Baby Food Recipe & Baby care

Baby Food Recipe & Baby care Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Baby Food Recipe & Baby care, Digital creator, Polgasowita.
(3)

බර අඩු බබාලගේ බර වැඩි කර ගන්න ඔබත් එක් වන්න Baby Food Recipe & Baby care සමග🥰

Delivery available🚛
Cash deposit only🙂

Whatsapp-0769276019
Call-0750161275

Advertising available❤☺️

ඔබගේ නිවසත් මෙවැනිද?🤔නැන්දම්මා සහ ලේලිය....🥺ආදී කාලයේ සිටම නිවෙස් වල ඇති ප්‍රදානම ප්‍රශ්නයක් මෙසේ නම් කල හැකිය.නමුත් ලේල...
18/09/2025

ඔබගේ නිවසත් මෙවැනිද?🤔

නැන්දම්මා සහ ලේලිය....🥺

ආදී කාලයේ සිටම නිවෙස් වල ඇති ප්‍රදානම ප්‍රශ්නයක් මෙසේ නම් කල හැකිය.

නමුත් ලේලියක් ලෙස ගත් කල මා හට මෙම ප්‍රශ්නය නැත😊
එහෙත් මාගේ යෙහෙලියන් කිහිප දෙනෙකු මෙම ප්‍රශ්නය නිසා දුක් විදී🥺

🚫ඔවුනට ඇති ප්‍රදාන තහනම් දේවල්

🌸ඔවුන්ට ආස දෙයක් කෑමට නොහැකිය.
🌸ආස ඇදුමක් ඇද ආස තැනකට යා නොහැකිය.
🌸තම ස්වාමිපුරුෂයා සමග තනිව ටික වේලාවක් සිටිය නොහැකිය.
🌸තම දරැවන් ගේ වැඩ කල යුත්තේ නැන්දම්මාට අවශය පරිදිය.
🌸තම ස්වාමියා ආහාරයට ගත යුත්තේ අම්මාට අවශය ආහාරය.

🤬මක් නිසාද නැන්දම්මා එාවට කැමති නැත.

නැන්දම්මා සහ ලේලිය අතර විරසකයට ප්‍රදානම හේතුව තමන්ගේ පුතා හැඩි දැඩි පිරිමියෙකු වී විවාහ වූවද නැන්දම්මාට ඔහු තවම කුඩා දරැවෙකි. 😬

තවද තම නිවස ආගන්තුක කාන්තාවක් සමග බේදා ගැනීමට අම්මලා කැමති නොවීම😬

එහෙත් මෙම හේතුව නිසා ලේලිය ඉතාමත් අසරන වේ🥺

ස්වාමියාටද දෙදෙනාගෙන් කෙනෙකුගේ පැත්තක් ගත නොහැකිව අසරන වේ.😬 # # # #@

🚫මා දකිනා පරිදි මෙයට හොදම විසදුම වෙනම නිවසක් සාදාගෙන එයට පදින්චියට යාමය..

ඔබලාගේ අත්දැකීම් අප සමග බෙදා ගන්න

බුදුසරණයි🙏



රශී✍️....

මේ ඔයාගේ බබාගෙත් photo edit කරගන්න තියෙනවනන් එවන්න නොමිලේම හදලා දෙනවා මේ වගේ❤️🥰
18/09/2025

මේ ඔයාගේ බබාගෙත් photo edit කරගන්න තියෙනවනන් එවන්න නොමිලේම හදලා දෙනවා මේ වගේ❤️🥰

2024/09/27 දින මිලදීගත් මෙම අනර්ඝ තත්ත්වයේ ඇති ඉලෙක්ට්‍රික් ළදරු ජීප් රථය හදිසියේ විදේශ ගතවන බැවින් විකිනීමට ඇත මිලදීගත්...
22/08/2025

2024/09/27 දින මිලදීගත් මෙම අනර්ඝ තත්ත්වයේ ඇති ඉලෙක්ට්‍රික් ළදරු ජීප් රථය හදිසියේ විදේශ ගතවන බැවින් විකිනීමට ඇත මිලදීගත් මිල රැපියල් 48000/=
නව විකුනුම් මිල 27000/=
මිලගනන් සාකච්චාකරගත හැකිය
ස්ථානය-කැලණිය පට්ටිවිල
දුරකථන-0769276019 (Whatsapp only)
දුරකථන-0750161275

Amma❤️
06/07/2025

Amma❤️

මවකගේ චරිත දෙකක් 😇

1. ඉපැයීමට කැමති මවක් සහ...

මෙම මව තම සහ තම දරුවන්ගේ සිහිනය වෙනුවෙන් වැඩ කිරීමට තෝරා ගන්නේය. මක් නිසාද ඇය වෙන කෙනෙකුගෙන් යෑපීමට අකමැති බැවිනි...❤️

2. තම දරුවා රැකබලා ගැනීමට කාලය වැය කළ මවක්...

