PetTopia

PetTopia For the Love of Pets 🐾 Welcome to Pettopia - Your Pet Paradise! Join us for daily pet joy! Click 'Follow' and let's make every day with your pets special.

Pettopia is your one-stop for all things pets! 🐶🐱
Dive into a world of videos, articles, and top-notch pet products. What We Offer:

🐾 Pet Details: Learn about breeds and types, whether you're a seasoned pet owner or a newbie.

🐾 Pet Health: Tips to keep your pets happy and healthy.

🐾 Pet Foods: Explore the best nutrition for wagging tails and purring kitties.

🐾 Services: Find trusted grooming, training, and more.

🐾 Shop: Browse our handpicked pet products for a happier pet life.

29/11/2025

මිනිස්සුන්ව වගේම සුරතලුන්වත් අමතක කරන්න එපා... 😿

පැයෙන් කරන්න පුළුවන් වැඩේ කොන්දෙ අමාරු හදාගෙන පැය දෙක තුනක් අරන් කරන අපිට හරිනම් පූස් සම්මාන හම්බ වෙන්න ඕනේ 😁😻
11/10/2025

පැයෙන් කරන්න පුළුවන් වැඩේ කොන්දෙ අමාරු හදාගෙන පැය දෙක තුනක් අරන් කරන අපිට හරිනම් පූස් සම්මාන හම්බ වෙන්න ඕනේ 😁😻

මේ අයියලා හොයාගන්න නිධ​න් 😁. එයාළා නිධන් හොයාගත්තේ නැතුවට එයාලා ඉතින් අපිට කොහොමත් නිධානයක් වගේනේ. ඉතින් අද කියන්න යන්නේ...
08/10/2025

මේ අයියලා හොයාගන්න නිධ​න් 😁. එයාළා නිධන් හොයාගත්තේ නැතුවට එයාලා ඉතින් අපිට කොහොමත් නිධානයක් වගේනේ. ඉතින් අද කියන්න යන්නේ අපේ ගෙවල් වල ඉන්න නිධාන ගැන තවත් රසවත් කතාවක්. සමහර විට ඔයාලා මේ ගැන දන්නවත් ඇති. තවත් සමහරු නොදන්නවත් ඇති. වැඩි කතා නැතුව බලමුද මොනවද මෙයාලා මෙච්චරටම හාර හාර හොයන්නේ කියලා 😎?

ඔයාලත් දැකලා ඇති සමහර බව්වෝ නිකන් ලංකාව හාරගෙන පෘතුවි ගර්භයේ මැද්දෙන් ගිහින් දකුණු ඇමරිකාවේ ඇමසන් වනන්තරයට යන්න වගේ පොළව හාරනවා. තව කල් ගියොත් රතු ඉන්දියානුවො අපේ TV වල ad පවා දානවා පොලොව හාරන් දකුණු ඇමරිකාවට එන්න එපා කියලා. පොලොව විතරක් නෙමේ, සමහර වෙලාවට ගේ ඇතුළේ ටයිල්, කාපට්, තව සමහරු කුශන් තියෙන සෝෆා සෙට්, ඇදවල් පවා එයාලගෙ නියපොතු වලින් බරස් බරස් ගාලා පතුරු යන්න හාරනවා. ඒ හාරන හෑරිල්ලට වෙලාවකට බයත් හිතෙනවා. බඩු භාන්ඩ වලට හානි වෙනවටත් වඩා එයාලගේ අත් වලට, නියපොතු වලට හෝ ඇඟිළි වලට හානියක් වෙයි කියලා.

බල්ලන් මේ විදිහට හැසිරෙන්න හේතු කීපයක් තියෙන්න පුළුවන්

✅ කෑම කෑල්ලක්: සමහර වෙලාවට එයාලා කෑම වලලනවා. ඔයාලත් දැකලා ඇති ඒක. එහෙම වලලලා පස්සේ ආයේ මතක් වෙලා ඒක හොයන්නත් හාරනවා. කාපට් වල සහ සෝෆා වල නම් දාර අස්සෙන් ඇතුළට ගිය කෑම කෑල්ලක් වෙන්නත් පුළුවන්. කොච්චර අපි කෑම දුන්නත් ඒ එයා හංගපු හෝ එයාට මග හැරුණු කෑම කෑල්ලක් ගන්න වෙන්න පුළුවන්.

✅ සුවඳක්: තවත් සමහ​ර වෙලාවට හරිම අමුතු සුවඳක් නිසා​ත් එයාළා පොලව හාරනවා. එළියේ පොළොව තමා ගොඩක් වෙලාවට ඒ විදිහේ සුවදක් නිසා හාරන්නේ. හාරලා ඒකේ පෙරළෙන්න එයාට හිතිලා තියෙන්​න පුළුවන්. මේ වගේ වෙලාවට හෑරීම කියන්නේ ඒ සුවඳට එන instinctive reaction එකක් වෙන්න පුළුවන්.

✅ ඇඳ සූදානම් කිරීම: තවත් බව්​වො carpet එකේ ටිකක් හාරලා අනිත් පැත්තට හැරිලා නිදා ගන්නවා. මේකත් උපතින්ම එන පුරුද්දක්. බල්ලන් නිදාගන්න කලින් තමන්ගේ ඇඳ හොඳට පිම්බෙන්න මේ විදිහට හාරනවා.

✅ සතුට, බය හෝ කනස්සල්​ල : තව​ත් සමහර බව්​වො හාරන්නේ හරිම සතුටින් ඉන්නකොට හරි, බයෙන් ඉන්නකොට හරි. මේකට කියන්නේ displacement behavior කියලා. ඒ කියන්නේ බල්ලාට කරන්න ඕන දේ කරන්න බැරි නම්, එයා ඒ වෙනුවට වෙන දෙයක් කරනවා. උදාහරණයක් ලෙ​ස ගහක් උඩ ඉන්න ලේනෙක්ව දැක්කොත් බල්ලාට එයා පස්සෙන් යන්න බැරි නිසා, එයා ගහේ මුලට බුර බුරා හාරන්න පටන් ගන්නවා.

