The Srilankan Scientist

The Srilankan Scientist The Sri Lankan Scientist Magazine is a quarterly issue of scientific knowledge of disciplines of Bio

The Sri Lankan Scientist Magazine is a quarterly issue of scientific knowledge of disciplines of Bio Science, Agriculture & Medicine

🏆 Congratulations, Dr. Kasun M. Thambugala! 🧬🔬The Sri Lankan Scientist Magazine warmly congratulates Dr. Kasun M. Thambu...
25/09/2026

🏆 Congratulations, Dr. Kasun M. Thambugala! 🧬🔬

The Sri Lankan Scientist Magazine warmly congratulates Dr. Kasun M. Thambugala of the Genetics and Molecular Biology Unit, University of Sri Jayewardenepura, on receiving the Young Scientist Award at the 46th Annual Sessions of the Institute of Biology, Sri Lanka.

This recognition celebrates the dedication, research excellence and contribution of a new generation of Sri Lankan scientists. 🇱🇰🔬

May your scientific journey continue to inspire, discover and make a meaningful impact on Sri Lanka and the world.

🌟 Congratulations, Dr. Kasun!

Kasun Madhusanka Thambugala

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම විසින් සංවිධාන කරන ලද "විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්...
19/09/2026

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම විසින් සංවිධාන කරන ලද "විද්‍යාව ප්‍රචලිත කිරීමේ සම්මාන උළෙල - 2026" ආචාර්ය හරිණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිගේ ප්‍රධානත්වයෙන් සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද දින (18) පැවැත්විණි.

“ආරක්ෂාව සහ ඔරොත්තු දීම සඳහා කෘත්‍රිම බුද්ධිය” (AI for Safety and Resilience) තේමා කරගනිමින් උත්සවය පැවැත්විණි. රට තුළ විද්‍යාව ප්‍රචලිත කිරීමේ අරමුණ ඇතිව ජාතික විද්‍යා පදනම විසින් පවත්වනු ලබන විද්‍යා තරඟවලදී විශිෂ්ට දක්ෂතා දැක්වූ පාසල් සිසුන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධාන කරනු ලබයි. ඒ අනුව, 2025 සහ 2026 වසරවලදී පැවති තරඟවල විශිෂ්ඨයින් ඇගයීම මෙහි දී සිදු කෙරිණි. පාසල් සිසුන් ඇගයීමට අමතරව, ශ්‍රී ලංකාව තුළ විද්‍යා අධ්‍යාපනය සහ විද්‍යාව ප්‍රචලිත කිරීම වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් ගුරුවරුන්, විද්‍යාඥයින් සහ මාධ්‍ය වෘත්තිකයන් ගෞරවයට පාත්‍ර කිරීමද මෙහි විශේෂත්වයක් විය.

මෙහි දී අදහස් දැක්වූ ආචාර්ය හරිණි අමරසූරීය අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවසීය.

"රටක් විදිහට ඉදිරියට යන්න නම් අපි සම්ප්‍රදායික රාමුවෙන්
මිදිලා නවෝත්පාදනයන් වැළඳගත යුතුයි. ලෝකයෙන් තාක්ෂණික මෙවලම් ගෙනැවිත් පරිභෝජනය
කරන රටක් වෙනුවට, ලෝකයටම නව තාක්ෂණික විසඳුම් ලබාදෙන නවෝත්පාදක ජාතියක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම රජයේ ප්‍රධාන ඉලක්කයයි."

