අදටත් වැදගත්කම තබාගෙන තියෙනවා. Silkroute .

27/01/2026
ඉතාම වටිනා දුර්ලභ ඡායාරූපයක්. (The  Legends  In Sri Lanka ) මෙම අවස්ථාව මොන තරම් රමණීය වූවා, විය හැකිද?චිත්‍රසේන - ලෙස්ට...
26/01/2026

ඉතාම වටිනා දුර්ලභ ඡායාරූපයක්. (The Legends In Sri Lanka ) මෙම අවස්ථාව මොන තරම් රමණීය වූවා, විය හැකිද?

චිත්‍රසේන - ලෙස්ටර් ජේම්ස් පීරිස් - ටෝනි රණසිංහ - ගාමිණී ෆොන්සේකා - ජෝ අබේවික්‍රම - ඩබ්ලියු.ඩී.අමරදේවයන් - එකම ඡායාරූපයක.

( ස්තූතිය මුල්හිමිකරුට )

Los Caballeros 🎤 ලොස් කැබැලෙරෝස්: 60’ දශකයේ ශ්‍රී ලංකාවේ කැලිප්සෝ සංගීතයේ මැජික්!1960 දශකයේ නුවර pop සංගීතයට නව රිද්මයක්...
25/01/2026

Los Caballeros 🎤

ලොස් කැබැලෙරෝස්: 60’ දශකයේ ශ්‍රී ලංකාවේ කැලිප්සෝ සංගීතයේ මැජික්!

1960 දශකයේ නුවර pop සංගීතයට නව රිද්මයක් ගෙන ආ කණ්ඩායමක් නම් Los Caballeros. ඔවුන්ගේ සංගීතය පාද ගැහීමේ, හිස කම්පනවලට ලාභය දෙන, රසවත් කැලිප්සෝ සංගීතයෙන් ජනතාවේ හදවතට පිවිසුණා. 🇱🇰🎶

1961 මැයි මාසයේ පිහිටුවා ඇති මෙම කණ්ඩායම නායකත්වය දැරූයේ classical ගිටාර් ශිල්පී නෙවිල් ප්‍රනාන්දු. ඔහු සංගීත සැලසුම් සකස් කිරීමේ දක්ෂත්වයෙන් යුක්ත වීමත්, කැලිප්සෝ සංගීතයට ගැලපෙන හඬ සහ ගිටාර් වාදනයේ අපූරු හැකියාවක් තිබීමත් ඔහුගේ විශේෂත්වයයි. 🎸🎶

කණ්ඩායමේ සියලු සාමාජිකයන් ගායනා කළ අතර, ඔවුන්ගේ දක්ෂත්වය මෙහෙම බෙදාගත්හ,

හරොල්ඩ් පෙරේරා – පර්කෂන් 🥁
ලියොපෝල්ඩ් පෙරේරා – බේස් ගිටාර් 🎸
වර්නන් පෙරේරා සහ ක්ලෙමන්ට් රොලන්ඩ් – රිද්ම ගිටාර් 🎶

Los Caballeros නව අදහස් ඇති කළ නිසා, La Ceylonians, Los Flamencos, La Bambas, The Moonstones සහ Dharmarathna Brothers වැනි කණ්ඩායම් ඔවුන්ගෙන් ආදර්ශ ගත්හ. ඒ අනුව, කැලිප්සෝ සහ සංගීත සන්ධානය ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ගැලපුණු අලුත් තලයක් ගෙන ආවා.

ඔබේ ප්‍රියතම 60’ දශකේ සංගීත කණ්ඩායම කවුද? Comment එකේ කියන්න! 🎶

#සංගීතය #කැලිප්සෝ

●Follow us: True Ceylon Cinnamon ● Silkroute

(SONGS: Visit comments section)

අහම්බයක්… නමුත් සිනමා ඉතිහාසයට සදාකාලිකව බැඳුණු අහම්බයක්.23.12.2025 උදෑසන, මේ ගීතය බිහි වීමට මුල පුරපු සතිස්චන්ද්‍ර එදිර...
24/01/2026

අහම්බයක්… නමුත් සිනමා ඉතිහාසයට සදාකාලිකව බැඳුණු අහම්බයක්.

23.12.2025 උදෑසන, මේ ගීතය බිහි වීමට මුල පුරපු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අප අතරින් සමුගත් බව දැනගන්න ලැබුණා. සිංහල සිනමා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් නිහඬව අවසන් වූ මොහොතක් ලෙසම මේ මරණය මට දැනුණේ ඒ නිසාවෙන්.

අසා තිබෙන තොරතුරු අනුව, මෙම චිත්‍රපටය සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය ලෙස සැලකෙනවා. ඒක එක චිත්‍රපටයකින් ඉවර වුණු ආරම්භයක් නෙවෙයි, ඒක සිංහල සිනමාවේ අනාගතය හැඩ ගැස්වූ ආරම්භයක්. ඒ සමඟම, වික්ටර් රත්නායකයන්ගේ පළමු සිනමා සංගීත අධ්‍යක්ෂණයත් මෙහිදී සිදු වුණා කියන කාරණය, අද අපි දකින්නේ ඉතිහාසයේ අතිශය වැදගත් මොහොතක් ලෙස.

ඒත් මේක තවත් එක් පුද්ගලයෙකුගේ ආරම්භයක් නෙවෙයි. සුනිල් එදිරිසිංහයන්ගේ පළමු සිනමා පසුබිම් ගායනය මෙතැනින් ආරම්භ වෙලා තියෙනවා. පසුව සිංහල ගීත ඉතිහාසයේ නොමැකෙන හඬක් බවට පත්වුණු ඒ හඬ, මෙහිදී පළමු වරට සිනමා තිරයට එක් වුණා. එයට අමතරව, වොලී නානායක්කාරයන්ගේ පළමු සිනමා ගී පද රචනයත් මේ චිත්‍රපටය තුළින් බිහි වූ බව සඳහන් විය යුතුයි.

