Selfie TV

Selfie TV Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Selfie TV, Media/News Company, 113/5F Borella Road, Pannipitiya.

ඉස්සරහට වැඩි වෙන්න යන විදුලි බිල 😱
19/03/2022

ඉස්සරහට වැඩි වෙන්න යන විදුලි බිල 😱

දියුණුවේ හිණි පෙත්තටම යන්න,මේ විදියට යටි සිත සැලසුම් කරන්න....❤
20/02/2022

දියුණුවේ හිණි පෙත්තටම යන්න,
මේ විදියට යටි සිත සැලසුම් කරන්න....❤

මුදු සිලිල සුවඳයි  04මුදු උන්නේ සිහියත් අසිහියත් අතර මැදක බව කාට නොතේරුණත් නංගී සඳු නම් තේරුම් ගත්තාය. අක්කාට මෙහෙම වෙන්...
17/02/2022

මුදු සිලිල සුවඳයි 04

මුදු උන්නේ සිහියත් අසිහියත් අතර මැදක බව කාට නොතේරුණත් නංගී සඳු නම් තේරුම් ගත්තාය. අක්කාට මෙහෙම වෙන්නට අම්මාත් දේවිකා නැන්දාත් අතර වූ කතා බහේ සම්බන්ධයක් වන බවද ඇගේ සූක්ෂම තරුණ ගැහැනු ඉවට වැටහිණි. ඒ හා ම දැන් අක්කාගේ රෝද පුටුවේ කතාව දේවිකා නැන්දා විසින් අසනු ඇති බවද සඳුට මතක් විණි.

“අම්ම වතුර එකක් ගේන්න. අක්ක දවල්ට කෑවෙත් අඩුවෙන්.... ඒක වෙන්නැති ෆේන්ට් වුණේ.....පුලුවන්නං තේ එකක් ම හදන් එන්න අම්ම”

සඳමාලි එක්ක ම කාමරයෙන් එළියට යන දේවිකා දුටු සඳු සැනසුම් සුසුමක් හෙලුවාය. ඇඳ උඩින් වාඩි වී අක්කාගේ හිස අත ගාද්දී ඇගේ නළලෙන් දැනුණු අසාමාන්‍ය රස්නය උණ ම බව ඇයට දැනිණ. එකපාරට ම මෙහෙම ඇඟ රත් වෙන්නට මොනවා වුණාද අක්කාට?

“ඇයි මැණිකෙ....?”

සඳු ඇහුවේ දයාවෙනි. සුදු ම සුදු බෝල මූණක් ඇති සඳු සුදු කිව්වාට සුදට වඩා කහ පාටකි. රත් ලවනත් සිනා වෙන ඇසුත් හින්දා ඇයට දඟකාර සමනල පෙනුමක් ලබා දී ඇත. අක්කා මෙන් අහිංසක නොවූ පොඩි කෙල්ල අසාධාරණයේදී අම්මා එක්ක වුණත් කට ගහගෙන ගියාය.

“කියන්නකො මගෙ සුදු අක්කෙ..... ඔයාගෙ ඇඟත් රත් වෙලා”

මුදු, ඇස් පියා ගත්තී ඇගේ ඇස් වලින් ගින්දර වගේ කඳුළු දෙපේළියක් ගලා යන්නට වී. කතාව වෙන්නට ඇත්තේ රජීව් ගැන වග නම් දැන් සඳුට විශ්වාසය.

“දේවිකා ආන්ටි මොනව හරි කිව්වද?”

සඳු ඇහුවේ මුදු ගේ මුදු නළල සිඹිමිනි.

“ම්.....”

“මොනවද කිව්වෙ?”

“මට කිව්වෙ නෑ අම්ම එක්ක කියනව ඇහුණ”

අහිංසක කෙල්ල සියල්ල නංගි එක්ක කිව්වාය. සඳුගේ මුහුණෙතෙත පාට සිනා රැල්ලක් ඇඳිණ.