✅ වැඩි ශක්තියක් පිට කිරීම​ට: මේක උද්යෝගය හරි වැඩිපුර ශක්තියක් හරි එළියට දාන විදිහක් වෙන්නත් පුළුවන්. ඔයාගේ බව්​වා සෙල්ලම් කරන්න කැමති නම්, සමහරවිට එයා ගෙදර දුව දුව අනිත් බව්ව​ට බුරලා එයාවත් සෙල්ලමට එකතු කරගන්න උත්සාහ කරනවා. ඒ වෙලාවට අධික විදිහට සතුටු වෙලා වැඩිපුර ශක්තියක් පිට කරන්න ඕන වුණාම​ත් එයා carpet එක හෝ පොල​ව හාරන්න පටන් ගන්නවා වෙන්න​ත් පුළුවන්.

✅ අවධානය ලබා ගැනීම​ට: අන්තිමට, සමහර බල්ලෝ carpet එකේ හාරනකොට අයිතිකාරයාගේ අවධානය ලැබෙන බව ඉගෙන ගන්නවා. ඒක කටින් බනින එකක් වුණත්, toy එකක් අරන් දීලා එතනින් අයින් කරන එකක් වුණත්, එයාට අවධානය ලැබෙනවා. ඒ නිසාත් එයාල ඔහොම හාරන්න පටන් ගන්නවා. එයාලත් බබාලා වගේනේ. ඉතින් ඒ නිසා අපිට නලවගන්න නම් අවධානය දෙන්නම සිද්ධ වෙනවා.

ඔබට මොනවද කරන්න පුළුවන්?
ඔයාගේ carpet එකට හානි වෙයි කියලා බය නම්, ඔයා​ට මේ දේවල් උත්සාහ කරලා බලන්​න පුළුවන්.

✅ බාධා කරන්න: බව්ව​ගෙ අවධානය ගන්න පුළුවන්, හැබැයි බය නොවන විදිහේ පුංචි සද්දයක් කරන්න. මේකෙන් එයා​ගේ පුරුද්දට බාධා වෙනවා.

✅ වෙනත් දේවල් වලට විධානයක් දෙන්​න: ඒ behavior එක නැවතුණාට පස්සේ, බව්ව​ව ඔයා ලඟට කැඳවලා ඔයා දේවල් කීපයක් කරන්න කියන්න.
උදාහරණ: ඉඳගන්න, ​‍බලන්න, අත තාලට නලවන්න වගේ දේවල්.

✅ ඒ දේවල් කළාට පස්සේ එයාට ප්‍රශංසා කරලා, treat එකක් දෙන්න. මේකෙන් එයාගේ ශක්තිය හොඳ විදිහට එළියට දාන්න අවස්ථාව ලැබෙනවා. ඊට පස්සේ ඔයට පුළුවන් එයා​ව ඇවිදින්න එක්කන් යන්න හරි, එයාගේ අවධානය ගන්න පුළුවන් toy එකක් හරි දෙන්න.

✅ ආරක්ෂා කරන්න: Carpet එකේ සමහර තැන් වලට හානි වෙනවා නම්, ඒ තැන් වලට ​‍බර පැදුරු හරි, වෙනත් පුංචි කුඩා රෙදි කැබලි හරි දාලා ආරක්ෂා කරන්න පුළුවන්.

ඉතින් ඕවා තමා බව්වෙක් පිස්සුවෙන් වගේ හාරන්න හේතු. මට මිස් වෙච්ච ඔයාලා දන්න දේවල් තියෙනව නම් ඒවත් පහළින් comment කරන්න්.

ඔයා​ගේ පූස් බ​බා ඇඟේ ඉළ ඇට පෙනෙන තරම් කෙට්ටුයිද? එහෙම නැතත් එ​යා කෙට්ටු වෙමින් ඉන්නව වගේ ඔබට පේනවද? බළලුන් මහත් වෙන එක ව...
07/10/2025

ඔයා​ගේ පූස් බ​බා ඇඟේ ඉළ ඇට පෙනෙන තරම් කෙට්ටුයිද? එහෙම නැතත් එ​යා කෙට්ටු වෙමින් ඉන්නව වගේ ඔබට පේනවද? බළලුන් මහත් වෙන එක වගේම කෙට්ටු වෙන එකත් එතරම් හොඳ දෙයක් නෙවෙයි. මිනිසුන් වගේම තමයි. ඒ කෙට්ටු වීමට හේතුව දියවැඩියාව වගේ රෝගයක් වෙන්නත් පුළුවන්. නැතිනම් සාමාන්‍යයෙන් ඔබට මඟහරවාගත හැකි හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ ගැන අද කතා කරමු. මේ අධික කෙට්ටු බව මඟහරවාගන්නෙ කොහොමද කියලත් දැනගමු.

බළලුන්ගේ බර අඩු වෙන්නෙ ඇයි?
බළලුන් කෙට්ටු වෙන්න නොයෙක් හේතු බලපාන්න පුළුවන්. සමහර ඒවා සාමාන්‍ය දේවල් වුණත්, සමහර ඒවා යම් අසනීප තත්වයන් නිසා වෙන්නත් පුළුවන් කියල අපි කලින්ම සඳහන් කලා. ඒ නිසා, ඔබේ බළලාගේ බර අසාමාන්‍ය වශයෙන් අඩු වෙනව නම් හැකි ඉක්මනින් පශු වෛද්‍යවරයෙක් වෙත යොමුවෙන එක තමා වඩාත්ම හොඳ. ඒ කොහොම වුනත් අපි බලමු, ඒ සඳහා බලපාන පොදු සාධක කිහිපයක්.