එකම චිත්‍රපටයක, එකම ගීතයක, සිංහල සිනමාවේ පුරාවෘත්තයන් කිහිප දෙනෙකුගේම “පළමු පියවර” එකට එකතුවීම කියන්නේ අහම්බයක් වුණත්, ඒ අහම්බය සිනමා ඉතිහාසයට අතිශය වටිනා සන්ධියක් බවට පත්වෙලා තියෙනවා.

සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් අප අතරින් සමුගත්තත්, ඔහු මුල පුරපු මේ ගීතය, මේ චිත්‍රපටය, සහ ඒ හරහා බිහි වූ සිනමා සංස්කෘතිය, සිංහල සිනමාව තුළ දිගටම ජීවත් වෙයි. ඒක තමයි නියම අර්ථයෙන්ම සිනමා නිර්මාණයක ජයග්‍රහණය.

ගීත රචක හේමසිරි හල්පිට 😍මීට දසක දෙකකට පෙර දී අපෙන් සමු ගත් හේමසිරි හල්පිට ගීත රචකයා ශ්‍රී ලාංකීය ජනප්‍රිය සංගීතයේ පසුබිම...
23/01/2026

ගීත රචක හේමසිරි හල්පිට 😍

මීට දසක දෙකකට පෙර දී අපෙන් සමු ගත් හේමසිරි හල්පිට ගීත රචකයා ශ්‍රී ලාංකීය ජනප්‍රිය සංගීතයේ පසුබිම ගොඩනගා දුන්, නමුත් නිතර නොපෙනෙන කලාකරුවෙකි. වාද්දුවේ උපත ලද ඔහු, වාද්දුව මධ්‍ය විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම ලියන කලාට දැඩි ඇල්මක් දැක්වීය. එම ඇල්ම ඔහුව ලංකාදීප, වනිතා විත්ති වැනි පුවත්පත් හා සඟරා සමඟ සම්බන්ධ කරමින්, කලා ලෝකයට පිවිසෙන දොරටුව විවර කළේය.

මුල් අවධියේදී ගීත රචනය ඔහුගේ ප්‍රධාන අරමුණ නොවූවත්, ගායක නිහාල් නෙල්සන් මහතා විසින් ඉදිරිපත් කළ අභියෝගයක් හල්පිටගේ ජීවිතය නව දිශාවකට හරවා දැමීය. එහි ප්‍රතිඵලයක් ලෙස උපත ලැබූ “ගුණේ අයියගේ බජවු කාමරේ” නම් කැසට් පටය, ශ්‍රී ලංකාවේ මුල්ම කැසට් යුගයේ වැදගත් සන්ධිස්ථානයක් බවට පත්විය. එය නිහාල් නෙල්සන්ගේ ප්‍රථම කැසට් නිර්මාණය වීමත්, හල්පිටගේ මුල් ගී පද රචනා එකතුවක් වීමත්, ලාල් තේනබදු මහතාගේ පළමු සංගීත තනු නිර්මාණයක් වීමත් හේතුවෙන්, සංගීත ඉතිහාසයේ විශේෂ ස්ථානයක් හිමි කරගත්තේය.

ඉන් පසු හේමසිරි හල්පිටගේ පන්හිද අඛණ්ඩව ක්‍රියාත්මක විය. ඔහු ලියූ ගීත සංඛ්‍යාව 6000කට ආසන්නය. ජිප්සීස් කණ්ඩායම සඳහා රචනා කළ ගී, ෆ්‍රෙඩ් සිල්වා, එඩ්වඩ් ජයකොඩි, කීර්ති පැස්කුවල්, නාමල් උඩුගම, ග්‍රෂන් ජයමහ, රූකාන්ත–චන්ද්‍රලේඛා, මායා දමයන්ති, සශිකා නිසන්සලා, ටී.එම්. ජයරත්න වැනි ගායක–ගායිකාවන් රැසකට රචනා කළ ගීත ඔහුගේ පද රචනා හැකියාවේ විවිධත්වය පැහැදිලි කරයි.

චිත්‍රපට සංගීත ක්ෂේත්‍රය තුළද හල්පිටගේ දායකත්වය අති විශාලය. “ඔබට දිවුරා කියන්නම්” ඇතුළු චිත්‍රපට 200කට ආසන්න ප්‍රමාණයකට පසුබිම් ගී පද රචනා කරමින්, ඔහු සිනමා සංගීතයේ නොමැකෙන සලකුණක් තැබීය. ගීතයක අර්ථය රූපයට ගැලපෙන ලෙස ගොඩනැගීමේ දක්ෂතාවය ඔහුගේ විශේෂ හැකියාවක් විය.

ගීත රචකයෙකු ලෙස පමණක් නොව, හේමසිරි හල්පිට ප්‍රසංග වේදිකාවේ කාර්යබහුල නිවේදකයෙකු ලෙසද දිවයින පුරා ජනප්‍රියත්වයට පත්විය. මුල් කාලයේ යතුරුපැදියෙන් ගම්පළාත් සංගීත ප්‍රසංග වෙත ගමන් කළ ඔහු, කෙටි කලකින්ම වේදිකා නිවේදනයේ විශේෂ නාමයක් බවට පත්විය. එපමණක් නොව, වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ලෙසද ඔහු සතු වූ හැකියාව බොහෝ දෙනා නොදන්නා පාර්ශ්වයකි.

කාර්යබහුලත්වය හල්පිටගේ ජීවිතයේ නිතරම පැවති ලක්ෂණයකි. අවධියෙන් සිටින සෑම මොහොතකම ගීයක පද පෙළක් ගළපමින් සිටි ඔහු, කලා ජීවිතයත් පුද්ගල ජීවිතයත් වෙන් කර නොසිටියේය. එහෙත් එම අධික කාර්යබහුලත්වය සහ අසාධ්‍ය සෞඛ්‍ය ගැටලු ඔහුගේ ජීවිතයට අභියෝගයක් බවට පත්විය.