එවැනි මව්වරුන්ට තම දරුවන්ගේ සෑම වර්ධනයක්ම නිරීක්ෂණය කිරීමට අවශ්‍ය සහ තමන්ගේ දරුවන්ගේ ගවකීම් වෙන අයෙකුට පැවරීමට අකමැති කෙනෙකි...😘

එබැවින් ඔබ මවක් වීම විනිශ්චය කිරීමට පෙර, ඔවුන්ගේ සෑම කැපකිරීමකටම ඔබේ දායකත්වය ඇති බවට වග බලා ගන්න..🥰

බුදුසරණයි🙏



රශී✍️....

❎✅ඔබ දන්නවාද❓❔දරුවාගේ ක්‍රියාකාරකම් නිසියාකාරව සිදුවෙනවාද?🤔ඔබගේ ළදරුවාගේ කායික වර්ධනය පිළිබඳව ඔබ උත්සුක වෙනවා හා සමගම ඔබ...
27/03/2025

❎✅ඔබ දන්නවාද❓❔

දරුවාගේ ක්‍රියාකාරකම් නිසියාකාරව සිදුවෙනවාද?🤔

ඔබගේ ළදරුවාගේ කායික වර්ධනය පිළිබඳව ඔබ උත්සුක වෙනවා හා සමගම ඔබ ඔබගේ දරුවාගේ මානසික වර්ධනය ඒ නියමිත වයස්වලදී නිසි ආකාරයෙන් සිදුවෙනවාදැයි දැනගන්නේ කෙසේද? මානසික වර්ධනය (සංවර්ධනය) හරි ආකාරයෙන් සිදුවෙනවා නම් එම දරුවා ස්වාධිනත්වය කරා යන ගමනේදී ක්‍රම ක්‍රමයෙන් යම් ක්‍රියාකාරකම් කරන්න පටන් ගන්නවා. උදාහරණ වශයෙන් ඔබගේ ළදරුවා කතා කරන්නේ ඇවිදින්නේ කුමන වයස්වලදී ද යන්න ඔබ දැනුවත්වීම අත්‍යවශ්‍යයි. දරුවකු වර්ධනය වීමේදී ස්වාධිනව
ඉඳගන්න, ඇවිදින්න, කන්න, කතා කරන්න වැනි ක්‍රියාකාරකම්වලින් නිපුණ වන එක් එක් කාල පරිච්ඡේද තිබෙනවා. එවැනි වැදගත් ක්‍රියාකාරකම්වලට හැකියාව ඇතිවීම මානසික වර්ධනයේ පිය සටහන් යැයි හැඳින්වෙනවා.

දරුවකුගේ මෙවැනි ක්‍රියාකාරකම් නිසි වයසේදී සිදුවෙනවාද, නැතිනම් ප්‍රමාදයක් තිබෙනවාද යන්න ඔබට දැනගත හැකි වන්නේ ඒ කරුණු ගැන ඔබ දැනුවත් වුනොත් පමණයි. එවිටයි ඔබට, ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට හෝ ඔබගේ වෛද්‍යවරයාට දන්වන්න හැකිවෙන්නේ. මෙවැනි ක්‍රියාකාරකම් කිරීමට කිසියම් ප්‍රමාදයක් තිබෙනවා නම්, සමහරවිට මුලින්ම එය ප්‍රමාද වීමට හේතුව හඳුනාගැනීමෙන් නිසි ප්‍රතිකාර ලබාදී එමගින් ඇති විය හැකි සංකූලතා අවම කළ හැකියි.

උදාහරණ වශයෙන් ඔබගේ දරුවා කතාවට ප්‍රමාද නම් සමහරවිට එය ඇසීමේ දුර්වලතාවයක් නිසා විය හැකියි. ඇසීමේ දුර්වලතාවය නිසි අයුරින් ප්‍රතිකාර කළොත් එම දරුවාට සාර්ථකව කතා පුහුණුවට යොමු කොට එම දරුවා සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට සාර්ථකව සමාජ ගත කළ හැකියි. ඔබගේ දරුවා හිස කෙලින් කරන්න, ඉඳගන්න, ඇවිදින්න ප්‍රමාද වෙනවා නම් එය දරුවාගේ ස්නායු පද්ධතියේ හෝ මාංශ පේශීවල යම් ආබාධයක් විය හැකියි. සමහර රෝග මුලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලැබෙනවා නම් රෝගය සම්පූර්ණයෙන්ම සමහර විට සුව කළ හැකියි.

ඉතින් ඔබගේ ළදරුවාගේ මානසික වර්ධනයේ පිය සටහන් ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍ය වන්නේ ඇයි කියා දැන් වඩා පැහැදිලි ඇති.

මේ පිළිබඳව දැනුවත් වෙන්න ඔබ, ඔබගේ දරුවාගේ සෞඛ්‍ය වර්ධන සටහන හොඳින් කියවා ඒ වගු නියමිත කාලවලදී පුරවා කිසියම් ප්‍රශ්න තිබෙනවා නම් පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දන්වන්න.

