TTVNEWS.lk

TTVNEWS.lk Sri lanka's most reliable 24 X 7 hours news web - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම, විශ්වසනීය පුවත් අඩවිය

හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම් ද්විත්වය එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කරය්නව විදුලි වාහන නිපදවිමේ අපේක්සාවෙන...
19/06/2024

හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම් ද්විත්වය එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කරය්

නව විදුලි වාහන නිපදවිමේ අපේක්සාවෙන් ජපානයේ ප්‍රධාන වාහන නිෂ්පාදන සමාගම් ද්විත්වයක් වන හොන්ඩා සමාගම හා මිට්සුබිෂි සමාගම් ද්විත්වය එක්ව නව සමාගමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මේ වසරේ ජුලි මාසයේදි ස්ථාපිත කිරීමට නියමිත එම සමාගමේ නාමය වශයෙන් ALTNA යන නම යොදාගෙන තිබේ.

නව සමාගමගේ කොටස් හිමිකාරිත්වයෙන් සියයට 50/50 හොන්ඩා හා මිට්සුබිෂි යන සමාගම් අතර සමව බෙදී යාමට නියමිය. විදුලි වාහන නිපදවිමේදී ඇතිවන අභියෝගවලට සාමූහිකව මුහුණ දීමේ අපේක්ෂාවෙන් ඔවුන් මෙසේ එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.

ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030දී මිලියන 22 දක්වා ඉහළටජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන පරිදි මිලියන දහඅටක් වන ලොව...
19/06/2024

ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030දී මිලියන 22 දක්වා ඉහළට

ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන පරිදි මිලියන දහඅටක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන විසි දෙකක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන් කළාය.

පිළිකා රෝගය හා එහි ව්‍යාප්තිය පාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මෙහෙයවීමෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (18) පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය එලෙසින් වර්ධනය වුවත් දැනුවත් භාවය තුළින් එය සැලකිය යුතු තත්ත්වයක් දක්වා පාලනය කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ වෛද්‍යවරිය වර්ෂ 2018දී මිලියන 9.6ක් වූ පිළීකා රෝගී මරණ ප්‍රමාණය වර්ෂ 2030දී මිලියන 17ක් පමණ වනු ඇති බවට සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ද කීවාය. පුරුෂ පාර්ශවය අතර බහුලව ව්‍යාප්ත වන මුඛ පිළිකා බුලත් විට සැපීම හේතුවෙන් වැළදෙන බව පෙන්වා දුන් වෛද්‍යවරිය, දුම්පානය හේතුවෙන් පෙණහළු ආශ්‍රිත පිළිකා වර්ධනය වන බව කීවාය. මත්පැන් හා අනිකුත් අහිතකර ආහාර පාලනය කිරීම මගින් ගලනාලය සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා අවම කර ගත හැකි යැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.

පිළිකා වලින් තුනෙක් එකක් ප්‍රථම අවස්ථාවේදී හදුනා ගැනීම මගින් සම්පූර්ණයෙන් තුරන් කළ හැකි බවත් තවත් 1/3ක් කල් තබා හදුනා ගැනීම තුළින් පාලනය කළ හැකි බවත් කී ඇන්තනී මහත්මිය, අනෙක් 1/3 රෝගය වැළදුණත් රෝගියාට අවසන් අවස්ථාව දක්වා සාමාන්‍ය පරිදි ජීවත්විය හැකි තත්ත්වය දක්වා පාලනය කළ හැකි යැයි පෙන්වා දුන්නාය.

මහරගම අපේක්ෂා රෝහල, මහනුවර ජාතික රෝහල ඇතුලුව පිළිකා රෝගීන් වෙනුවෙන් රෝහල්වල සිදුකරන ප්‍රතිකාර වලට අමතරව පිළිකා රෝගීන් වෙනුවෙන් අමතර ඖෂධ ලබාදීම, ආහාර සහිතව නේවාසික පහසුකම් ලබාදීම, මහජනයා දැනුවත් කිරීම ඇතුලු වැඩසටහන් රැසක් ශ්‍රී ලංකා සංගමය මගින් සිදුකරන බව වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය තව දුරටත් සඳහන් කළාය.