2006 අප්‍රේල් 28 වන දින, ශ්‍රී ලාංකීය සංගීත ලෝකයට දැඩි පාඩුවක් සිදු කරමින්, හේමසිරි හල්පිට මෙලොවින් සමුගත්තේය. ඔහුගේ අවසන් ගමනට රැස් වූ කලාකරුවන් හා රසිකයන්ගේ මහඟු සහභාගිත්වය, ඔහු කලා ලෝකය තුළ දරාගත් ගෞරවය සහ මනුෂ්‍යත්වය නිහඬවම ප්‍රකාශ කළේය.

අද ඔහු අප අතර නොසිටියද,
හේමසිරි හල්පිට ලියූ ගී පද
ශ්‍රී ලාංකීය සංගීතයේ
දිගින් දිගටම හඬ නගමින්
ඔහුගේ නාමය ජීවමාන කර තබා ඇත.

©️චතුර්ක වින්දන

● Follow us: True Ceylon Cinnamon
● Visit us: www.TrueCeylonCinnamon.LK

The viral claim that Sukhwinder Singh composed the tune and Rahman merely polished it is not supported by reliable evide...
22/01/2026

The viral claim that Sukhwinder Singh composed the tune and Rahman merely polished it is not supported by reliable evidence. What’s circulating online is a misinterpretation of an older RGV interview, and both Sukhwinder Singh and RGV have clarified that the composition credit belongs to A. R. Rahman.

එපා බොන්න මත්පැන් (1935) සහ ඩබ්ලිව්.ඒ. ජෝසප් පෙරේරා මාස්ටර් “එපා බොන්න මත්පැන්” (1935) යනු 1930 දශකයේ ශ්‍රී ලංකා සමාජය ත...
22/01/2026

එපා බොන්න මත්පැන් (1935) සහ ඩබ්ලිව්.ඒ. ජෝසප් පෙරේරා මාස්ටර්

“එපා බොන්න මත්පැන්” (1935) යනු 1930 දශකයේ ශ්‍රී ලංකා සමාජය තුළ උඩු ගිය මත් වතුර සංස්කෘතියට එරෙහිව හඬ නැගූ දුර්ලභ ග්‍රැමෆෝන් ගීතයකි. මෙය සරල විනෝදාත්මක ගීයක් නොව, එදා සමාජය අත්විඳි විනාශය පිළිබඳ ජනතාවට සෘජුවම කථා කළ සමාජීය පණිවිඩයක් ලෙස වැදගත් වේ. 1935 වසරේ ග්‍රැමෆෝන් තැටිගත වූ මෙම ගීතය, සංගීතය සමාජ වගකීමක් ලෙස භාවිතා කළ මුල්ම උත්සාහයන්ගෙන් එකක් ලෙස සැලකිය හැක.

මෙම ගීතය ගායනා කළේ ඩබ්ලිව්.ඒ. ජෝසප් පෙරේරා මාස්ටර් විසිනි. එතුමා ගායකයෙකු පමණක් නොව, අති දක්ෂ සර්පිනා (Serpina) වාද්‍යශිල්පියෙකු, සංගීතඥයෙකු සහ සමාජය පිළිබඳ දැඩි සංවේදීතාවයක් තිබූ කලාකරුවෙකු විය. අද ඔහුගේ නාමය බොහෝ දෙනාට අමතක වී තිබුණද, 1930 දශකයේදී ඔහුගේ හඬ සහ සංගීත ක්‍රියාකාරකම් සමාජය තුළ විශාල බලපෑමක් සිදු කළ බව ඉතිහාසයෙන් පෙනී යයි.

මෙම ගීතයේ සංගීතය මෙහෙයවූයේ ශ්‍රී ලාංකීය සංගීතයේ පුරෝගාමී ගුරුවරයෙකු වූ එච්.ඩබ්ලිව්. රූපසිංහ මාස්ටර් විසිනි. එයම මෙම ගීතයේ කලාත්මක මට්ටම සහ සංගීතමය ගැඹුර පිළිබඳ සනාථයක් වේ. ග්‍රැමෆෝන් යුගයේදී මෙවැනි සමාජ විවේචනාත්මක ගීතවලට සංගීත මෙහෙයවීමක් ලබාදීම සරල කාර්යයක් නොවූ බව ද මෙහිදී සිහිපත් කළ යුතුය.

1930–40 දශකයේ ලංකාව තුළ අරක්කු, ටොඩි සහ විදේශීය මත්පැන් බහුල වීමත් සමඟ ගෘහස්ථ හා ග්‍රාමීය සමාජය දැඩි ලෙස කම්පනයට ලක් විය. ගෙවල් බිඳ වැටුණි, පවුල් විනාශ වුණි, දරුවන් අනාථ වුණි. මේ පසුබිම තුළ අමද්‍යප ව්‍යාපාරය සමාජ අරගලයක් බවට පත්වූ අතර, ජෝසප් පෙරේරා මාස්ටර් එහි කලාත්මක හඬ බවට පත්විය.

“එපා බොන්න මත්පැන්” ගීතය ප්‍රේමය හෝ විනෝදය නොව, සෘජුවම මත් වතුරවල විපාක පෙන්වා දෙන උපදේශාත්මක ගීයක් වීම එදා සංගීත භාවිතයට විශාල වෙනසක් ගෙන ආවේය. ගැමි ජනතාවට තේරුම් ගත හැකි සරල භාෂාවෙන්, නීති හෝ දේශපාලන බලයක් නොමැතිව, ගීතයක් හරහා සමාජය දැනුවත් කිරීම මෙහි විශේෂත්වය වේ.

ජෝසප් පෙරේරා මාස්ටර් අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් ගීත කිහිපයක්ම ගායනා කළ බව සඳහන් වෙයි. ඒ නිසාම ඔහුට ජනප්‍රියත්වයත් සමඟ විරුද්ධත්වයද එකවර හිමි විය. මත් වතුරට ලොල් වූ සමහර කණ්ඩායම් ඔහුගේ සමාජික ක්‍රියාකාරකම්වලට දැඩි ලෙස විරුද්ධ වූ බවත්, ඒ හේතුවෙන් ඔහුගේ ජීවිතය අවදානමට ලක් වූ බවත් එදා කතාබහට ලක් වී ඇත.