✅ ප්‍රමාණවත් තරම් කෑම නොලැබීම: සමහර වෙලාවට කෑම ප්‍රමාණවත් නැති වුණත් බර අඩු වෙනවා. විශේෂයෙන්ම ගෙදර බළලුන් කිහිප දෙනෙක් ඉන්නවා නම්, එක බළලෙක්ට කෑම අඩුවෙන් ලැබෙන්න පුළුවන්.

✅ අකමැති ආහාර ලබාදීම: බළලුන්ට වුනත් ආහාර සම්භන්ධව ඔවුන්ගේ රුචි අරුචිකම් තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබ නිතරම ඔවුන් ආහාරයට ගැනීමට අකමැති ආහාර දෙනව නම්, ඒ ආහාර ප්‍රතික්ශේප කිරීම නිසත් කෙට්ටු වෙන්න පුළුවන්.

✅ පණු රෝග: බළලුන්ගෙ බඩේ පණුවවන් ඉන්නව නම්, එයාලගෙ ආහාර දිරවීම හොඳින් සිද්ධ වෙන්නෙ නෑ. ඒ නිසා ඔවුන් කෙට්ටු වෙන්න පුළුවන්.

✅ ආහාර ජීර්ණ පද්ධතියේ ආබාධ: බඩේ අමාරුව, පාචනය, වමනය වගේ දේවල් නිසාත් අපේ වගේම බළලුන්ගෙත් කෑම හරියට ජීර්ණය වෙන්නේ නැහැ. ඒකත් බර අඩු වීමට සෘජුවම බලපානවා.

✅ දත් හා විදුරුමස් ආශ්‍රිත ගැටළු: මුඛය ආශ්‍රිත ගැටළු තියෙනකොට අපිට වගේම එයාලටත් ාහාර ගන්න අපහසුයි. මේ නිසා එයාලට වැඩි ආහාර ප්‍රමාණයක් ගන්න බැරි නිසා බර අඩු වෙන්න පුළුව

✅ ආතතිය: ජීවත් වෙන පරිසරය වෙනස් වීම, අලුත් සතෙක් ගෙදරට එකතු වීම වගේ දේවල් බළල්ලුන්ට ආතතිය ඇති කරනවා. මේ ආතතියත් එක්කම කෑම අරුචිය ඇති වෙලා බර අඩු වෙන්න පුළුවන්.

✅ වෙනත් රෝග: දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ, වකුගඩු රෝග වගේ ලෙඩ නිසාත් බර අඩු වෙන්න පුළුවන්. ඒකත් මිනිසුන්ට වගේම ඔවුන්ටත් පොදු දෙයක්.

ඉතින් දැන් ඔබට පැහැදිලි ඇති, ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම ඇතුළුව රෝගාබාද තත්ව දක්වා මේ ප්‍රශ්නය විහිදෙනව කියන කාරනාව. ඒ නිසා මේ සම්භන්ධව පශුවෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ගන්න එක තමා වඩාත්ම හොඳ.

ඔබේ සුරතලාගේ බර වැඩි කර ගැනීමේ සැලැස්මක් සකස් කිරීම
මහත් කිරීම කියන්නෙ ඔවුන්ට ලබාදෙන කැලරි ප්‍රමාණය ඉහළ නැංවීම වගේ සරල දෙයක් නෙවෙයි. ඒක මිනිසුන්ට වගේම බළලුන්ටත් පොදු වන කාරණාවක්. ඒක ඔවුන්ගේ වයස, ශරීර තත්වය, වර්ගය, පවතින රෝග, ආසත්මිකතා වගේම රුචි අරුචිකම් වගේ ගොඩක් දේවල් ගැන විශ්ලේෂණය කරල, ක්‍රමාණුකූලව කල යුතු දෙයක්.

මේ සඳහා පශු වෛද්‍ය සහය අනිවාර්‍යයි කියල නැවතත් මතක් කරනවා. ඔබේ පශු වෛද්‍යවරයා බළලාගේ තත්වය නිරීක්ෂනය කිරීමෙන් පසු, රෝගයක් ඇතිනම් එම රෝගයට ප්‍රතිකාර කිරීමේ සැලැස්මක් සකස් කළ පසුවයි බර වැඩි කර ගැනීමේ කාර්යය ආරම්භ කළ හැකි වන්නේ. මේ ක්‍රියාවලියේදී, ඔබේ පූස් බ​බාගේ වයස සහ වෛද්‍ය අවශ්‍යතා මත පදනම්ව නිශ්චිත යෝජනා ඔබ වෙත ඉදිරිපත් කිරීමයි සාමාන්‍යයෙන් වෙන්නෙ.

ඔබේ පූසාගේ නිශ්චිත වෛද්‍ය තත්ත්වයට අනුවර්තනය කරන ලද ආහාර වේලක් මෙහිදි නිර්දේශ වීමයි විශේෂත්වය වෙන්නෙ. අදාල ආහාර සැලැස්ම ඇරඹීමට පෙර පශු වෛද්‍යවරයා ඔබේ බළලාගේ සුදුසු බර හඳුනා ගන්නා අතර, සැලැස්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක වනවාදැයි බැලීම සඳහා නිතිපතා පරික්ෂා කරන්නටත් ඔබට යෝජනා කිරීම සිදු කරනවා.

බළලුන්ගේ බර වැඩි කරන ක්‍රමවේදය
බළලුන්ගේ බර වැඩි කළ හැකි සෞඛ්‍යසම්පන්න ආහාර මොනවද කියන එක දැනගන්න එක ඔබට බොහෝ වටිනවා. මොකද ඔබ ඒ ගැන දන්නෙ නැතිව ඔවුන්ගේ බර වැඩි කරන නමුත් සෞඛ්‍යට අහිතකර පිටි හෝ සීනි සහිත ආහාර වලට යොමුවෙන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නෙ, ඔබට ගන්න පුළුවන් හොඳ සෞඛ්‍යසම්පන්න විකල්ප කිහිපයක් සහ ඔබ අනුගමනය කල යුතු කරුණු කිහිපයක්.

