Mahamegha Prakashakayo

Mahamegha Prakashakayo You can buy over 290 Sinhala & English books about Buddhism at this store
(1)

අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට මෙහි සම්බුදු සසුන පිහිටුවා වදාළ අයුරු ඔබ නෙත් ඉදිරියේ විදහා දක්වන මහ...
29/06/2026

අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට මෙහි සම්බුදු සසුන පිහිටුවා වදාළ අයුරු ඔබ නෙත් ඉදිරියේ විදහා දක්වන මහාවංශය ඔබත් අදම කියවන්න.

අලුත්ම පොසොන් විරිඳුව 🎼👉 https://www.youtube.com/watch?v=C3nl1dQ_yPY✍️ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පදරච...
29/06/2026

අලුත්ම පොසොන් විරිඳුව 🎼
👉 https://www.youtube.com/watch?v=C3nl1dQ_yPY
✍️ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පදරචනයක්
🎶 විරිඳු නලින්ගේ ගායනයක්

03/06/2026

🌕 වෙසක් පෝදා සදහම් සංදේශය 📨
✍️පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

සසරේ සැරිසරා ආ මේ ගමනේදී අපට අහිමි වූ දෑ බොහෝ ය. ඒ බව දත හැකි වන්නේ සම්මා සම්බුදුවරුන්ගේ යුගයත්, පසේබුදුවරුන්ගේ යුගයත් ඉක්ම ගොස් ඇති බව අප තේරුම් ගන්නා විට ය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මහපොළොවේ සිරිපා තබමින්, දහම් දෙසමින් ඇවිද ගිය යුගයක් තිබුණි. ඒ දහම් ඇසූ නුවණැත්තන් සිත පහදවාගෙන එම දහමෙහි හැසිර රැකවරණය ලත් යුගයක් තිබුණි. හුදෙකලාවේ දහම් අවබෝධ කරගත් පසේබුදුවරුන්ගේ යුගයක් ද තිබුණි. මේ මොහොත වන විට එම සකලවිධ ක්ෂණ සම්පත්තියම අපට අහිමි වී ඇත.

අප ජීවත් වන වර්තමානය බිහිසුණු ලෙස අනතුරට ලක්වෙමින් පවතී. න්‍යෂ්ටික අවි ආයුධ තනමින් නූතන මිනිසා මහපොළොව සුණුවිසුණු කරන්නට සූදානම් වේ. රටරටවල් ගිනි තැබීමත්, ඔවුනොවුන් භේදභින්න කිරීමත්, මංකොල්ලකෑමත් වැඩිවෙමින් පවතී. බලයෙන් උමතු වූ ඇතැම් රටවල් විසින් වෑයම් කරනු ලබන්නේ සකලවිධ මිනිස් වර්ගයා තමාගේ පාදයට යට කිරීමට ය. මෙහි ප්‍රතිඵල විසින් අපට ලබාදෙන්නේ දුර්භික්ෂයත්, මනුෂ්‍ය ඝාතනත්, පලිගැනීමත්, වෛර කිරීමත්, බිය හා සැකයත්, දුක් කඳුළුත් නොවේද?

කෙසේ වෙතත් ලෝකය තුළ කිසියම් ගින්නක් ඇවිලෙමින් තිබේ. ඒ ගින්න වනාහී රාගයෙන් හටගත්, ද්වේෂයෙන් හටගත්, මෝහයෙන් හටගත් ගින්න විනා වෙන ගින්නක් නොවේ. මෙය සංසිඳෙමින් නොව උත්සන්න වෙමින් තිබෙන බව පැහැදිලි ය. එමෙන්ම අනපේක්ෂිත ස්වභාවික විපත්වල ප්‍රමාණය ද වැඩිවෙමින් තිබේ. මේ සියල්ල තුළ අසරණභාවයට පත්වන්නේ සත්වයා ය. ලොව කොතෙකුත් අවදානම් පරිසරයක් ගොඩනැගෙමින් තිබුණ ද, ඔවුන්ගේ අන්ධ විශ්වාසවල නම් කිසි අඩුවක් නැති බව පෙනේ.

ගෞතම බුදුරජුන්ගේ ජීවමාන යුගයත් අහිමි වූ, රහතන් වහන්සේලාගේ ජීවමාන යුගයත් අහිමි වූ, මාර්ගඵල ලාභීන්ගේ ජීවමාන යුගත් අහිමි වූ අපහට ඉතිරි වී තිබෙන්නේ කිසියම් ආපදාවකින් අපගේ මිනිස් බව අපට අහිමිවන්නට පෙර අඩුගණනේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගැනීම නොවේද?