දරුවෙකුගේ උපතේ සිට මුල් අවුරුදු 5 දක්වා මානසික වර්ධන පියවර (අපේක්‍ෂිත සංවර්ධනය) එම සෞඛ්‍ය වර්ධන සටහනෙහි අඩංගුයි. සාමාන්‍යයෙන් එම ක්‍රියාකාරකම් කාණ්ඩ හතරකට වෙන් කිරීමක් සිද්ධවෙනවා. මෙලෙස කාණ්ඩ හතරකට දැමීමෙන් සමහර අන්‍යෝන්‍ය ක්‍රියාකාරකම් එකතු කිරීමක් සිද්ධ වෙනවා.
උදා:

⚛️ඇසීම හා කතාව
🛐පෙනීම සහ අත්වල සියුම් ♏ක්‍රියාකාරකම්
♉චලනයට සහ ඉරියව්වලට වැදගත් ක්‍රියාකාරකම්
🪯තම ස්වාධීනත්වයට (එනම් දෛනික ක්‍රියාකාරකම්) සහ සාර්ථකව සමාජගත
වීමට අවශ්‍ය නිපුණතාවය

ඔබගේ දරුවාගේ කන් ඇසෙනවාද කියා ඔබට උපතේ සිටම නීරික්‍ෂණය කළ හැකියි. එනම් හදිසි විශාල ශබ්දයකට දරුවා තිගැස්සෙනවාද සමහරවිට දරුවා මවගේ දරු නැලවිල්ලට හෝ මවගේ කටහඬට හැඬීම නතර කර සුවසේ නිදාගන්න පෙළඹෙනවා. එමගින් අපට දරුවාගේ කන් ඇසෙන බවට ඉඟියක් ලැබෙනවා. ගර්භාෂයේ සිටින අවධියේදී දරුවා මවගේ කටහඬ හොඳින් හඳුනනවා. මාස 4 වැනි වයසකදී මව නොපෙනීම, මවගේ කටහඬට ප්‍රතිචාරයක් ලෙස සිනාසෙන්න හෝ හිස හෝ ඇස් දෙක හරවා බලන්න හැකියාව තිබෙනවා.

⭕පෙනීම සහ අත්වල සියුම් ක්‍රියාකාරකම් කිරීමේ නිපුණතාවය

අලුත උපන් දරුවකු දීප්තිමත් ආලෝකයකදී ඇස් තදින් වසා ගැනීම සහ තම මව දෙස තත්පර කිහිපයකට බැලීමේ හැකියාව තිබෙනවා. මව්කිරි දෙන සෑම විටම දරුවාගේ ඇස් ඔබේ ඇස් වලට හසුකරගන්න උනන්දු වන්න. එය කිරීමෙන් දරුවාගේ මානසික වර්ධනය දියුණු කිරීමට හැකිවෙනවා. දරුවා අන් අයෙකු සමග සන්නිවේදනය වන ප්‍රථම පියවර ඔබ දරුවාට හඳුන්වා දෙනවා. ඔබ දරුවා සමග නිතර සිනාසේ නම් දරුවා සති 4-6 ක වයසකදී ප්‍රතිචාරාත්මකව ඔබ හා සිනාසෙන්න පටන් ගන්නවා. මාස 2 කදී පමණ දරුවාගේ ඇස් දෙක එකට චලනය වෙනවා ඔබට නිරීක්‍ෂණය කළ හැකියි. මාස 6 පමණ වන විටදී දරුවා විමසිල්ලෙන් හිස හරවා අවට බලන්න පටන් ගන්නවා. මාස 3-4 ක පමණ වයසේදී ඉතා උනන්දුවෙන් ඔහුගේ හෝ ඇයගේ අත් දෙක දිහා බලනවා සහ අත් දෙකම කට ඇතුලට දමනවා. තම අත් දෙක තමාගෙ මුල්ම සෙල්ලම් බඩුවයි. ඔබ එම සෙල්ලම දරුවාට ඔහුගේ අත් දෙක සමග කිරීමට ඉඩදෙන්න. එය එක්තරා ක්‍රියාකාරකමක්. අතට හසුවෙන සෑම දෙයක්ම කටින් ඔවුන් හඳුනාගන්නවා. මාස 6 කදී පමණ දරුවකු ඉදිරියෙන් තිබෙන සෙල්ලම් බඩුවක් අත් දෙකම ඉදිරියට ගෙනැවිත් ඒ දෙය අල්ලා ගන්න උත්සහ කරනවා. ඒ වයසේදී එක් අතක් පමණක් දරුවා වැඩිපුර භාවිත කරනවා නම් එය වහාම වෛද්‍යවරයකුට දැන්විය යුතුයි. එය අසාමාන්‍ය තත්ත්වයක්. මාස 6 සිට 9 දක්වා එක් අතකින් අනික් අතට යම් දෙයක් මාරු කරයි. මාස 9 සිට 12 දක්වා මහපටඟිල්ල සහ දබර ඇඟිල්ල ආධාරයෙන් කුඩා දේවල් අල්ලා ගනී. මාස 12 දී නොයෙක් දේවල් දෙසට අත දිගු කොට ඒවා ඉල්ලන්න උත්සහ ගන්නවා.

