Rupavahini News

Rupavahini News This is the page of the National Television (Rupavahini) News Bulletin.

ඊයේ (18) රාත්‍රී ඇල්පිටිය පිටුවල මාර්ගයේ ගැමුණු හන්දියේදී ඇල්පිටිය දෙස සිට පිටුවල දෙසට ධාවනය වූ ලොරි රථයක් ගැමුණුමාවත සි...
19/07/2025

ඊයේ (18) රාත්‍රී ඇල්පිටිය පිටුවල මාර්ගයේ ගැමුණු හන්දියේදී ඇල්පිටිය දෙස සිට පිටුවල දෙසට ධාවනය වූ ලොරි රථයක් ගැමුණුමාවත සිට ප්‍රධාන මාර්ගයට ඇතුලු කළ පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පාපැදිකරු බරපතල තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

මරණකරු අවුරුදු 54ක් වන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලොරි රියදුරු අත්අඩංගුවට ‍ගෙන ඇති අතර, ඇල්පිටිය පොලිසිිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන ඇසල පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සී...
19/07/2025

රුවන්වැල්ල පොලිස් වසමේ යටන්වල ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන ඇසල පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

එම පෙරහර අද (19) රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

මෙම පෙරහර ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය අසලින් ගමන් ආරම්භ කර කෑගල්ල කරවනැල්ල මාර්ගය ඔස්සේ කරවනැල්ල දෙස සිට පැමිණ, රුවන්වැල්ල රාජසිංහ විදුහල ඉදිරිපිටින් ආපසු හැරී පැමිණි මාර්ගය ඔස්සේම නැවතත් ස්වර්ණ වාලුකාරාම විහාරස්ථානය වෙත ගමන් කිරීමට නියමිතව ඇත.

මෙම කාල සීමාව තුළදී මෙම මාර්ගය භාවිත කරනු ලබන රියදුරන්ට පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.

පෙරහර ගමන් කරන කාලය තුළදී මධ්‍යම රාත්‍රී 12.00 දක්වා කෑගල්ල කරවනැල්ල මාර්ගය වරාවල හන්දියෙන් සහ තල්දූව හන්දියෙන් ගමනාගමනය සීමා කිරීමට කටයුතු කර තිබෙනවා.

කෑගල්ල දෙස සිට අවිස්සාවේල්ල දෙසට පැමිණෙන වාහන වරාවල හන්දියෙන් බුලත්කොහුපිටිය දෙසට හැරී පරුස්සැල්ල යටියන්තොට මාර්ගයේ ගමන් කර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිස අවිස්සාවේල්ල දක්වා ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අවිස්සාවේල්ල දෙස සිට කෑගල්ල දෙසට පැමිණෙන වාහන තල්දූව හන්දියෙන් වමට හැරී අමිතිරිගල මාර්ගයේ ගමන් කර මහදෙනිය හරහා ගෝනගල්දෙනිය නිට්ටඹුව මාර්ගයට පිවිස දකුණට හැරී රුවන්වැල්ල ඔරලෝසු කණුව අසලින් වමට හැරී කෑගල්ල දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

අද (19) දින බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ ව...
19/07/2025

අද (19) දින බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන්.

උතුරු සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු - මැද පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශ වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

තවද තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

18/07/2025

🔴2025-07-18 | Rupavahini Sinhala News 08.00 pm | රූපවාහිනී 08.00 සිංහල ප්‍රවෘත්ති🇱🇰

Address

Pepiliyana

Alerts

Be the first to know and let us send you an email when Rupavahini News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rupavahini News:

Share

runews.lk

The Sri Lanka Rūpavāhinī Corporation (SLRC) (ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව; இலங்கை ரூபவாகினி கூட்டுத்தாபனம்), also known as Jathika Rupavahini (lit. National Television), is the national television network of Sri Lanka. It was given by the people of Japan to the people of Sri Lanka, mainly for the provision of education, information and entertainment.

Established by Parliament under Act No. 6 of 1982 for the provision of a national television service, it produces and broadcasts programmes in three languages. Distinguished civil servant M.J Perera was the founder chairman of Sri Lanka Rupavahini Corporation.