Colombo Times

Colombo Times The Digital News Portal of Sri Lanka
(1)

ආපදා තත්වය නිසා විපතට පත් පුංචි දරුවන්ට ආයෙත් ඉස්කෝලේ යන්න හයියක් වෙන්න, ඔබත් එකතු වෙන්න. ❤️🤝"අකුරට දිරියක්" - පුංචි මුහ...
13/12/2025

ආපදා තත්වය නිසා විපතට පත් පුංචි දරුවන්ට ආයෙත් ඉස්කෝලේ යන්න හයියක් වෙන්න, ඔබත් එකතු වෙන්න. ❤️🤝

"අකුරට දිරියක්" - පුංචි මුහුණට හිනාවක් ගේන ආදරණීය මෙහෙවර.

ඔබේ ආදරය එක්ක දරුවන් දහසක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දෙන ක්‍රියාන්විතය.

ඔබ පරිත්‍යාග කරන එක පෑනකට, එක පැන්සලකට, එක පොතකට පුළුවන් මේ දරුවන්ව ආයේ ඉස්කෝලේ යවන්න.

පරිත්‍යාග භාරගන්නා ස්ථාන

📌පන්නිපිටිය Colombo Times ප්‍රධාන කාර්යාලය: https://maps.app.goo.gl/RpdpXcmoJwo4xJLC7

📌තලවතුගොඩ A Plus Studio: https://maps.app.goo.gl/azzwmUa8zzYRnbsw8

📞වැඩි විස්තර: 076 583 2788

#අකුරටදිරියක්

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්...
13/12/2025

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිලධාරීන් 2500ක් රාජකාරියේ යොදවා සිටින බවයි.

🟢 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින යුදමය තත්ත්වය අද (13) සිට බලපැවැත්වෙන පරිදි අවසන් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම...
13/12/2025

තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින යුදමය තත්ත්වය අද (13) සිට බලපැවැත්වෙන පරිදි අවසන් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

Truth සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ අද පස්වරුවේ සිට සියලුම වෙඩි තැබීම් නතර කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බවයි.

තායිලන්ත අගමැති සහ කාම්බෝජ අගමැති සමඟ පැවැත් වූ දුරකථන සංවාදවලින් පසු ඔවුන් ඊට එකඟ වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර පවතින මෙම යුදමය වාතාවරණය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20දෙනෙක් මියගොස් ලක්ෂ 5කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි.

🟢 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar

ප්‍රධාන ජලාශ 34ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉ...
13/12/2025

ප්‍රධාන ජලාශ 34ක් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු, එල්. එස්. සූරියබණ්ඩාර සඳහන් කළේ රාජාංගනය, දැදුරුඔය, යාං ඔය සහ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර ඇති බවයි.

එමෙන්ම පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ජලාශ 80කට පමණ හානිවීම් සිදු වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

🟢 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar

ගැටුම් හේතුවෙන් බලපෑමකට ලක් වූ ගාසා තීරයේ පුද්ගලයන් ලක්ෂ 08කට අධික පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත් වී සිටිනවා. විදෙස්...
13/12/2025

ගැටුම් හේතුවෙන් බලපෑමකට ලක් වූ ගාසා තීරයේ පුද්ගලයන් ලක්ෂ 08කට අධික පිරිසක් ගංවතුර හේතුවෙන් පීඩාවට පත් වී සිටිනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව අධික වර්ෂාපතනය හේතුවෙන් කඳවුරුවල රැදී සිටින ගාසා වැසියන් දැඩි දුෂ්කතාවන්ට මුහුණ දී සිටින බවයි.

ගාසා තීරයේ පැවති ගැටුම් හේතුවෙන් පිරිසක් අවතැන් වූ ළමුන් ඇතුළු පුද්ගලයන් දහස් ගණනක පිරිසක් තාවකාලික කඳවුරුවල රැදී සිටින බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශේෂයෙන් කඳවුරුවල සිටින ළමුන්, පවතින ශීතාධික සහ වැසි සහිත කාලගුණය හේතුවෙන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවයි.

🟢 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar

13/12/2025

අකුරට දිරියක් ක්‍රියාන්විතය සමඟ දිනෙන් දින එක්වන ආදරණීයයන්. ❤️🤝

"අකුරට දිරියක්" - පුංචි මුහුණට හිනාවක් ගේන ආදරණීය මෙහෙවර.

ඔබේ ආදරය එක්ක දරුවන් දහසක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දෙන ක්‍රියාන්විතය.