✅චලනය සහ ඉරියව්වලට වැදගත් ක්‍රියාකාරකම

මාස 3 සිට 6 දක්වා මුනින් අතට සිටින විට හිස සහ පපුව ඉහළට ඔසවයි. මාස 6 සිට 9 දක්වා උඩු අතට වැතිර සිටින විට හිස ඔසවයි. මාස 9 සිට 12 දක්වා උදව් නැතිව හිඳගනී. තනිව අල්ලාගෙ සිට ගනියි. මාස 12 සිට 18 දක්ා උදව් නැතිව තනිවම ඇවිදින්න හැකියි.

❎දෛනික ක්‍රියාකාරකම් සහ අන් අය සමග ඇසුරු කිරීමේ නිපුණතාවය

ළදරුවකු තමාගේ දෛනික ක්‍රියාකාරකම් උදාහරණ ආහාර ගැනීම, මල මුත්‍රා කළ පසුව තම ශරීරය පිරිසිදුව තබාගැනීම, ඇඳුම් සහ පාවහන් ඇඳ ගැනීම වැනි නොයෙකුත් ක්‍රියාකාරකම් කිරීම සඳහා සම්පූර්ණයෙන්ම තම දෙමාපියන් හෝ තමාට රැකවරණය දෙන අය මත යැපෙන්න සිද්ධ වෙනවා. නමුත් මුල් අවුරුදු කිහිපය පසු කළ පසු ඒ දේල් තනියම කරගන්න පුරුදු වෙනවා. දෙමාපියන් වශයෙන් දරුවකුට තමාගේ දෛනික ක්‍රියාකාරකම් තනිවම කරන්න පුරුදු කළ යුතුයි. මාස 9 පසු කළ දරුවකුට මෘදු :ිදඓ* ආහාරයක් (හොඳින් ඉදුණු කෙසෙල්) අතේ තිබූ විටදී තනිවම ඒ ආහාරය අනුභව කිරීමට පෙළඹවෙනවා. අවුරුද්දකට පසුව දරුවා කන ආහාර වේල තනිවම කන්න උනන්දු කරන්න. එවිට අවුරුදු 3 සිට 4 පසු කළ විටදී තනිවම ආහාර ගැනීම, තනිවම ඇඳුම් ඇඳ ගැනීමට පුළුවන් වේ.

🟠සමාජයේ අන් අය ඇසුරු කිරීමේ නිපුණතාවය

දරුවකු උප්පත්තියේ සිටම තම වටපිටාවේ අය සමග ඇති කරගන්නා සම්බන්ධතාවය ඒ දරුවාගේ වැඩිමහල් වියට පත් වූ විට සමාජයේ හැසිරෙන ආකාරය සහ එම දරුවාගේ පෞරුෂත්වය කෙරෙහි ඉතාමත් තදින් බලපානවා. එම නිසා දෙමාපියන් වශයෙන් ඒ ගැන දැනුවත් වීමෙන් දරුවාගේ පෞරුෂත්වය වර්ධනය කර දරුවාට සාර්ථක ජීවිතයකට අඩිතාලම ලබාදෙන්න පුළුවන්.

දරුවාගේ මුල් අවුරුද්ද ගෙවෙන්නේ දරුවාට සමීපම අය සමගයි. එනම් තම මව, පියා සහ නිවසේ සිටින අනෙක් අය සමගයි. ඉතින් මුල් අවුරුද්දේ ඒ අයගෙන් දරුවා ලැබිය යුතු ප්‍රධානම දේ ආදරය සහ රැකවරණයයි. එවිට ඒ ලැබෙන සුරක්‍ෂිතභාවය දරුවාගේ මානසික සහ චිත්ත :ැපදඑසදබ්ක* වර්ධනයටත් ඉතාමත් බලපානවා.

උදාහරණ වශයෙන් මව තම දරුවාට කිරි දෙන සෑම අවස්ථාවේම දරුවා සමග සිනාසෙන්න, කතා කරන්න, ආදරයෙන් හිස පිරිමදින්න. එවිට දරුවා ඉක්මණින්ම මව වෙත ප්‍රතිචාර දක්වාවි. සති 6 කදී පමණ තම මව සමග ප්‍රතිචාරාත්මකව සිනාසෙයි. මාස 12 ක දරුවකු තමන් හඳුනන පුද්ගලයින් දුටු විටදී ඔවුන් සමග සිනාසී නොහඳුනන පුද්ගලයින් දුටු විටදී හඬයි. ඒ දරුවාට නොහඳුනන පුද්ගලයින් ගැන වැටහීමක් තිබෙනබව එයින් ඔප්පු වේ.