✅ පූස් පැටව් ආහාර: බොහෝමයක් පූස් ආහාර (Cat Foods) වල හොඳ කැලරි සහ පෝෂක ප්‍රමාණයක් අන්තර්ගත වනවා. මොකද විශේෂයෙන්ම ඒවා සාදා ඇත්තේ බළලුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා ගැන විශේෂ අවධානයක් යොමු කරමින් වීමයි මෙහි විශේෂත්වය. (වෙළඳපොලේ ඇති cat foods ඔබ ලබා දෙනවනම් පිළිගත් වගේම තත්ව සහතික කරන ලද ආහාරයක් ලබා දෙන්න, ඔබ වෙළඳපොලේ ඇති cat foods වලට අකමැති නම් ඔබට පුළුවන් පෝශණීය ආහාර වේලක් ඔබ විසින්ම ඔබේ ආදරණීය පූසා වෙත පිළියෙල කරන්න)

✅ සෞඛ්‍ය සම්පන්න සුළු ආහාර: ආහාර වේල් අතර කුඩා කුකුළු මස් කැබලි, බිත්තර, මාළු හෝ වෙනත් ප්‍රෝටීන් බහුල සුලු ආහාර ලබා දීමත් බර වැඩි කිරීමට උපකාරී වනවා.

✅ නිවැරදි ප්‍රමාණය: ඔබේ පූසාගේ වයස, බර සහ ක්‍රියාශීලීත්වය අනුව කැලරි ප්‍රමාණය ගණනය කර නිවැරදි ආහාර ප්‍රමාණය ලබා දෙන්න. එහෙම නැතිනම් බළලාට වෙනත් අපහසුතා ඇති වෙන්නට ඉඩක් තියෙනවා.

✅ නිතර ආහාර ලබා දීම: දිනකට කිහිප වතාවක් කුඩා ආහාර වේල් ලබා දීමෙන් බළලා ආහාර ගැනීමට දිරිමත් කරන්න ඔබට පුළුවන්. නමුත් දෙන ආහාර ප්‍රමාණය ගැන සෑම විටම සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා.

✅ පාන වර්ග සහ පිසින ලද ආහාර : බොහෝ විට කිරි වැනි පාන, ඒ වගේම පිසින ලද මාළු, මස්, බිත්තර වගේ ආහාර දෙන්නට හැකිනම් එයත් ඵලදායි පියවරක්. මොකද ගොඩක් බළලුන් වියලි ආහාර වලට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ.

✅ ආහාර විවිධත්වය: එකම ආහාරය එක දිගට ගැනීම අපට වගේම බළලුන්ටත් බොහොම අපහසු දෙයක්. ඉතින් සෑම විටම ආහාර වර්ග කිහිපයක් මාරුවෙන් මාරුවට ලබා දීමෙන් ආහාර විවිධත්වය තබා ගන්න. ඒ වගෙම ඔවුන් කැමති ආහාර මොනවද කියලත් අවභෝධයක් ලබාගන්න.

✅ පිරිසිදු, නැවුම් ජලය: සෑම විටම පිරිසිදු, නැවුම් ජලය ලබා දෙන්න. එය ඔවුන්ගේ ආහාර ජීරණය පහසු අරන්නට සහය වෙනවා. නමුත් කුස පිරී ආහාර ගැනීමෙ අවශ්‍යතාව අඩු විය හැකි නිසා එය ඕනෑවට වඩා කරන්න එපා.

✅ ඔවුන්ගේ ආතතිය පාලනය කරන්න: ඔබට හැකි සෑම අයුරින්ම ඔවුන්ගේ ආතතිය පාලනය කරන්නට ඔබට හැකි සෑම දේම කරන්න. බොහෝ විට මදක් ඔවුන්ව හුරතල් කිරීම හෝ එළියට රැගෙන යාම පමණක් වුවත් ප්‍රමාණවත් විය හැකියි.

නැවත මතක් කිරීම : ඔබේ බළලාගේ බර වැඩි කිරීමට පෙර පශු වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍යයි. ඔවුන්ට ඔබේ පූසාගේ සෞඛ්‍ය තත්ත්වය තක්සේරු කර බළලාට වඩාත් සුදුසු ආහාර සැලැස්මක් නිර්දේශ කිරීම සිදු කරනවා. ඉතින් මේ දේවල් හොඳින් අවභෝධ කරගෙන අවශ්‍ය ඉදිරි පියවට ගන්න ඔබට දැන් පුළුවන්. මේ ගැන ඔබට තියෙන අත්දැකීම් පහත කමෙන්ට් සෙක්ශන් එකේ ලියන්න අමතක කරන්න එපා. තවත් මෙවැනිම වැදගත් ලිපියකින් හමුවෙමු.

පූස් ලෝකයේ යෝධයෙක්මේන් කූන්ලා සාමාන්‍ය ලාංකි​ක ගෘහාශ්‍රිත පූසෙකුට වඩා හුඟක් විශාලයි. වැඩුණු පිරිමි පූසෙක් නම් කිලෝ ග්‍රෑ...
05/10/2025

පූස් ලෝකයේ යෝධයෙක්
මේන් කූන්ලා සාමාන්‍ය ලාංකි​ක ගෘහාශ්‍රිත පූසෙකුට වඩා හුඟක් විශාලයි. වැඩුණු පිරිමි පූසෙක් නම් කිලෝ ග්‍රෑම් 11ක් විතර බරයි. ගැහැණු සතෙක් උනත් කිලෝ ග්‍රෑම් 4.5ත් 6ත් අතර බරක් තමයි තියෙන්නේ. ඒත් මේ ලොකු ප්‍රමාණෙට බය වෙන්න එපා. මොකද මේන් කූන්ලා හරිම ආදරණීයයි, එයා​ලා හරිම බුද්ධිමත්, ඒ වගේම කරුණාවන්තයි විතරක් නෙවෙයි, මිනිස්​සු සමඟ හුරතල් වෙන්නත් ලොකු කැමැත්තක් දක්වනවා. ඒ නිසා තමයි මේන් කූන්ලා ගොඩක් අයගේ හිත් දිනාගෙන ඉන්නේ.