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පාන්නට මොහොතකට කලින් අපට වදාළ ධර්මය මොනතරම් සත්‍යයයි ද? “හන්දදානි භික්ඛවේ, ආමන්තයාමි වෝ. වයධම්මා සංඛාරා. අප්පමාදේන සම්පාදේථ.” ‘පින්වත් මහණෙනි, දැන් මම ඔබ අමතමි. සකස් වී ඇති හැමදෙයක්ම නැසී යන ස්වභාවයෙන් යුක්තයි. එනිසා ලද මොහොත අහිමි වන්නට පෙර සත්‍යාවබෝධයට වීරිය කරන්න’ කියා ය.

නූතන ලෝකය විසින් අපට ලද මොහොත අහිමි කොට ඇත. රූපවාහිනිය විසින් අපගේ ඇස් පැහැරගෙන ඇත. තොරතුරු තාක්ෂණය විසින් අපගේ නිදහස් කල්පනාව ද පැහැරගෙන ඇත. අධ්‍යාපනය විසින් අපගේ ස්වාධීනත්වය පැහැරගෙන ඇත. දේශපාලනය විසින් අපගේ ගෞරවය පැහැරගෙන ඇත. සම්ප්‍රදාය විසින් අපගේ බුද්ධිය පැහැරගෙන ඇත. ආහාරපාන විසින් අපගේ සෞඛ්‍යය ද පැහැරගෙන ඇත. පරිසරය විසින් අපගේ හුස්මපොද ද පැහැර ගනිමින් සිටී. මේ සියල්ල තුළ අපට අහිමිව තිබෙන්නේ මිනිසෙකුව අප ලද උරුමයන් ය. එම උරුමයන් අතර අග්‍ර වූ දේ නම් සත්‍යය දැකීමේ උරුමයයි. එය ද අපට අහිමි වී ඇත. විවිධාකාර මතිමතාන්තර, වාද විවාද, විවේචන හා මඩ ප්‍රචාර ඔස්සේ නා නා දෙසුම් නාමයෙන් අපට අහිමි කොට තිබෙන්නේ සත්‍යාවබෝධ කිරීමේ අවස්ථාව නොවේද?

මෙයින් ඔබව බේරාගත හැක්කේ ඔබ නිදහස් චින්තනයකට හිමිකම් කියුවහොත් පමණි. මිනිසෙකුට නිදහසේ කල්පනා කිරීමට ඇති හැකියාව ඔහු ලද සියලු සම්පත්වලට වඩා අගනේය. ඔහු ලද සියලු දැනුමට වඩා අගනේය. ඔහු ලද ඤාති මිත්‍රාදී පිරිවරට වඩා අගනේය. මක් නිසා ද යත්, ඔහුගේ බුද්ධිය විවර වන ද්වාරය එය වන හෙයිනි. නිදහස් කල්පනාවෙන් යුතු මිනිසා හට ගෞතම බුදුරජුන්ගේ ධර්මය ලැබීම දිළින්දෙකුට සතර මහා නිධානය ලැබීම බඳු ය. ගෞතම බුදුරජුන්ගේ විස්මිත අවබෝධය එම දහම තුළින් දිදුලයි. උන්වහන්සේගේ මහා ප්‍රඥාවේ රශ්මි කදම්බය සකල ලෝකය ඒකාලෝක කරන අයුරු දැක්ක හැක්කේ ඒ ධර්මය තුළිනි.

සැබැවින්ම බුදුවරුන්ගේ පහළ වීම අතිශයින්ම කලාතුරකින් සිදුවන අද්භූත දෙයකි. එවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ අසිරිමත් දම් දෙසුම් මෙකල ද අපට කියවන්නට ලැබේ. අසන්නට ද ලැබේ. උන්වහන්සේගේ යුගය සිහිගන්වන වන්දනා ද අපට අසන්නට ලැබේ. උන්වහන්සේ වෙනුවෙන් කෙරෙන උපහාර ද අපට අසන්නට ලැබේ. මේ සියල්ල අප වෙත ලැබෙන අතිශයින්ම දුර්ලභ වූ නිධානයකි. මෙහි ඇති වටිනාකම අපට තක්සේරු කළ නොහැකිය.