තවද මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන අමාත්‍යවරයා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“අපේ එදිනෙදා ජීවිතයේ පැවැත්මට සමාජය තුළ ඉහල විද්‍යා සාක්ෂරතාවක් තිබීමත් ඉතා වැදගත් වෙනවා. විද්‍යා සාක්ෂරතාවය විද්‍යාඥයන්ට පමණක් නොව, සෑම පුරවැසියෙකුටම අත්‍යවශ්‍යයි. ඉහල විද්‍යා සාක්ෂරතාවක් සහිත සමාජයක සෞඛ්‍යය, පරිසරය, තාක්ෂණය සහ දෛනික ජීවිතය පිළිබඳ නිවැරදි තීරණ ගන්නට පහසු වෙනවා. ඒවගේම තමයි, වැරදි තොරතුරු (misinformation) සහ අසත්‍ය තොරතුරු වේගයෙන් පැතිරෙන ලෝකයක, විද්‍යා සාක්ෂරතාවය අපේ එකම ආරක්ෂක් මෙවලම වෙනවා.

අපේ අරමුණ ශ්‍රී ලංකාව විද්‍යාත්මක ක්ෂේත්‍රයේ විශිෂ්ට රටක් බවට පත් කිරීමයි. ඒ අනුව අද පාසල් සිසුන් වන ඔබ අනාගත ලෝකයේ පර්යේෂකයින්, විද්‍යාඥයින්, නව නිපැයුම්කරුවන් සහ ව්‍යවසායකයින් වශයෙන් ගොඩනැංවීමට අවැසි විද්‍යා ප්‍රතිපත්ති, තීරණ, සංවර්ධන වැඩසටහන් අප අමාත්‍යාංශය විසින් සිදුකරමින් පවතිනවා.”

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය රෝෂණී දිසනායක මහත්මිය, ජාතික විද්‍යා පදනමේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශිරෝමි පෙරේරා මහත්මිය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහ අනුබද්ධ ආයතනවල නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විද්‍යාඥයින්, ගුරුවරුන්, දෙමාපියන්, පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

🏆 Celebrating Those Who Inspire Through ScienceThe National Science Foundation (NSF) has honoured three outstanding scie...
19/09/2026

🏆 Celebrating Those Who Inspire Through Science

The National Science Foundation (NSF) has honoured three outstanding science communicators — Dr. Ruchira Wijesena, Asoka Dias, and Malaka Rodrigo — with Lifetime Achievement Awards in recognition of their remarkable contributions to science communication in Sri Lanka.

Their dedication to bringing science closer to the public, making scientific knowledge accessible, and inspiring generations is a valuable service to our society. 🔬📚

These awards are not only a recognition of their individual journeys, but also a great encouragement and motivation for all science communicators across the country to continue their important work.

👏 Congratulations to these three pioneers, and thank you for showing that communicating science is itself a powerful contribution to the nation.

Let us continue to inspire the community with science. 🇱🇰🔬

🚨 නවතම කලාපය දැන් නිකුත් කර ඇත! 🚨ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යා සඟරාව වන 'The Sri Lankan Scientist' (Volume 12 | Issue 0...
04/09/2026

🚨 නවතම කලාපය දැන් නිකුත් කර ඇත! 🚨

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යා සඟරාව වන 'The Sri Lankan Scientist' (Volume 12 | Issue 01) හි නවතම පිටපත දැන් ඔබට ලබාගත හැක. දේශීය නවෝත්පාදන, අතිනවීන පර්යේෂණ සහ කර්මාන්ත තොරතුරු රැසකින් මෙම කලාපය සමන්විත වේ.

📖 මෙම කලාපය තුළ අන්තර්ගත ප්‍රධාන මාතෘකා:

උසස් සෞඛ්‍ය සේවා සහ ජෛව තාක්ෂණවේදය (Advanced Healthcare & Biotechnology):

Sustainable Pharmaceutical Innovations

CAR-T Cell Therapy සහ BCR-ABL1 Testing

Pharmacogenomics ක්‍රමවේද

කෘෂිකර්මාන්තය සහ ආහාර ආරක්ෂණය (Agriculture & Food Security):

කෘෂිකාර්මික තිරසාර මාර්ග සහ නැනෝ සංයුක්ත (Nanocomposites) හරිත සංස්ලේෂණය

කහ මොזැයික් වෛරසයට ඔරොත්තු දෙන මුං ඇට ප්‍රභේද

ආහාර කර්මාන්තය පරිවර්තනය කරන Smart Sensor තාක්ෂණය

පරිසරය සහ වනජීවී (Environment & Wildlife):