මේන් කූන්ලාගේ මූලික ලක්ෂණ
ආදරණීය බව සහ වෙනස් පූසන්ට සාපේක්ෂව වෙනස් හැසිරීම නිසා මේන් කූන්ලා ඇමරිකාවේ නම් වඩාත්ම ජනප්‍රිය ගෘහස්ථ පූසන් වර්ග කිහිපයෙන් එකක් ලෙස හඳුනාගෙන තියෙනවා. ඔවුන්ට දිගු සිරුරු, විශාල හිස් සහ පාද පිහිටලා තියෙනවා. ඔවුන්ගේ ලොම් සහිත පාද හිම සපත්තු වගෙයි. ඒවා ඒ ආකාරයට නිර්මාණය වෙලා තියෙන්නේ නම් හිම සහිත භූමිවල පහසුවෙන් ගමන් කිරීමට උපකාරී වීමටයි. බොහෝ මේන් කූන් පූසන්ට සෑම පාදයකම අමතර ඇඟිලි ඇති අතර එමඟින් ලිස්සන සුළු මතුපිටවල් වල පහසුවෙන් ගමන් කල හැකි වනවා.

මේන් කූන්ලාගේ හැසිරීම් රටා
මිත්‍රශීලී සහ ආදරණීය සත්වයෙක්: මේන් කූන් පූස් පැටව් ආදරණීය සහ සෙල්ලක්කාර ස්වභාවයක් පෙන්නුම් කරන අතර, ඔවුන්ගේ සිටිනා නිවසේ, පවුලේ සාමාජිකයන් සමඟ සමීප බැඳීමක් ඇති කර ගන්නට පෙළබෙනවා. ඔවුන් බොහෝ විට ඔවුන්ගේ මිනිස් සගයන් වටා සිටීමට කැමති අතර ආදරය පෙන්වීමට කැමතියි.

සුනඛයන් මෙන් හැසිරීම: මේන් කූන්ලා සාමාන්‍යයෙන් සුනඛයන් සමඟ පහසුවෙන් ගණුදෙනු කරන අතර, විශේෂම දේ වෙන්නෙ ඔවුන් සුනඛයන් මෙන් හැසිරීමයි. උදාහරණ ලෙස, ඔවුන් බොහෝ විට බෝල සෙල්ලම් කිරීමට සහ ඔවුන්ගේ අයිතිකරුවන් සමඟ සෙල්ලම් බඩු වලින් සෙල්ලම් කිරීමට පෙළබෙනවා.

බුද්ධිමත් සහ කුතුහලයෙන් පිරි සත්වයෙක්: මේන් කූන්ස් ඔවුන්ගේ බුද්ධිය සඳහා බොහොම ප්‍රසිද්ධයි. ඔවුන් ඉගෙනීමට ඉක්මන් වන අතර අභියෝගාත්මක සෙල්ලම් බඩු සහ ක්‍රීඩාවන්ට වඩා වැඩි කැමැත්තක් දක්වනවා. ඔවුන් අලුත් දේවල් ගැන උනන්දු වන අතර ඔවුන්ගේ පරිසරය ගවේෂණය කිරීමටත් කැමතියි.

බොහොම සන්සුන් සතෙක්: ඔවුන්ගේ විශාල වුවත් සාමාන්‍යයෙන් ඉතා සන්සුන් සහ මෘදු ස්වභාවයක් ගනී. ඔවුන් අධික ලෙස කෑ ගසන සත්වයෙක් හෝ විනාශකාරී සත්වයෙක් නෙවෙයි. සංසු​න් සතෙක් වුවත්, කලින් සඳහන් කලා වගේම සෙල්ලමටත් බරයි.

ජලයට කැමැතියි: අනෙකුත් බළලුන් වගේ නෙවෙයි, මේන් කූන්ලා ජලයට බිය නොවන අතර බොහෝ විට ජලය සමඟ සෙල්ලම් කිරීමෙන් සතුටක් ලබයි. මෙම සුවිශේෂී ලක්ෂණය ඔවුන්ට ලැබී ඇත්තේ ඔවුන්ගේ ජල-විකර්ෂක ලොම් සහ සහ ජල ක්‍රීඩා සඳහා ඇති සහජ ආශාව නිසයි.

පවුලේ සාමාජිකයන් සමඟ සබඳතා: මෙම බළලුන් තම පවුලේ සාමාජිකයන් සමඟ ශක්තිමත් බැඳීමක් ඇති කර ගනී. ඔවුන් බොහෝ විට තම ප්‍රියතම පුද්ගලයින් අනුගමනය කරන අතරම ඔවුන් සමඟ නිතරම කටයුතු කිරීමට උනන්දු වෙති.

විවිධ ශබ්ද නිකුත් කිරීම: මේන් කූන්ස් සාමාන්‍ය බළලුන්නඟන මියෑව් ශබ්දය වෙනුවට විවිධ ශබ්ද ගණනාවක් නගන්නට සමත් වෙනවා. නමුත් ඒ කිසිදු ශබ්දයක් ඔවුන්ගේ ශරීර ප්‍රමාණය තරම් ගෝශාකාරි නොවීමත් විශේෂත්වයක්.

උස් ස්ථාන වලට කැමැත්ත: ඔවුන්ගේ බුද්ධිය සහ කුතුහලය නිසා මොවුන් උස් ස්ථානවලට නැගීමට ප්‍රිය කරයි. මොකද එවිට ඔවුන්ට ඔවුන්ගේ වටපිටාව පහසුවෙන් නිරීක්ෂණය කළ හැකිය. ඔවුන් බොහෝ විට කු​ඩා ප්‍රමාණගෙ ගස් සහ පඳුරු, වඩා උස් නොවූ තාප්ප ආදියෙහි නැඟීමට ප්‍රිය කරනවා.

