De Luna Publishers

De Luna Publishers Established in 2020, our publishing house is driven by a commitment to quality, creativity, and excellence in every book we produce.

May the light of Vesak illuminate your path with wisdom, compassion, and inner peace. May this sacred day bring happines...
30/05/2026

May the light of Vesak illuminate your path with wisdom, compassion, and inner peace. May this sacred day bring happiness, harmony, and countless blessings to you and your loved ones.
Wishing everyone a peaceful and blessed Vesak Day.

හිමරු කියන්නෙ භෞතික ලෝකයෙන් එහා ගිය ශක්තීන් ග්‍රහණය කරගන්න පුළුවන් අපූරු හැකියාවක් තියන පිරිමි ළමයෙක්. එයා එයාගෙ හොඳම යා...
23/05/2026

හිමරු කියන්නෙ භෞතික ලෝකයෙන් එහා ගිය ශක්තීන් ග්‍රහණය කරගන්න පුළුවන් අපූරු හැකියාවක් තියන පිරිමි ළමයෙක්. එයා එයාගෙ හොඳම යාළුවා නවීනුයි, නවීන්ගෙ ඥාති සහෝදරයෙක් වගේම විද්‍යා ගුරුවරයෙක් වෙන ප්‍රවීනුයි එක්ක නිවාඩුව ගත කරන්න යන්නෙ සීතල පරිසරයක් තියෙන ඔහියට.

ඒ මීදුමෙන් වැහුණු පරිසරයේ ඉන්නවා නවීන්ගේ මාමා කෙනෙක් වෙන තරුණ දුම්රිය ස්ථනාධිපතිවරයෙක්. මෙයාලා නවතින්නෙ හිරාන්ගෙ දුම්රිය ස්ථානාධිපති නිල නිවාසයෙ.
හැබැයි මේ නිල නිවාසෙ හොල්මන් ඉන්නවා කියල ප්‍රසිද්ධයි. ඒ විතරක් නෙමෙයි දුම්රිය ස්ථානයෙත් සුදු ඇඳගත්තු ගෑනු කෙනෙක් හොල්මන් කරනවා.

ඒ විතරක් නෙමෙයි තවත් අබිරහසක් වෙන්නෙ, අත්භූත සුදු පිරිමි ළමයෙකුත් සැරින් සැරේ හිමරුට කතා කරලා උදව් ඉල්ලන එක.

යකාගෙ පඩිපෙලේ තියන ඉඳුදුනු දොරටුවෙන් ආව එයා ඇත්තටම හොල්මනක්ද?

කාලයක් අතෑරලා දාපු උඩවේරිය තේ කර්මාන්ශාලාවයි, මැනේජර්ගෙ බංගලාවයි මෙතනට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

ස්ටේෂන් එකේ සුදු ඇඳගෙන හොල්මන් කරන ගෑනු කෙනාගෙ කතාව මොකක්ද?

මේ පැටලුණු අබිරහස හිමරු ඇතුළු කණ්ඩායම කොහොම විසඳාවිද?

ඉඳුදුනු දොරටුව

2024 ජාතික යෞවන සම්මානය දිනූ හොඳම නවකතාව

මෙම කෘතීන් අප වෙතින් ඇණවුම් කළ හැක.
18/05/2026

මෙම කෘතීන් අප වෙතින් ඇණවුම් කළ හැක.

ඊළඟ විනඩියෙ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්නවත් බැරි අත්භූත කතා කියවන්න කැමතිද?සීගිරි සිතුවම් වලට පණ දෙන කාශ්‍යප රජතුමාගේ වර...
22/04/2026

ඊළඟ විනඩියෙ වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්නවත් බැරි අත්භූත කතා කියවන්න කැමතිද?

සීගිරි සිතුවම් වලට පණ දෙන කාශ්‍යප රජතුමාගේ වර්තමාන පුනරාගමනය...
"කුවේර"

What if the next moment isn’t just unknown… but waiting?

