17/05/2022
🔴 *විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණඩුව බාරගන්න ප්‍රමාද වුනාද* ?
(සියල්ල පැහැදිලි කරමින් විපක්ෂ නායක සජිත්, ජනාධිපති ගෝඨාභයට යැවූ ලිපිය)
ගරු ජනාධිපතිතුමනි,
2022 මැයි 12 දිනැති ඔබේ ලිපියට ප්‍රතිචාරයක් ලෙස ලියමි.
ඔබතුමා මා හට අගමැති ධූරය භාරගන්නා ලෙස ආරාධනා කරන විට මා එම ධූරය බාර ගැනීමට කැමැත්තක් නොමැති බව ප්‍රකාශ නොකළ බවත්, ඔබගේ ආරාධනය පිළිබඳව සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කර තීරණය ඔබට දැනුම් දෙන බව පමණක් ප්‍රකාශ කළ බවත් ආරම්භයේදීම ඔබට මතක් කිරීමට කැමැත්තෙමි.
යම් යම් කොන්දේසි වලට යටත්ව අගමැති ධූරය භාර ගත යුතු බවට සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයේ මන්ත්‍රීවරුන් එකඟ වීම නිසාත්, එම කොන්දේසිවලට යටත්ව අගමැති ධුරය භාරගැනීමට මා කැමැත්තෙන් සිටි නිසාත් මා නියෝජනය කරන නියෝජිත පිරිසක් ඔබ හමුවී මේ බව පැහැදිලි කරන ලදී.
ඉන්පසුව රැස්වීමේදී අවසන් එකඟතාවයකට නොපැමිණි බැවින්, ඔබ සහ මා නියෝජනය කරන නියෝජිතයන් අතර සාකච්ඡා දිගටම කරගෙන යාමට එකඟ විය. දෙපාර්ශවය අතර සන්නිවේදයන් කිහිපයක් සිදු වූ අතර මා වෙනුවෙන් යම් යම් යෝජනාද ඔබේ නියෝජිතයා වෙත යවන ලදී.
එබැවින් අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමට මා කැමති බව හා මුල් වරට දැනුම් දුන්නේ 2022 මැයි 12 වැනි දින බවට ඔබ විසින් කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම වැරදිය.
1️⃣ නිශ්චිත කාල රාමුවක් තුළ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම,
2️⃣19 වන සංශෝධනයෙන් හදුන්වා දුන් සංවරණ සහ තුලන ක්‍රමය නැවත ගෙන ඒම,
ඇතුළු කොන්දේසි කිහිපයකට යටත්ව අගමැති ධූරය බාර ගැනීමට මා සූදානම් බව මම තරයේ අවධාරණය කලෙමි. මා අගමැති ලෙස පත් කිරීමෙන් පසු ඔබ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ද මාගේ කොන්දේසි වලට ඇතුලත්විය. මෙලෙස ඉල්ලීමට ප්‍රබල හේතුවක් වූයේ ඔබ ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවට රට පුරා ගොඩනැගී ඇති පොදු ජන මතයයි. ජනතා කැමැත්තට පටහැනිව ඔබ දින නියමයක් නොමැතිව ධුරයේ රැඳී සිටීමට සලසන වෙනත් වැඩපිළිවෙලකට එළැඹීම ජනතා පරමාධිපත්‍යයට පහරදීමක් බව සමගි ජන බලවේගයේ සහ මගේ අදහස විය.
2022 මැයි 12 වැනි දින මගේ ලිපියෙන් පෙර කී කොන්දේසි සහ ඔබ ධූරය අත්හැරිය යුත්තේ එකඟවිය හැකි සාධාරණ කාලසීමාවක් ඇතුළත බව ද යෝජනා කරන ලදී.
ජනමතයට පටහැනිව ඔබ විසින් දැනට පිහිටුවීමට අදහස් කරන අමාත්‍ය මණ්ඩලයට සමගි ජන බලවේගය විසින් කිසිඳු සාමාජිකයෙකු යෝජනා නොකරන බව දන්වා සිටිමි.
කෙසේ