Media Unit of Central College Piliyandala

Media Unit of Central College Piliyandala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Media Unit of Central College Piliyandala, Film/Television studio, school Lane, Piliyandala.
(4)

2025.09.08 වන දින පවත්වන ලද *නවෝත්පාදන හා නව නිර්මාණ* පිළියන්දල කලාපීය තරගයට සහභාගී වී පලාත් තරගය සදහා සුදුසුකම් ලැබූ මධ...
12/09/2025

2025.09.08 වන දින පවත්වන ලද *නවෝත්පාදන හා නව නිර්මාණ* පිළියන්දල කලාපීය තරගයට සහභාගී වී පලාත් තරගය සදහා සුදුසුකම් ලැබූ මධ්‍ය විද්‍යාලීය දරුවන් ,

▪️සෞඛ්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය -ප්‍රථම ස්ථානය
රෙදි සෝදන යන්ත්‍ර
H.D සනුක සස්මිර (9G)

▪️විනෝදාස්වාද ක්ෂේත්‍රය
ප්‍රථම ස්ථානය-F22 RC Jet
නිලන නිතුම් වික්‍රම (9G)

▪️ඉංජිනේරු තාක්ෂණ ක්ෂේත්‍රය- දෙවන ස්ථානය
පෝලිං කලමනාකරනය පද්ධතිය
W.P.M මිහෙල මෙතුජය (9G)
🇹🇩💫

ඡායාරූප අනුග්‍රහය : නව නිපැයුම් සංගමය




10/09/2025
ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා !🙏
07/09/2025

ඔබ සැමට පින්බර බිනර පොහෝ දිනයක් වේවා !🙏



බිනර පොහොය නිමිති කොටගෙන පිලියන්දල මධ්‍ය විද්‍යාලයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පෙර පෝය වැඩසටහන 🙏🤍
07/09/2025

බිනර පොහොය නිමිති කොටගෙන පිලියන්දල මධ්‍ය විද්‍යාලයේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පෙර පෝය වැඩසටහන 🙏🤍





පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අති උත්කර්ෂවත් අන්දමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025....
04/09/2025

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අති උත්කර්ෂවත් අන්දමින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී 2025.09.04 දින පැවැත්විණි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ එම වැඩසටහනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් හංස බේරත්න මැතිතුමා, ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්‍යක්‍ෂක (වැඩ බලන) ජයලත් පෙරේරා මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක මේජර් නදීක දංගොල්ල මැතිතුමා, මහජන සේවා නිලධාරි දුමින්ද වික්‍රමසිංහ මැතිතුමා සහ මහජන සේවා සම්බන්ධීකාරක එස්. ජයප්‍රකාෂ් මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. තවද, විද්‍යාලයීය විදුහල්පතිනි එච්. මහේෂිකා විජේරත්න මැතිනිය, නියෝජ්‍ය විදුහල්පතිනි මධුෂිකා අමරතුංග මැතිණිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ද මීට එක් විය.

මෙලෙස පැරැණි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ සිට මංගල සැසිවාරය පැවැත්වීමේ මහඟු අවස්ථාව ලබාගත් පිළියන්දල මධ්‍ය විද්‍යාලයයේ දරු පිරිස ඉතා භාග්‍යවන්ත බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණධීර මැතිණිය මෙහිදී සඳහන් කරන ලදී.🇹🇩💫




TAKE Care සුරැකෙමු මගතොට - 23 වන වැඩසටහන, පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ දී සාර්ථකව පවත්වන ලදී. 🚦🚸TAKE Care – 23rd Program w...
02/09/2025

TAKE Care සුරැකෙමු මගතොට - 23 වන වැඩසටහන, පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ දී සාර්ථකව පවත්වන ලදී. 🚦🚸

TAKE Care – 23rd Program was successfully conducted at The Piliyandala Central College. 🚦🚸




2027 අ.පො.ස. උසස් පෙළ සිසුන් බඳවා ගැනීමේ වැඩසටහන පිළියන්දල මධ්‍ය විද්‍යාල ශ්‍රවණාගාරයේදී විදුහල්පතිතුමිය වන මහේෂිකා විජය...
02/09/2025