King Kashyapa returns. The Sigiriya walls are no longer silent...

“Kuwera”

Happy Sinhala & Tamil New Year !
14/04/2026

Happy Sinhala & Tamil New Year !

අයෝධ්‍යා සොනාලි විසින් රචිත පහත සඳහන් කෘතීන් ඔබට අප වෙතින් ලබාගත හැක. ඉඳුදුනු දොරටුව  ( අප්‍රේල් 5 නිකුත් වේ.)පිටු සංඛ්‍...
27/03/2026

අයෝධ්‍යා සොනාලි විසින් රචිත පහත සඳහන් කෘතීන් ඔබට අප වෙතින් ලබාගත හැක.

ඉඳුදුනු දොරටුව ( අප්‍රේල් 5 නිකුත් වේ.)
පිටු සංඛ්‍යාව - 136
වට්ටම - 20%
වට්ටම සමඟ මිල - රු. 520.00

කුවේර
පිටු සංඛ්‍යාව - 176
වට්ටම - 20%
වට්ටම සමඟ මිල - රු. 780.00

කාලයාගේ කැඩපත
පිටු සංඛ්‍යාව - 228
මිල - රු. 600.00

කිඹුල් සිහිනය
පිටු සංඛ්‍යාව - 84
වට්ටම - 20%
වට්ටම සමඟ මිල - 360.00

බකුසු සොහොන
පිටු සංඛ්‍යාව - 120
වට්ටම - 20%
වට්ටම සමඟ මිල - රු. 600.00

ගිරිලෙනක අදිසි ව
පිටු සංඛ්‍යාව - 115
මිල - රු. 250.00

අපේ ෆේස්බුක් පිටුවෙන් හෝ 075 264 4380 අංකයෙන් Whatsapp මඟින් සම්බන්ධ වන්න.
පොත් අවශ්‍ය පරිදි තැපැල් හෝ කුරියර් මඟින් නිවසටම ගෙන්වා ගත හැක. COD පහසුකම සහිතයි.

එහි ලිපි ලේඛන රැසක් දිරායමින් පැවති අතර සියල්ලේම පාහේ අකුරු මැකී ගොස් තිබිණි.“වැඩක් නෑ වගේ තමයි...”මා පවසන විටම වැස්සත් ...
23/03/2026

එහි ලිපි ලේඛන රැසක් දිරායමින් පැවති අතර සියල්ලේම පාහේ අකුරු මැකී ගොස් තිබිණි.
“වැඩක් නෑ වගේ තමයි...”

මා පවසන විටම වැස්සත් සමඟ දැඩි සුළඟක් හමන්නට විය.

“අපොයි සුළි සුළඟක්ද මන්දා... අපි ඉක්මනින්ම පහළට යමු නේද?” නවීන් සිටියේ බියපත්වය.

එක්වරම සුළඟට ගසා ආ කඩදාසියක් මගේ මුහුණ මත පතිත විය. මම වහා එය ඉවත් කර දැමුවෙමි. නමුත් බිමට වැටුණ කඩදාසියේ මා දුටුවේ පැහැදිලි ඉංග්‍රීසි අකුරු වලින් ලියැවුණු වාක්‍ය කිහිපයකි. වහා එය අහුලා ගත් මා දෙකට නමා සාක්කුවේ රුවා ගතිමි. නවීන් එය දුටුවේ නැත.

ඉන් අනතුරුව එම සුළඟ පහව ගියේය.

“බය වෙන්න එපා නවීන්... අපි පරිස්සමෙන් පහළට යමු... මේ ඩොකියුමන්ට්වල ගන්න දෙයක් නෑ...” මා පැවසුවේ සාක්කුවේ දමා ගත් කඩදාසිය පිළිබඳව ඔහුට නොපවසමිනි.

“අපරාදෙ උඩට ආවෙ... අපි දෙන්නා තෙත බරියන් වෙලා...”

