25/01/2024
"තවත් එක් නික්මයාමක් අබියස සිට"
අපිට සමහර මිනිස්සුන්ව පේන්න බැහැ .දිරවන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ ඔවුන්ගේ හැසිරීම් , මතවාද , ප්‍රකාශ නිසා වෙන්න පුළුවන්. දවසකට විවිධාකාර මිනිස්සු කීදෙනේක් නං අපිට හමු වෙනවා ඇද්ද?
ඒවගේම මොහොතක් හිතන්න, අපි දරණ මතවාද , අපේ හැසිරීම් දිරවන්නේ නැති කොච්චරක් නං අපි වටේම ඉන්නවා ඇද්ද ,ඉන්න පුලුවන්ද?
අපි බනිනවා වගේම ඔවුනුත් අපිට කොච්චර බනිනවා ඇද්ද?
අවරුදු විසිහතරක පමණ වෙන මගේ මාධ්‍ය ජීවිතේදී , අවුරුදු පහළවක් ක් විස්සක් විතර වැඩිපුරම කරන්න හම්බ උනේ දේශපාලන වැඩසටහන්, ඒනිසා ලංකාවේ දේශපාලනයේ නිරත බහුතරක් එක්ක වැඩ කරන්න මට හම්බ උනා. 2019 ජන්දේ ලන්වෙනකොට, සතියේ දවස් හතටම උදේට එක්කෙනා බැගින් මන්ත්‍රී වරු හත්දෙනෙක් සහ බදාදා රෑටයි සිකුරාදා රෑටයි හතරදෙනා ගානේ .සතියට මංත්‍රීවරුන් 15 දෙනෙක් සියත TV එකට ගෙන්න මට ගන්න සිද්ධ උනා. ඒක මාරම අමාරු වැඩක්. දේශපාලන වැඩසටහන් කරන මාධ්‍යවේදීන් දන්නවා වැඩසටහනකට මංත්‍රීවරුන් ගෙන්න ගන්න තියෙන අමාරුව.
සමහරු එන්නන් කියල Confirm කරල එන්නේ නැහැ , phone answer කරන්නේ නැහැ . එකී නොකී ගොඩක් ප්‍රශ්න...
ඒකාලේම සියත TV හි ජේෂ්ඨ විධායක නිෂ්පාදක (වැඩසටහන් ) වශයෙන් මා විසින් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කල "සුළිය" දේශපාලන වැඩසටහනට, 2019 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දවසක සනත් නිශාන්ත මංත්‍රී වරයත් සහබාගී වෙනවා. ඊට පෙරත් ඔහු කිහිප වතාවක්ම මගේ වැඩසටහන් වලට සහබාගී වෙලාත් තියෙනවා.
එදා ඒ වැඩසටහන ගොඩක්ම මතක, වැඩසටහනට සහබාගී උන යහපාලන රජයේ අමත්යවරයෙක්වූ කරුණාරත්න පරණවිතාන අමාත්‍යවරයාත් එක්ක සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ටිකක් වැඩිපුර පැටලෙනවා. අවශ්‍ය වගේම අනවශ්‍ය වාග් ප්‍රහාර පවා ඔහු විසින් නිකුත් කරා. අතර තුර කාල වලදී වැඩසටහන මෙහයවපු දොඹේ අයියා (ජේෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා) වැඩේ හසුරව ගත්තා.
හැබැයි ඒ සියල්ල වැඩසටහන තුලදී විතරයි. විරාම වලදී සහ වැඩසටහන අවසන් වෙලා යනකොටත් ඔවුන් ඉතා සුහදව කතාබහ කරලා සිනහමුසු මුහුණෙන් නික්ම ගියා.
එනවා කියල කිව්වොත් එන , Call වලට answer කරන, නියමිත වෙලාවට වැඩසටහන් වලට සහබාගී වෙන අයගේ List එකේ සනත් නිශාන්ත අමාත්‍යවරයාත් ඉහලින්ම හිටපු කෙනෙක්.
ඔහුගේ දේශපාලන මතවාදය , ඔහු දේශපාලනයේදී හිටගත්ත තැන / ප්‍රකාශ / හැසිරීම් මොනවගේ උනත්,
අපක්ෂපාතීව සියල්ලන් එක්ක වැඩකරන ,මාධ්‍යවේදීන් විදිහට අපිත් එක්ක....
ඔහු වැඩ කරපු පිළිවෙලට සහ ඔහුගේ සැහැල්ලුකමට,
අගයක් / ගරු කිරීමක් එකතු කරන්නම මේක අවස්ථාව කරගන්නවා.
ඕනෙම ක්ෂ්ස්ත්‍රයක නියැලිලා ඉන්න කෙනෙකුට ඉහල තැනකට එන්න / වැඩ්ඩෙක් වෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා.
මේ දේශපාලන ධාරාවේ නගරසභා , පළාත්සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් , රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙනකන් ඉහලට එන්න ඔහුත් හෙන කට්ටක් කන්න ඇති....
එහෙම බැලුවහම මේ දේශපාලන ක්‍රමයේදී සනත් නිශාන්ත කියන්නේ "වැඩ්ඩෙක්"
ඔහු අහිමි උන පාඩුව වැඩිපුරම දැනෙන්නේ ඒ පොඩි දරුවෝ හතරදෙනාට, news බලනකොට "ඔයා නිදගෙනද ඉන්නේ - අප්පච්චි නැගිටින්න" කියල ඒ දරුවෝ අඩනකොට හිතට අවේ ලොකු දුකක් සහ කම්පනයක්...
කොහොම වෙතත් සියල්ල සිදුවී අවසන්...
"තවත් එක් නික්මයාමක් අබියස සිට"
මිත්‍රයා ඔබට සුභ ගමන්...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මොක් සුව!!!
ඉරංග කෝසල පීරිස්
"සුළිය" 16.09.2019
https://www.youtube.com/watch?v=gHdeJ2RFNAw