
18/09/2025
අබුඩාබි නුවර පැවති ආසියානු කුසලාන විස්සයි20 තරගයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇෆ්ගනිස්ථාන පිල පරදා සුපර් 4, ඊළඟ වටයට අද දින සුදුසුකම් ලබාගත්තේය.
මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල 170 ක ඉලක්කයක් ලබාදුන් අතර ශ්‍රී ලංකාව 18 වන ඕවරයේදී එම ඉලක්කය පසුකර ගියේය.
මේ අනුව ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය සමග ඒ කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය ඉවතට විසිවූ අතර බංග්ලාදේශ කන්ඩායමටද සුපර් 4 වටයට යාමට අවස්ථාව ලැබුණි.
බී කාණ්ඩයෙන් ඉන්දියාව මේ වනවිට අවසන් 4 දෙනාගේ සුපර් 4 වටයට සුදුසුකම් ලබා ඇති අතර හෙට පැවැත්වෙන ඉන්දියා- ඕමාන තරගයේ ජය අනුව පකිස්තානය හා එක්සත් අරාබි එමීර් කණ්ඩායම් දෙකින් එකක් අවසන් 4 දෙනාට සුදුසුකම් ලබනු ඇත.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සුුපර් 4 ඊළඟ තරගය ලබන 20 වනදා පැවැත්වේ.
අද තරගයේ වීරයා ලෙස පන්දු 52 කින් ලකුණු 74 ක් ගත් කුසල් මෙන්ඩිස් තේරිණි.
හොඳම පන්දු යවන්නා ලෙස කඩුළු 4 ක් දවාගත් නුවන් තුෂාරටද සම්මානයක් හිමි විය.
(වැඩි විස්තර හා ඡායාරූප සඳහා ක්ලික් කරන්න)
asia-cup-t20-cricket-sri-lanka-defeats-afghanistan-to-reach-super-4-round