03/08/2026
බුදු පහනේ වතුර විසි වෙනවට මොකද කරන්නේ ? 🤔මන් ඊයේ මේ පහනේ මදුරුවන් බෝ වෙනවට මොකක්ද කරන්නේ අහපු දේට ගොඩක් අය විසදුම් දීලා තිබ්බා ❤️🙏 ස්තූතියි ...
ඉතිං තව කීපදෙනෙක් වතුර විසි වෙන එක ගැන අහලා තිබ්බා..ඇත්ත සමහරවෙලාවට වටේටම වතුර විසි වෙනවා....
මන් නම් කරන්නේ ඔය පලවෙනියට තියන රවුම ඇතුලේ ගලක් තියලා තියනවා වතුර බටේ උඩ.. Switch එක on කරද්දි ටක් ගාලා දුවගෙන ගිහින් ඒ ගල අතින් හිරකරගෙන අල්ලන් ඉන්නවා වතුර පාර slow වෙනකන්🤭 ..
නැත්නම් curtain එකත් ඉවරයි බිමත් ගන්න දෙයක් නැති වෙනවා...මෝටර් එක වැඩ කරන්න ගත්තම ටික වෙලාවකින් හරියනවා..වතුර එක මට්ටමකට තියාගන්න ඕන වැඩි කරගන්නේ නැතිව.. වතුර වැටෙන රවුම් ටිකෙත් වතුර ටික හරි මැදට වැටෙන්න තියාගන්න ඕන ඒකේ බිත්ති වලට වැදෙන්නේ නැතුව..
ඒ කොහොම කරත් වතුර ටිකක් හරි විසිවෙනවා..ඒකයි මං වැඩිය බඩු තියන්නේ නැත්තේ ඒ අහලපහල 🥺 indoor plants නම් හොදට හැදෙනවා සීතලට 🥰
ඉතිං ඔයාලා ලගත් විසදුම් තියනවද ?
✍
My Diary