අපගේ ආයතනය මඟින් හඳුන්වා දෙන නිෂ්පාදනය ලංකාවේ නිපදවා තිබෙන ඉතා ඉහල Gain එකක් සහිත ඇන්ටෙනාවකි. මෙහිදී ඔබේ රූපවාහිනියට සුපැහැදිලි රූප ලබා දීමට හැකි ලෙස බූස්ටර් පරිපථ දෙකකින් හා filter පරිපථයක් ඇතුලත් කර නිෂ්පාදනය කර ඇති හෙයින් රූප වල ගුණාත්මක බව ඉතා වැඩි වෙන අතර USB බල සැපයුම් තාක්ෂණය නිසා වඩා වැඩි විදුලිය ඉතිරියක් ද මෙම නිෂ්පාදනය භාවිතා කරන ඔබට සලසා ගත හැක.
ඇන්ටෙනාව CRT/LCD/LED යන ඕනෑම රූපවාහිනී
මාදිලියකට ගැලපෙන ලෙසින් නිපදවා ඇත. අපගේ නිෂ්පාදනයට භාවිතා කර ඇති Transistors වලට ඉතා හොඳින් Digital සංඛ්‍යාතයන් සුසර කර ගත හැකි අතර DVB-T2, ISDB-T යන සංඛ්‍යාත පරාසයන් සඳහා සුවිශේෂී වේ. එබැවින් ලංකාවේ සිදු කරන්නට නියමිත ඩිජිටල්කරණයටද අපගේ නිෂ්පාදනය ඉතා හොඳින් ගැලපේ.
දැනට පවතින Analog තරංග ඉතා හොඳින් වර්ධනය කර, VHF හා UHF යන සියලු පරාසයන් ඔස්සේ විකාශනය කරන ඕනෑම නාලිකාවක් සුපැහැදිලිව ඔබේ රූපවාහිනියට සුසර කර ගත හැකියි.