අප දෙදෙනා පෙරටත් වඩා සීරුවෙන් පඩි පෙළවල් තුනම පසුකර පහත මාලයට පැමිණියෙමු.

“පරක්කු ඇයි බලන්න කෝල් එකක් දෙන්නයි මේ හැදුවෙ... අයියෝ මේ දෙන්නා තෙමිච්ච කුකුළො දෙන්නෙක් වගෙ...”

ප්‍රවීන් අයියා පැවසුවේ කලබලයෙනි.
“අපි උඩටම ගියා පඩිපෙළේ... හරිම සීරුවට තමයි ගියෙ... හැබැයි ඉතින් අපි හොයාගත්තු දෙයක් නෑ... සේරම ඩොකියුමන්ට් විනාස වෙලා...”
නවීන් කීය.

“හැබැයි මෙන්න මේක ඇරෙන්න...”
මම සාක්කුවේ දමාගත් කඩදාසිය පිටතට ගනිමින් කීවෙමි.

“මේ මොකද්ද? කොහෙන්ද මේ?”
අර සුළි සුළඟක් වගේ ආව වෙලේ තමයි මේක ඇවිත් මගෙ මූණෙ වැදුණෙ...”

“මොකක්? කිසිම තද හුළඟක් ආවෙ නෑනෙ... වැස්ස විතරයි...”

- ඉඳුදුනු දොරටුව - අයෝධ්‍යා සොනාලි -

මෙන්න මේ වගේ කෙනෙක් ඇවිත් බායි කියලා අත වනලා අතුරුදන් වුණොත් ... ??? 👻 👻 👻
02/03/2026

මෙන්න මේ වගේ කෙනෙක් ඇවිත් බායි කියලා අත වනලා අතුරුදන් වුණොත් ... ??? 👻 👻 👻

අලුත් පොත ගැන ඉඟි අංක - 2මොනවද මේ චක්‍ර හත?මිනිස් සිරුර කියලා කියන්නෙ පටක සහ අවයවවල එකතුවක් විතරක් නෙමෙයි. ගොඩක් සංකීර්ණ...
28/02/2026

අලුත් පොත ගැන ඉඟි අංක - 2

මොනවද මේ චක්‍ර හත?

මිනිස් සිරුර කියලා කියන්නෙ පටක සහ අවයවවල එකතුවක් විතරක් නෙමෙයි. ගොඩක් සංකීර්ණ ශක්ති ජාලයක් තියෙන පද්ධතියක්. පුරාණ ඉගැන්වීම් වලට අනුව ශක්ති ශරීරයක "ශක්ති සුළි" (Energy Vortexes) කියලා ප්‍රධාන මධ්‍යස්ථාන තියෙනවා. මේවා තමයි 'චක්‍ර' කියලා හඳුන්වන්නෙ. මේවා තමයි අපේ ජීව බලය නැතිනම් ශක්තිය ගලා යාමේ ප්‍රධාන මර්මස්ථාන ලෙස ක්‍රියා කරන්නෙ. අද කාලෙ මානසික සහ කායික සුවය පවත්වගෙන යන්න නම් මේ ශක්ති කේන්ද්‍රයන් තුලනය කරන්න එක අත්‍යවශ්‍ය වෙනවා.

සමස්තයක් විදියට අපේ සිරුරේ චක්‍ර 114 ක් තියෙනවා කියලා කියනවා. මේ අතරින් ප්‍රධාන චක්‍ර හත Master Hubs එහෙම නැත්තම් පාලන මධ්‍යස්ථාන විදියට ක්‍රියා කරනවා. ඒ එක්ක සම්බන්ධ ද්විතීයික චක්‍ර 21 ක් සහ තෘතියික චක්‍ර 86 ක් ශක්ති නාලිකා මගින් එකිනෙකට සම්බන්ධයි.

මේ සමස්ත ශක්ති පද්ධතියම තියෙන්නෙ අපේ කොඳු ඇට පෙළ දිගේ සිරස් අතට පෙළගැස්විලා.