වරක් අනඳ මහතෙරුන් වහන්සේ විසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සතු හැකියාව තුළින් ලොව අමතන අයුරු කෙසේදැයි විමසන ලද්දේය. එවිට අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ සම්මා සම්බුදුවරුන්ගේ හැකියාව මිණිය නොහැකි බවයි. ඒ ගැන පවසන ලෙස යළි යළි ඉල්ලා සිටි විට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මෙම චක්‍රාවාටය මෙන්ම සිය දහස් ගණනින් පැතිර පවත්නා අනන්ත අප්‍රමාණ ග්‍රහලෝක වලින් යුතු දස දහසක් ලෝක ධාතුවටම භාග්‍යවතුන් වහන්සේගේ හඬ පැතිරවිය හැකි බවයි. පළමුව ආලෝකය පතුරුවන බවත්, එවිට ඒ ඒ ලෝකවල සිටින සත්වයන් එම ආලෝකය දෙස බලද්දී හඬ පතුරුවන බවත් උන්වහන්සේ වදාළ විට අනඳ මහතෙරණුවෝ අද්භූත චමත්කාරයකින් වෙළී ගියහ. ‘අහෝ! අසිරිමත් යැ. මා සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම අසිරිමත් යැ. මෙය මට මනා වූ ලැබීමෙකි.’ එවිට අනඳ තෙරුන් අසළ සිටි උදායී නම් තෙර නමක් එයට අසතුටු විය. ‘ආයුෂ්මත් අනඳයෙනි, තෙපි කුමකට නම් මෙතරම් තුටු පහටු වන්නහුද? එම අසිරිය තොපගේ නොව භගවතාණන්ගේ නොවේද?’

එකල්හී අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණ මේ බලන්න. ‘හා හා උදායි, අනඳයන් හට එසේ නොපවසන්න. දැන් අනඳයන්ගේ සිත පහන් වූයේ තථාගතයන් කෙරෙහි ය. මේ පහන් සිතෙහි ඇති විපාකය කෙතරම් බලවත් ද යත්, අනඳයන් හට සත් වතාවක් සක්දෙව්රජ පදවිය ලබන්නටත්, සත් වතාවක් මනුලොව සක්විති රජ පදවිය ලබන්නටත් ප්‍රමාණවත් ය. වැලිදු අනඳයෝ මේ අත්බැව්හිම නිකෙලෙස් වෙති.’

මෙය අසිරිමත් නොවේද? භාග්‍යවතුන් වහන්සේගේ උදාරත්වය කෙරෙහි කෙනෙකු තුළ ඇතිවෙන චිත්තප්‍රසාදය මොනතරම් සුඛභාගී දෙයක්ද? ඔහුගේ ජීවිතයට සැපය සළසන උල්පතක් බඳු දෙයකි. නිරතුරුව පුණ්‍යධාරාවන් නැගී එන දෙයකි. එසේ නම් අප කළ යුත්තේ උදායී තෙරුන් සේ නොපහන් ව සිටීම නොව, අපගේ අනඳ මහතෙරුන් වහන්සේ මෙන් භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සිත පහන් කරගැනීම නොවේද?

වත්මන් මිනිසා පත්වෙමින් සිටින භයානක ඉරණම ගැන අපි ඇසුවෙමු. එහෙත් අප ලද මේ දුලබ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිත්, ඒ ධර්මය කෙරෙහිත්, ආර්ය සංඝයා කෙරෙහිත් සිත පහන් කරගන්නට අසමත් වුවහොත් අපට කුමක් වේ දැයි කවුරු දනිත් ද? තම ජීවිතයට කැමති කෙනා කළ යුත්තේ තමාට යහපත උදාකරදීම පිණිස වෑයම් කිරීමයි. එසේ නොකොට කිසිදා මරණයෙන් වැළකී සිටිය නොහැකිය. යම්හෙයකින් මරණින් මතු නිරයේ උපදින්නට සිදුවුවහොත්, තිරිසනුන් අතර උපදින්නට සිදුවුවහොත්, ප්‍රේතයින් අතර උපදින්නට සිදුවුවහොත්, අසුරයින් අතර උපදින්නට සිදුවුවහොත් මහත් වූ විනාශයක් උරුම වේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ එවන් ඉරණමක් කරා ගිය මිනිසා යළි මිනිසත් බව කරා පැමිණෙයි නම් එය ඉතා දුලබ කරුණක් වන බවයි. මක් නිසා ද යත්, එක්වරක් සතර අපායට බැසගත් සත්වයා යළි යළිත් උපත ලබන්නේ එහි ම නිසාය. මෙය ඉතා භයානක ඉරණමකි. මෙවන් බිහිසුණු දෛවයකට මනුලොව උපන් මිනිසාට මුහුණ දෙන්නට සිදුවුවහොත් එය ඉතාමත්ම අභාග්‍යසම්පන්න දෙයක් නොවේද?