එතුමා අඩු වයසින් අභිරහස් ලෙස මිය යාම අදටත් පැහැදිලි නැති සිද්ධියකි. විෂ ශරීරගත කොට ඝාතනය කළේ යැයි පැතිර ගිය කතා නීතිමය ලෙස සනාථ වී නැති වුවද, එය සාමාන්‍ය මරණයක් නොවූ බවට බොහෝ සංගීත ඉතිහාසවේදීන් සැක පළ කරති. ඔහුගේ හඬ නිහඬ වීමත් සමඟ අමද්‍යප සංගීතයේ ප්‍රබල හඬක් ද එකවර නිමාවට පත්විය.

අද අප ග්‍රැමෆෝන් යුගය ගැන කතා කරන විට, විනෝදය සහ රසය පමණක් නොව, සමාජ වගකීමත් ඒ සමඟ ගලා ගිය බව මතක් කරගත යුතුය. “එපා බොන්න මත්පැන්” සහ ජෝසප් පෙරේරා මාස්ටර් වැනි කලාකරුවන්, සංගීතය සමාජ පරිවර්තනයකට යොදාගත් මුල්ම පරම්පරාව නියෝජනය කරති.

අදටත් මෙම ගීතය ඇසෙන විට, එය 1935 වසරෙන් එන පැරණි හඬක් නොව, අද සමාජයටත් අදාල වන අවවාදයක් ලෙස ඇසෙන්නේ ඒ නිසාය. ජෝසප් පෙරේරා මාස්ටර් යනු අමතක වූ නාමයක් වුවත්, ඔහු ගැයූ පණිවිඩය තවමත් අපට එකම දේ මතක් කරයි.

එපා බොන්න මත්පැන්...ගීතය ඇතුළු ඔහුගේ ඉපැරණි ගීත එකතුව: 1st Comment

රතන්ජංකර් පරීක්ෂණය (1952)සුනිල් සාන්තයන්ට සිදු වූ අසාධාරණය – පරාජය වූයේ කලාකරුවා නොව, රටය!1952 වසර ශ්‍රී ලාංකීය සංගීත ඉත...
22/01/2026

රතන්ජංකර් පරීක්ෂණය (1952)

සුනිල් සාන්තයන්ට සිදු වූ අසාධාරණය – පරාජය වූයේ කලාකරුවා නොව, රටය!

1952 වසර ශ්‍රී ලාංකීය සංගීත ඉතිහාසයේ අඳුරුම පිටුවලින් එකකි. එය “රතන්ජංකර් පරීක්ෂණය” ලෙස සරලව හඳුන්වනු ලැබුවද, ඇත්ත වශයෙන්ම එය සිංහල ජාතික සංගීතයේ ස්වභාවය, අනාගතය සහ ස්වයං අත්තිවාරමට එල්ල වූ දැඩි සංස්කෘතික අභියෝගයකි. මේ සිද්ධිය තුළ වැඩිම අසාධාරණයට ලක් වූයේ ශ්‍රී ලාංකීය නව සංගීතයේ පුරෝගාමියා වූ සුනිල් සාන්තයන් ය.

භාත්කන්ඩේ විශ්වවිද්‍යාලයේ (ඉන්දියාව) ගායනයෙන් සහ වාදනයෙන් පළමු පංතියේ සම්මානය ලබා, ඒ වන විට කිසිදු ලාංකිකයෙකු නොලැබූ ගෞරවයක් හිමි කරගත් සුනිල් සාන්තයන්, 1944දී ලංකාවට ආපසු පැමිණෙන්නේ හින්දුස්ථානි සංගීතය අන්ධව අනුකරණය කිරීමට නොව, ලංකාවටම ගැලපෙන නව සංගීත මගක් සොයා යෑමටය. ඔහුගේ ගීත 1946 “ඕලු පිපීලා” සිට Radio Ceylon හරහා ශ්‍රී ලංකාව පමණක් නොව ඉන්දියාව ද වශී කරගත්තේ ඒ නිසාය.

ඉන්දියාවේදී ඔහුව හඳුන්වනු ලැබුවේ “Golden Voice” ලෙසය. එහෙත් ඒ ගුරුවරයා වූ පණ්ඩිත් රතන්ජංකර් මහතා ඉදිරියේ, 1952දී, සුනිල් සාන්තයන්ට නැවත “ශිල්පී පරීක්ෂණයකට” පෙනී සිටීමට Radio Ceylon විසින් බල කෙරිනි. මෙය සිදු වන්නේ, “සිංහල සංගීතය හැඩගැසිය යුත්තේ හින්දුස්ථානි රාගධාරී මහා සම්ප්‍රදාය තුළින් පමණි” යන අදහස හිස මුදුනින් පිළිගත් ඉන්දියානු ගැති නිලධාරීන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීම මතය.

මෙහිදී සුනිල් සාන්තයන් ගත්තේ කලාත්මක නොව, ප්‍රතිපත්තිමය තීරණයක් ය.
“මම වසර පහක් භාත්කන්ඩේ ඉගෙන ගත් හින්දුස්ථානි සංගීතය පෙන්වීමට නොව, මම රටට ගෙනා නව සිංහල සංගීතය පරීක්ෂා කිරීමට රතන්ජංකර් මහතාට දැනුමක් නැත” යන ඔහුගේ ස්ථාවරය, කලාකරුවෙකුගේ අභිමානයත්, ජාතික කලා දර්ශනයත් එක්ක ගත් තීරණයකි.

ඔහුට තිබුණේ රතන්ජංකර් ඉදිරියේ හින්දුස්ථානි රාග ගායනා කර ඉහළම පංතියේ සම්මානයක් නැවතත් ලබා ගැනීමේ හැකියාව. නමුත් එය කළේ නම්, ඔහු විසින්ම ගොඩනඟා තිබූ සිංහල සංගීත මගය අහිමි කිරීමක් වන බැවින්, සුනිල් සාන්තයන් එය ප්‍රතික්ෂේප කළේය.

ඒ ප්‍රතික්ෂේපයේ දඬුවම වශයෙන්,
Radio Ceylon දොර ඔහුට වසා දමන ලදී.

