Mo/ kotaweheramankada M.V

Mo/ kotaweheramankada M.V please be share our school page

✴️මෙන්න තවත් තරඟ ප්‍රතිපලයක්... ✴️ 🌹පසුගිය දින පැවති කලාප නර්තන තරගාවලියෙන්,විද්‍යාලයීය නර්තන කණ්ඩායම සුවිශේෂී දක්ෂතා පෙ...
22/05/2026

✴️මෙන්න තවත් තරඟ ප්‍රතිපලයක්... ✴️ 🌹පසුගිය දින පැවති කලාප නර්තන තරගාවලියෙන්,විද්‍යාලයීය නර්තන කණ්ඩායම සුවිශේෂී දක්ෂතා පෙන්නුම් කිරීමට සමත් විය ඒ අනුව ගැහැණු සමූහ අනුරාග දණ්ඩ තාලය සහ පිරිමි ඒකල වඩිග පටුන යන නර්තන අංග දෙකම ප්‍රථම ස්ථානය ලබාගනිමින් පළාත් තරග සදහා සුදුසු කම් ලබා ගන්නා ලදි..විද්‍යාලයීය නර්තන ආචාර්ය නිමේෂා ගුරුතුමියගේ පුහුණුව, කැපවීම සහ මග පෙන්වීම ඉතා අගනේය.ඉදිරියේදී එළඹෙන පළාත් තරඟ ද ජයගෙන සමස්ත ලංකා තරඟවලදී විද්‍යාලයේය නාමය රන් අකුරින් ලියවන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමු.
ඔබ සැමටවිදුහල්පතිතුමාගේත් ආචාර්ය මණ්ඩලයේත් ශිෂ්‍ය ප්‍රජාවගේත් දෙමාපියන් සහ ප්‍රදේශවාසීන්ගේත් සුභාශිංසන මෙසේ පිරිනමන්නෙමු.

මේකටනම් ලයික්, කමෙන්ට්ස්, ශෙයාර්ස් වැස්සක් ඕනේ..🌹🌹🌹ඉස්කෝල පොතේ අළුත් පිටුවක් පෙරළපු පුංචි කොල්ලා..🌹🌹🌹ශිෂ්‍ය බටයෙක්ට සිය ...
19/05/2026

මේකටනම් ලයික්, කමෙන්ට්ස්, ශෙයාර්ස් වැස්සක් ඕනේ..
🌹🌹🌹ඉස්කෝල පොතේ අළුත් පිටුවක් පෙරළපු පුංචි කොල්ලා..🌹🌹🌹
ශිෂ්‍ය බටයෙක්ට සිය ශිෂ්‍යභට ජීවිතයේ දී යන්නට පුළුවන් ඉහළම තනතුර තමයි රෙජිමේන්තු සැරයෙන් මේජර්.අපේ ඉස්කෝලේ කවිෂ්ක පුතා ඒ කඩඉම ජයගන්න සමත් වුණා. අද ඒකේ අභිෂේක මංගල්‍යය.ඔහු ජාතික ශිෂ්‍යභට බලකායේ 24 වන බලඇණියේ අභිනව සැරයන් මේජර් වරයා ලෙස අද බලඇණි මූලයේ දී කිරුළු පැළඳුවා.තණමල්විලින් මෙහාට බලන්ගොඩින් මෙහාට මෙහෙම කොල්ලෙක් ආයෙ නෑ.මේක පාසලට වගේම ප්‍රදේශයටත් මහත් ආඩම්බරයක් අභිමානයක්.කවිෂ්ක පුතා පාසලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඒ වගේම ඉතාමත්ම විනයගරුක සහ ආදර්ශමත් ශිෂ්‍යයෙක්. ඔබට තව බොහෝ දුර යන්නට තිබෙනවා ඒ ගමන අධිෂ්ඨානශීලීව නොපසුබස්නා වීරයෙන් යුතුව යන්නට විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරුමෑණිවරුන්ගේ ත් පියවරුන්ගේ ත් සහෝදර සිසු සිසුවියන්ගේ ත් උණුසුම් සුබ පැතුම් මෙසේ පි‍රිනමන්නෙමු.

