Knowledge Bank

Knowledge Bank විභාග ඉලක්ක ජයගන්න

10/08/2026
දෙමාපියනි,📚Knowledge Bank අපෙන්, ඔබේ දරුවාට ශිෂ්‍යත්ව විභාග ඉලක්කය ජයගන්න උදව්වන සාර්ථකත්වයේ රහස් 5ක්;ශිෂ්‍යත්ව විභාගය ක...
15/07/2026

දෙමාපියනි,

📚Knowledge Bank අපෙන්, ඔබේ දරුවාට ශිෂ්‍යත්ව විභාග ඉලක්කය ජයගන්න උදව්වන සාර්ථකත්වයේ රහස් 5ක්;

ශිෂ්‍යත්ව විභාගය කියන්නේ තමන්ගේ ප්‍රාථමික අධ්‍යාපනයේ අවසන් අදියරට එන දරුවාට මුහුණ දෙන්න වෙන ඉතාම තරඟකාරී විභාගයක්. කොහොම වුණත් ශිෂ්‍යත්ව විභාගය දරුවන්ටත් වඩා දෙමව්පියන් අතර වඩාත් උද්යෝගයක් ඇති කරලා තියෙන්නේ මේ මගින් ජනප්‍රිය පාසැලකට ඇතුළුවීමේ වරම දරුවාට හිමිවන නිසයි.

ඉතින් Knowledge Bank අපි හිතුවා, ශිෂ්‍යත්වයට මුහුණ දෙන ඔබෙ දරුවාට විභාග සාර්ථකත්වයට බෙහෙවින් උදවු වන සාර්ථකත්වයේ රහස් 5ක් පිළිබදව ඔබව දැනුවත් කරන්න.

📙1. දරුවාගේ විභාග බිය නැති කරවන්න
විභාගයේ වටිනාකම දරුවාට පෙන්වා දී ඒ සඳහා දරුවාගේ උපරිම උනන්දුව සහ උත්සාහය යොමු කිරීමට ඔහුට දිරි දිය යුතුයි. මෙය තවත් එක් විභාගයක් පමණක් බවත්, මෙයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය දරුවාගේ අනාගත අධ්‍යාපනය අඩාල වීමට හේතු නොවන බවත් දෙමව්පියන් වටහාගෙන දරුවාගෙ ආතතිය අවම කල යුතුය.

📕2.දරුවා ව සැලසුමට අනුව වැඩ කරවන්න
මේ සතිය තුළ දරුවා නිසි කලට වේලාවට, සැලැස්මට අනුව විෂය කරුණු සාර්ථකව සම්පූර්ණ කරමින් අනවශ්‍ය පීඩනයකින් තොර ව සිටීමට මනස කලමනාකරණය කර ගත යුතුය.

📗3. පොත පතින් කියාදෙන කරුණු ප්‍රායෝගිකවම අධ්‍යයනයට පහසුකම් සලසන්න
අදාළ විෂය කරුණු පොතපතට පමණක් සීමා නොකර හැකි සෑම අවස්ථාවකදීම දරුවාට අත්දැකීමක් හැටියට දැනුමට එකතු කරගන්න ඉඩ සකස්කිරීම දරුවාගේ සාර්ථකත්වයට ඉතාම වැදගත්. තව නොබෝ දිනකින් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න සිටින ඔබේ දරුවාවවත් මේ කාලසටහනට සහභාගී කරවමින් නව අත්දැකීම් ඇසුරින් දරුවාගේ දැනුම ඔප මට්ටම් කරන්නට දෙමව්පියන්ට අවස්ථාව හිමිවනවා.

📘4. දරුවාට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න උදව් වෙන්න
දරුවා කුමන ආකාරයට පාඩම් කළත්, එමගින් ඔහුගේ පාඩම් වැඩ කටයුතු යහපත්ව සිද්ධ වෙනවානම් දරුවාට පහසු රටාවට ඉඩදීම තමයි සුදුසුම කරුණ වන්නේ. ඇඳක් උඩ පාඩම් කිරීමට වඩා විභාග පරිසරයට වඩාත් සමීප වන මේසයක් සහ පුටුවක් භාවිතා කරමින් පාඩම් කිරීම වඩාත් සුදුසු බවයි මනෝ විශේෂඥයින් පවසන්නේ, දරුවාට ඒ දේවල් කිරීමට පූර්ණ නිදහස ලබාදෙන්න.