2027 අ.පො.ස. උසස් පෙළ සිසුන් බඳවා ගැනීමේ වැඩසටහන පිළියන්දල මධ්‍ය විද්‍යාල ශ්‍රවණාගාරයේදී විදුහල්පතිතුමිය වන මහේෂිකා විජයරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.🇹🇩💫

The 2027 GCE Advanced Level Recruitment Program was successfully held at the Piliyandala Central College Auditorium under the patronage of our Principal, Madam Mrs. Maheshika Wijeratne.🇹🇩💫




පිළියන්දල මධ්‍ය විද්‍යාලයීයශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන්2025 අගෝස්තු 20 වැනි දිනපාර්ලිමේන්තු සැසි වාරය නැරඹීමට සහභාගි ව...
30/08/2025

පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය
ශිෂ්‍ය පාර්ලිමේන්තු නියෝජිතයන්
2025 අගෝස්තු 20 වැනි දින
පාර්ලිමේන්තු සැසි වාරය නැරඹීමට සහභාගි විය.
එදින විදුහල්පතිනි එච්.මහේෂිකා විජයරත්න මහත්මිය,ශිෂ්‍ය පාර්ලිමේන්තු භාර ආචාරිණි නයනා කුමාරි දමයන්ති මහත්මිය හා ශිෂ්‍ය අමාත්‍යවරුන් දස දෙනෙකු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සමග ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ වැදගත්කම පිළිබඳ
සුහද සාකච්ඡාවක් පවත්වන ලදී.විද්‍යාලයීය ආදි ශිෂ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
අනාගත නායකත්වය උදෙසා ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ වැදගත්කම අග්‍රාමාත්‍යතුමිය විසින් මෙහිදී තවදුරටත් අවධාරණය කරන ලදී.🇹🇩💫

On the 20th of August 2025, the representatives of Student Parliament of Central College Piliyandala had the privilege of attending a parliamentary session. On this occasion, the Principal, Mrs. H. Maheshika Wijerathna, the Teacher-in-Charge, Mrs. Nayana Kumari Damayanthi, and ten student ministers engaged in a cordial discussion with Prime Minister Dr. Harini Amarasuriya on the importance of the Student Parliament.

Mr. Lakshman Nipunaarachchi, an alumnus of the school and a Member of Parliament, also participated in this occasion.During the discussion the Prime Minister further emphasized the significance of the Student Parliament as a foundation for future leadership.🇹🇩💫




⭕ඝන සරඹ පරීක්ෂණය - පලමු වන  ස්ථානය ⭕අධ්‍යක්ෂක පරීක්ෂණය - පස් වන ස්ථානය ⭕ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - හතර වන ස්ථානය ⭕භට නිව...
23/08/2025

⭕ඝන සරඹ පරීක්ෂණය - පලමු වන ස්ථානය
⭕අධ්‍යක්ෂක පරීක්ෂණය - පස් වන ස්ථානය
⭕ශාරීරික අභ්‍යාස පරීක්ෂණය - හතර වන ස්ථානය

⭕භට නිවාස පරීක්ෂණය - දොළොස් වන ස්ථානය
⭕තූර්යවාදන වාදන පරීක්ෂණය - හත් වන ස්ථානය

⭕ඉහත එක් එක් තරගයන්ට මුහුණ දී මුළු ලකුණු 635.24 ලබා ගනිමින් තූර්යවාදන තෝරාගැනීම් කදවුරේ දෙවන අදියරේ කාණ්ඩයෙන් බාලක පාසල් 28 ක් අතරින් අප පාසලේ බටහිර තූර්යවාදක ඛණ්ඩය 8 වන ස්ථානය දිනා ඇත.තවද සැප්තැම්බර් මස පැවැත්වෙන සමස්ත ලංකා තූර්යවාදක කදවුරට සහභාගි වීමට සුදුසකම් ලබා ඇත.

