19/12/2023
උදේ ඉඳන් හිටගෙන ඉඳල හරි අමාරුයි කකුල් දෙකට...
කොච්චර දුර යන්නත් තියෙනවද,කන්නත් බෑ බඩගිනි උනාට...
උදේ ඉඳන් හිටගෙනමනෙ මුන් මේ දැන් බීලා ආවට...
මල්ලි ගහපන් නැගල යන එකක් එකෙක් කියනවා ඇහුනා වම් කනට...
අහිංසක හිනාවක් දාල..
අපාරදෙනෙ මුන්ගෙ ආතල් කුඩු කරන එක...
තව ගහන්නම් උබ නටපන් අයියෙ ඇති වෙනකන් අද...
කොහොම කියන්නද අයියෙ මං ආවෙ සොච්චම් පඩියට...
ගෙදර මිනිස්සුත් බලන් ඉන්නව මං එනකන් විගහට...
එකා දෙන්නා නටල ඉවර උනාම...
අන්තිම වෙනකන් නොකා හිටිය මම...
ගියා කෑම පිඟානක් බෙදාගන්නට...
තියෙන ඒවයින් ටික ටික බෙදාගෙන...
කෑව නෙමේ ගිල්ලා,
මොකද පහුවෙලා පාන්දර එක...
නැගල යන්න ගහපන් කිවුව එකත් ගෙදර ගියා උගේ ගෙවල් ලඟ...
බැරි මරගාතෙ බඩු ටිකත් පටවගෙන ලොරියට...
දෙන්නා එක්කම නැග්ගා ඉක්මනට ගෙදර යන්නෝන මතේට...
නිදිමතක් ආවත් ඊට වඩා හයියයි මගෙ හිත...
මොනව කරන්නද ඇස් පිය උනේ කරුමෙට...
හිතින් මවපු හීන සුන් වෙලා යනකොට..
මං හිටියෙ ලොරියෙ හිර වෙලා යකඩ ගොඩට...
මැනික උබ පරිස්සමට ඉඳපන් කොඳුරන්නැති හෙමිහිට..
අම්මේ ආයෙ එනකන් බලාගනින් ලේලි පොඩ්ඩ,
හැමෝටම සුර ලොවක් මවන්නට,
කෑවෙ මං මේ කට්ට...
නැගල යන්න ගහපන් මල්ලියෙ කියපු අයියා...
දන්නෙවත් නැතුව ඇති ආයෙ මං නැති බව...
පොඩ්ඩක් හිතපන් බුදු අයියෙ කරන්නෙ රස්සාවක් මං,
උබලට ආතල් එකක් දෙන්න ආව තමයි මං,
සොච්චම් පඩියට නැහෙන්න පුලුවන්,
සීමාවක් තියෙයි බං...
සමාවෙයන් උබල හැමෝටම වැරැද්දක් කරානම් !!
🥺🏳️
🖋
( කන්න ටික හම්බෙන බොන්න ටික හම්බෙන කෙල්ලො දිහා බල බල ඉන්න ලැබෙන සුන්දර රැකියාවක් නොවන Dj රැකියාවේ තවත් එක් අඳුරු පසුපිටක අවාසනාවන්ත සිදුවීමක් මෙසේ ලියා තැබුවෙමි.. )
Tharindu උඹට අජරාමර නිවන් සුව 🏳️
Pasindu අයියේ නුඹට ඉක්මන් සුව ❤️
2023.12.19
copied