ශ්‍රී ලංකා මුහුදු තීරයේ නිල් තල්මසුන්ට සිදුවන නැව් ගැටීම් අවම කිරීම

මුහුදු උරුමයන් සහ පරිසර පද්ධති

කර්මාන්ත සහ දේශීය පර්යේෂණ (Industry & Local Research):

තේ කර්මාන්තයේ නවීකරණය කරන ලද තාක්ෂණික විසඳුම්

ශ්‍රී ලංකාවේ ජානමය ඉතිහාසය (Genetic Echoes of an Island)

කුරුඳු අපද්‍රව්‍යවල සිට සුවතා නිෂ්පාදන දක්වා (Cinnamon Sector Innovation)

ප්‍රවෘත්ති සහ විශේෂ අවස්ථා (News & Events Updates):

Industry Expo විශේෂාංග සහ පේරාදෙ,්න විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පර්යේෂණ විශිෂ්ටතා සම්මාන

National Hackathon සහ නව විශ්වවිද්‍යාල හවුල්කාරිත්වයන්

💰 මිල සහ බෙදාහැරීමේ පහසුකම්:

මිල: එක් පිටපතක් රු. 400/= යි. තැපැල් ගාස්තුව රු150යි ( සම්පූර්ණ මුදල රු550යි)

නොමිලේ බෙදාහැරීම: සියලුම විශ්වවිද්‍යාල වෙත නොමිලේ ළඟා කර දෙනු ලැබේ (ඔබේ විශ්වවිද්‍යාලයේ ලිපිනය අප වෙත එවන්න!).

කාර්යාලයෙන් ලබාගැනීම: නුගේගොඩ පිහිටි අපගේ කාර්යාලයෙන් සෘජුවම ලබාගත හැක.

නිවසටම ගෙන්වා ගැනීම: සාමාන්‍ය තැපැල් සේවා පහසුකම් ද සලසා ඇත.

💳 මුදල් ගෙවීම් සඳහා (Bank Details):

බැංකුව (Bank): බැංකු ඔෆ් සිලෝන් - යුනියන් පෙදෙස (Bank of Ceylon - Union Place)

ශාඛා කේතය (Branch Code): 043

ගිණුමේ නම (Account Name): Scitech Asia Pvt Ltd

ගිණුම් අංකය (Account No): 90783731
(කරුණාකර බැංකු ගෙවීම් කළ රිසිට්පත (Slip) ඔබගේ බෙදාහැරීමේ ලිපිනය සමඟ WhatsApp හරහා අප වෙත එවන්න!)

📲 ඇණවුම් කිරීමට (How to Order):
ඔබගේ ලිපිනය සහ විස්තර පහත අංක වෙත දැන්ම WhatsApp කරන්න:

070 400 0969

077 792 3650

විද්‍යුත් තැපෑල: [email protected]

නවතම විද්‍යාත්මක දැනුමින් පෙරමුණ ගන්න!

02/09/2026

Abundance of Salicornia in coastal areas are underutilized resource for a valuable biotech industry
Do you know any company working on these in Sri Lanka?

විද්‍යා ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට වැදගත් කැබිනට් තීරණ කිහිපයක්.
02/09/2026

විද්‍යා ක්ෂේත්‍රයේ අභිවෘද්ධියට වැදගත් කැබිනට් තීරණ කිහිපයක්.