දෙමාපියන් දරුවන් සමග නිතර කතා කිරීමෙන් සහ සෙල්ලම් කිරීමෙන් ආදරය දැක්වීමෙන් සමාජීය සම්බන්ධතාවයන් ඇති කර ගත හැකි දරුවකු ඇති වේ.

අවුරුද්දක් පමණ වූ විට තමන් කැමති දෙයකට ඇඟිල්ල දික් කර ඒ දෙය තම මවට පෙන්වීමට දරුවා උත්සහ ගන්නවා. මෙය ඉතා වැදගත් නිපුණතාවයක්. කෙනෙක් දරුවාට කතා කළ විටදී ඒකෙනාගේ ඇස් දෙක දිහා දරුවා හොඳින් බලනවා නම් ඒ දරුවා සමාජයත් සමග සම්බන්ධ වෙන්න කැමතියි.

⭕⭕ඕටිසම්
➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️➡️

නැමැති මොළයේ රෝගී තත්ත්වයකින් පෙලෙන දරුවන් තම අවට සමාජය සමග සහ සම්බන්ධතාවයක් ඇති කිරීමේ හැකියාව ඉතා දුර්වලයි. ඔවුන්ගේ කතාවත් ප්‍රමාදයි. මෙම තත්ත්වය වේලාසනින් හඳුනාගතහොත් නිසි ප්‍රතිකාර කොට ඇතිවෙන සංකූලතා යම් දුරකට අවම කළ හැකියි.

වයස අවුරුද්ද පසු වූ විට දරුවා තමාගේ සමීපම අය සමග ඉතාමත් කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට පුළුවන. ඒ වයස වෙනකොට තමාට ආදරය දක්වන අයට තම ආදරය පෙරලා ප්‍රකාශ කිරීමට එනම් මව සිප ගැනීමට, අත් දෙකෙන් මව බදාගැනීම වැනි දේට නිපුණතාවයක් දක්වනවා. නොහඳුනන අය වෙත යෑමට මැලිකමක් දක්වනවා. ්මඑසිප :ඕටිසම්* තත්ත්වය තිබෙන දරුවන් මෙවැනි නිපුණතාවයන් දක්වන්න මැලිකමක් දක්වනවා. අවුරුදු 3 පමණ වයසැති දරුවන් සමවයසේ දරුවන් සමග සෙල්ලම් කිරීමට කැමැත්ත දක්වනවා

බුදුසරණයි🙏



රශී✍️....

විවිද  පුද්ගලයන් මව් වරුන්ට කියන කතා...🥹 (විශේෂයෙන් කාන්තාවන්)  ❤️දරුවන් නැති අයට-තාම දරුවෙක් නෑ නේද?හදන්නේ නැද්ද දැම්ම....
24/03/2025

විවිද පුද්ගලයන් මව් වරුන්ට කියන කතා...🥹 (විශේෂයෙන් කාන්තාවන්)



❤️දරුවන් නැති අයට-තාම දරුවෙක් නෑ නේද?හදන්නේ නැද්ද දැම්ම.

🥰එක දරුවෙක් සිටින අම්මලාට-මේ දරුවා තනි වෙනවා ඉක්මනින් තව කෙනෙක් හදන්න.

😘දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි- මීට වඩා හදන්න එපා ඔයාට වදයක් වේවී.

😬ඒ අම්මට හොරාට අහල පහල කාන්තාවන් කතා වෙන දේවල්-ඕකිට තියෙන අමාරුවට ලමයි හදනවා අපි නොදන්නවද ඕකිගේ හැටි.😉

❤️❤️ඒත් තමන් විතරයි දන්නේ තමන්ගේ තත්වේ එක ලමයෙක් හැදුවත් ලමයි 10ක්
හැදුවත් ඒක ඒ අම්මගේ ප්‍රශ්නයක් ඒක පිට අයට අදාල වෙන්නේ නෑ.

🤣හැබැයි ගොඩක් ගැහැනු බලන් ඉන්නේ තව ගැහැනියකට කතාවක් හදන්න. මන් දන්නේ නෑ ඇයි කියලා.🥺

සැයු-හැබැයි තමන්ට කරන්න පුලුවන් තරමට ලමයි හදන්න තමන් දැන ගන්න ඕනේ තමන්ට කර ගන්න බැරි තරමට ලමයි හදලා වටේ ඉන්න මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන්නේ නැතුව. නැත්තන් ලමයි හදලා පාරවල් වල,කානු වල දාලා යන්නේ නැතුව...

මේක මගේ අදහස් මේකට විරුද්ධ මත තියෙන්න පුලුවන්..

ස්තුතියි❤️

බුදුසරණයි🙏



රශී✍️....