කොඳු ඇට පෙළේ පහළ කෙළවරින් පටන් ගන්න චක්‍ර පද්ධතිය අපේ හිස් මුදුන දක්වා විහිදෙනවා. මේක භෞතික පිහිටීමක් විතරක් නෙමෙයි. චක්‍ර හත ආධ්‍යාත්මික වර්ධනට මඟ පෙන්වනවා.

මේ තියෙන්නෙ ප්‍රධාන චක්‍ර හතේ අනුපිළිවෙල සහ ඒවායේ මූලික ගුණාංග.

01. මූලාධාර චක්‍රය (Muladhara):
පිහිටීම: කොඳු ඇට පෙළේ පහළ කෙළවර (Root).
වර්ණය: රතු.

02. ස්වාධිෂ්ඨාන චක්‍රය (Svadhisthana):
පිහිටීම: උදරයේ පහළ ප්‍රදේශය (Sacral).
වර්ණය: තැඹිලි.

03. මනිපුර චක්‍රය (Manipura):
පිහිටීම: සූර්ය ස්නායු මණ්ඩලය හෙවත් ආමාශය ආශ්‍රිත ප්‍රදේශය (Solar Plexus).
වර්ණය: කහ.

04. අනාහත චක්‍රය (Anahata):
පිහිටීම: හදවත ආශ්‍රිත ප්‍රදේශය (Heart).
වර්ණය: කොළ

05. විශුද්ධි චක්‍රය (Vishuddha):
පිහිටීම: උගුර ආශ්‍රිත ප්‍රදේශය (Throat).
වර්ණය: නිල්.

06. ආඥා චක්‍රය (Ajna):
පිහිටීම: නළල මැද හෙවත් තෙවැනි ඇස (Third Eye).
වර්ණය: ඉන්ඩිගෝ.

07. සහස්‍රාර චක්‍රය (Sahasrara):
පිහිටීම: හිස් මුදුන (Crown).
වර්ණය: දම්.

දෙයක් පේනවද? මේ අනුපිළිවෙල දෘශ්‍ය ආලෝක වර්ණාවලියේ (Visible Light Spectrum) විද්‍යාත්මක රටාව. එහෙම නැත්තම් දේදුන්නෙ වර්ණ හතේ පිළිවෙළ.

මේකෙන් පැහැදිලි වෙනවා ඝන භෞතික ශක්තියේ (රතු) ඉඳලා වඩාත් සියුම් ආධ්‍යාත්මික ශක්තිය (දම්) වෙනකම් මිනිසාගේ ශක්තිමය පරිණාමය.
මේ පාටවල් ඇහැට අලංකාරයක් ගෙනල්ලා දෙනවට වඩා ඒවා එක් එක් චක්‍රයට අදාළ ක්‍රියාකාරී කම්පන වේගයන් (Functional Vibrations) නිරූපණය කරනවා.

මේ පාටවල් වලින් කියවෙන තේරුමක් තියෙනවා. ඒ වගේම ජීවිතයට දක්වන බලපෑම
මානසික සහ කායික තත්ත්වයන් සමඟ සෘජුව බැඳිලා තියෙනවා. මේ ශක්ති ප්‍රවාහයේ ගුණාත්මකභාවය මත තමයි කෙනෙක් ලෝකය දකින ආකාරය වගේම අත්දකින ආකාරයත් තීරණය වෙන්නෙ.

ඒ වගේම, අපේ පුද්ගලික ශක්ති ක්ෂේත්‍රය හුදෙකලා නැහැ. මේ චක්‍ර හරහා අපි අවට පරිසරය, සොබාදහම, සතුන් සහ අනෙකුත් මිනිසුන්ගේ ශක්තීන් හා කම්පන සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා.

චක්‍ර හතේ මූලික කරුණු මෙහෙමයි.