පුහුණු කිරීමේ හැකියාව: මේන් කූන්ලා ඉතා බුද්ධිමත් වන නිසාම පහසුවෙන් පුහුණු කළ හැකියි. ඔවුන් ඇත්තෙන්ම, උපක්‍රම ඉගෙන ගැනීමට සහ විධානවලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රිය කරන බළල් විශේෂයක්.

මේන් කූන්ලාගේ සෞඛ්‍ය ගැන බිඳක්
මේන් කූන්ලාගේ ආයු කාලය අනෙක් පූසන්ට වඩා ටිකක් අඩුයි. සාමාන්‍යයෙන් ඔවුන් ජීවත් වන්නේ අවුරුදු 13ක් වගේ කාලයක්. ඒ වගේම එයාලටම ආවේණි​ක ලෙඩ රෝගත් තියෙනවා. මෙව්වා හැම මේන්කූන් යෝධයෙක්ටම හැදෙන්නෙත් නෑ. ඒත් දන්නවනේ ඕනෑම වර්ගයකට ආවේණික රෝග තියෙන්න පුළුවන්. මං මේ තොරතුරු හොයාගත්තේ petmd.com කියන පිළිගත් වෙබ් අඩවියකින්.

💛 හෘද රෝග (HCM)
හදවතේ මාංශ පේශි ඝන වීම.
මුල් අවධියේදී ලක්ෂණ නොපෙන්වයි.
පසුකාලීනව හුස්ම ගැනීමේ අපහසුතා, අලස බව ඇති විය හැක.
DNA පරීක්ෂණ මගින් කල්තියා හඳුනාගත හැකිය.

😿 ස්පයිනල් මාංශ පේශි ක්ෂය වීම (SMA)
මාංශ පේශි දුර්වල වීම.
බුද්ධියට බලපෑමක් නැත.
ඇවිදීමේ අපහසුතා, වෙව්ලීම ඇති විය හැක.

😾 වෙනත් අවදානම්
බහු අවයවික වකුගඩු රෝගය (PKD).
උකුල් ආබාධ (Hip Dysplasia).

මේන් කූන්ල කන්න කැම​ති මොනවද?
මේන් කූන් පූසන්ගේ කෑම වේල අනෙක් පූස් වර්ග වලට ලබා දිය යුතු ආහාර වේලෙන් වෙනස් වෙන්නෙ නෑ. ඒ කියන්නේ සත්ව ප්‍රෝටීන් වලින් පොහොසත් කෑම තමයි දෙන්න ඕන. හැබැයි ඒ කෑම වල නිසි ප්‍රමිතියට අනුව පූසාගේ වයසට ගැලපෙන පෝෂණය තියෙන්නත් අවශ්‍යයි. පූස් පැටියට නම් වර්ධනයට උදව් වෙන කෑම වර්ගයක් දෙන්න පුළුවන්, අවුරුදු දෙකෙන් පස්සේ නම් වැඩිහිටි පූසන්ට ගැලපෙන කෑම දෙන්න ඕන.

කෑම ප්‍රමාණය තීරණය වෙන්නේ පූසාගේ බර, වයස, සෞඛ්‍ය තත්ත්වය, ව්‍යායාම වගේ දේවල් අනුව. කෑම පැකට් එකේ තියෙන උපදෙස් බලන්න පුළුවන්, ඒත් හොඳම දේ තමයි පශු වෛද්‍යවරයෙක් ගෙන් උපදෙස් ගන්න එක. එතකොට ඔයාගේ සුරතලාට ගැලපෙනම කෑම සැලැස්මක් හදාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් මේන් කූන්ලට අතිරේක ආහාර දෙන්න අවශ්‍ය නැහැ, ඒත් පශු වෛද්‍යවරයා නිර්දේශ කළොත් දෙන්න අවශ්‍යයි. සමහර වෙලාවට සන්ධි ආශ්‍රිත අතිරේක කෑම ගැන ඔබට උපදෙස් ලැබෙන්නට පුළුවන්.

මේන් කූන්ලට කෑම දෙන්නෙ කොහොමද?
මේන් කූන් පූසන්ට හුඟක් දිග ලොම් තියෙනවා. ඉතින් එයා​ලා කෑම ගැනීමේදී ඒ ලොම් භාජනේ ඇතිල්ලෙන්නේ නැති වෙන්න ලොකු භාජන වලට කැමතියි. වතුර භාජනත් එහෙමයි. වතුර ගොඩක් තිබ්බොත් පූසා වැඩියෙන් වතුර බොනවා.ඒක හොඳයි. නමුත්, කලින් සඳහන් කලා වගේම මේන් කූන්ලා වතුරෙන් සෙල්ලම් කරන්නත් ආසයි. ඉතින් ඔබ කෑම සමඟ දෙන වතුරත් සමඟ එයා​ලා පාදවලින් සෙල්ලම් කරනවා දැක්කොත් පුදුම වෙන්න එපා! එසේනම් අපි තවත් මේ වගේ වැදගත් ලිපියකින් නැවත හමුවෙමු. මේ වගේ විස්තර දැනගන්න කැමති තවත් සුරතල් සත්ව විශේශයක් ඉන්නවනම් පහළින් කොමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා.