බර අඩු පොඩ්ඩන්ට උදෑසන ධාන්‍යමය ආහාරය🥰Baby Food Recipe & Baby care අවශ්‍ය ද්‍රව්‍ය➡️ 🍌කඩල(මාස 6සිට)🍌වටු බිත්තර (මාස 9 සිට...
22/03/2025

බර අඩු පොඩ්ඩන්ට උදෑසන ධාන්‍යමය ආහාරය🥰
Baby Food Recipe & Baby care

අවශ්‍ය ද්‍රව්‍ය➡️

🍌කඩල(මාස 6සිට)
🍌වටු බිත්තර (මාස 9 සිට)
🍌බටර්
🍌baby තුන පහ
🍌තල ඇට
🍌පොල් කිරි
🍌කහ ස්වල්පයක්

(වටු බිත්තර වෙනුවට කිකිලි බිත්තර,මස්,මාලු වුවද එකතු කර ගත හැකිය🫶)

සාදාගන්නා අකාරය➡️⤵️

කඩල සහ වටු බිත්තරය හොඳින් වෙන වෙනම තම්බා.ඉන්පසු පසු බෙන්ඩ ජා එකක් ගෙන තැම්බු කඩල සහ වටු බිත්තරය, බේබි තුනපහ ස්වල්පයක් සහ කහ ටිකක් එකතුකර හොඳට බ්ලෙන්ඩර් කරගන්න.පසු පෑන් එකකට ටිකක් දමා බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රනය හොඳින් උතුරා ගන්න නිවා ගන්න.

බබාට කවලා මටත් අදහස් කියන්නකෝ🥰




බුදුසරණයි🙏

රශී✍️....

මවකගේ චරිත දෙකක් 😇1. ඉපැයීමට කැමති මවක් සහ... මෙම මව තම සහ තම දරුවන්ගේ සිහිනය වෙනුවෙන් වැඩ කිරීමට තෝරා ගන්නේය. මක් නිසාද...
21/03/2025

මවකගේ චරිත දෙකක් 😇

1. ඉපැයීමට කැමති මවක් සහ...

මෙම මව තම සහ තම දරුවන්ගේ සිහිනය වෙනුවෙන් වැඩ කිරීමට තෝරා ගන්නේය. මක් නිසාද ඇය වෙන කෙනෙකුගෙන් යෑපීමට අකමැති බැවිනි...❤️

2. තම දරුවා රැකබලා ගැනීමට කාලය වැය කළ මවක්...

එවැනි මව්වරුන්ට තම දරුවන්ගේ සෑම වර්ධනයක්ම නිරීක්ෂණය කිරීමට අවශ්‍ය සහ තමන්ගේ දරුවන්ගේ ගවකීම් වෙන අයෙකුට පැවරීමට අකමැති කෙනෙකි...😘

එබැවින් ඔබ මවක් වීම විනිශ්චය කිරීමට පෙර, ඔවුන්ගේ සෑම කැපකිරීමකටම ඔබේ දායකත්වය ඇති බවට වග බලා ගන්න..🥰

බුදුසරණයි🙏



රශී✍️....

 #දරුවෙකුට කවදාවත් නොකිව යුතු දේවල්,---1-⏩ "ඔයා මහ නරක ළමයෙක් ඔයා තරම් නරක ළමයෙක් මම නම් දැකලාම නැහැ " ❤️සෑම දරුවෙකුම දඟ...
21/03/2025

#දරුවෙකුට කවදාවත් නොකිව යුතු දේවල්,---

1-⏩ "ඔයා මහ නරක ළමයෙක් ඔයා තරම් නරක ළමයෙක් මම නම් දැකලාම නැහැ "

❤️සෑම දරුවෙකුම දඟ ය. අකීකරුය.සුළු සුළු වශයෙන් වෙනස් වෙනස් කම් පැවතුනද සම වයසක සිටින දරුවන් පිරිසක් ගත් විට ඔවුන්ගේ හැසිරීම් බොහෝ දුරට එක හා සමාන ය.ජීවත් වෙන පරිසරය අනුව යම් යම් වෙනස්කම් පැවතිය හැක.නමුත් ඒ සුළු වශයෙනි.කිසිම දරුවකු මහා නරක දරුවකු නො වේ. දරුවා මදක් වැඩිපුර දඟකාරකමක් හෝ අකීකරු කමක් දක්වන්නේ නම් ඒ වන්නේ පරිසරයෙන් සහ දෙමව්පියන් ගෙන් වටපිටාවෙන් ලැබෙන උත්තේජන මතයි.මෙ වැනි දේ සමහර විට දරුවා වැඩෙත් ම ඉබේ නැතිවී යයි එසේම ඒ සඳහා අපි උපක්‍රම යොදා ගත යුතුයි.ආදරණීය උපක්‍රම රිදවීම් සහ දඬුවම් වලට වඩා බොහෝ ප්‍රතිඵල ගෙන දෙන බව මනෝ මනෝවිද්‍යාඥයන්ගේ අදහසයි. දරුවාගේ මනස ඍණ ආකල්ප වලින් පුරවන්න එපා. ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටේ. සෑම විටම හොඳ, සතුට සහ ධන ආකල්ප පමණක් දරුවන්ට ලබා දෙන්න.