"සිසු නියමු අභිසෙස් 2026" විද්‍යාල පරිශ්‍රයේදී මහත් අභිමානයෙන් පසුගිය සිකුරාදා දින එනම් 15වන දින පැවැත්විණි. එම අවස්ථාවට...
18/05/2026

"සිසු නියමු අභිසෙස් 2026" විද්‍යාල පරිශ්‍රයේදී මහත් අභිමානයෙන් පසුගිය සිකුරාදා දින එනම් 15වන දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සහභාගී විය.මේ එහි සමීප දසුන් කිහිපයක්

🥰🥰🥰විද්‍යාලයේ ඉංග්‍රීසි ඒකකය වැඩිදියුණු කිරීම සඳහා ඔබේ සහයෝගය ත් ලබා දෙන්න🥰🥰🥰..විද්‍යාලයෙහි ඉංග්‍රීසි ඒකකය වැඩිදියුණු කි...
04/05/2026

🥰🥰🥰විද්‍යාලයේ ඉංග්‍රීසි ඒකකය වැඩිදියුණු කිරීම සඳහා ඔබේ සහයෝගය ත් ලබා දෙන්න🥰🥰🥰..
විද්‍යාලයෙහි ඉංග්‍රීසි ඒකකය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු සූදානම් කර ඇත. මේ වනවිට ත් ඒ සඳහා අරමුදල් සම්පාදනය කරමින් පවතින අතර රු120,000 ක පමණ මුදලක් දැනටම ත් ඔබේ සහයෙන් එකතුවී ඇත. තවත් රු. 70,000ක පමණ මුදලක් මේ සඳහා හිඟව පවතින අතර ඒ සඳහා සහයෝගය දැක්විය හැකි ආදි සිසුවෙකු හෝ සුභ පතන්නෙකු සිටීනම් විද්‍යාලීය ඉංග්‍රීසි විෂයභාර චමත් මහතා සමබ්න්ධ කරගන්නා ලෙස කාරුණිකව ඉලා සිටිමු. ප්‍රදේශයේ ප්‍රමුඛතම පාසැල ලෙස අභිමානවත් ගමනක යෙදෙන අවස්ථාවක ඔබේ ශක්තියත් එයට එකතුකරන් මෙන් අපි ඔබෙන් ඉතාමත් ගෞරවයෙන් සහ ආදරයෙන් ඉලා සිටිමු. අදාල විස්තර මෙම පෝස්ටුව සමග ඉදිරිපත් කර ඇත.
චමත් මහතා, 071-6382218, 078-1868464

✴️ ✴️ ✴️නවීකරණය කරන ලද ප්‍රථමාධාර ඒකකය සිසු අයිතියට පැවරීම ✴️ ✴️ ✴️විද්‍යාලයීය 2025/26 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ව්‍යාපෘතියක් ...
28/04/2026

✴️ ✴️ ✴️නවීකරණය කරන ලද ප්‍රථමාධාර ඒකකය සිසු අයිතියට පැවරීම ✴️ ✴️ ✴️
විද්‍යාලයීය 2025/26 ශිෂ්‍ය නායක මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස නවීකරණය කරන ලද ප්‍රථමාධාර ඒකකය ගැහැණු/ පිරිමි ලෙස කාමර දෙකකින්,සියලු පහසුකම් සහිතව පසුගියදා සිසු අයිතියට පත් කෙරිණි. මෙහි දී ශිෂ්‍ය නායක මණ්ඩලය දින සති ගණනාවක් තිස්සේ මේ උතුම් කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ අතර එය ඉතාමත් අගය කළ යුතු කටයුත්තකි. එසේම ශිෂ්‍ය නායක මණ්ඩලයේ දරුවන්ට අමතරව තවත් බොහෝ දරුවන් මෙම කර්තව්‍යයේදී ඔවුන්ට සහයෝගය ලබාදීමද අගය කළ යුතුය.විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගෙන් ලැබුණු මඟ පෙන්වීම ගුරුවරුන්ගෙන් ලද සහයෝගය සේම දෙමාපියන් ආදී සිසුවියන් සහ පාසල් ප්‍රජාවෙන් .ලැබුණු නොමද සහයෝගය මේ සාර්ථක කර ගැනීමට ප්‍රබල රුකුලක් විය.විශේෂයෙන්ම,
අප විද්‍යාලයේ මහේෂා ගුරුතුමිය,
නිලන්ත මහත්මා( පොඩි කඩේ),
ප්‍රවීණ දේශක සහ ආදි ශිෂ්ය - අකිල චින්තක මයා,
විරාජ් ෆාමසි අධ්පතිතුමා සහ කාර්ය මණ්ඩලය,
ගයාන් මහත්මා- සඳගලගම( ආදිශිෂ්‍ය ),
විපුල මහතමා( මහනෙටුල),
සඳමාලි මිය( කුඩානෙටුල- ආදිශිෂ්‍ය ),
ඉෂාරක පුතණුවන්( 13 ශ්‍රේණිය)මෙහිදී ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.