04/10/2025
අපේ ගෙදර සමාජ සංස්ථාව 😻😁
04/10/2025

අපේ ගෙදර සමාජ සංස්ථාව 😻😁

සුනඛයන්ට වැළඳෙන භයානකම වෛරසයක් තමයි පාර්වෝ වෛරසය කියන්නේ. මේක ලොව පුරා සුනඛයන් අතර පොදුවේ දැගන්නට පුළුවන් රෝගී තත්වයක්. ...
04/10/2025

සුනඛයන්ට වැළඳෙන භයානකම වෛරසයක් තමයි පාර්වෝ වෛරසය කියන්නේ. මේක ලොව පුරා සුනඛයන් අතර පොදුවේ දැගන්නට පුළුවන් රෝගී තත්වයක්. නමුත් සතුටට කරුණ නම් මේ රෝගය එන්නත් මඟින් වලක්වාගත හැකි වීමයි. මේ ලිපියෙන් අපි බලමු පාර්වෝ රෝගය ගැන ඔබ දැනගත යුතු හැම දෙයක්ම. ඒ කියන්නේ ඔබේ බලු පැටියාව ආරක්ෂා කරගන්නේ කොහොමද, රෝග ලක්ෂණ මොනවාද, ඔබේ සුරලතලා අසනීප වුණොත් කළ යුත්තේ මොනවද කියන කාරනා ගැන. මොකද, එන්නත් මඟින් වලක්වාගන්නත් ඔබ මේ ගැන හැමදේම දැනගෙන සිටීම වැදගත්.

පාර්වෝ වෛරසය කියන්නෙ මොකක්ද?
පාර්වෝ, හෙවත් Canine Parvovirus (CPV) කියන්නේ සුනඛයින් අතර ඉතාමත් වේගයෙන් බෝවන සුළු DNA වෛරසයක්. මේ වෛරසය සුනඛයින්ගේ ශරිරය තුළ ඇති සෛල වලට පහර දීම තමයි සිදු කරන්නේ. ඒ නිසා තමයි බඩවැල් වල ආස්තරණයට සහ අස්ථි ඇට මිදුළු වලට මේකෙන් විශාල හානියක් සිද්ධ වෙන්නේ. බඩවැල් වල ආස්තරණයට හානි වීම නිසා තමයි මේ රෝගය වැලදුනු සුනඛයින්ට කෑම අරුචිය, වමනය, සහ ලේ සමඟ පාචනය වගේ රෝග ලක්ෂණ මතු වෙන්නේ.

මේ වෛරසය බලපාන්නේ වැඩි වශයෙන්ම ලාබාල සහ එන්නත් නොදුන් බල්ලන්ට. ඒ කියන්නේ සති 6 සිට මාස 6 දක්වා වයසැති බලු පැටවුන්ට මේ රෝගය වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ වගේම පාර්වෝ එන්නත නොලැබූ ඕනෑම වයසක බල්ලෙකුටත් මේක බෝ වෙන්න පුළුවන්.

විශේෂයෙන්ම සති 6ට අඩු පොඩි පැටවුන්ගේ නම්, මේ වෛරසය හදවතේ මාංශ පේශි වලටත් හානි කරන්න පුළුවන්. ඒක එම සත්වයාට බොහොම කුඩා වයසකදී වුවත් හෘදයාබාධයකට තුඩු දෙන්න පුළුවන් තරම් බරපතළ තත්ත්වයක්.

පාර්වෝ රෝග ලක්ෂණ මොනවාද?
බල්ලෙකුට පාර්වෝ වෛරසය වැළඳුනාට පස්සේ දවස් 3ත් 7ත් අතර කාලයක් ඇතුළත රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. මුල් අවධියේදී,
✅ උදාසීන ගතිය
✅ කෑම අරුචිය
✅ උණ

රෝගය වර්ධනය වන විට:
✅ බඩේ අමාරුව
✅ වමනය
✅ පාචනය

ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන පැටවුන්ට:
✅ කඩා වැටීම
✅ හෘද ස්පන්දන වේගය වැඩිවීම
✅ හුස්ම ගැනීමේ අපහසුතා
✅ ශරීර උෂ්ණත්වය අඩුවීම
✅ රුධිර සීනි මට්ටම අඩුවීම

මෙම රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක්, ඔබ නිරීක්ෂණය කළ වහාම පශු වෛද්‍යවරයෙකු වෙත යොමුවීම අනිවාර්ය වෙනවා. ඉන් පසුව, පශු වෛදවරයා, වෛරසය හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ කටයුතු සිදුකරනවා. පාර්වෝ වෛරසය හඳුනාගන්න ලේසිම ක්‍රමය තමයි මළ මූත්‍රා පරීක්ෂාවක් කරන එක. ඒ කියන්නේ සුනඛයාගේ මළපහ වලින් සාම්පලයක් අරගෙන ඒක පරික්ෂා කිරීමයි සිදුවෙන්නෙ. මේක විනාඩි 10ක් වගේ කෙටි කාලයකින් කරන්න පුළුවන් පරීක්ෂණයක්. ඒ වගේම මේක එක පරීක්ෂණයකින් හොඳ නිර්වශ්‍ය ප්‍රථිඵලයක් ලබාගන්නට හැකි පරීක්ෂණයක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්.

සුනඛයින්ට පාර්වෝ වෛරසය හැදෙන්නේ කොහොමද?
මූලික වශයෙන් පාර්වෝ වෛරසය ආසාදිත සුනඛයින්ගේ මළ මූත්‍ර සමඟ ස්පර්ශ වීමෙන් තමයි පැතිරීම සිදුවන්නේ. විශේෂම දේ තමයි, මතුපිට මළ මූත්‍ර පෙනෙන්නට නොතිබුනත්, වියලි මතුපිටක් වුවත් වෛරසය තියෙන්න පුළුවන්. ඒ වගේම පාර්වෝ වෛරසය සුනඛයින්ගේ ලොම් වල හෝ පාදවලත් තියෙන්න පුළුවන්. කලින් සඳහන් කලා වගේම පාර්වෝ වෛරසය ඉතා පහසු බෝවන රෝගයක් වන අතර මාස ගණනක්, සමහර විට අවුරුදු ගණනක් පරිසරය තුළ නොනැසී පැවතිය හැකියි. භයානකම කරුණ නම් මේ වෛරසය බොහෝ විෂබීජ නාශක වලටද ප්‍රතිරෝධී වීමයි. කෙසේ වෙතත්, එය තනුක ක්ලෝරීන් සහ පශු වෛද්‍ය රෝහල්වල බහුලව භාවිතා වන සමහර විශේෂිත පිරිසිදුකාරක වලින් පාලනය කිරීමෙ හැකියාව පවතිනවා.