📙5. සමබර ජීවන රටාවකට මෙන් ම නිවැරදි පෝෂණ රටාවකට දරුවාට පහසුකම් සලසන්න
සෑම විනාඩි 45කට වරක්වත් පාඩම් වැඩ අතර කෙටි විවේකයක් දරුවාට ලැබීම වැදගත්. ඒ වගේම එකම විෂයය දිගටම පාඩම් කරනවාට වඩා උදේ සවස හෝ පැය කීපයකට වතාවක් විෂයයන් මාරු කරමින් පාඩම් වැඩ කිරීමට වඩාත් සාර්ථක වේ. ඒ වගේම මනස සන්සුන් කරන ව්‍යායාමවලට දරුවාව යොමු කිරීමත්, නිවැරදි ආහාර රටාවක් ද අනුගමනය කරන්න සැලැස්වීමත් දරුවාට අතිශයින් උපකාරී වන කරුණු කාරණා වෙයි.

අපි මේ ගෙන ආ කරුණු ඔබේ දරුවාගේ විභාග සාර්ථකත්වයට බෙහෙවින් උපකාරී වනවා නොඅනුමානයි. පාසලේ ගුරුවරුන් හා අධ්‍යාපන වැඩකටයුතු සිදුකර නිවසට පැමිණෙන දරුවාට ඔබ තවත් ගුරුවරයෙක් බවට පත්වන්නට යන්න එපා. ඒ වෙනුවට දරුවාගේ හැකියාවන් සහ දුර්වලතාවයන් අධ්‍යයනය කොට හඳුනාගෙන ඒ සඳහා ගුරුවරුන්ගේද උදව් උපකාර ලබාගනිමින් දරුවාව සාර්ථකත්වය කරා ගෙනියන වගකිවයුතු මවෙක්/පියෙක් වී දරුවාට ශක්තියක් වන්න.

🆕Knowledge Bank අපගේ නවතම ප්‍රකාශනය වන උසස් පෙළ ජීව විද්‍යා විෂයය ඉගෙනුම ලබන සිසුන් සඳහා “ප්‍රශ්නට ප්‍රශ්නයක්” ප්‍රශ්නෝත...
14/07/2026

🆕Knowledge Bank අපගේ නවතම ප්‍රකාශනය වන උසස් පෙළ ජීව විද්‍යා විෂයය ඉගෙනුම ලබන සිසුන් සඳහා “ප්‍රශ්නට ප්‍රශ්නයක්” ප්‍රශ්නෝත්තර කට්ටලය සිංහල මාධ්‍යයෙන් දැන් ලබාගත හැක.

📚ජීව විද්‍යා සම්පත් පොතේ ඇති කරුණු වලට අනුව විවරණය කරන ඇති මෙම කට්ටලය තුළ පසුගිය විභාග ප්‍රශ්නපත්‍රවල බහුවරණ ප්‍රශ්න 300ක් සහ එම ප්‍රශ්න වලට අනුමානව නිර්මාණය කරන ලද බහුවරණ ප්‍රශ්න 300ක් පිළිතුරු විවරණ සහිතව සම්පාදනය කර ඇත.

👩‍⚕️විභාග ඉලක්ක ජයගෙන වෛද්‍ය සිහිනය සැබෑ කරගැනීම සඳහා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබට පූර්ව විභාග අත්දැකීමක් ලබාගන්න Knowledge Bank අපගේ ප්‍රකාශන පරිශීලනය කරන්න.

📍Online මිලදී ගැනීමේදී 10% ක සුවිශේෂ වට්ටමක් ද ලබාගත හැක.

www.knowledgebank.lk අපගේ වෙබ් අඩවිය ඔස්සේ මිලදී ගැනීමේදී Koko pay මගින් වාරික 03 කින් ගෙවීමේ පහසුකම සහිතයි.

