06/05/2025
පින් පව් ගැන කතා කරන ලෝකෙක , හැම තැනම වෙන ලොකුම පව මොකක්ද දන්නවද ..
බිඳුනු මිනිස්සුන්ව යළිත් බිඳලා දැමීම !
කෙනෙක් අමාරුවෙන් දරුණු කුණාටුවක් පහු කරගෙන හෙමින් හෙමීට නැගිටලා හිනාවෙන්න උත්සාහ කරන කාලයක එයාව ආයෙත් සැරයක් වට්ටන එක තරම් තවත් පවක් කොහේ ද ..
ශරීරයට සිද්ධවෙන තුවාලයකට බෙහෙත් තිබ්බත්
දරුණුම තුවාල සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ හිත් වලට ...
ඒ දැනෙන පීඩනය ඒ දැනෙන කඩාවැටීම් එක දිගට දරා ගන්න තරම් සමහර මිනිස්සු හයිය නැහැ !
ඉතින් මිනිස්සුන්ට බලාපොරොත්තු දෙන්න එපා..
හැමදාමත් ඉන්නවා කියලා තුන් හිතකවත් අදහසක් නැත්නම් විහිළුවටවත් සදාකාලිකයි කියන වචනේ පාවිච්චි කරන්න එපා !
ආදරෙයි කියලා අංශු මාත්රයක හැඟීමක් නැතුව විහිලුවටවත් ආදරේ කියන්න එපා..
බිඳුනු මිනිස්සු ආදරයට ලෝබයි...
බිඳුනු මිනිස්සු ආදරය පිරුණු වචන වලට හරි ආසයි...
බිඳුනු මිනිස්සු එයාලට කෙනෙක් කාලය දෙනකොට බොහෝම ඉක්මනට ඒ කෙනාට ළං වෙනවා.....
එහෙම ආස ලෝභ වෙන්නට ඒ මිනිස්සුන්ට සෑහෙන සාධාරණ හේතු තියෙනවා...
ඉතින් එවැනි බිඳුනු මනුස්සයෙක් එක්ක හැම තැනම කරන එකම සෙල්ලම කරන්න එපා !
ශරීරය ලෙඩ වුණාම බෙහෙත් බොනවා වගේ , හිත් ලෙඩ වුනාම බෙහෙත් බොන්න හැමෝටම බැහැ !
හිත් තුවාල වුනාම එහෙම ඉක්මනට සනීප වෙන්නෙ නැහැ !
ඉතින් පරිස්සමෙන් ! මොහොතකට හරි මනුස්සයෙක් විදිහට හිතල බලන්න ඔයා ඔය කරන දේ හරිද කියලා ❤️
( ඔයා මිනිස්සු නිසා සීමිතව දුක් වින්ද කෙනෙක් නම්, දැන් ඇති ඕනෑවටත් වඩා මිනිස්සු විශ්වාස කරා.. දැන් ලෑස්ති වෙන්න ඔයා ඔයාට හිතාගන්න බැරි තරම් ආදරේ කරන්න...)
-Gumiho's Diary-