මිනිසුන්ට පාර්වෝ වෛරසය හැදෙන්න පුළුවන්ද?
බය වෙන්න දෙයක් නැහැ. පාර්වෝ වෛරසය බෝ වන්නේ බල්ලන් අතර පමණයි. මිනිස්සුන්ට බෝ වෙන්නේ නැහැ. ඒ කියන්නෙ, කිසිම අවස්ථාවක බල්ලෙකුගෙන් මිනිසෙකුට හෝ මිනිසෙකුගෙන් බල්ලෙකුට පාර්වෝ වෛරසය බෝ වෙන්නෙත් නැහැ.

පාර්වෝ වෛරසයට ප්‍රතිකාර කරන්නේ කොහොමද?
ඇත්ත වශයෙන්ම, පාර්වෝ වෛරසයට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ. ප්‍රතිකාර ක්‍රම රඳා පවතින්නේ රෝගයේ බරපතලකම සහ එය සුනඛයාගේ ශරීරයට සිදු කර ඇති හානිය මතයි. ඒ වගේම, පාර්වෝ වෛරස් ආසාදනයකින් සුවය ලැබීමට ගතවන කාලයත් සුනඛයාගෙන් සුනඛයාට වෙනස් වනවා. රෝගයේ බරපතලකම සහ එය සිදු කර ඇති හානිය අනුව පූර්ණ සුවය ලබා ගැනීමට බොහෝ කාලයක් ගත විය හැකියි.

පර්වෝ වෛරසය වැළඳුනු සුනඛයෙක් රෝහල්ගත කරන කාලය සාමාන්‍යයෙන් දින පහක් හෝ හතක් පමණ වනවා. නමුත් මෙය රෝග ලක්ෂණවල බරපතලකම අනුව වෙනස් විය හැකියි. ඒ වගේම, ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් තමයි සුනඛයෙකු තුළ පාර්වෝ රෝග ලක්ෂණ නිරීක්ෂණය කිරීමෙන් පැය 24-72 අතර කාලය තුළ ඔවුන්ගේ මරණීය අවදානම ඉහළම අගයක පවතිනවා. එම නිසා පශුවෛද්‍යවරයකු වෙත රැගෙන යාමේ කාර්‍ය ඔබට හැකි ඉක්මනින් කළ යුතු වනවා.

පාර්වෝ රෝගය වැළඳුණු බලු පැටියෙකු රෝහල් ගත කර, ප්‍රමාණවත් සහය ලබා දී, සමීපව නිරීක්ෂණය කළහොත් සාමාන්‍යයෙන් සුව වීමේ අනුපාතය 85-95% ක් පමණ වෙනවා. එය ඇත්තෙන්ම භයානක වෛරසයක් සම්භන්ධව හොඳ සුවවීමේ අනුපාතයක්. ඒ වගේම, ඉහතින් සඳහන් කළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු ඉක්මනින් පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදුන්නොත් හෝ ප්‍රමාණවත් පූර්ණ ප්‍රතිකාරයන් ලබා නොදී, රෝහල් ගත නොකළහොත් සුවය ලැබීම තරමක් අපහසු වන බවත් මතක තබාගන්න.

පාර්වෝ වෛරසය වළක්වා ගත හැකිද?
ඔව්, පාර්වෝ වෛරසය වළක්වා ගත හැකියි! ඒ සඳහා ඇති හොඳම ක්‍රමය වන්නේ නියමිත වේලාවට එන්නත් ලබා දීමයි. පාර්වෝ එන්නත ලබා දීම සාමාන්‍යයෙන් සුනඛයින්ගේ වයස සති 6, 8, 12 සහ 16 දී සිදු කිරීම අනිවාර්‍යයයි. ඒ වගේම, දීර්ඝකාලීන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වැඩිහිටි සුනඛයින්ට වාර්ෂිකව හෝ සෑම වසර තුනකට වරක් බූස්ටර් එන්නතක් අවශ්‍ය වනවා.

ඒ වගේම, තවදුරටත් ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔබේ බලු පැටවුන් සම්පූර්ණයෙන්ම එන්නත් කළ සුනඛයන් සමඟ පමණක් තැබීමට වගබලා ගන්න. එහිදී එන්නත් නොකළ සුනඛයින් සමඟ ඔබේ සුරතලා පහසුවෙන් සම්බන්ධ විය හැකි ප්‍රදේශ, උදාහරණ ලෙස සුනඛයන් ගැවසෙන උද්‍යාන වැනි ස්ථාන වලට නිතර යෑම, වීදී බල්ලන් සැරිසරන මංමාවත් ආදියෙහි ගමන් කිරීම වළක්වා ගත යුතුයි.

ඉතින් මේ ලිපියෙන් ඔබ දැනගත්තා ඔබේ සුරතලාව අනිවාරයෙන්ම ආරක්ෂා කරගත යුතු භයානක නමුත් වලක්වාගත හැකි වෛරසයක් ගැන. ඉතින් ඔබේ සුරතලාටත්, නිසි කලට පාර්වෝ වෛරසය ලබාදුන්නාද? ඒ ගැන පහතින් කොමෙන්ට් කරන්න. තවමත් ලබාදී නැතිනම්, හැකි ඉක්මනින් ඔබේ පශු වෛද්‍යවරයාව හමුවී අදාල උපදෙස් ලබාගන්න. තවත් මෙවැනිම වටිනා ලිපියකින් නැවත හමුවෙමු.

මූලාශ්‍රය: petmd.com

Address


Alerts

Be the first to know and let us send you an email when PetTopia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PetTopia:

  • Want your business to be the top-listed Media Company?

Share