Kushi with Rona

Kushi with Rona 🇱🇰Sri Lanka❤️🇯🇵 Japan
Long Distance Family Story
Love, travel, food & precious moments with our baby girl 👨‍👩‍👧✨
Welcome to Kushi with Rona 🎥

පුංචි කාලේ නලවපු සෙල්ලම් බෝනික්කිට අද පණ ඇවිත්… 🥹❤️එදා සෙල්ලම් බත උයලා, බෝනික්කිව තුරුල් කරගෙන අම්මා කෙනෙක් වගේ සෙල්ලම් ...
17/08/2026

පුංචි කාලේ නලවපු සෙල්ලම්
බෝනික්කිට අද පණ ඇවිත්… 🥹❤️

එදා සෙල්ලම් බත උයලා,
බෝනික්කිව තුරුල් කරගෙන
අම්මා කෙනෙක් වගේ සෙල්ලම් කළා… 🥹🌸

අද ඒ සෙල්ලමම ආයෙත් කරනවා…
හැබැයි මේ පාර මගේම චූටි බෝනික්කිත් එක්ක. 👶🏻💕

එදා බෝනික්කිට ආදරේ කරපු
පුංචි කෙල්ල…
අද ඇත්තටම අම්මා කෙනෙක් වෙලා. 🤍

ජීවිතේ හරිම ලස්සනයි…
මගේ චූටි බෝනික්කිත් එක්ක මගේ පුංචි කාලෙට ආයෙමත් ගිහින් වගේ. 🥹❤️

Kushi with rona ✍️

ඔයාලගෙ බබත් මේ වගෙද්? #අම්මයිබබයි  #පුංචිමැණික  #බබා  #අම්මා
16/08/2026

ඔයාලගෙ බබත් මේ වගෙද්?
#අම්මයිබබයි #පුංචිමැණික #බබා #අම්මා

15/08/2026

Thank you Dr.Kavindya ❤️
අපේ පුංචි පැටියගේ පුංචි කන් දෙකට කරාබු දාද්දි, රිදෙන්නෙවත් අඬන්නෙවත් නැතිව ඒ තරම් ආදරෙන් පරිස්සමින් කරලා දුන්නට… 🥺🫶🏻

මම නම් කලින් ඉඳන්ම බයෙන් හිටියේ මගේ පැටියට රිදෙයි කියලා… 🥺 ඒත් ඩොක්ටර් කරාබු දාලා ඉවර වෙනකම්ම මගේ මැණික නින්දෙන් හිටියේ . 🥹💗

අම්මා කෙනෙක් විදිහට මගේ හිතේ තිබුණු ලොකුම බය ඒ විදිහටම නැති කරලා, අපේ මැණිකගේ මේ ලස්සන මතකය තවත් ලස්සන කරලා දුන්නට… හදවතින්ම ස්තූතියි ආදරෙයි Doctor. ❤️🥹💎

අපේ පැටියා අද කරාබු දෙකක් දාගෙන ලස්සනට හිනා වෙනවා දැක්කාම, මට නම් ඒ සතුට වචනවලින් කියන්න බැහැ…🤍🥺

#අපේපුංචිමැණික

අම්මා කියන නාමය මට දුන්න මගේ දුවට ගොඩාක් පිං දුවේ. ඔයා නිසා මමත් හොද අම්මා කෙනෙක් ❤️ #අම්මියිදුවයි  #පුංචිමැණික         ...
14/08/2026

අම්මා කියන නාමය මට දුන්න මගේ දුවට ගොඩාක් පිං දුවේ.
ඔයා නිසා මමත් හොද අම්මා කෙනෙක් ❤️

#අම්මියිදුවයි #පුංචිමැණික

“දුවෙක් කියන්නේ අම්මට ලෝකයක්… 🌸💗”
14/08/2026

“දුවෙක් කියන්නේ අම්මට ලෝකයක්… 🌸💗”

13/08/2026

ඔයා දොයියගත්තම අම්මිට හරිම පාළුයි මගේ මැණික… 🥹🤍
ඒ පුංචි මූණ නැතුව අම්මිගේ හිතත් හිස් වගේ… 🥺🫶🏻

12/08/2026

🌧️🤍 මොර සූරන වැස්ස දිහා අම්මි දූ දෙන්නාම බලන් හිටියා… 🥹🫶🏻

වැස්ස වැටෙන සද්දෙ අහගෙන, පුංචි ඇස් දෙකෙන් වැස්ස දිහා බලන් ඉන්න මගේ මැණික දිහා බලද්දි… අම්මිට හිතෙන්නේ, ජීවිතේ ලස්සනම දේවල් හරිම පුංචි මොහොතවල්වල හැංගිලා තියෙනවා කියලා… 🥺🤍