දුම්බර එම්. ආර්. ප්‍රදීප්

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවටකහතුඩුව පොලිසියේ තනිකඩ බට නිවාසය තුළදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට  තැත් කළ තවත්...
19/06/2024

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

කහතුඩුව පොලිසියේ තනිකඩ බට නිවාසය තුළදී පොලිස් කොස්තාපල්වරයකුට වෙඩි තැබීමට තැත් කළ තවත් පොලිස් කොස්තාපල්වරයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.සැකකරු සන්තකයේ තිබූ පිස්තෝල ගිනි අවියක් සහ ජීව උණ්ඩයක් ද පොලිස් භාරයට ගෙන ඇත

18දා අලුයම 5.40 ට පමණ පුද්ගලයන් දෙදෙනකු පැමිණිල්ලක් කිරීම සඳහා පොලිස් ස්ථානය තුළට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ උප සේවක ලෙස රාජකාරියේ යෙදී සිටි සැකකාර පොලිස් කොස්තාපල්වරයා උපසේවක පුටුව මත නිදාගෙන සිට ඇතැයි පොලිසිය කියයි

ඔහුව අවදි කිරීම සඳහා අනෙක් නිලධාරියා අවස්ථා කීපයකදීම කතා කරා ඇතත් ඔහු අවදි නොවීම හේතුවෙන් හිසට පහරක් ගසා වතුරද වක්කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පසුව ඒ බව දුරකථන ක්‍රියාකරු විසින් රාත්‍රී රාජකාරිය භාරව සිටි පොලිස් සැරයන්වරයෙකුටද දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් අදාළ පුද්ගලයන් දෙදෙනාගේ පැමිණිල්ල ලියා අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පොතේ සටහනක් ද තබා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

පසුව මේ සම්බන්ධයෙන් දුරකථනක්‍රියාකරු සහ සැකකාර කොස්තාපල්වරයා අතර බස්වීමක්ද සිදු වී තිබේ. පසුව දුරකථන ක්‍රියාකරු ඔහුගේ තනිකඩ බට නිවාසය කරා පිටව ගොස් තිබූ බව පොලිසිය කියයි.

රාත්‍රී ජංගම රාජකාරී නිමා කළ පොලිස් සැරයන් වරයෙකු ගෙනවිත් බාර දී තිබූ පිස්තෝල ගිනි අවියක් සැකකාර පොලිස් නිලධාරියා අවිපෙට්ටියට නොදමා ඔහු සන්තකයේ තබාගෙන දුරකථන ක්‍රියාකරු රැඳී සිටින තනිකඩ බට නිවාසය වෙත ගොස් එහි සිටි දුරකථන ක්‍රියාකරු ලෙස සේවය කළ කොස්තාපල්වරයාට පරුෂ වචනයෙන් බැන වැදීමින් වෙඩි තැබීම සඳහා ගිනි අවිය ක්‍රියාත්මක කිරීමත් සමඟම දිවා රාජකාරී සඳහා පිටවීම සඳහා සූදානම් වෙමින් සිටි වෙනත් කොස්තාපවරුන් දෙදෙනකු සැකකාර කොස්තාපල්වරයා වෙත කඩා පැන ඔහු සතුව තිබූ ගිනි අවිය උදුරා ගැනීම හේතුවෙන් සිදුවීමට ජීවිත හානියක් වැළකී ගිය බව පොලිස් නිලධාරියකු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.23 හැවිරිදි සැකකාර කොස්තාපල්වරයා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.කහතුඩුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

ශ්‍රී ලාංකික ප්‍රාණ ඇපකරුවන් ළඟදීම නිදහස් කර ගන්නවාමියන්මාරයේ සයිබර් කඳවුරුවල දැනට බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකය...
17/06/2024

ශ්‍රී ලාංකික ප්‍රාණ ඇපකරුවන් ළඟදීම නිදහස් කර ගන්නවා

මියන්මාරයේ සයිබර් කඳවුරුවල දැනට බලහත්කාරයෙන් රඳවා සිටින ශ්‍රී ලාංකිකයන් අතරින් පිරිසක් ළඟදීම නිදහස් කිරීමට හැකිවනු ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ප්‍රකාශ කර තිබේ.

මෙම තීරණාත්මක ගැටලුව සම්බන්ධයෙන් මියන්මාරයේ පැවති සාකච්ඡාවලින් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අමාත්‍යවරයා යළි දිවයිනට පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

මෙම සයිබර් කඳවුරුවල දැනට ශ්‍රී ලාංකිකයන් 49 දෙනෙකු රඳවා සිටිති.

