Island Railways

Call Directions Contact the business

Island Railways For those of you who love trains, we provide videos with all the information about trains.

දුම්රියට ආදරේ කරන ඔයා වෙනුවෙන්!!🚆 Gift and Craft

20/09/2026

සමහරු ස්ට්‍රයික් කරද්දී, අහිංසක මිනිස්සු වෙනුවෙන් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කල දුම්රිය සේවයේ සැමට ❤️ස්තුතියි ❤️

“Dream Destination – සිහින ගමනාන්තය” ජාතික වැඩසටහන යටතේ නවීකරණය වූ පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට..! ශ්‍රී ලංකා...
03/09/2026

“Dream Destination – සිහින ගමනාන්තය” ජාතික වැඩසටහන යටතේ නවීකරණය වූ පොළොන්නරුව දුම්රිය ස්ථානය ජනතා පරිහරණයට..!

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය ස්ථාන 100ක මගී පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ “Dream Destination – සිහින ගමනාන්තය” ජාතික වැඩසටහන යටතේ නවීකරණය කරන ලද පොළොන්නරුව දුම්රිය ස්ථානය අද (03) දින යළි ජනතා පරිහරණයට විවෘත කෙරිණි.

🧪 ඇත්තටම මලකඩ කන්නේ කොහොමද?රේල් පීලි සාමාන්‍යයෙන් වානේ (steel) වලින් නිපදවා තිබෙනවා. වානේවල ඇති යකඩය වාතයේ ඔක්සිජන් + ජල...
29/08/2026

🧪 ඇත්තටම මලකඩ කන්නේ කොහොමද?

රේල් පීලි සාමාන්‍යයෙන් වානේ (steel) වලින් නිපදවා තිබෙනවා. වානේවල ඇති යකඩය වාතයේ ඔක්සිජන් + ජලය සමඟ ප්‍රතික්‍රියා කළ විට iron oxide හෙවත් මලකඩ සෑදෙනවා.

මුහුදු මාර්ගවලදී තවත් විශේෂ දෙයක් සිදුවෙනවා.

මුහුදු ජලයේ ඇති ලුණු → වාෂ්ප/ක්ෂුද්‍ර ජල බිඳිති → මුහුදු සුළඟ සමඟ රේල් පීලි මත තැන්පත් වීම.

මෙහි ඇති chloride ions වානේ මතුපිට ඇති ආරක්ෂිත තට්ටුව බිඳ දමමින් corrosion ක්‍රියාවලිය වේගවත් කරනවා.

🌊 ඒ නිසා මුහුද ළඟ මාර්ගවල වැඩිපුර පෙනෙන්නේ...
මුහුදු සුළඟ 💨
ලුණු සහිත තෙතමනය 💧
වැසි සහ අධික ආර්ද්‍රතාව 🌧️
ලුණු අංශු රේල් පීලි මත රැඳීම 🧂
උණුසුම් හා තෙත් දේශගුණය ☀️

මේ සියල්ල එකට එකතු වෙලා corrosion rate එක වැඩි කරනවා.

🚆 එහෙනම් රේල් පීලි ඉක්මනින්ම දුර්වල වෙනවාද?

අනිවාර්යයෙන්ම නැහැ.

දුම්රිය මාර්ග නඩත්තු කරන කණ්ඩායම් රේල් පීලි නිරන්තරයෙන් පරීක්ෂා කරනවා. අවශ්‍ය විට rail grinding, cleaning, maintenance සහ damaged rail replacement වැනි ක්‍රියාමාර්ග ගන්නවා.

තවත් වැදගත් දෙයක් තමයි—රේල් පීල්ලේ ඉහළ ධාවන පෘෂ්ඨය (running surface) දුම්රිය රෝද සමඟ නිරන්තරයෙන් ස්පර්ශ වන නිසා එහි මලකඩ දිගු කාලයක් එකතු වී තිබෙන්නේ නැහැ. පැත්තේ සහ භාවිතයට අඩු මතුපිටවල මලකඩ වඩාත් පැහැදිලිව පෙනෙන්න පුළුවන්.