උපන් සත්වයා විවිධාකාර හේතුපාදක මත මිය යන අයුරු අපට කොතෙකුත් පෙනේ. එසේ නම් එවන් දසුන් නිතර දකිමින් සිටින අප එකිනෙකා අභිබවා යන්නට හෝ එකිනෙකාට එරෙහි වන්නට හෝ තමාගේ බලපරාක්‍රමය පතුරුවන්නට හෝ වාදවිවාද කරමින් ජය ලබන්නට හෝ කල්පනා කරමින් සිටීම තුළ නිගා ලබන්නේ අප ලද බුද්ධියයි.

වසරින් වසර අපි මහත් ඉහළින් සම්බුදු තෙමඟුල සමරමු. එය අප හට උදාවන කිසියම් දුර්ලභ මොහොතකි. ඒ මොහොත ඉක්ම යා නොදී ගෞතම බුදුසසුන අපගේ සිතෙහි රඳවා ගත යුතුය. ඇතැම් විට මෙම අවස්ථාව අපට අහිමි වුවහොත් යළි කල්ප ගණනක් යනතුරු බුදුකෙනෙකුගේ දැකීම තබා බණපදයක්වත් අසන්නට අවස්ථාව අහිමි වන්නට පුළුවනි. එනිසා නුවණින් සහ නිදහස්ව කල්පනා කොට මේ ලද අවස්ථාවෙහි වටිනාකම තම තමන් විසින්ම තේරුම් ගත යුතුය. වරක් ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළේ ‘ඛණාතීතා සෝචන්ති නිරයම්හි සමප්පිතා’ වශයෙනි. එනම් මේ ලද මොහොත නිසි අයුරින් ඵල නොලබා මෙහි දුලබ මොහොත අහිමි කරගත් උදවිය නිරයෙහි ඉපිද ශෝකයෙන් වාසය කරන බවයි.

මේ ලද මොහොත සුවිශේෂී වූත්, දුර්ලභ වූත්, භාග්‍යසම්පන්න වූත් අවස්ථාවක් බවට පත්වන්නේ ඔබ තුළ ගොඩනැගෙන සත්පුරුෂ ගුණධර්ම මත ය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය වන සත්පුරුෂ භූමිය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙන්නට ඔබට ද අවස්ථාව ලද හොත් එය මේ මොහොතේ ලබන අද්භූත ආශීර්වාදයක් වනු නොඅනුමානය.

ඔබට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

නමෝ බුද්ධාය!

📘 The Life of Buddha for Children – English Book with Illustrations“The Life of Buddha for Children” is an English book ...
18/03/2026

📘 The Life of Buddha for Children – English Book with Illustrations

“The Life of Buddha for Children” is an English book that clearly explains the life and qualities of the Buddha in simple language suitable for children. It helps young readers develop a joyful and calm mind, avoid laziness, remember their studies better, and improve their good qualities for a happier life. This is a trusted title that many families still use to introduce children to the Buddha’s life.
​
📍 Published by Mahamegha Prakashakayo,
📞 For inquiries and orders (Mahamegha Store):
(+94) 076 8255 703 / (+94) 070 511 7 511​

🌐 Order online:
https://mahamegha.store/shop/books/english-picture-story-books/the-life-of-buddha-for-children/

"ඒ අමා ගීතය" වනාහී චම්පු කාව්‍යයකි. එනම් ගද්‍යයේත් පද්‍යයේත් සම්මිශ්‍රණයෙන් සුසැදි නවකතාවකි. 🪷මානව වංශ කතාවේ ස්වර්ණමය ය...
13/03/2026

"ඒ අමා ගීතය" වනාහී චම්පු කාව්‍යයකි. එනම් ගද්‍යයේත් පද්‍යයේත් සම්මිශ්‍රණයෙන් සුසැදි නවකතාවකි. 🪷

මානව වංශ කතාවේ ස්වර්ණමය යුගය සනිටුහන් කළ සිද්ධාර්ථ ගෞතම නම් වූ උත්තුංගදේහධාරී ශාක්‍යවංශික කුමරාණන් විමුක්තිය සොයා ගිය ඒ විස්මය ජනක වීරෝදාර ආධ්‍යාත්ම චාරිකාව පිළිබඳව අභිනව වෘත්තාන්තයක් ඔබ ඉදිරියේ මැවී යන
සොඳුරු සිතුවම් පටයකින් මෙන් දකිනු කැමැත්තෙහි ද?