අද මේ විදිහට අම්මි ළඟට වෙලා වැස්ස බලන මගේ දූ, හෙට දවසක ලොකු වෙලා මේ මොහොතවල් අමතක කරයි… ඒත් අම්මිට නම් ඔයා එක්ක ගෙවුණු මේ පුංචි මොහොතක්වත් කවදාවත් අමතක වෙන්නේ නෑ… 🌧️🥹

මගේ පුංචි මැණික… ඔයා නිසා සාමාන්‍ය දවස් පවා අම්මිගේ හිතේ ලස්සනම මතක වෙනවා. 🤍👩‍👧

11/08/2026

සීයාගේ හදවතේ ලොකුම තැන හිමි පුංචි මැණික… 🥹🤍
සීයාගේ ලෝකෙම ආදරය වෙලා ඉන්න පුංචි සුරංගනාවි. 👶🏻🌸

👶💕 බබාගේ චාලක වර්ධනයේ ලස්සන මංසලකුණුබබාගේ පුංචි පුංචි චලනයන් එක්කම එයාගේ වර්ධනයත් දිනෙන් දින ඉදිරියට යනවා. 🥹💗 හිස ඔසවන ප...
10/08/2026

👶💕 බබාගේ චාලක වර්ධනයේ ලස්සන මංසලකුණු

බබාගේ පුංචි පුංචි චලනයන් එක්කම එයාගේ වර්ධනයත් දිනෙන් දින ඉදිරියට යනවා. 🥹💗 හිස ඔසවන පුංචි උත්සාහයේ සිට පළමු පියවර දක්වා හැම මොහොතක්ම අම්මාට තාත්තාට හරිම වටිනා මතකයක්. 👣✨

🌸 මාස 1ක් පමණ
➡️ හිස සහ බෙල්ල පාලනය කරගැනීමට ක්‍රමයෙන් උත්සාහ කරයි.

🌸 මාස 2ක් පමණ
➡️ Tummy time අතරතුර හිස මඳක් ඔසවන්නට පටන් ගනී.

🌸 මාස 3ක් පමණ
➡️ හිස වඩා හොඳින් ඔසවා තබාගැනීමට හැකියාව වර්ධනය වේ.

🌸 මාස 4–6
➡️ පෙරළීමට උත්සාහ කරයි.
➡️ අත් පා වඩාත් ක්‍රියාශීලීව භාවිතා කරයි.

🌸 මාස 6–8
➡️ ආධාරයෙන් හෝ තනිව වාඩිවීමට හැකියාව වර්ධනය වේ.
➡️ ඉදිරියට ගමන් කිරීමට හෝ බඩගාන්නට උත්සාහ කරයි.

🌸 මාස 8–10
➡️ බඩගාමින් හෝ වෙනත් ආකාරයකින් ගමන් කිරීමට පටන් ගත හැකියි.
➡️ ගෘහ භාණ්ඩ අල්ලාගෙන නැගී සිටීමට උත්සාහ කරයි.

🌸 මාස 9–12
➡️ ආධාර අල්ලාගෙන සිටීමටත්, පැත්තෙන් පැත්තට ගමන් කිරීමටත් උත්සාහ කරයි.

🌸 මාස 12–15
➡️ තනිව සිටීමටත්, පුංචි පියවර කිහිපයක් තැබීමටත් පටන් ගත හැකියි. 👣🥰

🌸 මාස 15–18
➡️ ඇවිදීම ක්‍රමයෙන් ස්ථාවර වෙමින්, වැඩි විශ්වාසයකින් ගමන් කිරීමට පටන් ගනී. 💕👣

💡 අම්මේ, මේක මතක තියාගන්න!

හැම බබෙක්ම එකම වේගයකින් වර්ධනය වෙන්නේ නැහැ. 🫶❤️
කෙනෙක් කලින් පෙරළෙන්න පුළුවන්, තවත් කෙනෙක් කලින් වාඩි වෙන්න හෝ ඇවිදින්න පුළුවන්.

ඒ නිසා ඔබේ පුංචි පැටියාව වෙනත් බබාලා සමඟ සංසන්දනය කරන්න එපා. 🌷
බබා තමන්ගේම වේගයෙන් අලුත් හැකියාවන් ඉගෙන ගනිමින් ඉදිරියට යනවා. 🥰

යම් වර්ධන මංසලකුණක් ගැන ඔබට සැලකිල්ලක් තිබේ නම්, ඔබේ ළමා වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්. 👩‍⚕️👨‍⚕️

🌷 පුංචි පැටවුන්ගේ වර්ධනය ගැන අම්මලාට ආදරයෙන් දැනුවත් වෙන්න. 👶💗

08/08/2026

සැපට දොයි මගේ පුංචි පැටියා... 😴🤍

දවසේ ලස්සනම මොහොත තමයි මේ පුංචි නින්ද බලන එක... 🥹

Address

Panama Road
Pottuville
32508

Website

Alerts

Be the first to know and let us send you an email when Kushi with Rona posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share