26/04/2025
මේ මහා මිහිතලය මත සියල්ලන්ටම විඳින්නට, තේරුම් ගැනීමට හැකි හුදු විශ්වීය භාෂාවක් වේද ඒ සංගීතයයි.
සප්ත ස්වරයෙන් ඔප දැමූ සංගීත රසයට අපිටම ගැලපෙන මනා පද රටා ගොන්නක් මුසු වුවහොත් එය කොතරම් නම් ශ්‍රාවක සිත් සතන් පිනවීමට සමත් වේද?
හුදෙකලා වූ විටෙක විඩාබර වූ විටෙක විරහ වේදනාවෙන් ඇලලී ගිය තවත් විටෙක සිතෙහි ජනිත වන්නා වූ හැඟීම මෙතෙකැයි වෙන්කොට දැක්විය නොහැකි බොහෝ ශ්‍රාවක හදවත් සුවපත් කරලීමට විවිධ ආකාරයේ තනු නිර්මාණයන්ට ගෙත්තම් වූ ගීත , මහා වෙදැදුරෙකු වෙනවා නොඅනුමානය.
එමෙන්ම ගීතය වනාහි එහි තේරුම වචනාර්ථය පමණක්ම නොව ඉන් ඔබ්බට යමින් ව්‍යංගාර්ථයක් මතු කරලන සාහිත්‍යමය අංගයක් බව ඔබ අප සියලුම දෙනා දන්නා කරුණක් වනු ඇත. ඉදින් එම දන්නා ගීත වල නොදන්නා අරුත්බර ස්වභාවය ඉස්මතු කරලිය හැක්කේ ගීත සාහිත්‍යයේ රසමුසු තැන් වල මැනැවින් සංචාරය කළ මහා සාහිත්‍යය විචාරකයෙකුටමය.
පරපුරෙන් පරපුරට දායාද වෙමින් විද්‍යාර්ථීන් පවත්වාගෙන ආ මහා සංස්කෘතියක කලඑළි මංගල්‍යයක දොරට වැඩුම "කල්‍යාණි" 2025 මේ වසරේදීත් අති උත්කර්ෂයෙන් සහෝදරත්වයේ දෑත් දිගු කිරීමට මෙසේ කටයුතු කරන්නේ බක් මහේ විසිනව වන දින හතේ කණිසමට හමුවීමේ බලාපොරොත්තුවෙන්.
දුක - සතුට, කඳුළ, සුසුම, විඩාව, වෙහෙස, විරහව, ආදරය මේ සෑම සිතුවිල්ලක්ම අමුතුම ආරයකින් ගීයක අරුතක් සමග විඳින්න, දන්න අර්ථයට වඩා සැඟවුණු ව්‍යංගාර්ථයෙන් අර්ථපූර්ණ වන්නට කල්‍යාණියත් සමග සහෝදරත්වයෙන් බැඳෙන්න