1952 සිට 1966 දක්වා වසර 14ක්, රටම වශී කළ ගායකයෙකුගේ හඬ ජනතාවගෙන් වෙන් කෙරුණි. ඔහුගේ ගී තැටි විනාශ කරන ලද බවටත්, ඔහු “පල්ලියේ සංගීතය” කරන බවට බොරු ප්‍රචාර පැතිරවූ බවටත් සාක්ෂි ඇත. ඒ සියල්ල සිදු වන්නේ තරඟ කළ නොහැකි දක්ෂතාවයකට එරෙහිව ය.

කාලය මේ සියල්ලට පිළිතුරු දුන්නේය.
1966දී නෙවිල් ජයවීර මහතා ගුවන්විදුලි සභාපති වීමෙන් පසු, එම රතන්ජංකර් පරීක්ෂණයම නැවත පැවැත්වීමට සුනිල් සාන්තයන් කැඳවනු ලැබීය – මෙවර පරීක්ෂක ලෙස. රූපසිංහ මාස්ටර් සහ අමරදේවයන් ඔහුගේ සහායකයන් වූහ.
එය ඉතිහාසය දුන් දැඩිම පිළිතුරයි.

ඉතින් ප්‍රශ්නය පැහැදිලිය.

1966දී ශිල්පීන් වර්ග කිරීමට සුදුසු වූ සුනිල් සාන්තයන්, 1952දී ඒ සඳහා නුසුදුසු වුණේ කෙසේද?

1952දී පරාජය වූයේ සුනිල් සාන්තයන් නොව, සිංහල සංගීතයේ ස්වභාවික සංවර්ධනයය.
අපිට අහිමි වූයේ ගීත කිහිපයක් නොව, සම්පූර්ණ සංගීත මගක් ය. සුනිල් සාන්තයන් වසර 7–8ක් පමණක් කළ සංගීත කාර්යය පවා අදත් බලවත්ව පවතින විට, ඔහුට නිදහසේ වසර 25–30ක් නිර්මාණ කිරීමට ඉඩ ලැබුණා නම්, අපේ සංගීතයේ රූපය කෙතරම් වෙනස් වෙන්න තිබුණේ ද?

මේ සටහන ලියැවෙන්නේ, තවමත් මේ සිද්ධියේ සත්‍යය නොදන්නා පරපුරක් අප අතර සිටින බැවිනි. ඉතිහාසය නිහඬ කළ හැකි නමුත්, සත්‍යය සදාකාලිකය.

සිංහල සංගීතය තේරුම් ගන්න, වැසීගිය ඉතිහාසය නැවත කියවිය යුතුය.

©️චතුර්ක වින්දන

Follow us: True Ceylon Cinnamon
Website: www.TrueCeylonCinnamon.LK

🎼 ලංකාවේ ග්‍රැමෆෝන් යුගය – හඬ සදාකාලික කළ පළමු විප්ලවයඅද අපි Spotify, YouTube, රේඩියෝ හරහා තත්පර කිහිපයකින් සංගීතය අසන ය...
20/01/2026

🎼 ලංකාවේ ග්‍රැමෆෝන් යුගය – හඬ සදාකාලික කළ පළමු විප්ලවය

අද අපි Spotify, YouTube, රේඩියෝ හරහා තත්පර කිහිපයකින් සංගීතය අසන යුගයක ජීවත් වෙද්දී, ශ්‍රී ලාංකීය සංගීතය පළමුවරට “හඬක් ලෙස සුරකින්න” ඉඩ ලබාදුන් යුගය ගැන අපි කලාතුරකින්ම සිතනවා. ඒ යුගය තමයි ග්‍රැමෆෝන් යුගය.

මෙය යන්ත්‍රයක් පිළිබඳ කතාවක් නෙවෙයි.
මෙය ලංකාවේ සංගීතය වේදිකාවෙන් ගෙදරට,
මොහොතෙන් සදාකාලයට ගෙන ආ සංස්කෘතික විප්ලවයක කතාවක්.

🕰️ ග්‍රැමෆෝන් එක ලංකාවට එන්නේ කොහොමද?

20වන සියවසේ ආරම්භයේදී, බ්‍රිතාන්‍ය පාලන සමය තුළ, ග්‍රැමෆෝන් යන්ත්‍ර සහ 78 RPM ෂෙල්ලාක් තැටි ලංකාවට හඳුන්වා දුන්නා. මුලදී මේවා කොළඹ, මහනුවර වැනි නගරවල ඉහළ සමාජ පන්තියට සීමා වූ සුඛෝපභෝගී භාණ්ඩ වුණා. එදා ග්‍රැමෆෝන් එකක් තියෙන ගෙයක් කියන්නේ ගමක් ඇතුළේ “පුදුමය”ක්.

මිනිස්සු එකතු වෙලා,
හඬ එන යන්ත්‍රයක් දිහා බලා
ගීත අහන කාලයක්.

🎙️ ලංකාවේ පටිගත කිරීමක් නැති කාලයක්

එදා ලංකාවේ පටිගත කිරීමේ ස්ටූඩියෝ තිබුණේ නැහැ. ඒ නිසාම ශ්‍රී ලාංකීය ගායකයෝ, නාට්‍ය කලාකරුවෝ, භික්ෂූන් වහන්සේලා
කල්කටා (කොල්කටා), මද්‍රාස් (චෙන්නායි) වැනි ඉන්දියානු නගර වෙත ගොස්
ගීත හා භක්ති ගී පටිගත කළා.

මෙම පටිගත කිරීම් සිදුකළේ,

HMV (His Master’s Voice),
Odeon,
Columbia වැනි ලෝකප්‍රසිද්ධ සමාගම්.

එක ගීතයක් තැටියේ එක් පැත්තකට.
තත්පර කිහිපයක වරදක් උනොත්, මුළු ගීතයම නැවත.

