Hesh Diaries

Hesh Diaries Sharing my culinary adventures with you ♥️🤗🍃
(1)

අද දවල්ට බණ්ඩි අම්මෙක්ට ආදරෙන් හදපු කෑම 😇♥️🔸සුවඳ කහ බත🔸චිකන් මිරිසට🔸පරිප්පු🔸අල බැදුම🔸බටු මෝජු🔸ඇඹරැල්ලා🔸කට්ලට්
25/02/2024

අද දවල්ට බණ්ඩි අම්මෙක්ට ආදරෙන් හදපු කෑම 😇♥️

🔸සුවඳ කහ බත
🔸චිකන් මිරිසට
🔸පරිප්පු
🔸අල බැදුම
🔸බටු මෝජු
🔸ඇඹරැල්ලා
🔸කට්ලට්

මගේ page එකට ආදරේ ලංකාවේ ඉන්න, රට ඉන්න යාළුවෝ එයාලගේ ආදරේ මාත් එක්ක බෙදාගන්නේ මෙහෙමයි...මේ ටිකක් විතරයි 😍♥️ ඔයාලගේ ඒවත්...
26/01/2024

මගේ page එකට ආදරේ ලංකාවේ ඉන්න, රට ඉන්න යාළුවෝ එයාලගේ ආදරේ මාත් එක්ක බෙදාගන්නේ මෙහෙමයි...මේ ටිකක් විතරයි 😍♥️ ඔයාලගේ ඒවත් මට එවන්න 🤗 ආදරෙයි...🌻✨️

අද දවල්ට මෙහෙම කමු 🤤♥️🔥🔸සුවඳ කහබත🔸චිකන් මිරිසට🔸පරිප්පු හින්ඳලා🔸අල තෙල්දාලා🔸හතු බැදලා
25/12/2023

අද දවල්ට මෙහෙම කමු 🤤♥️🔥

🔸සුවඳ කහබත
🔸චිකන් මිරිසට
🔸පරිප්පු හින්ඳලා
🔸අල තෙල්දාලා
🔸හතු බැදලා

24/12/2023

චීස් චිකන් පොප්කොන් මගේ රසට කමු 🤤😍♥️🔥🍃

අවශ්‍ය ද්‍රව්‍ය

🔸කුකුල් මස්
🔸චීස්
🔸බිත්තර
🔸පොල්තෙල්
🔸විනාකිරි
🔸පාන් පිටි
🔸ඉරිඟු පිටි (Corn flour)
🔸බේකින් පවුඩර්
🔸ෆ්‍රෙෂ් මිල්ක්
🔸මිරිස් කුඩු
🔸ගම්මිරිස් කුඩු
🔸ලුණු කුඩු
🔸ඉඟුරු
🔸සුදුළුෑණු

සාදා ගන්නා ආකාරය

මුලින්ම අවශ්‍ය ප්‍රමාණයට කුකුල් මස් කෑලි කපාගෙන හොඳින් සෝදා ගන්න. ඉන්පසු භාජනයකට වතුර දාලා ඒකට ලුණු කුඩු ටිකක් මිශ්‍ර කරලා පිරිසිදු කරගත්ත කුකුල් මස් ටික ලුණු වතුර එකට දාලා පැය භාගයක් විතර වහලා තියාගන්න. පැය භාගෙකට පස්සේ වතුර අයින් කරලා ඒ කුකුල් මස් දෙකට පළා ගන්න. ඊටපස්සේ චීස් කුඩා කැබලිවලට කපා ගෙන දෙකට පළාගත් චිකන් කෑළි ඇතුළට දාලා පසෙකින් තියන්න.

ඊටපස්සේ අපි මේකට අවශ්‍ය සෝස් එක හදාගමු. ඒකට වෙනම භාජනයක් අරන් ලුණු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, තලාගත් ඉඟුරු, සුදුළුෑණු, විනාකිරි, ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේ හදාගත්ත සෝස් එක හොඳට කුකුල් මස් කෑළිවල තවර ගෙන ඒ ටික ශීතකරණයේ පැය දෙකක් විතර තියාගන්න. එතකොට තමයි හොඳට මස් ටිකට ලුණු, මිරිස් උරාගන්නේ.

මේ අතරතුර අපි පිටි දවටන දෙක හදාගමු. මුලින්ම භාජනයක් අරන් ඒකට පාන්පිටි, ඉරිඟු පිටි (Corn Flour), ලුණු කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, තලාගත් ඉඟුරු, සුදුළුෑණු, බේකින් පවුඩර්,විනාකිරි එකතු කරගෙන හොඳින් කළවම් කරගන්න. ඊට පස්සේ ඒකට ෆ්‍රෙෂ් මිල්ක් සහ බිත්තරයක් එකතු කරගෙන කැට නැති වෙන්න හොඳින් මිශ්‍ර කරගෙන උකු ද්‍රාවණයක් හදාගන්න. අවසාන වශයෙන් පිටි දැවටුම හදා ගමු. ඒකට අවශ්‍ය ප්‍රමාණයට පාන්පිටි, ලුණු කුඩු, බේකින් පවුඩර් එකතු කරගෙන හොඳින් කළවම් කරගන්න.