දිලීර-බැක්ටීරියා ආශ්‍රිත ජෛව පටල මත පදනම් වූ ලොව පළමු ජෛව පොහොර නිෂ්පාදනය වන ජෛව පටල ජෛව පොහොර (Bio Film Bio Fertilizer ...
31/08/2026

දිලීර-බැක්ටීරියා ආශ්‍රිත ජෛව පටල මත පදනම් වූ ලොව පළමු ජෛව පොහොර නිෂ්පාදනය වන ජෛව පටල ජෛව පොහොර (Bio Film Bio Fertilizer - BFBF) භාවිතා කර වී වගාව තුළින් ඉතා සාර්ථක ප්‍රතිපල ප්‍රදර්ශනය කර ඇති මීරිගම විල්වත්ත ප්‍රදේශයේ පිහිටි ආදර්ශන කුඹුරු යායක් නිරීක්ෂණය කිරීමේ ක්ෂේත්‍ර චාරිකාවක් ඊයේ දින (25) විද්‍යා හා තාක්ෂණ අමාක්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
විල්වත්ත ගොවි සමිතියේ සභාපති ජී.ආර්. ලීලානන්ද මහතා විසින් මෙම කුඹුරු යාය වගා කර තිබේ. යාබද වගා බිම් දෙකක සම්පූර්ණ රසායනික පොහොර භාවිතා කර අස්වැද්දූ කුඹුරු යායක් සහ ජෛව පටල ජෛව පොහොර සමග දෙමුහුන් කැට පොහොර භාවිතා කර අස්වැද්දූ කුඹුරු යායක් පත්වාගෙන යන ඒ මහතා සංසන්දනාත්මකව ජෛව පටල ජෛව පොහොරවල සාර්ථකත්වය මෙහි දී පැහැදිලි කළේය.
විද්‍යා හා තාක්ෂණ අමාත්ය‍යාංශය යටතේ ක්රි යාත්මක වන ජාතික මූලික අධ්ය යන ආයතනයේ (NIFS) මහාචාර්ය ගාමිණී සෙනෙවිරත්න ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් නිර්මාණය කරන ලද නවෝත්පාදනයක් වන ජෛව පටල ජෛව පොහොර (BFBF), දිවයිනේ විවිධ ප්ර්දේශවල සිදුකරන ලද නියමු ආදර්ශන සහ අත්හදා බැලීම්වලින් සාර්ථක ප්රරතිඵල පෙන්නුම් කර තිබේ. ඒ අනුව පරිසර හිතකාමී ජෛව පොහොරක් ලෙස සමස්ත දිවයින පුරා ජෛව පටල ජෛව පොහොර (BFBF) වාණිජව ව්යා ප්ත කිරීමට කටයුතු කෙරෙමින් පවතී.
BFBF, දෙමුහුන් කාබනික කැට පොහොර සමඟ ඒකාබද්ධ කළ විට රසායනික පොහොර භාවිතය 50% දක්වා අඩු කළ හැකි බවත්, ඒ අතර සහල් අස්වැන්න 20-30% දක්වා ප්රාතිශතයකින් වැඩි කළ හැකි බවත් සාර්ථක ආදර්ශන සහ ක්ෂේත්රක අත්හදා බැලීම්වලින් පෙනී යයි. ආදර්ශන හා නියමු පරික්ෂාවන් සහිතව සිදු කළ බෝග විශ්ලේෂණ ව්යාපපෘති තුළ BFBF ප්රළදර්ශනය කර තිබෙන සාර්ථකත්වය මත එය තේ, බඩ ඉරිඟු සහ එළවළු වැනි භෝග සඳහා අනුවර්තනය කිරීමද සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්රිික් පාර් ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද ලලිත් කුමාර, ධර් මප්‍රිය විජේසිංහ යන මහත්වරුන්, විද්‍යා හා තාක්ෂණ අමාත්ය‍යාංශ නිලධාරීන් ඇතුළු රාජ්ය් නිලධාරීන්, ලංකා බයෝ ෆ්ර්ටිලයිසර් සමාගමේ නිලධාරීන්, ගොවි ජනතාව ඇතුළු පිරිසක් එක් වූහ.

,

26/08/2026

Recent engagement with magazine

24/08/2026

Get your library filled with Sri Lankan Science information

24/08/2026

Our Sri Lankan Scientist magazine was featured at Profood Propack Exhibition

Address

505E, Gadabuwana New Road
Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when The Srilankan Scientist posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Srilankan Scientist:

Shortcuts

Share