මේ මහා භද්‍ර කල්පයේ අපගේ යුගයේ පහළ වූ ඒ ගෞතම සම්බුදු සමිඳාණන් භාරතය පුරා දූවිලි පිරි ගිය මං මාවත් ඔස්සේ පියවර තබා වඩින සඳ, මුළු ලොව ම නිවී සැනසී ගිය ඒ ආනන්දනීය චරිතාපදානය ඔබ ඉදිරියේ ගලා හැලෙනා රිදී දියදහරක් සේ දකිනු කැමැත්තෙහි ද?

එසේ ය ! මියුරු තත්සර නඟමින් ඔබ ඉදිරියේ ඒ අමා ගීතය ගැයෙන්නේ පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ පෑන් තුඩිනි. මින් තිස්වසකට පමණ පෙර උන්වහන්සේ විසින් ලියන ලද මෙම චම්පු කාව්‍යය කියවන විට
ව්‍යක්ත භාෂාවක ඇති කෝමල මාධූර්යය කොතරම් රසවත් දැ'යි ඔබට ම පසක් වනු ඇත.

--------------------------------------------------

විමසීම්:
මහාමේඝ ප්‍රකාශකයෝ - 076 8255 703, 070 511 7 511
දයාවංශ ජයකොඩි සහ සමාගම - 0772-695553, 0112-695773

පීඩාවට පත් මැදපෙරදිග සියලු ජනතාවටත්,අපේ ම සහෝදර ශ්‍රී ලාංකිකයන්ටත්,තුන් රුවනේ ආරක්ෂාව හා සෙත සැලසේවා..!
09/03/2026

පීඩාවට පත් මැදපෙරදිග සියලු ජනතාවටත්,
අපේ ම සහෝදර ශ්‍රී ලාංකිකයන්ටත්,
තුන් රුවනේ ආරක්ෂාව හා සෙත සැලසේවා..!

🌷 ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා 🙏(ථේර ථේරී ගාථා)ඔබ මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියේ මැවී පෙනෙනු...
04/03/2026

🌷 ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා 🙏
(ථේර ථේරී ගාථා)

ඔබ මේ උතුම් ග්‍රන්ථය කියවන විට ඒ රහතන් වහන්සේලා ඔබ ඉදිරියේ මැවී පෙනෙනු ඇත. ඔබ සමග කථා බස් කරන අයුරු ඔබට දැනෙනු ඇත. ඒ රහතන් වහන්සේලාගේ පරම පිවිතුරු හදමඬල ඔබ ඉදිරියේ විදහා දක්වන අයුරු ඔබට ම දැක ගත හැකි වනු ඇත.

ඒ පිරිසිදු බුද්ධ වචනය කොතරම් ගෞරවයකින් ද උන්වහන්සේලා දරා ගෙන සිටියේ. පුද්ගලික අර්ථ විවරණයන්ගෙන් බුද්ධ වචනය දූෂණය කරමින් සිටින වර්තමාන බොහෝ ගිහි-පැවිදි පිරිසට පවා බුදු රජුන්ගේ සැබෑ ශ්‍රාවකයින්ගේ ස්වභාවය මේ ථේර-ථේරී ගාථා තුළින් පැහැදිලි ව තේරුම් ගත හැකි ය.

අප කවුරුත් "සංඝං සරණං ගච්ඡාමි" කියමින් සරණ යන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවනේ පිවිතුරු ජීවිත හඳුනා ගැනීමට මේ ථේර - ථේරී ගාථාවන් විස්මිත කැඩපතක් වැන්න.

- පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි -

විමසීම්:
මහාමේඝ ප්‍රකාශකයෝ - 076 8255 703, 070 511 7 511
දයාවංශ ජයකොඩි සහ සමාගම - 0772-695553, 0112-695773

Arahant Kondanna - the First Bhikkhu📞 076 825 5703
25/02/2026

Arahant Kondanna - the First Bhikkhu
📞 076 825 5703

What Does the Buddha Really Teach?(DHAMMAPADA)📞 076 825 5703
20/02/2026

What Does the Buddha Really Teach?
(DHAMMAPADA)
📞 076 825 5703

Mahamevnawa Pali-English Pariththa Chanting Book📞 076 825 5703
16/02/2026

Mahamevnawa Pali-English Pariththa Chanting Book
📞 076 825 5703

Address

Waduwawa, Yatigaloluwa
Polgahawela
60314

Opening Hours

Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30
Saturday 08:30 - 17:30
Sunday 08:30 - 17:30

Telephone

+94768255703

Alerts

Be the first to know and let us send you an email when Mahamegha Prakashakayo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mahamegha Prakashakayo:

Shortcuts

Share

Category