දැන් අර පැය දෙකක් විතර ශීතකරණයේ තියාගෙන තිබ්බ මස් ටික අරගෙන ඒක කූල් ගතිය යනකං පොඩ්ඩක් තියන්න. පස්සේ තෙල් තාච්ච්යක් ලිපේ තියලා පොල් තෙල් වැඩිපුර එකතු කරගන්න. තෙල් එක රත්වෙන අතරතුර ⁣අර කුකුල් මස් කෑළි එකින් එක මුලින්ම පිටි තැවරුමේ තවරා ගෙන හොඳින් තද කරමින් පිටි තවර ගෙන වැඩි පිටි ටික ඉවත් කරගන්න.ඊළඟට උකු ද්‍රාවණයේ පොඟවා ගෙන නැවතත් පිටි තැවරුමේ හොඳින් තවරා ගෙන පිළිවෙලින් රත් වූ තෙල් තාච්චියට දාලා මද ගින්දරේ බැදගන්න.

ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් අරන් එන්න ළමායි...🤗♥️🍃
21/12/2023

ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් අරන් එන්න ළමායි...🤗♥️🍃

This is my happy place 🤗♥️ Thank you so much everyone 🙈♥️ ✨️
12/12/2023

This is my happy place 🤗♥️
Thank you so much everyone 🙈♥️ ✨️

09/12/2023

නිවාඩු දවසේ ගම්බිත්තර මිරිසට හදලා මගේ රසට කමුද? 🤤♥️🔥🍃

කන ගමන් අපි මේ පුංචිම පුංචි බිත්තරේ ගුණ ගැනත් පොඩ්ඩක් දැනගමු...🤗

🔸බිත්තර යනු, ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ සපිරි ආහාරයකි. බිත්තර ආහාරයට ගැනීම, කොලෙස්ටරෝල් ඇති අයට අහිතකර බව බොහෝ දෙනාගේ මතය වේ. කෙසේ වෙතත්, බිත්තරයක් තුළ කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 180ක් අන්තර්ගත වීම නිසා, විටෙක මේ මතය පිළි ගැනීමට සිදු වේ.

🔸හිතකර හා අහිතකර ලෙස කොලෙස්ටරෝල් වර්ග දෙකකි. ශරීරය නීරෝගීව පවත්වාගෙන යාමේදී, හිතකර කොලෙස්ටරෝල් අත්‍යාවශ්‍ය වේ. ඒ, කෝටිසෝල්, ඊස්ට්‍රජන් හා ටෙස්ටස්ටරෝන් වැනි හෝමෝන නිපද වීමට ය. අපේ සිරුර, සෑම විටෙකම යම් කොලෙස්ටරෝල් ප්‍රමාණයක් සිරුරේ තැන්පත් කරගෙන සිටින්නේ මේ නිසාවෙනි.

🔸අපගේ ශරීරය මඟින්, කොලෙස්ටරෝල් යම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි. එහෙත්, ඔබේ සිරුරට අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය, ආහාර මඟින් ලබා ගන්නා විට සිරුර තුළ කොලොස්ටරෝල් විශාල වශයෙන් නිපදවන්නේ නැත.

🔸බිත්තර මගින් Zeaxanthin හා Lutein නම් ප්‍රතිඔක්සිකාරක නිපදවයි. මේවා ඔබගේ ඇස්වලට හිතකරය. මේ පෝෂක, කහ මදයේ අන්තර්ගත වේ. එමෙන් ම, මේ මඟින් ඇසේ සුද ඇති වීම වළක්වයි. එමෙන් ම, සිරුරට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 11ක් බිත්තරවල අඩංගු වේ. එසේ ම, මඟහැරිය නොහැකි පෝෂ්‍ය ගුණ රාශියකින් ද යුක්ත ය.

🔸බිත්තර ආහාරයට ගැනීමෙන්, කුස ඉක්මනින් පුරවා, ආහාර රුචිය ස්ථාවර කරයි. මේ නිසා, වෙනත් ආහාරවලට ඇති නැඹුරුව අඩු කර, බර අඩු කිරීමට දායක වේ. අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත්තේ බිත්තර මඟින් මානසික පීඩනය අවම කරවන බව ය.

