APayy Radio Mint

APayy Radio Mint Generations Next

14/04/2023
14/02/2023

ආදරවන්තයින්ගේ දිනයට අපේ රේඩියෝ අපෙන් සුබපැතුම්

07/02/2023

සුබ උදෑසනක් වේවා

05/02/2023

නවම් පුර පසලොස්වක පොහොය අදයි

ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ සියලු භික්ෂූ සේනාව රජගහ නුවර වේළුවනාරාමයට එක්රැස් කර පළමු වරට සංඝ සම්මේලනයක් පවත්වන ලද්දේ අද වැනි නවම් පොහොය දිනයක දී ය.
තවද බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේලුවනාරාමයේ දී සැරියුත් මුගලන් දෙනමට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, තථාගතයන් වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප්‍රාතිමෝක්‍ෂය දේශනා කිරීම, බුදුන් වහන්සේ පිරිනිවනට මාස තුනකට ප්‍රථම ආයු සංස්කාරය අත්හැරීම ආදී ශාසන ඉතිහාසයේ වැදගත් කරුණු කිහිපයක් නිසා නවම්පුර පසළොස්වක පොහොය ශ්‍රී ලංකාවාසීන්ට වැදගත් වේ.

නවම් පුර පසළොස්‌වක පෝය දින බුද්ධ චරිතය හා සම්බන්ධ සුවිශේෂ සිදුවීම් රාශියකට මුල්වූ වී ඇත.

ලෝක සත්වයාට වසර හතළිස්‌ පහක්‌ පුරා ධර්මය දේශනා කරමින් විමුක්‌ති මාර්ගය පෙන්වා සිය දහසක්‌ ලෝ සතුන්ට යහපත සලසා දුන් ශාස්‌තෘවරයාණන් වහන්සේගේ ජීවිතයෙහි අවසාන තුන්මස ඇරැඹෙන්නේ මෙකී ඓතිහාසික පෝයත් සමගය.

නවම් පුන් පොහෝ දිනය බොදුනුවන්ගේ සිත් සැදෑ බැතියෙන් කුළු ගන්වන වැදගත් ශාසනික දිනයක් බව මෙහිදී වැදගත් කාරණාවකි.නොපමාව කුසල් දහම්හි යෙදී නිවන කරා යොමු වීමේ මාර්ගයේ යාමට අද වන් පොහෝ දිනක සම්මා වායාමයේ යෙදෙමු.ඔබ සැමට පින්බර වූ නවම් පුන් පොහෝ දිනක් වේවා!!!!!!!
--------------------------------------------------------------------------
Nawam Full Moon Poya Day

Lord Louthura Samma Sambuddha amassed all of the Bhikku Sena at Veluvanaramaya in Rajagaha and for the primary time held a Sangha Conference at the Nawam Poya day like today.

In addition to the critical activities, withinside the records of Sasana, there are numerous critical activities withinside the records of Sri Lanka: Nine complete moon Poya days have given upward push to many unique activities associated with the individual of the Buddha.

Moreover, The final 3 months of the existence of the Master who preached the Dhamma to the beasts of the arena for forty-5 years has confirmed the manner of liberation and did proper to masses of heaps of beasts of the arena, start with this anciently Poya.

It is critical to notice that the 9th complete moon day is an critical Sasana day so as to enlighten the minds of the Buddhists. !!

04/02/2023

ලැබූ නිදහස රැකගනිමු

31/01/2023

ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ (ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි) ජීවන ගමන නිම කරමින් කඳුළු ගඟක් හිමි කර දෙමින් අතරමග හදේ සුසුමන් ඉතිරි කරමින් වෙන් වී යන තිලකරත්න මීගස්පිටිය මහතාගේ පියාණන්ගේ හදිසි වියෝව පිළිබඳ අපේ රේඩියෝ කණ්ඩායමේ සාතිශය සංවේගය.

Address

Pannipitiya

Alerts

Be the first to know and let us send you an email when APayy Radio Mint posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to APayy Radio Mint:

Share

Category