“හිනාවෙනවද ඉතිං මට”

“නෑ අනෙ.... ඔයා නෙ ගම කාගෙන තියෙන්නෙ.... අර එයාට එක්කෙනෙක් ඉන්නව කිව්වෙ”

“ම්....”

“ඒ ඉතිං වෙන කවුරුවත් නෙවේ.... ඔයාම තමා”

මුදු ගේ ඇස් බැමි උඩ යනු සඳු දැක්කාය. ඊළඟට ඒ ඇස් වලට ආයෙත් ආවේ කඳුළුය.

“රජීව් අයිය ඔයාට කැමතියි අක්ක”

මුදු ගේ මුවින් පිට වුණේ දිග ම දිග සුසුමකි. රජීව් කැමති ඇති. ඒත් දැන් නම් රජීව්ගේ අම්මා කොහොමත් කැමති වෙන්නේ නැති. අර තරම් ලස්සනට හැඩට ඉන්න කෙල්ලන්ටත් අකමැති වුණ අම්මා.... මේ අබ්බගාත තමාට කැමති වෙතැයි හිතන එක හීනයකි. තියෙන්නේ හිත හදාගෙන පැත්තකට වෙන්නය. මේ ගින්දරට තවත් නම් පනින්න බැරිය.

“රස්නෙන් මේක බීල ඉන්න”

කියාගෙන අම්මා කාමරයට ආවේත් ඇය පස්සෙන් දේවිකා ආවෙත් එකටම ය. අම්මා ගේ පිටුපසින් ආ ඇයට ඉඳගන්නට අක්කාගේ පොත් මේසය ළඟ වූ ප්ලාස්ටික් පුටුව ඇද දුන් සඳු රෝද පුටුව අකුලා පැත්තකට කළාය.

“මෙච්චර දවස් මං දන්නෑනෙ මේ දුව ඩිසේබල් කියල”

දේවිකා කතාව පටන් ගත්තාය. දැන් ඉතිං අම්මාට සිද්ද වෙන්නේ වෙච්චි සංගදිය කියන්නය.

“වෙච්චි දේ මං ඉතිං කිව්වෙ අක්කෙ”

සඳු සිනා නැඟෙන්නට එන මුව තර කොට පියාගෙන මුදු දෙස බලා ඇහැක් ගැහුවාය. හොඳ වෙලාවට අම්මා කුස්සියේදී සිද්ධිය කියා තියේ. නැත්නම් එකම කතාවේ රිපීට් අහන එක දැන් කෙල්ලෝ දෙන්නාට අප්පිරියා ය.

“අපෙ පුතත් දන්නෑ මා හිතේ”

එහෙම කියාගෙන “පව්” කියා ද කියාගෙන මුදු ගේ හිස අතගා ගෙන දේවිකා කාමරෙන් පිට වුණාය. මුදුගේ තෙත ඇස් ආයේ ම බර වෙනු දුටු සඳු ද ඇය මඟ හැර ගියේ මෙතැන උන්නොත් ඇය තවත් සංවේදී වන බව දන්නා නිසාය. අක්කා පව් ය. ඇගේ හීන ලෝකයේ දැන් සතුට කියා එකක් තියෙනවා නම් ඒ හීනෙන්ම විතරකි.

සඳැල්ලට වී පොතක් කියවමින් උන් රජීව් ළඟට දේවිකා ආවේ සඳමාලිගේ ගෙදර ඉඳන් එන පිම්මේ මය. මේ තොරතුර රස කරමින් කියා පුතාගේ හිත බිඳින්නට දේවිකාට ඕනෑ විණි. ඊයේ පෙරේදා සිට ඔහු වෙනස් බව ඇයට තේරුණේ නිකමට නොවේ. සඳැල්ලේ සිට කෙල්ලන් දෙදෙනා ඉන්නා පැත්ත බලා ඉඳිද්දී කොයි කෙල්ලට ද බැල්ම දාන්නේ කියා හිතාගන්න බැරිවය ඇය තැවුණේ. ඒත් අද හවස පාර්සලයක් දෙද්දී නම් මුදු ගේ මුහුණ පුරා වූ සතුට දුටු ඇයට එය හඳුණා ගන්න හැකි වී. ඔව්....