🎭 වේදිකාවෙන් තැටියට ගිය ගීත

ග්‍රැමෆෝන් යුගයේ පළමුවෙන්ම පටිගත වුණේ
නූර්ති, නාඩගම, ටවර් හෝල් නාට්‍ය ගී. මේ ගීත මීට පෙර අහන්න පුළුවන් වුණේ වේදිකාවට ගියොත් විතරයි. ග්‍රැමෆෝන් එකත් එක්ක,
ඒ ගීත ගෙදරම අහන්න පුළුවන් වුණා.

ඒ සමඟම
බෞද්ධ පිරිත්, භක්ති ගී,
දේශීය ජන ගී
ලංකාව පුරා පැතිර ගියා.

🧑‍🎤 “ගායකයා” කියන වෘත්තිය උපදින මොහොත

මෙම යුගය එක් වැදගත් දෙයක් කළා.
ඒ තමයි ගායකයා කියන වෘත්තිය නිර්මාණය කළේ.

මීට පෙර ගායකයෝ

නාට්‍යකාරයෝ, පූජකයෝ, ජන ගායකයෝ.
ග්‍රැමෆෝන් එකෙන් පස්සේ
“හඬින් ප්‍රසිද්ධ වෙන”
පුද්ගලයෙක් බිහි වුණා.

ළමයි, වැඩිහිටියෝ, ගම්මාන,
හඬට මුහුණක් හඳුනාගත් පළමු යුගය මේක.

📻 රේඩියෝවට පෙර තිබුණු හඬ ලෝකය

1920 දශකයේදී
ලංකාවේ ආරම්භ වූ රේඩියෝ විකාශනයට
මූලික අන්තර්ගතය වුණේ
ග්‍රැමෆෝන් තැටි.

1925දී නිල වශයෙන් ආරම්භ වූ
Radio Ceylon
තම වැඩසටහන් බොහොමයක් ගොඩනැගුවේ
මෙම තැටි මතයි.

ඒ නිසාම
ග්‍රැමෆෝන් යුගය
රේඩියෝ යුගයට පියවරක් වුණා.

🕯️ පහව ගියත් නොමැකෙන උරුමයක්

1940–50 දශකවලදී
රේඩියෝ, ටේප්, පසුව LP, කැසට්
ආවත් සමඟ
ග්‍රැමෆෝන් යුගය අවසන් වුණා.

නමුත්
අද අපි අහන
චිත්‍රපට ගී,
කලා ගී,
රේඩියෝ සංගීතය
මේ සියල්ලේම
මුල් ගල තියෙන්නේ
ග්‍රැමෆෝන් තැටියක් මත.

✍️ අවසාන වචනය

ග්‍රැමෆෝන් යුගය කියන්නේ
පරණ යන්ත්‍රයක් නෙවෙයි.
ඒ කියන්නේ
ලංකාවේ හඬ ඉතිහාසය සුරැකුණු පළමු සම්භරණය.

එදා හඬ තැටියට ගැසූ අය
දන්නෙවත් නැතුව
අදටත් අපි අහන
සංස්කෘතික උරුමයක්
ඉතිරි කරලා ගියා.

ඔබ කැමති නම් මේ සංරක්ෂිත ග්‍රැමෝෆෝන් ගීත ටික අහන්න.

https://youtube.com/playlist?list=PLvCc_3Cot82NFIOHXMSfsrGa8Tb-7gu35&si=L9VLD58pI33S-_9A

එකල ගුවන් විදුලියේ පටිගත කිරීම් වලට තහංචි රැසක් පැනවී තිබුණි. ආචීර්ණ මතධාරී පිරිසක් මෙයට මුල් වුණු බව පැවසිය යුතුය. බටහි...
19/01/2026

එකල ගුවන් විදුලියේ පටිගත කිරීම් වලට තහංචි රැසක් පැනවී තිබුණි. ආචීර්ණ මතධාරී පිරිසක් මෙයට මුල් වුණු බව පැවසිය යුතුය. බටහිර යැයි හංවඩු ගැසුණු කිසිම සංගීත භාණ්ඩයක් ගුවන්විදුලියේ පටිගත කිරීම් වලට රැගෙන ඒම සපුරා තහනම් විය. අමරදේවයන් සම්බන්ධ වී සිටි “මධුවන්ති” සංගීත ප්‍රණීතාංගයේ නාද මාලා දෙස විමසිලිමත්ව බැලීමේදී එම ගීත සඳහා නිර්මාණාත්මකව බටහිර සංගීත භාණ්ඩ අවශ්‍ය තරමට යොදා ගැන්මේ අවසරය තිබුණේ වීනම් ඒ ගීත තවත් කෙතරම් රමණීය ගී සරණියක් වීමට තිබුනේද යන්න ගැන සිතද්දී කිසියම් ශෝකයක් උපදී.

වික්ටර් රත්නායකයන් ගුවන්විදුලියේ පටිගත කිරීම් වෙනුවෙන් පැමිණියේ මෙවන් වටපිටාවකදීය.

අමරදේවයන් සිංහල සංගීතයට ස්වතන්ත්‍ර වේදිකාවක් සකස් කළේය. එහෙත් ඒ ගීත නාද කාව්‍යයන් හැටියට අගය කිරීමේදී කිසියම් පසුබෑමක් ඇතිවේ. එහෙත් වික්ටර් මෙහිදී ගීතයේ නිම්වළලු පුළුල් කිරීමට ඉමහත් සේ දායක විය.සිය ප්‍රථම සරළ ගීත වැඩසටහ නිෂ්පාදනය වුන කාල වකවානුව තුළ ගුවන්විදුලියේ තිබූ උක්ත නැඹුරු තාවයන්ගේ සීමා මායිම් සුණුවිසුනු කර දමමින් බටහිර සම්භාව්‍ය සංගීතයෙහි එන ස්වර සංවාදන (HARMONY),ප්‍රතිසංවාදන (COUNTER POINTS) හා සමූහ වාදන (ORCHESTRIAL MUSIC) යන සංගීත රීතීන් හා ශිල්ප ක්‍රම උපයෝගී කරගනිමින් සිය ප්‍රථම සරළ ගීත තුන(සිඳැ බිඳැ මොහඳුරු පාප ක්‍රියා, ඈත පෙනෙනා හිමව් කඳු මත, ගොළු මුහුදේ මුතු ඇටේ) නිර්මාණය කළේය.මෙය ශ්‍රීලාංකික සංගීතඥයකු විසින් එකී ශිල්ප ක්‍රම යොදාගත් පළමු අවස්ථාව ලෙස ඉතිහාසගතවන අතර, ඒ හරහා,සිංහල සරළ ගීතය නව ආස්ථානයකට ඔසවා තැබීමට වික්ටර් සමත් විය.

