Foodtalks by Nihara

Foodtalks by Nihara Hi, food lover, follow my page. New recipes everyday 😍
(5)

27/08/2026

Air fryer එකේ හදන්න පුලුවන් අලුත් කෑම එකක් ගෙනාවා ඔන්න. හදලම බලන්නකෝ🥰

27/08/2026

Air fryer එකේ කේක් හදන්න ආසද? මෙහෙම හදලා බලන්නකෝ.🥰

26/08/2026

මේ වයිරල් ක්‍රිස්පි කේක් එක හරිම රසයි. ක්‍රිස්පි ටොපින් නැතුවත් හදන්න පුලුවන්.🥰

26/08/2026

උපන්දිනේට වෙනස් විදිහේ කේක් එකක් හදමුද?😋

* මේද තැවරුම හෝ බටර් (ලුණු දැමූ) 115g
* දුඹුරු සීනි 135 g
* සුදු සීනි 55g
* බිත්තර 1 (55 g)
* පාන් පිටි 275g
* කෝන් පිටි මේස හැදි 1
* බේකිං සෝඩා තේ හැදි 1
* ලුණු තේ හැදි 1/4
* ඩාක් චොක්ලට් චිප්ස් 150g
* වැනිලා එසෙන්ස් තේ හැදි 1

උපදෙස්
* බඳුනකට බටර් සහ සීනි එකතු කර සීනි මදක් දිය වන තෙක් බීට් කරන්න (විනාඩි 2ක් පමණ).
* ඉන්පසු බිත්තරය එකතු කර නැවත බීට් කරන්න (විනාඩි 2). වැනිලා භාවිතා කරන්නේ නම්, දැන් එයද එකතු කරන්න.
* පාන් පිටි, කෝන් පිටි, බේකින් සෝඩා සහ ලුණු එකතු කර කුකී ඩෝ එකක් සෑදෙන තුරු බීට් කරන්න නැතහොත් පත්තකින් කලවම් කරන්න. ඉන්පසු චොකලට් චිප්ස් එකතු කර හොඳින් කලවම් වන තෙක් මිශ්‍ර කරන්න.
* මෙම ඩෝ එකෙන් 200g අගල් 4 තෙල් කොලයක් දැමූ රවුම් තැටියකට දමන්න.
* අවම වශයෙන් විනාඩි 30ක් අධි ශීතකරණයේ තබන්න, නැතහොත් පැයක් හෝ රෑ එලිවන තුරු ශීතකරණයේ තබන්න.
* හොදින් සිසිල් වූ පසු, උඳුන ෆෑන් සහිත නම් 150 °C සාමාන්‍ය 170°C ට විනාඩි 10ක් රත් කරන්න! අවන් වල උෂ්නත්වයන් එකිනෙකට වෙනස් වන බැවින්, අවන් උෂ්නත්වමානයක් භාව්තා කරන්න.
* අවන් එක රත් වූ පසු, කුකී කේ්ක් එක ශීතකරනයෙන් පිටතට ගෙන, විනාඩි 25 ක් උඳුන තුල පුළුස්සන්න.

* බේක් කළ පසු, ඒවා අවම වශයෙන් විනාඩි 30 ක් තැටියේ සිසිල් වීමට තබන්න, සිසිල් වෙන අතරතුරෙත් කුකීස් බේක් වෙනවා. ඒ නිසා හොලවන්න, ගලවන්න හදන්න එපා. කුකීස් කැඩෙන්න පුලුවන්.

25/08/2026

ආදරේ කරන අයත් එක්ක තේකක් හදාගෙන පරන දේවල් මතක් කර කර කියවන ගමන් බොන එක මම කැමතිම වැඩක්.🥰

25/08/2026

හරියට මේ කංකුං බත් එක වගේ.😋
ලූනු, සුදු ලූනු තෙල් දාලා, බිත්තරයක් එකතු කරලා කංකුං එකතු කරන්න.
බාස්මති බත් ටිකක් එකතු කරලා, ලුනු, බටර් කෑල්ලක් එක්ක, බැදපු හාල්මැස්සො ටිකක් දාන්න.
සරලයි. රස මාරයි😍