කෙල්ල ලොකු එකී ය.

ඒත් ඒකි අබ්බගාතය. ඒකි අබ්බගාත බව කොල්ලා දන්නේ නැති බව නම් ටක්කෙට ම පැහැදිලිය. ඇයට ඕනෑ එය දැන ගත් පසු ඔහුගේ මුහුණ වෙනස් වෙන විදිහ බලා කුරිරු සතුටක් විඳින්නය.

“පුතා”

දේවිකා සඳැල්ලට ගොඩ වුණේ එහෙම කියාගෙනය. රජීව් හාන්සි පුටුවේ දිගෑදී පොත කියවමින් උන් ඉරියව්ව වෙනස් කර කෙලින් වී පුටුවේ වාඩි වුණේය. කියෙව්ව තැනට බුක් මාක් එකක් තියා පොත පසෙකින් තිබ්බේ අම්මා ඇවිත් තියෙන්නේ ටිකක් ලොකුවට දෙයක් කියන්න බව තේරුණු හින්දාය.

“මං අරහෙ ගියා”

දේවිකා කිව්වේ මුදු ගේ ගේ පැත්ත හිසින් පෙන්නාය. කොල්ලාගේ පපුවේ මොකක්දෝ රිදුමක් දැවිල්ලක් ඇති ව නැති වී. ඔහුටත් යන්න ආසාය. කෙල්ල දැන් ටික වෙලාවක ඉඳන් දකින්න නැති එක ප්‍රශ්නයකි.

“දන්නවද වැඩක්”

නෑ කියන්න වගේ හිස වැනුවත් මේ නම් තමාගේ හිත රිදවන කාරණාවක් බව ඔහුට දැනී ගියේ ඒ හැඟීම යන්තම් හදවතේ අතුල්ලාය. ඒත් ඒ මේ තරම් ම පපුව කඩා වට්ටනු ඇතැයි ඔහු හීනෙන්වත් නොසිතුවේ ය. අර වගේ මල් කැකුලක්..... අර සුන්දර සිනාව පිටුපස මේ වගේ ගින්දර කතාවක් ඇති බව.... කොහොම විශ්වාස කරන්නද? රජීව්ට දැනුණේ සිය පපුව නැවතුණා වගේය. ඔහු ගේ අතක් පපුවට ගියේ නිරායාසයෙනි.

“පත්තු වුණා”

දේවිකාගේ හිතට ආවේ කුරිරු සතුටකි. සිල්වියාගේ කෙල්ලට අකමැති වෙන්න හේතුව මුදු බව දැන් දේවිකා දනී. අබ්බගාත කෙල්ල.... ඒකිත් බැල්ම දැම්මා කියා ඇය දනී.

“ලස්සන කෙල්ල”

රජීව්ට කියැවිණි.

“ලස්සන කන්නද පුතා.... සදහටම ඉතිං ඔහොම තමයි.... මොකද ආයෙ නැගිට්ටවන්න කියලයැ.... තමන්ගෙ වැඩක් කරගන්න බැරිව මොකටද කෙල්ලෙක් ජීවත් වෙලා.... කරුම ”

දේවිකා පහළට ගියේ ඉඟ ගස්සා වගේ නැඟිට ය. දැන් ඉතිං සිල්වියාගේ කෙල්ලට හවසට හවසට මෙහෙ එන්න කියන්න ඕනෑය. රජීව් කියවමින් උන් පොත පසෙකින් තියා නැඟිට සඳැල්ලට බර වී. ඊට පස්සේ ඔහු බැලුවේ මුදු ගෙදර පැත්තේ ඉන්නවා ද කියා ය. නැත. ඒත්, තව ටිකකින් ඇය එළියට එනු ඇති. ඔහු සඳැල්ලේ එහෙට මෙහෙට ඇවිද්දේ හිතේ වන කලබලය නිවා ගන්නට හිතාගෙනය.