හැටේ දශකයේ මැද භාගයේදී වික්ටර් ආරම්භ කළ මෙම සංගීතයේ නව ආර කේන්ද්‍ර කරගනිමින් “වික්ටර් රත්නායක” නැමැති සංගීත සලකුණ බිහිවිය. ඔහුගේ සංගීතය තුළ වූ මෙම නව සංගීත ආර වෙත ඇදී ආ, එවකට ශ්‍රේණිගත වූ ප්‍රවීණ හා නවක සියලුම ශිල්පි ශිල්පිනීන් වික්ටර්ගෙන් ගී තනු නිර්මාණය කරගත් බව පැවසිය යුතු ප්‍රධාන කරුණකි.

සිංහල ගීතයේ හැඩතල වෙනස් කරමින්, ගුවන්විදුලියේ එතෙක් තහනම් භාණ්ඩ හැටියට හංවඩු ගසා තිබූ DRUMS, ඕබෝ, බැසූන්, සැක්සෆෝන්, චෙලෝ, ක්ලැරිනට්, ට්‍රුම්පට්, ඩබල් බේස්, කොරැන්ගලී වැනි බටහිරට ලියා දී තිබූ සංගීත භාණ්ඩ රැසක් ගුවන්විදුලියට කැඳවාගෙන ඒමේ පුරෝගාමී මෙහෙවර ඉටු කළේ වික්ටර් රත්නායකයන්ය.

මෙසේ තහනම් සංගීත භාණ්ඩ පෙරහැරක් ගුවන්විදුලියට වැඩමවූ දිනයක පටිගත කිරීම් ශිල්පියා හැටියට කටයුතු කළේ නැසීගිය ශිල්පී ගුණදාස කපුගේය. ඒ සිදුවීම කපුගේ පවසා ඇත්තේ මෙසේය.

“ඔන්න ඉතින් මාත් පස්වෙනි මැදිරියට වෙලා වික්ටර් එනකන් බලන් හිටියා. එතකොට මං එකම ගීතයක් වත් ගයා තිබුණේ නැහැ. මම පටිගතකිරීම් යන්ත්‍රය ළඟ මයික්‍රෆෝන් හතරකුත් ලෑස්ති කරගෙන බලා හිටියා. ඔන්න වික්ටර් ආවා....එකායි, දෙකායි, තුනායි, හතරායි... අන්තිමේදී වික්ටර් සමඟ පස්වෙනි මැදිරියට ඇතුළුවුනු වාද්‍යවෘන්දය විසි දෙදෙනෙක්. මට භාගෙට පිස්සු හැදුණා...එවන් ශිල්පීන් පිරිසක් සමඟ මයික්‍රොෆෝන් හතරක් තියාගෙන මම මොනවා කරන්නද? ඒ කාලේ ගුවන්විදුලියේ හිටියා රංජිත් එදිරිසිංහ කියලා ශබ්ද ඉංජිනේරුවරයෙක්. මම ඔහුගේ පිහිට පැතුවා මේ අකරතැබ්බයෙන් මා ගලවා ගන්න කියා. රංජිත් වහාම අසළ තිබූ මැදිරි වලින් තවත් මයික්‍රෆෝන් හත අටක් යොදාගෙන වෙනත් මැදිරියක තිබූ අමතර මික්සිo යන්ත්‍රයක් එයට ඈඳා විශාල පටිගත කිරීම් ශබ්දාගාරයක් නිර්මාණය කළා ඒ මොහොතේම. දන්නවද එදා පටිගත කළ සින්දුව මොකද්ද කියලා... “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී”...ඒ තරම් චකිතයකින් ටෙන්ෂන් එකකින් මං කවදාවත් රේකොඩින් එකක් කරලා නෑ. ඒ වුනාට අපි එදා පුදුම වින්දනයක් ලැබුවා ඒ රේකොඩින් එකෙන්.....”

වික්ටර් රත්නායකයන් බටහිර සම්භාව්‍ය සංගීතය වෙතම නැඹුරුවූ සංගීතඥයකු නොවන බව ඔහු සිය සරළ ගීත වැඩසටහන් සඳහා උත්තර භාරතීය රාගධාරී සංගීතයේ එන, එමෙන්ම ගී තනුව(vocal melody) සඳහා භාවිතා කරන මීන්ඩ්( MEEND), ගමක්, කන් හා ආන්දෝලන් යන ශිල්ප ක්‍රමද සිය වාද්‍ය වෘන්දය සඳහා GAZETH, ජම් ජමාම් (ZAM ZAMAM),ක්‍රින්තන් යන ශිල්ප ක්‍රමයන්ද යොදාගැනීමෙන් පෙනීයයි.

ඉහතින් ගුණදාස කපුගේ මහතාණන් සඳහන් කළ “මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී “ නම් ගීතය පටිගත කිරීමේදී , එහි පැමිණි වාද්‍ය වෘන්දය වෙත ඉඩ සැලසීමට සිදුවූ නිසා ශබ්දාගාර දෙකක් මැද වූ වෙන් කිරීම (PARTITION) ඉවත්කොට එක් ශබ්දාගාරයක් නිර්මාණය කිරීම ගුවන්විදුලි ඉතිහාසයේ පළමු හා එකම සිදුවීමයි.

මෙසේ වැඩිම වාද්‍ය වෘන්දයක් යොදා ගීතයක් පටිගතකළ පළමුවැන්නා වීමේ භාග්‍යය වික්ටර් හිමිකර ගත්තා සේම අවම සංගීත භාණ්ඩ ප්‍රමාණයක් එනම්, ඩොලැක්කිය හා හාර්මෝනියම් පමණක් යොදාගෙන ගීතයක් නිර්මාණය කළ පළමුවැන්නා වන්නේද වික්ටර්ය. එසේ නිර්මාණය කළේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් විරචිත “පොඩි කුමාරිහාමියේ” නම් ගීයයි.

