
12/11/2024
මැල්වත්ත සමාගමේ අජිත් පණ්ඩිතරත්නගේ අවසන් තුරුම්පුවත් වරදී..
මුතුරාජවෙල අක්කර 800ක් ගොඩකර golf පිට්ටනියක් ඉදිකිරීමේ අරමුණින් යුතුව පිටු පන්සියයකට අධික පරිසර වාර්තාවක් 2024 මැයි මස සකසා ඉදිරිපත් කර ,ව්‍යාපෘති අනුමැතිය ලබාගැනීම සඳහා වූ තාක්ෂණික කමිටු රැස්වීම අද(12/11/2024) උදෑසන 10 ට මධ්‍යම පරිසර අධිකාරියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි..
තවද මැතිවරණයට දින දෙකක් තිබියදී මෙම කමිටුවේ අනුමැතිය කෙසේ හෝ ලබා ගැනීමට ඔහු උත්සහ කර ඇති බව අපට පෙනී යයි..
මේ පිළිබඳව අපගේ පරිසරවේදීන්,මුතුරාජ වෙල අභයභූමිය සුරැකීමේ සංවිධානය ,මුතුරාජවෙල සුරැකීමේ අගරදුරු කමිටුව (ගරු කාදිනල් තුමා) ජනාධිපති සොයුරා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු කමිටුව අත්හිටුවීමට කටයුතු යොදා ඇත..
ජනපති සොයුරා ඇතුළු සහය දුන් සැමට ස්තූතියි..
දිනූෂ nanayakkara ..
(සභාපති,මුතුරාජවෙල සුරැකීමේ අගරදගුරු කමිටුව)