දේවිකා ගිය වෙලාවේ ඉඳ විමසිල්ලෙන් උන් සඳු සිද්ධිය ජනේලයෙන් බලාගෙනය. නිසැකයෙන්ම දේවිකා අත පය විසි කර කර අර කිව්වේ අක්කා ගැන කතාව බව ඇයට දැනිණි. “ගොං ගෑනි” ඇය හිතෙනව් බැන්නාය. රජීව් ඔය හොයන්නේ අක්කාවය. ඒ ඇස් දෙක දුටුවාම ඔහුගේ හිතේ බලාපොරොත්තු බිඳ වැටී නැති බව ඇයට සහතිකයෙන් ම කියන්නට හැකි. අක්කාගේ ගින්දර නිවන්න නම් ඔහු ඇයට ළං කරන්නට ඕනෑ ය.

සඳු සාලයේ දොරකොඩින් එළියට බැස සමන්පිච්ච වැල ළඟට ආවාය. එතැනට රජීව් ගේ ගෙදර සඳැල්ල හොඳට පෙනේ. උඩට වී මුදු ගේ ගේ පැත්ත දෙස බලා උන් රජීව් එළියට ආ සඳාු දැක ගැස්සිණි. ගැස්සී සිනා විණි. කෝ කියා අතින් ඇසුවේ මුදු ගැන බව දන්නා සඳු ඇය ඇතුලේ කියා කියන්නට වගේ අතින් කීවාය. මට එයාට කෝල් කරන්න ඕනෙ කියා රජීව් කීවේ ද අංග චලන වලිනි. සඳුට සතුටු හිතිණි.

ඇය ෆෝන් නම්බර් එක දෙන්නදැයි ඇසුවේ ද ඔහු හා කියා කීවේ ද අත් දෙකේ ඇඟිලි වලිනි. ඇය අතින් රවුම් කර කර හතරැස් කර කර අංකය කිව්වාය. රජීව් එය දුරකතනයේ සටහන් කරගත්තේ ය. ඊට පස්සේ මහපටැඟිල්ල උරුක් කර එළ කියා සංතෝෂමක් දමා කාමරයට ගියේ ය.

ඔහුගේ දුරකතන මතක ගොනුවේ ඒ අංකය ගබඩා වුණේ “සුදු මැණික” කියා බව ඒ සුදු මැණික දන්නේ නැත.

ඒ ද මහා ගින්දරක් පපුවේ තියාගෙන ඒ මැණික කාමරයේ ඇඳ උඩට වී හූල්ලමින් උන්නාය. අමාවකට සති දෙකකට පස්සේ පුර පසලොස්වක බව දන්නා සඳු සැහැල්ලුවෙන් අක්කා ළඟට ගොස් ඇගේ හිස අතගෑවේ සතුටිනි.

Sunethra Thushari Dias
2022.02.17

"නිල් කටරොළු මල්"පූජාවටත්,ඖෂධ සඳහාත්,අලංකාරයටත්....💙💙දැන් සෙල්ෆි TV වෙත ගිහිං ඒ වටිනාකම් ගැන දැනගන්න....💙මතක ඇතිව අපිව ස...
02/02/2022

"නිල් කටරොළු මල්"
පූජාවටත්,
ඖෂධ සඳහාත්,
අලංකාරයටත්....💙💙
දැන් සෙල්ෆි TV වෙත ගිහිං ඒ වටිනාකම් ගැන දැනගන්න....💙
මතක ඇතිව අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න....💙

Address

113/5F Borella Road
Pannipitiya

Telephone

+94701888899

Website

Alerts

Be the first to know and let us send you an email when Selfie TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Selfie TV:

Share