2 - ⏩ඇයි ඔයාට බැරි අයියා/මල්ලි/ අක්කා වගේ වෙන්න?

සෑම දරුවෙක් ම අනන්‍ය වූ විභව ශක්තියකින් යුතු ව මෙලොවට බිහි වෙයි.ඔහුගේ හෝ ඇයගේ එම ශක්තිය ක්‍රියාවට නැංවීම ලෝකයට ඉදිරිපත් කිරීම සම්බන්ධව වගකිව යුත්තන් දෙමාපියන් සහ ගුරුවරුන් ය. කිසිම දරුවකු අනෙක් අය හා සංසන්දනය කිරීම සුදුසු නොවේ.එකිනෙකාට ඇත්තේ එකිනෙකාගෙන් අනන්‍ය වූ දක්ෂතා සහ එකිනෙකාගේ අනන්‍ය වූ ගති ගුණය. සංසන්දනය කිරීම වැනි දේ නිසා කුඩා කල සිට ඉරිසියාව වැනි දේද ඇති විය හැක. එසේ ම සහෝදර සහෝදරියන් අතර සම්බන්ධතාවන්ට ද එය ගැටලුවක් වෙයි.

3 - ⏩ඔයාට බෑ ඒක කරන්න

උත්සාහ කිරීමට සහ අවිනිශ්චිතභාවයට බියක් ඇතිවීම මෙයින් සිදු වේ.
දරුවෙකුට යමක් කිරීමට බැරි නම් එය ඉතා පැහැදිලිව සහ කාරුණිකව කියා දිය යුතුයි.නිරතුරු බැහැ කියන හැඟීම දරුවාගේ සිතට ඇතුළු නොකරන්න.හැකි පමණ දරුවාට පුළුවන් යන හැඟීම කල නොහැකි වැඩ වලදි පවා සිතෙහි ජනිත කර කළ නොහැක්කේ එය දරුවාගේ දුරලාතාවයක් නොහැකියාවක් නොවන බවත් යම් සාධාරණ කිසි හේතුවක් නිසා බවත් ඇග වීමෙන් දරුවාට ධන ආකල්ප,උනන්දුව ශක්තිය හා පෞරුෂ වර්ධනය සිදුවේ.

4- ⏩මා එක්ක කතා කරන්න එපා කියා දරුවා සමග වැඩිහිටියන් උරණ වන ආකාරයට උරණ වීම.(තම හිතේ ඇති පීඩනය පිට කර ගැනීම තකා)

දරුවා යනු කුඩා වැඩිහිටියෙකු නොවෙයි දරුවෙකි.
"ඇයි වැඩිහිටියන් මා සමග කතා නොකරන්නෙ"
වැනි දේ තේරුම් ගැනීමට තරම් සමාජ දැනුමක් හෝ දරා ගැනීමේ හැකියාවක් දරුවකු ට නැත. ඔහුට හෝ ඇයට ඉන්න ලඟම නෑයා හෝ මිත්‍රයා තමා හා කතා නොකිරීම සමාජය පිළිබඳ අවිශ්වාසයක් ඇති කිරීමට හේතු වෙයි.

5 - ⏩ඔයා ගැහැණු ළමයෙක් මෙහෙම කරන්න බෑ.
ඔයා පිරිමි ළමයෙක් මෙහෙම කරන්න බෑ.

ස්ත්‍රී පුරුෂ භාවය හා සම්බන්ධ නීති රීති පැනවීම නුසුදුසු ය.
කිසිදු භේදයකින් තොරව තමාට කැමති දේ කිරීමට දරුවන්ට ඉඩ දිය යුතුයි.ඉතා කලාතුරකින් සමහර වෙලාවට ස්ත්‍රී පුරුෂ පුරුෂ භාවය සම්බන්ධව දරුවන්ට අවවාද දීමට වන අවස්ථා නැතුවා නොවෙයි.නමුත් එය බාධකයක් ලෙස දරුවාට දැනෙන ආකාරයට නිතරම නීති රීති හෝ ඒ ගැන මතක් කිරීම එතරම් සුදුසු නොවේ.

6 - ⏩මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න.

බොහෝ වැඩිහිටියන් තමා යම් දෙයකින් පීඩාවට පත් වූ අවස්ථාවක මේ වැඩි වචන භාවිතා කරයි.
තමාට ඇති වේදනාව නිසා මෙසේ ප්‍රකාශ කළත් දරුවාට දරා ගත නොහැකි මට්ටමකින් දරුවාව ඉවත් කිරීම දරුවන් අසරණ හැඟීමකින් වෙලයි. එසේම පෞරුෂය ද බිඳ වට්ටයි.

