11/09/2026
නුවරඑළිය කියන්නේ තේ කොළ, හිම මීදුම විතරක් නෙවෙයි… සුද්දෝ කාලේ ඉඳන් පැවතෙන නියම “රෝයල්” සිද්ධි ගොඩක එකතුවක්! 🏇💨
ඒ අතරිනුත් නුවරඑළියේ අශ්ව ධාවන පථය (Race Course) කියන්නේ අමුතුම කතාවක් තියෙන තැනක්.
අශ්වයෝ නුවරඑළියට ආවේ කොහොමද? 🐎
කතාව පටන්ගන්නේ 1840 ගණන්වලදී. සෙලෝන් එන්න කලින් එංගලන්තේ ඉඳන් ආපු සැමුවෙල් බේකර් (Samuel Baker) මහත්තයාට නුවරඑළිය දැක්කම හිතුනා "අප්පටසිරි... මේක හරියට අපේ ඉංග්ලන්ඩ් වගේමයිනේ!" කියලා.
මිනිහා තමයි මෙහෙට අශ්වයෝ, ගවයෝ, වෙනත් සත්තු විතරක් නෙවෙයි, ඉංග්‍රීසි විලාසිතාවේ ගොවිතැනත් ගෙනාවේ.
ඔය අතරේ සුද්දන්ගේ ප්‍රධානම විනෝදාංශය වුණු Horse Racing නැතහොත් අශ්ව ධාවනයත් නුවරඑළියට සෙට් වුණා.
සුද්දන්ගේ ජිම්කානා ක්ලබ් එක 🏆
1875 දී Nuwara Eliya Gymkhana Club එක පිහිටුවලා ප්‍රථම නිල තරඟාවලිය පැවැත්තුවා.
එතැන් පටන් සිංහල අවුරුදු කාලෙට (අප්‍රේල් මාසේ) සුද්දෝ, ලංකාවේ වතුකාරයෝ සහ ප්‍රභූවරු හැමෝම තොප්පි දාගෙන, කෝට්-සූට් ගහගෙන නුවරඑළියට එකතු වුණේ අශ්ව පන්දයන් බලන්නයි.
අද අපි දකින අක්කර 90ක විතර පැතිරුණු Race Course එකේ වර්තමාන Layout එක ස්ථාපිත වුණේ 1900 අවුරුද්දේදී.
ලෝක වාර්තා අතරට ගිය නුවරඑළිය ⛰️
මුහුදු මට්ටමේ සිට මීටර් 1,868ක් (අඩි 6,128ක්) උසින් පිහිටලා තියෙන නුවරඑළිය රේස් කෝස් එක, මුළු ආසියාවෙන්ම තියෙන එකම කඳුකර අශ්ව ධාවන පථය වෙන අතරම, මුළු ලෝකෙන්ම තියෙන උසම අශ්ව ධාවන පථ අතරින් එකක්!
(මෙහි අශ්වයෙකුට දුවන්න වෙනවා කියන්නේ නිකන් එක එකාට ඔක්සිජන් නැතුව කැරකැවිල්ල හැදෙන වැඩක් 😅).
තහනම් වුණු රේස් නැවත පටන් ගත් හැටි 🚫➡️🏇
1950 ගණන් වෙනකොට ලංකාවේ රේස් සූදුව සහ අශ්ව ධාවනය සම්බන්ධයෙන් ලොකු සංවාදයක් ඇතිවුණා.
එහි ප්‍රතිඵලයක් විදියට 1956 දී බණ්ඩාරනායක රජය විසින් ලංකාවේ අශ්ව ධාවන තරඟ සම්පූර්ණයෙන්ම තහනම් කළා.
ඒ එක්කම කොළඹ Race Course එකත්, නුවරඑළිය Race Course එකත් පාළු වී ගියා.
නමුත් 1981 දී නැවතත් අශ්ව තරඟ සඳහා අවසර ලැබුණු අතර, 2016 දී Royal Turf Club (RTC) එක එකතු වෙලා අතිනවීන පහසුකම් එක්ක නුවරඑළිය රේස් කෝස් එක ආයෙත් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබුවා.
ඔයා දන්නවද? 🤔
සුද්දන්ගේ කාලේ මෙහෙ තිබ්බ තරඟ දිනන අශ්වයන්ට දුන්නේ නිකන් කුසලාන විතරක් නෙවෙයි, රත්තරන් සහ රිදී පදක්කම්!
අදටත් අප්‍රේල් මාසේ නුවරඑළියට යන ඕනම කෙනෙකුට RTC එකෙන් සංවිධානය කරන Governor’s Cup, Magic Million වගේ සුපිරි රේස් බලාගන්න පුළුවන්.
ඉතින් ඊළඟ පාර නුවරඑළියේ ගිහින් රේස් කෝස් එක පැත්තෙන් යනකොට, ඒ සීතල සුළඟ අස්සෙන් ඇහෙන්නේ නිකන්ම සද්දයක් නෙවෙයි...
අවුරුදු 180කට වඩා පැරණි, අශ්වයන්ගේ කුර පහරවල් එක්ක ලියැවුණු රාජකීය ඉතිහාසයක මතකයන්! 🐎✨
(ඡායාරූප අයිතිය අදාළ හිමිකරුවන් සතුය)