එමෙන්ම ගී තැටිය ධාවනය වන වේග දෙකක් ඇති අතර එම වේග දෙකම උපයෝගී කර ගනිමින් ගුවන්විදුලි ගීත සාහිත්‍යය තුළ ප්‍රථම වරට ගීතයක් නිර්මාණය කිරීමේ භාග්‍යය හිමිවන්නේද වික්ටර් ටමය. චිප්මන්ග්ස් නැමැති එම ශිල්ප ක්‍රමය මින් පෙර සරළ සංගීතය තුළ කිසිම ශිල්පියෙකු යොදාගෙන නොමැති අතර වික්ටර් ගේ මෙම භාවිතයෙන් පසු එම ක්‍රමයට වෙනත් ශිල්පීන්ගේ ගීත කිහිපයක් නිර්මාණය විය. මෙම ශිල්ප ක්‍රමය යොදා ගෙන වික්ටර් නිර්මාණය කළ ගීතය වන්නේ “පුංචි හාමු” නැමැති ගුවන්විදුලියේ වාරණයට ලක්වූ ගීතයයි. අද මෙන් නොව තාක්ෂනය අවම භාවිතයක් තිබූ එවන් අවධියක තාක්ෂණ ශිල්පීන් පවා විශ්මයට පත් කරමින් එම ගීතයේ පටිගත කිරීම සිදුකළේ රංජිත් එදිරිසිංහ නම් වූ තාක්ෂණ ශිල්පියාණන්ය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද පුද්ගල උඩු සිත සහ යටිසිත අතර ඇතිවන සංවාදයක් වෙනුවෙන් වික්ටර් තවත් ශිල්ප ක්‍රමයක් ප්‍රථම වරට භාවිතා කරන ලදී. ඒ “මාලිනියේ” නැමැති ගීතය සඳහාය. ඒ SOUND ON SOUND (හඬක් මත තවත් හඬක්) නැමැති තාක්ෂනය භාවිතා කළ ප්‍රථම අවස්ථාවයි.

ශ්‍රී ලාංකික ගී තනු සලකා බැලීමේදී අපට පෙනීයන්නේ උත්තර භාරතීය සංගීතය හෝ බටහිර සංගීතය ඇසුරු කරගත් තනු නිර්මාණයි. නමුත් වික්ටර් එම ඉහත කියන ලද සම්ප්‍රදායන් දෙකට අමතරව දක්ෂිණ භාරතීය කර්ණාටක සංගීතයද සිය ගී තනු නිර්මාණකරණයේදී ඉතා සුගම ලෙස යොදා ගන්නා ලදී.

කොට්ට කෙලෙන්ගෙයි තම්බාලා
මීන නුවන් යුගින් බලන්
කුන්ඩුමනී
මෙසේ සරළ ගීය සඳහා මෙන්ම චිත්‍රපට සංගීතය සඳහාද ප්‍රථම වරට දක්ෂිණ භාරතීය කර්ණාට සංගීතයේ ආභාෂය ලැබුවේ වික්ටර්ය. උදාහරණයක් ලෙස සරුංගලය හා තවලම යන චිත්‍රපට යුගලයේ සංගීත භාවිත විමසා බලන්න.

ප්‍රේමගීත මෙන්ම දේශාභිමානී ගීත රාශියක් නිර්මාණය කොට ඇති වික්ටර් අතින් නිමැවුණු බොදු ගී සංඛ්‍යාව අති මහත්ය. එහිදී ඔහු විසින් පිරිත් හා ගාථා වල එන නාද මාලාවන්ද තුන්සරණේ කවිද සියුම් ලෙස රාගධාරී සංගීතයේ නාද මාලාවන්ද ඇසුරු කොට ඇතිබව නොරහසකි.

උපතින් බෞද්ධයකු වුවත් වික්ටර් සිය ගී තනු නිර්මාණය කිරීමේදී බොහෝ විට කතෝලික පල්ලි ආශ්‍රිතව ඇසෙන ගීතිකා සඳහා යොදා ගන්නා සමූහ ගායනා (chorus singing) සිය නිර්මාණයන් සඳහා යොදා ගත් අවස්ථා මෙන්ම ගැමි සංගීත නාද මාලාද ඇසුරුකොට ඇත. ඒ අනුව වික්ටර් උක්ත නාදමාලා උපයෝගී කොටගෙන කිතුනු ගී කිහිපයක්ද තනා ගයා ඇත.

මෙසේ නව අතහදා බැලීම් යොදා ගනිමින් විශ්වවිද්‍යාලයක් බඳු වූ සංගීතඥයකු වුවද, වික්ටර් කලා ශිල්පියෙකු ලෙස නිහතමානී ගුණයෙන් පිරිපුන්ව සිටින බව ඉඳුරාම පැවසිය යුතුයි.

නිහතමානීකම මෙන්ම කලාකරුවකුට අත්‍යන්තයෙන්ම තිබිය යුතු අභිමානය මුසු සියුම් ආඩම්බරයක් වික්ටර් සතුය. මේ නිසාම ඔහු “සොඳුරු හිතුවක්කාරයෙකි”.

මෙරට සිංහල සරළ ගීතයේ හැඩතල උඩු යටිකුරු මේ පුරෝගාමී මෙහෙවරට නායකත්වය දුන් වික්ටර් නොවන්නට සිංහල සරළ ගීතය තවමත් සම්ප්‍රදායික නිම්වළලු තුළ සිරවී කණගාටුදායක ඉරණමකට ගොදුරුවනවා නිසැකය. ඒකාන්තය.

WWW.Victorrathnayake.lk
______________________

උපුටා ගැනීමක්.

True Ceylon Cinnamon | Silkroute

Address

Colombo
Nugegoda
10250

Telephone

+94712399999

Website

Alerts

Be the first to know and let us send you an email when Silkroute posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Silkroute:

Share