රේල් පීලි 10,000ක් කොළඹ වරායට ළඟාවේ..! 🚆මෙම කටයුතු අවසන් වීමත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමා...
24/08/2026

රේල් පීලි 10,000ක් කොළඹ වරායට ළඟාවේ..! 🚆

මෙම කටයුතු අවසන් වීමත් සමඟ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදයන් සැලකිය යුතු ලෙස අවම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

බදුලු රාත්‍රී දුම්රියේ වයර් කපලා 😒
20/08/2026

බදුලු රාත්‍රී දුම්රියේ වයර් කපලා 😒

රතු 🛑 පැහැයෙන් රවුම් කර ඇති මෙම විශේෂිත දුම්රිය ගාංචු හඳුන්වන්නේ කුමක්දැයි ඔබ දන්නවාද? දුම්රිය මාර්ග ආරක්ෂිතව සහ ස්ථාවරව...
11/08/2026

රතු 🛑 පැහැයෙන් රවුම් කර ඇති මෙම විශේෂිත දුම්රිය ගාංචු හඳුන්වන්නේ කුමක්දැයි ඔබ දන්නවාද? දුම්රිය මාර්ග ආරක්ෂිතව සහ ස්ථාවරව තබා ගැනීම සඳහා මෙම දුම්රිය ගාංචු කෙතරම් වැදගත්ද? 💜

ටොන් ගානක මහන්සිය 💝 (1:34 scale)මහෝගනී ලීයෙන්, 🙌Class M6 locomotive Standard Livery Made from mahogany wood 🪵 100% Handc...
08/08/2026

ටොන් ගානක මහන්සිය 💝 (1:34 scale)
මහෝගනී ලීයෙන්, 🙌
Class M6 locomotive
Standard Livery
Made from mahogany wood 🪵
100% Handcrafted scale model..

(අපේ යාලුවෙක් ගේ දක්ෂතා )

උපුටාගැනීමකි

06/08/2026
🛑 අද උදෑසන මහව දුම්රියෙන් මුස්ලිම් ගෑණු ළමයෙක් වැටුනා එළියට. හීන්දෙනිය හරියෙන් වගේ වැටුනෙ. ඒ ළමයා දොර ලඟ සෙනගත් එක්ක ඉඳල...
04/08/2026

🛑 අද උදෑසන මහව දුම්රියෙන් මුස්ලිම් ගෑණු ළමයෙක් වැටුනා එළියට. හීන්දෙනිය හරියෙන් වගේ වැටුනෙ. ඒ ළමයා දොර ලඟ සෙනගත් එක්ක ඉඳලා තියෙන්නෙ. නින්ද ගිහින් කියලා තමා එතන කට්ටිය කිවුවෙ.😢😢

මොනදේ වුනත් එතන මිනිස්සු කෑ ගැහුවා ළමයා වැටුනා කියලා. දුම්රිය නවත්තන්න තියන කිසිම කේබල් එකක් වැඩ කරන්නෙ නෑ. ගොඩක් අය කේබල් වලින් ඇද්දා. පිටිපස්⁣සෙම පෙට්ටියෙ ඉන්න නිලධාරි වුනත් ගම්පහට ලංවෙනකම් ටිකක් නිදාගන්න ඇතිනෙ. ඔන්න ඕකයි ලංකාවෙ තත්වය.

මේකෙ ගොඩක් පණ්ඩිතකම් ලියන්න සීට් ගැන අනුන්ගෙ ඕපා දූප ලියන්න ගොඩක් අය ඉන්නවා . නමුත් තමන්ට අවශ්‍ය පහසුකමක් හදාගන්න කවුරුත් කතාකරන්නෙ නෑ. අර ළමයාගෙ සෙරප්පුවක් වගේම දුරකතනය දුම්රිය ඇතුළෙ වැටිලා තිබුනා. වගකියයුතු දෙතුන්දෙනෙක් 1990 ට වගේම වේයන්ගොඩ මූලස්ථාන පොලිසියෙ OIC ට කතාකරා. ඒ අය ක්‍රියාත්මක වුනා කියලා පණිවිඩයක් ආවා.

මෙහෙම දේවල් වුනාම අනවශ්‍ය විදියට පණ්ඩිතකම් කතාකරන එකවත් මේ වගේ සමූහ වල දුම්රියෙ වැසිකිළිය ගැනවත් අරයාට මෙයාට සීට් අල්ලන එව්වා ගැනවත් මිනිස්සු ගොරව ගොරව නිදන එක ගැනවත් නෙමෙයි කතාකරන්න ඕනෙ. මේ වගේ සිද්දි, අනතුරක් වුනාම සැනින් ක්‍රියාත්මක වීමේ වැඩපිළිවෙළක් ගැනයි කතාකරන්න ඕනෙ.

අර පුංචි ළමයාට කිසිම අනතුරක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

📝FB උපුටා ගැනීමකි..

මෙහි වෙන්නේ කුමක්ද? 🩵
03/08/2026

මෙහි වෙන්නේ කුමක්ද? 🩵

Address

Panadura

Telephone

+94758008181

Website

Alerts

Be the first to know and let us send you an email when Island Railways posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Island Railways:

Shortcuts

Share