මීට අමතරව, ආසන්න වශයෙන් චීන ජාතිකයන් 53,000 ක් ඇතුළුව විවිධ රටවල තරුණ තරුණියන් 100,000 කට අධික පිරිසක් සමාන කොන්දේසි යටතේ බලහත්කාරයෙන් රඳවා තබා ගෙන සිටිනා බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

07/06/2024

ලෝකයේ සිගරට් හා දුම්කොළ පිළිබදව මතවාදයන් සහ ප්‍රචාරණ ක්‍රමවේදයන් පිළිබදව නවතම අනුගතවීම වන ප්‍රචාරයක් නොමැති සිගරට් අසුරණ “පේන් පැකේඡ්” ක්‍රමවේදයට යා යුතු බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) ලෝක දුම්කොළ විරෝධී ජාතික දිනය - 2024 (World

07/06/2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රාජපක්ෂවරු සජිත් ප්‍රේමදාස මහතාව අපහසුතාවයට පත් කරන්න ස්වාධීන රූපවාහිනි සේවයට භාර දුන්න කොන්ත්‍රාත්තුවෙන් අපහසුතාවයට පත් වුණේ අනුර කුමාර දිසානායක මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (07) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදීය.
මේ

07/06/2024

ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මෙරට ආර්ථිකය නිවැරදි මගකට ගෙන ඒමේ ‍පළමු පියවර රජය විසින් තබා ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කුමන ආණ්ඩුවක් බලයට පැමිණිය ද, කුමන නායකයෙක් රට භාරගත්තද එම එකඟතාව සමඟ ඉදිරියට යා යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටේ බිඳ වැටුණු ආර්ථිකය ගොඩනැඟිය හැකි වනුයේ නිසි සැලැස්මක් ඔස්සේ කටයුතු කිරීමෙන් පමණක් බව ද අවධාරණය කළේය.
ජනාධිපතිවරයා

07/06/2024

මාතලේ කෘත්‍රිම හොකීපිටිය සහ කොළඹ රීඩ් මාවතේ කෘත්‍රිම හොකීපිටිය ජූලි මස 15 වනදාට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට අවශ්‍ය කටයුතු සැළසුම් කර තිබෙන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි. ක්‍රීඩා සම්මේලන කිහිපයක පවතින නීතිමය ගැටළු කඩිනමින් විසඳාලමින් ක්‍රීඩාවේ නව යුගයක් නිර්මාණය කිරීමට මේ වනවිට අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

07/06/2024

වී නිෂ්පාදනය ප්‍රමුඛ කර ගනිමින් තරගකාරී අපනයන වෙළඳපොල ජය ගත හැකි නිෂ්පාදන කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් 2030 වන විට නවීන තාක්ෂණය භාවිතා කරමින් තරගකාරී කෘෂිකර්මාන්තය කරා ගමන් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
එසේ නොවුනහොත් අනාගතය ජයගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයන වෙළඳපොල තුළ තරගකාරීත්වයට මුහුණ දිය නොහැකි නිෂ්පාදන අත්හැරීම වඩාත් සුදුසු බවද පෙන්වා දුන්නේය.

07/06/2024

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 44 කින් සම්මත විය.
පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අවසානයේ විපක්ෂය විසින් විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව103ක්ද විපක්ෂව ඡන්ද 59 ක්ද හිමිවිය.
පනත්කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර අනතුරුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
විදුලිබල

07/06/2024

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ සංවර්ධන කටයුතු කෙරෙහි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ අවධානය යොමු වී තිබෙන බවත් ඒ සඳහා එම ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන්කර දී තිබෙන බවත් ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පවසයි.

07/06/2024

ඩෙංගු රෝගය හුදෙක් සෞඛ්‍ය ගැටළුවක් පමණක් නොව ආර්ථික මෙන්ම සමාජීය ප්‍රශ්නයක්ද වන බවත් මහජනතාවගේ පූර්ණ සහාය නොමැතිව සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කළ නොහැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
මෙම වසරේ ගෙවී ගිය මාස පහක කාලය තුළ ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඩෙංගු මරණ නවයක් වාර්තා වී ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.

Address

Nugeoda

Telephone

+94112585833

Website

Alerts

Be the first to know and let us send you an email when TTVNEWS.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TTVNEWS.lk:

Share