නව විදුහල්පතිතුමියගේ සම්ප්‍රාප්තියෙන් පසු පැවැත්වු පලමු උදෑසන ප්‍රධාන රැස්වීම  සහ 2025 බස්නාහිර පළාත් තරගාවලියේ කබඩි ශූර...
22/08/2025

නව විදුහල්පතිතුමියගේ සම්ප්‍රාප්තියෙන් පසු පැවැත්වු පලමු උදෑසන ප්‍රධාන රැස්වීම සහ 2025 බස්නාහිර පළාත් තරගාවලියේ කබඩි ශූරතාවය දිනාගත් ක්‍රීඩකයන් වෙත හිමි කුසලානය පිලිගැනීමේ අවස්ථාව.
2025/08/20 🇹🇩💫

On the 20th of August 2025, the first morning assembly graced by our new Principal, Mrs. Maheshika Wijerathna, was held, together with the celebration of the remarkable victory of our Kabadi team, who brought the championship trophy of the 2025 Western Province Tournament. 🇹🇩💫




2025 බස්නාහිර පළාත් මළල ක්‍රීඩා  තරඟාවලියේ " 17 න් පහළ බාලක කබඩි ශූරතාවය"දිනා ගත් පිළියන්දල මධ්‍ය විද්‍යලයීය කණ්ඩායමට හි...
15/08/2025

2025 බස්නාහිර පළාත් මළල ක්‍රීඩා තරඟාවලියේ " 17 න් පහළ බාලක කබඩි ශූරතාවය"දිනා ගත් පිළියන්දල මධ්‍ය විද්‍යලයීය කණ්ඩායමට හිමි ජයග්‍රාහි කුසලානය 2025 අගෝස්තු 14 වන දින දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති කුසලාන ප්‍රධානෝත්සවයේදී හිමිකර ගන්නා ලදී.
මෙම ජයග්‍රාහී අවස්ථාවට අප විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමිය "මහේසිකා විජේරත්න" මැතිණියද, කබඩි ක්‍රීඩාව භාර ආචාර්ය "සුරංග ප්‍රනාන්දු" මහතා ඇතුළු පුහුණුකරුවන්ද සහභාගි විය.
මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ විද්‍යාලයීය කබඩි කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ටත්, ඔවුන් මෙහෙයවෙමින් මග පෙන්වීම සිදුකළ ක්‍රීඩාභාර ගුරුභවතුන් ඇතුළු පුහුණුකරුවන්ටත් සුභ පැතුම්.🇹🇩💫

At the Western Province Athletic Meet 2025, the Under-17 Boys’ Kabaddi Championship was won by the team of Central College Piliyandala.

The victorious trophy was presented to them at the main awards ceremony held on 14th of August 2025 at the Mahinda Rajapaksa International Stadium, Diyagama.

This proud occasion was graced by our collwge Principal, Mrs. Mahesika Wijerathna, along with the teacher in charge of Kabaddi, Mr. Suranga Fernando, and the coaching staff.

Congratulations to all the players of our Kabaddi team who dedicated themselves to this achievement, as well as to the teachers in charge of sports and the coaches who guided them along the way.🇹🇩💫




පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ නව විදුහල්පති තුමිය ලෙස " මහේෂිකා විජේරත්න " මැතිණිය 2025 අගෝස්තු මස 07 වනදා සුබ මොහොතින් විද...
14/08/2025

පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ නව විදුහල්පති තුමිය ලෙස " මහේෂිකා විජේරත්න " මැතිණිය 2025 අගෝස්තු මස 07 වනදා සුබ මොහොතින් විද්‍යාලාධිපති තනතුරෙහි රාජකාරී භාර ගත් වගයි.

පිළියන්දල මධ්‍ය විද්‍යාලයේ කීර්ති නාමය ඉහළම තලයකට ඔසවා තබන්නට එතුමියට ශක්තිය, ධෛර්යය, සහයෝගය ලැබේවා. !!!🇹🇩💫

Mrs. Maheshika Wijeratna officially assumed duties as the new Principal of Piliyandala Central College on the auspicious day of 7th August 2025.

May she be blessed with the strength, courage, and support to uplift the reputation of Piliyandala Central College to the highest level. 🇹🇩 💫

Address

School Lane
Piliyandala

Website

Alerts

Be the first to know and let us send you an email when Media Unit of Central College Piliyandala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Unit of Central College Piliyandala:

Share