පැනි රස දෙයක් කන්න හිතුනම ඉක්මනටම හදන්න පුලුවන් රෙඩ් වෙල්වට් මග් කේක්😋අමුද්‍රව්‍ය:පාන් පිටි මේස හැඳි 4සුදු සීනි මේස හැඳි...
25/08/2026

පැනි රස දෙයක් කන්න හිතුනම ඉක්මනටම හදන්න පුලුවන් රෙඩ් වෙල්වට් මග් කේක්😋

අමුද්‍රව්‍ය:

පාන් පිටි මේස හැඳි 4

සුදු සීනි මේස හැඳි 2

කොකෝවා පවුඩර් තේ හැඳි 1/2

බේකිං පවුඩර් තේ හැඳි 1/4

කිරි මේස හැඳි 3

එළවළු තෙල් මේස හැඳි 1

රතු කලරින් තේ හැඳි 1/2

සුදු චොකලට් චිප්ස් මේස හැඳි 1

උපදෙස්:

පිටි, සීනි, කොකෝවා පවුඩර් සහ බේකිං පවුඩර් සහ ලුණු මයික්‍රෝවේව් ආරක්ෂිත මග් එකක හොදට ගෑරුප්පුවකින් කලවම් කරන්න.

බැටරය සිනිඳු සහ රතු පැහැයක් ගන්නා තෙක් කිරි, තෙල් සහ කලරින් කලවම් කරන්න.

බැටරයේ මැදට සුදු චොකලට් චිප්ස් දමන්න.

තත්පර 60 සිට 80 දක්වා high දමා මයික්‍රෝවේව් කරන්න.

පැනි රස දෙයක් කන්න හිතුනම ඉක්මනටම හදන්න පුලුවන් චොකලට් මග් කේක්අමුද්‍රව්‍ය:පාන්  පිටි කෝප්ප 1/4සීනි මේස හැඳි 2 කොකෝවා පව...
25/08/2026

පැනි රස දෙයක් කන්න හිතුනම ඉක්මනටම හදන්න පුලුවන් චොකලට් මග් කේක්

අමුද්‍රව්‍ය:

පාන් පිටි කෝප්ප 1/4

සීනි මේස හැඳි 2

කොකෝවා පවුඩර් මේස හැඳි 1

බේකිං පවුඩර් තේ හැඳි 1/4

ලුණු ස්වල්පයක්

කිරි මේස හැඳි 3

එළවළු තෙල් හෝ උණු කළ බටර් මේස හැඳි 1

චොකලට් චිප්ස් මේස හැඳි 1

උපදෙස්:

පිටි, සීනි, කොකෝවා පවුඩර් සහ බේකිං පවුඩර් සහ ලුණු මයික්‍රෝවේව් ආරක්ෂිත මග් එකක හොදට ගෑරුප්පුවකින් කලවම් කරන්න.

කිරි සහ තෙල් එකතු කරන්න.

ඉහළින් චොකලට් චිප්ස් ඉසිය යුතු ය.

තත්පර 60 සිට 75 දක්වා high දමා මයික්‍රෝවේව් කරන්න.

24/08/2026

මේක කොච්චරක් දුරට healthy ද කියලා මම දන්නෙ නෑ. හැබැයි මහන්සි වෙලා ආව දවසට මගේ comfort food එක තමා මේ🥰

24/08/2026

බත් කන්නැති පොඩි ලොකු බබාලටත් සුපිරි රොටියක්🥰

රුලං කෝප්ප 1/2(1/2 cup semolina)
වතුර කෝප්ප 1/2(1/2 cup water)
වතුර එකතු කර විනාඩි 20ක් පමණ පෙගෙන්න තබන්න(add water to Semolina and leave 20 minutes)
ආටා පිටි කෝප්ප 1/2(1/2 cup flour)
තම්බපු අල ගෙඩියක්(steamed potato)
මිරිස් කුඩු(chili powder)
කහ (turmeric)
ලුනු(salt)
සූදුරු(cumin seeds)
කරපිංචා, ලූනු(curry leaves, onions)
මේ ඔක්කොම දාලා රොටිය හදලා තුනී කරන්න රෝලින් පින් එකකින්.

Address

323/D, Milladeniya Road, Angampitiya
Padukka
10500

Website

Alerts

Be the first to know and let us send you an email when Foodtalks by Nihara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share