මූලාධාර (Root): මේක තමා අපේ පැවැත්මේ පදනම.
දුර්වල නම් - අපි බය, ඒ වගේම අනාරක්ෂිත බවින් පීඩා විඳිනවා.
ශක්තිමත් නම් - ස්ථාවර භාවයක් සහ ආත්ම විශ්වාසය දැනෙනවා.

ස්වාධිෂ්ඨාන (Sacral): නිර්මාණශීලිත්වය සහ හැඟීම් පාලනය කරන්නෙ මේ චක්‍රය.
දුර්වල නම් - චිත්තවේග අස්ථාවර වෙනවා.
ශක්තිමත් නම් - සතුට සහ නිර්මාණාත්මක ශක්තිය ගලා එනවා.

මනිපුර (Solar Plexus): පුද්ගලික බලය සහ අභිප්‍රේරණය පාලනය කරන චක්‍රය.
දුර්වල නම් - අසරණ බවක් අත්විඳින්න වෙනවා
ශක්තිමත් නම් - දැඩි ආත්ම ශක්තියක් ඇති වෙනවා.
අනාහත (Heart): ආදරය සහ සහකම්පනය පාලනය කරන චක්‍රය.
දුර්වල නම් හුදෙකලා වෙනවා.
ශක්තිමත් නම් - අසීමිත කරුණාව සහ විවෘතභාවය ලැබෙනවා.

විශුද්ධි (Throat): සන්නිවේදනය සහ සත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධ චක්‍රය.
දුර්වල නම් - අදහස් ප්‍රකාශ කිරීමට අපහසු වෙනවා.
ශක්තිමත් නම් - පැහැදිලි සහ අවංක සන්නිවේදනයක් ඇතිවෙනවා.

ආඥා (Third Eye): ප්‍රඥාව සහ ප්‍රතිභානය සම්බන්ධ චක්‍රය (Intuition).
දුර්වල නම් - ව්‍යාකූල බවක් දැනෙනවා.
ශක්තිමත් නම් - පැහැදිලි දැක්මක් සහ අභ්‍යන්තර ඥානයක් ලැබෙනවා.

සහස්‍රාර (Crown): උත්තරීතර ආධ්‍යාත්මික සම්බන්ධතාවයේ චක්‍රය.
ශක්තිමත් නම් - මුළු විශ්වය සමඟම ඇති ඒකීයභාවය අවබෝධ වෙනවා.

චක්‍රවල ඇති ගුණාංග, සංකේත සහ වර්ණ ගැන අවබෝධ කර ගැනීම තමයි ශක්ති පෙළගැස්ම සහ සුවපත් කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර. අපේ ජීවිතේ අසමතුලිත තැන් අඳුරගන්න නම් මේ ශක්තීන් වල අර්ථය වටහාගන්න ඕනෙ.

චක්‍ර සුවපත් කිරීමේ මූලික ක්‍රමවේදය තමයි එක් එක් චක්‍රයට අදාළ කම්පනය (Vibration) සමඟ වැඩ කිරීම. අදාළ චක්‍රයේ වර්ණයට අවධානය යොමු කරලා මෙනෙහි කිරීම (Visualization) මගින් අවහිර වූ ශක්ති මාවත් විවෘත කර ගන්න පුළුවන්. උදාහරණයක් විදියට, යම් චක්‍රයක් අඩපණ වෙලා කියලා දැනෙනවා නම්, ඒ චක්‍රයේ වර්ණය ඒ වගේම ගුණය ගැන මනස ඒකාග්‍ර කිරීමෙන් එම ශක්ති කේන්ද්‍රය නැවත සක්‍රීය කරන්න පුළුවන්. ඒ වගේම, ශරීරයේ ශක්ති ප්‍රවාහය ක්‍රමවත් කරන්නත් ඒ මගින් හැකියාව ලැබෙනවා.

මේ චක්‍ර හත ගැන තවත් විස්තර පසුවට අරන් එන්නම්.

Address

Ragama
11010

Alerts

Be the first to know and let us send you an email when De Luna Publishers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to De Luna Publishers:

Shortcuts

Share

Category