🏠අදම ඔබගේ ඇණවුම වෙන් කරවාගෙන,
නිවසටම ගෙන්වා ගන්න
(COD පහසුකම්ද සහිතයි)

☎️දැන්ම අමතන්න.
WhatsApp: 0712 100 111
Hotline: 0112 834 834

📌විභාගය අභියස සිටින ඔබ,විභාගයට ඇත්තේ, තව මාසයකි. දැන් ඔබ සිටින්නෙ විභාගය අත ළග බව මතක් කරගන්න.🗣️එබැවින් මේ දිනවල ඔබ කළ ය...
14/07/2026

📌විභාගය අභියස සිටින ඔබ,
විභාගයට ඇත්තේ, තව මාසයකි. දැන් ඔබ සිටින්නෙ විභාගය අත ළග බව මතක් කරගන්න.

🗣️එබැවින් මේ දිනවල ඔබ කළ යුත්තෙ සහ නොකළ යුත්තේ කුමක්ද යන්න අවබෝධ කර ගත යුතුය.

📋විභාග පූර්ව අත්දැකීමක් ලබාගැනීම සදහා කාලය කලමනාකරණය කරගනිමින් ප්‍රශ්නපත්‍ර වලට පිළිතුරු ලියන්න.

🗂️අඛණ්ඩව විභාගය වෙනුවෙන් මෙතෙක් කරගෙන ආ වැඩසටහන මේ දිනවල ඊටත් වඩා හොදින් දිගටම කරගෙන යන්න.

🗂️ඔබ විසින් සකස් කරගත් පෙර පාඩම් වලට අදාල කෙටි සටහන් නැවත නැවත කියවන්න.

🗂️විභාග භීතිය නිසා මානසික පීඩනය වැඩිවන බැවින් මනස සැහැල්ලු කරගැනීම සදහා විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න.

🗂️ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. මේ දිනවල ශරීර සෞඛ්‍යය කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න.මානසික පීඩනය නිසා ලෙඩ ඇතිවීමට ඇති ඉඩකඩ වැඩියි. ඔබ අවට පිරිසිදුව තබාගන්න. හොද වාතාශ්‍රයක් ලැබීමට සලස්වන්න.

🗂️ “මම ඉහළින්ම විභාගය සමත්වෙනවා, ඔව් මට පුළුවන්” යන ධනාත්මක ආකල්ප ඇති කරගන්න සහ උද්යෝගයෙන් වැඩ කරන්න.

🗂️යාළුවන් සමග ඉගෙනගත් පාඩම් සාකච්ඡා කරන්න.

🗂️ඔබට තවත් කෙනෙකුට හෝ පිරිසකට පාඩම් කියාදෙන්න පුළුවන්නම්, ඔබගේ මතක ශක්තිය 100%ක් වර්ධනය කරගත හැක.

📌ළග ළගම එන 2026 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඵලදායි අධ්‍යයන ශිල්ප ක්‍රම සොයන ඔබට උපකාරයක් වශයෙන් විභාගයට ඔබේ උපරිමය සිදු කිරීමට ආතතිය අවම කරගැනීමට සහ කාලය කලමනාකරණය කරගැනීමට ප්‍රායෝගික උපදෙස් Knowledge Bank අපි මෙසේ දැනුවත් කරන අතර, ඔබ සියලු දෙනාටම උසස් ප්‍රතිඵල ලබාගැනීමට හැකිවේවායි, සුබ පැතුම් එක්කරන්නෙමු !

මහනුවර පොත් දැක්ම - Knowledge Bank අපි
03/07/2026

මහනුවර පොත් දැක්ම - Knowledge Bank අපි

02/07/2026

අද ( ජුලි 02 ) මහනුවර පොත්දැක්මේ හතරවෙනි දිනයේදී හඳුන්වාදුන් නවතම Knowledge Bank ප්‍රශ්නපත්‍ර කට්ටලය..

Address

7A Sethsiri Place
Pannipitiya
10230

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94712100111

Alerts

Be the first to know and let us send you an email when Knowledge Bank posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Knowledge Bank:

Shortcuts

Share

Category