විද්‍යාලීය සිසු සිසුවියන් ඉතාමත්ම වගකීමෙන් ආදරයෙන් සහ විනයානුකූලව මෙය පරිහරණය කරනු ඇතැයි අපි අපේක්ෂා කරන අතර ඉදිරියේදී පාසලට පැමිණෙන දූ පුතුන් උදෙසාත් මේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු.

🥰🥰🥰සරසවි වරම් දිනූ දූ පුතු දෙපළට උණුසුම් සුභ පැතුම්🥰🥰🥰කොටවෙහෙරමංකඩ මහ විද්‍යාලයීය සෙවණේ හෝඩියේ පටන් අකුරු කර දුෂ්කරම විභ...
01/04/2026

🥰🥰🥰සරසවි වරම් දිනූ දූ පුතු දෙපළට උණුසුම් සුභ පැතුම්🥰🥰🥰
කොටවෙහෙරමංකඩ මහ විද්‍යාලයීය සෙවණේ හෝඩියේ පටන් අකුරු කර දුෂ්කරම විභාග කඩඉම ජයගෙන සරසවි වරම් දිනාගත් තරුෂ පුතණුවන්ට ත්, හෂිනි දියණියට ත් විදුහල්පතිතුමාගේත්, ආචාර්ය මණ්ඩලයේ ත් සහෝදර සිසු සිසුවියන්ගේ ත් දෙමාපියන් ඇතුළු සමස්ථ පාසැල් ප්‍රජාවේම උණුසුම් සුභාසිංශන මෙසේ පිරිනමන්නෙමු!

අරමුණ කෙරෙහි සිත දැඩි කොට තබාගෙන,
ඉගෙනුම කෙරෙහි ලොල් වූ සිත නිසාවෙන,
අපමණ වෙහෙස වී කැපවුණ දයාවෙන,
සරසවි වරම් දිනුවා දූ පුතු දෙදෙන..

අතැර නොයා ගුණදම් වැඩුවා සේම,
පාසල් මව් තුමෝ තුටු වෙති හැමදාම,
දුක් කම්කටොලු අපමණ විඳ දිනුවාම..
තුටු වෙති ගුරු දෙගුරු මහ ඇදුරිඳු සේම..

🥰🥰🥰විදු මාතාව රනින් බැබළ වූ නෙසදි දියණිය🥰🥰🥰සිංහල භාෂාව සහ සාහිත්‍ය තරඟාවලියේ සාහිත්‍ය දැනුම මිනුම තරඟයෙන් සමස්ථ ලංකා ප්‍...
23/03/2026

🥰🥰🥰විදු මාතාව රනින් බැබළ වූ නෙසදි දියණිය🥰🥰🥰
සිංහල භාෂාව සහ සාහිත්‍ය තරඟාවලියේ සාහිත්‍ය දැනුම මිනුම තරඟයෙන් සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය ත් ජාතික මට්ටමින් දෙවන ස්ථානය ත් ලබා ගනිමින් විදු මාතාව ට මහත් ගෞරවයක් ලබාදුන් නෙසෙදි නදින්සා දියණියට (මහනෙටුල රසික මහත්මයගේ ත් එම මහත්මියගේ ත් දයාබර දියණිය)විදුහල්පතිතුමාගේත් ආචාර්ය මණ්ඩලයේත් සහෝදර සිසු සිසුවියන්ගේත් හද පිරි ආදරය ගෞරවය මෙසේ පිරිනමන්නෙමු!

06/03/2026
නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ගැරු මෑණියනි...
04/03/2026

නිදුක් නිරෝගී විශ්‍රාම දිවියක් ගැරු මෑණියනි...

10/02/2026
30/01/2026

01 වසරට ඇතුලත් වූ දරැවන්
සාදරයෙන් පිලිගනිමු.

Address

Kotaweheramankada
Pelmadulla

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30

Website

Alerts

Be the first to know and let us send you an email when Mo/ kotaweheramankada M.V posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mo/ kotaweheramankada M.V:

Share