ඔබ පරිත්‍යාග කරන එක පෑනකට, එක පැන්සලකට, එක පොතකට පුළුවන් මේ දරුවන්ව ආයේ ඉස්කෝලේ යවන්න.

පරිත්‍යාග භාරගන්නා ස්ථාන :-

📌Colombo Times ප්‍රධාන කාර්යාලය - පන්නිපිටිය : https://maps.app.goo.gl/RpdpXcmoJwo4xJLC7

📌A Plus Studio - තලවතුගොඩ : https://maps.app.goo.gl/azzwmUa8zzYRnbsw8

📞වැඩි විස්තර: 076 583 2788

#අකුරටදිරියක්

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත...
13/12/2025

රාජ්‍ය නිලධාරීන්ට විශේෂ අත්තිකාරම් දීමනාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාරගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ රුපියල් 4000කට නොවැඩි විශේෂ අත්තිකාරම් දීමනාවක් එලෙස ලබාදෙන බවයි.

එය රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ගිණුමෙන් ගෙවන උත්සව අත්තිකාරම් හෝ වෙනත් අත්තිකාරම්වලට අදාළ නොවන බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.

2026 වසරේ ජනවාරි 01වනදා සිට පෙබරවාරි 28වනදා දක්වා ගෙවීම් සිදු කිරීමට හැකියාව පවතිනවා.

එමෙන්ම සමාන මාසික කොටස් 10කින් වර්ෂයකට 8% බැගින් වූ පොලියක් සහිතව එය අය කරගත යුතු බව අදාළ චක්‍රලේඛයේ සඳහන්.

🟢 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar

පසුගියදා පැවති අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙ...
13/12/2025

පසුගියදා පැවති අයහපත් කාලගුණයෙන් හානි වූ නිවාස අතුරින් වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය සඳහන් කළේ සිදු වූ ආපදාවලින් මේ වන විට මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 1,568ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් නිවාස 14,111ක් අර්ධ වශයෙන් හානි වී ඇති බවයි.

එමෙන්ම සමස්ත දිවයිනේම නිවාස 5713ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ දෙවන ස්ථානයට වැඩිම නිවාස හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වන බවයි.

ඒ අනුව එම දිස්ත්‍රික්කයේ නිවාස 767ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 3,742ක් අර්ධ වශයෙන් හානි වී තිබෙනවා.

🟢 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar

ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ...
13/12/2025

ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් රුපියල් 35,000ත් 50,000ත් අතර මුදලක් වැයකර එම ව්‍යාජ රියදුරු බලපත්‍ර ගන්නා බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.

🟢 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar

දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (12) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් ...
13/12/2025

දෙසැම්බර් මස 18වනදා පාර්ලිමේන්තුව කැඳවමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ඊයේ (12) රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව දෙසැම්බර් 18වන බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.

🟢 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ද...
13/12/2025

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ප්‍රබල අකුණු සමඟ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.

🟢 Join Our WhatsApp Group: https://chat.whatsapp.com/J7gS5n5yTTfKGhvYvuk9Ar

12/12/2025

ආපදා තත්ත්වයෙන් විපතට පත් පුංචි දරුවන්ට අයෙත් ඉස්කෝලේ යන්න හයියක් වෙන්න ඔබත් එකතු වෙන්න❤️🤝

"අකුරට දිරියක්" - පුංචි මුහුණට හිනාවක් ගේන ආදරණීය මෙහෙවර.

ඔබේ ආදරය එක්ක දරුවන් දහසක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දෙන ක්‍රියාන්විතය.

ඔබ පරිත්‍යාග කරන එක පෑනකට, එක පැන්සලකට, එක පොතකට පුළුවන් මේ දරුවන්ව ආයේ ඉස්කෝලේ යවන්න.

පරිත්‍යාග භාරගන්නා ස්ථාන :-

📌පන්නිපිටිය Colombo Times ප්‍රධාන කාර්යාලය: https://maps.app.goo.gl/RpdpXcmoJwo4xJLC7

📌තලවතුගොඩ A Plus Studio: https://maps.app.goo.gl/azzwmUa8zzYRnbsw8

📞වැඩි විස්තර: 076 583 2788

#අකුරටදිරියක්

Address

177/6, Rathmaldeniya Road, Palanwaththa, Pannipitiya 10230
Pannipitiya
10250

Alerts

Be the first to know and let us send you an email when Colombo Times posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Colombo Times:

Share

ColomboTimes.lk

Around The World From Colombo