🔸බිත්තර වල බී කම්ප්ලෙක්ස් විටමින් අන්තර්ගත වේ. මේ මඟින්, සමේ හා හිසකෙස්වල ගුණාත්මක භාවය ඉහළ දමයි. එමෙන් ම, මෙය ස්නායු පද්ධතියට ද හිතකර වේ.

🔸එසේ ම, සිරුරේ කැල්සියම් අවශෝෂණය වැඩි කරවයි. කැල්සියම් අවශෝෂණයට විටමින් ඩී අත්‍යාවශ්‍ය ය. එම විටමින් ලබාගත හැක්කේ, හිරු කිරණින් හා බිත්තරවලින් ය. මේ මඟින් ඔබගේ අස්ථි හා දත් ශක්තිමත් වේ.

🔸බිත්තරවල කොලෙස්ටරෝල් අඩංගු ය. එහෙත්, මේ කොලෙස්ටරෝල්වලින් බොහෝමයක් ශරීරයට හිතකර ඒවා වේ. ඒ වගේ ම, බිත්තරවල සිරුරේ ස්නායුක කාර්යයන්ට දායක වන කෝලින් නම් පෝෂකයක් අඩංගු ය. එසේ ම, රෝගවලට එරෙහිව ක්‍රියා කිරීමට සිරුරට අවශ්‍ය ප්‍රතිශක්තිය වැඩි කිරීම ද, බිත්තර මඟින් සිදු වේ. බිත්තර ආහාරයට ගැනීම මඟින්, ශරීරයේ ශක්තිය වැඩි කරයි.

🔸අප ගන්නා ආහාර ශක්තිය බවට පත් කිරීමට විටමින් වර්ග කීපයක් අවශ්‍ය ය. මේවා බිත්තරවල අඩංගුව ඇත....

Copied

අද උදේට කජු,වියළි මිදි, කිතුල් හකුරු යහමින් දාපු රසම රස සව් එකක් බොමු 🤤♥️බොන ගමන් ගුණ ගැනත් පොඩ්ඩක් දැනගමු...🔸සව් කියන්න...
08/12/2023

අද උදේට කජු,වියළි මිදි, කිතුල් හකුරු යහමින් දාපු රසම රස සව් එකක් බොමු 🤤♥️

බොන ගමන් ගුණ ගැනත් පොඩ්ඩක් දැනගමු...

🔸සව් කියන්නේ අපේ ඇඟ සිසිල් කරන රසවත් පානයක්. මේ සව් නිපදවෙන්නේ සැගෝ ෆාම් ලෙස හඳුන්වන ශාකයක කඳ උපයෝගී කරගෙන. ඉන්දුනීසියාව, මැලේසියාව , පැපුවා නිව්ගිනියාව සහ පිලිපීනය ආදී රටවල සව් බහුල වශයෙන්ම නිෂ්පාදනය වෙනවා. ඒ රටවල සව් ප්‍රධාන ආහාරයක් ලෙසටත් භාවිතයට ගන්නවා. මේ සව්වල බහුලව අඩංගු වෙන්නේ පිෂ්ඨය. සව් ග්‍රෑම් 100 ක කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 83 ට වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. මෙහි ප්‍රෝටීන් සහ තන්තු අන්තර්ගත වෙන්නේ ග්‍රෑම් 1 ට වඩා අඩු ප්‍රමාණයක්. ප්‍රධාන වශයෙන් සින්ක් මූලද්‍රව්‍ය මෙහි අඩංගු වෙනවා. ඒ හැරුණාම අනෙකුත් ඛනිජ සහ විටමින් අන්තර්ගත වෙන්නේ ඉතා සුළු ප්‍රමාණවලින්. නමුත් සව් තුළ ටැනීන් , ෆ්ලෙවනොයිඩ ආදී ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බොහොමයක්ම අඩංගු වෙනවා.කොහොමනමුත් මෙය ශක්තිජනක ආහාරයක් ලෙසට සලකන්නට පුළුවන්.

🌹සව් කැඳ ආහාරයට ගැනීමෙන් දේහයට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ

🔸ආහාර අජීර්ණ තත්ත්ව අවම කිරීම.

සව්වල ඇමයිලෝස් සහ ඇමයිලෝපෙක්ටීන් කියන් කාබෝහයිඩ්රේට් දෙකේ සංයුතියක් අඩංගු වෙන නිසා ආහාර නිසි ලෙස ජීර්ණය නොවීමෙන් ඇතිවන අජීර්ණ තත්වයන් ඇතිවීම අවම කරනවා. මොකද සව්වල ඇති මේ කාබෝහයිඩ්රේට් ජීර්ණය සිදු වෙන්නේ ඉතා සෙමෙන්. නිතර සව් බීමට ගැනීමෙන් කාබෝහයිඩ්රේට් නිවැරදිව ජීර්ණයට ආමාශය හුරු කරනු ලබනවා.