7 - ⏩ඉන්නකො " මම තාත්තා ආවම කියන්නම්"

මෙවැ දෑ නිසා දීර්ඝ වේලාවක් භය සහ කාංසාව වැනි හැගුම් දරුවාගේ හිත තුල ක්‍රියාත්මක වන බැවින් වැඩිහිටි වියේ මානසික සෞඛ්‍යයට මෙය නරක බලපෑම් කළ හැක.

8 - ⏩කිසිම ළමයෙක් ඔයා වගේ නෑ, ඔයා මේවා කරන්න තරම් පොඩි ළමයෙක් නෙමෙයි

වැඩිහිටියන් පවා සමහර විටෙක පුංචි දරුවන් කරන දේවල් කරයි. පුංචි දරුවකු වයසට වඩා අඩු යමක් කරන විට එය කෑගසා දඬුවම් කිරීමට වරදක් නොවන බවත් එය හුදෙක් මනුෂ්‍ය ස්වභාවයක් වන නිසා එවැනි දෑ දරුවන්ගෙන් සිද්ධවෙන බවත් වටහා ගත යුතුය.

බුදුසරණයි🙏

උපුටා ගන්නා ලද්දකි🥰



රශී✍️...

  අම්මලා❤️🥰🫶😘 හැම අම්මාම එක වගේ ලමයින්ට ආදරෙයි❤️
20/03/2025

අම්මලා❤️🥰🫶😘

හැම අම්මාම එක වගේ ලමයින්ට ආදරෙයි❤️

අවුරුදු 1ට වැඩාබබාට බර වැඩිවෙන සුප්🥣❤️⏩බටර් ටිකක් ලිපෙන් තියලා ඒකට🧈⏩ලූනු🧅⏩සුදු ලූනු 🧄දාලා ටිකක් වෙලා තෙම්පරාදු කරගන්න.දැ...
19/03/2025

අවුරුදු 1ට වැඩා
බබාට බර වැඩිවෙන සුප්🥣❤️

⏩බටර් ටිකක් ලිපෙන් තියලා ඒකට🧈

⏩ලූනු🧅

⏩සුදු ලූනු 🧄දාලා ටිකක් වෙලා තෙම්පරාදු කරගන්න.දැන් මේකට

⏩පොඩියට කපපු චිකන් 🍗දාලා තෙම්පරාදු කරගන්න.

සැ.යු-හරක් මස් එකතු කර ගන්න පුලුවන්නන් වඩාත් හොදයි.
(හරක් මස් වලට බර වැඩි වෙනවා ඉක්මනින්.)

⏩අල🥔 ටිකකුත් දාලා තෙම්පරාදු කරගෙන

⏩වතුර

⏩(අවුරුදු 1ට වැඩි)ලුණු

⏩ගම්මිරිස් දාලා තම්බගන්න.කැලි තැම්බිලා වතුර හිදීගෙන එනකොට

⏩උකු පොල් කිරි දාලා උතුරනකොට බබා කන ප්‍රමාණයට සුප් එක හිදෙනකොට ලිපෙන් බාගෙන නිවෙන්න තියලා බ්ලෙන්ඩ් කරගන්න හොදින් උකු ක්‍රීම් එකක් වෙනකම්.

❤️මේ සුප් එකට අවුරුදු එකට වැඩිනම් ෆ්‍රෙශ් මිල්ක් උනත් එකතුකරගන්න පුලුවන් .

❤️චීස් ටිකක් එකතුකරානම් බබා ආසාවෙන් කාවි.

🥰සුප් වර්ග දෙනකොට අනිවාර්යයෙන් බබාට උකුවටම දෙන්න බර වැඩි කරගන්න .
නැත්තම් වතුර හෝ පොල් කිරි දියාරුවට තිබ්බොත් බඩ ඉක්මනින් පිරෙන්නෙ වතුරෙන්.

🥰හදලා බලලා මටත් අදහස් කියන්න😍

🥰ප්‍රධාන වේලකට වගේම අතිරේක වේලකට් දෙන්න පුලුවන් .

පෝශනය රස වැඩි කරගන්න ඔයාලට තව දේවල් එකතු කරගන්න පුලුවන් කැමතිනම්.
උදා-හතු(ආසාත්මික තාව පරීක්ෂා කිරීමෙන් පසු)

බුදුසරණයි🙏



රශී✍️...

අනිවාර්යයෙන්❤️මොකද? දරුවෙකු සිටින අම්මා කෙනෙක් නින්දේදී පවා තමන්ගේ යුතුකම් ඉටු කරයි❤️🥰😘බුදුසරණයි🙏 රශී✍️...
18/03/2025

අනිවාර්යයෙන්❤️
මොකද? දරුවෙකු සිටින අම්මා කෙනෙක් නින්දේදී පවා තමන්ගේ යුතුකම් ඉටු කරයි❤️🥰😘

බුදුසරණයි🙏

රශී✍️...

Address

Polgasowita

Website

Alerts

Be the first to know and let us send you an email when Baby Food Recipe & Baby care posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share