🔸කොලෙස්ටරෝල් පාලනය

වැඩිහිටියන් අතර බහුලව දකින්නට ලැබෙන කොලෙස්ටරෝල් අධික වීම පාලනයට සව් ඉතා හොඳ පානයක්. සව් මගින් කොලෙස්ටරෝල් දහනය කරවන හෝර්මෝන උත්තේජනය කිරීමත් එහි ඉහළ ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වෙන නිසා එය රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමත් පාලනය කරනවා.

🔸මුක්ත ඛණ්ඩකවලින් දේහයට සිදුවන හානිය පිළිසකර කරනවා.

මුක්ත ඛණ්ඩක කියන්නේ අපේ ශරීරයට ආහාර සමඟ දේහයට ඇතුල් වෙන ප්‍රතික්‍රීයක වර්ග. මේවා මගින් අපේ දේහයේ සෛල ඔක්සිකරණය කරලා ඒවායේ අනවශ්‍ය වෙනස්කම් සිදු කරනවා. මේ කාර්ය යම්තාක් දුරකට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිසකර කළ හැකි වුණත් ගැඹුරු තෙලේ බදින ලද ආහාර,ට්රාන්ස් මේදය ඉහළ මස් වර්ග හා කෘතීම ආහාර වර්ග ආදී මුක්ත ඛන්ඩක වැඩි ආහාර නිතර ගැනීමෙන් ශරීරයට ඒවා පිළිසකර කරන්නට නොහැකි වීමෙන් පිළිකා පවා හට ගන්නට ඉඩකඩ පවතිනවා. මේ සව්වල ප්‍රබල ප්‍රතිඔක්සිකාරක අඩංගු නිසා මුක්ත ඛණ්ඩකවලින් දේහයට සිදු වෙන හානිය පිළිසකර කරන්නට දේහයට උදව් කරනවා.

🔸සමේ නීරෝගී බව ආරක්ෂා කිරීම.

මෙහි තයමීන්, ඇස්කොබික් අම්ලය, ඇතුළු විටමින් වර්ග, පොටෑසියම්, පොස්පරස් සින්ක් කැල්සියම් ආදී ඛනිජ වර්ග කැරොටින් ආදිය අන්තර්ගත වෙන නිසා ඒවා සමේ නීරෝගී බව ඉහළ නංවා ගන්නට අවශ්‍ය වන හෝර්මෝන සහ එන්සයිම මුදා හැරීම උත්තේජනය කරනවා.

🔸ගර්භනී සමයේදී කළලය හොඳින් වර්ධනය කරන්නට දායක වීම.

ගර්භනී මවකට අවශ්‍ය ශක්තිය වගේම ගැබිණි සමයේදී මවට ඇතිවන වෙහෙස මහන්සිය කෑම අරුචිය පවා දුරුකර ගන්නට මේ සව් උපකාරී වෙනවා. සව්වල අඩංගු වෙන B කාණ්ඩයේ විටමින් වර්ග සහ ෆෝලික් අම්ලය කුසේ වැඩෙන දරුවාගේ පෝෂණයටත් අතිශයින්ම වැදගත් වෙනවා.

Copied

අද හවසට බටර් විස්කෝතුවක් කාලා කල් කිරි එකක් බොමුද? 🤤♥️🤗🍃
05/12/2023

අද හවසට බටර් විස්කෝතුවක් කාලා කල් කිරි එකක් බොමුද? 🤤♥️🤗🍃

දර ලිපේ මැටි හට්ටියේ හදපු දයියා චිකන් කරි මගේ රසට... 🤤♥️🔥
04/12/2023

දර ලිපේ මැටි හට්ටියේ හදපු දයියා චිකන් කරි මගේ රසට... 🤤♥️🔥

පොල් රොටි + ලුණු මිරිස් 🔥♥️🤤
03/12/2023

පොල් රොටි + ලුණු මිරිස් 🔥♥️🤤

03/12/2023

නිවාඩු දවසේ මගේ රසට උණුම උණු පොල් රොටියක් සැරම සැර ලුණු මිරිසක් එක්ක කමු... 🔥♥🍃
කාලා ඉවරවෙලා ඉඟුරු දාපු ප්ලේන්ටියක් බොන්නත් අමතක කරන්නෙපා ළමායි ☕🤗

⁣පොල් රොටි කන්න කැමති අය මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ශෙයා කරන්නත් ඕන හොඳේ...😊🙈

Address

Colombo
Piliyandala
10300

Telephone

+94778430411

Website

Alerts

Be the first to know and let us send you an email when Hesh Diaries posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hesh Diaries:

Share