19/03/2026
"එයාර් බස් (Airbus)" ගනුදෙනුව මහ කජ්ජක්ද.?
🧐
✈️ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී (CEO) කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ බව පැවසෙන එයාර් බස් (Airbus) ගනුදෙනුව ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාවක් ලෙස සැලකෙනවා.
✈️ එම ගනුදෙනුව සිදුව ඇත්තේ 2013 වසරේදී.
✈️ මෙම දූෂණය එයාර් බස් සමාගමෙන් ගුවන් යානා 10ක් මිලදී ගැනීමක් ගැනයි.
✈️ ගුවන් යානා පිලිබඳ විස්තරය A330-300 හයක් සහ A350-900 හතරක්.
✈️ බ්‍රිතාන්‍යයේ බරපතල වංචා විමර්ශන කාර්යාලය (SFO) අනාවරණය කළ පරිදි, එයාර් බස් සමාගම විසින් ඇමරිකානු ඩොලර් මිලියන 16.84 ක අල්ලසක් ලබා දීමට පොරොන්දු වී ඇත.
✈️ ප්‍රතමයෙන් බෘෘනායි රාජ්‍යයේ පිහිටුවා තිබූ 'Biz Solutions' නැමති ව්‍යාජ සමාගමක සිංගප්පූරු ගිණුමකට ඩොලර් මිලියන 2ක මුදලක් මුලින්ම බැර කර තිබෙනවා.
✈️ මෙම මුදල් සිංගප්පූරු ගිණුමේ සිට ඕස්ට්‍රේලියාවේ 'Commonwealth Bank' ගිණුමට මාරු කර ඇති බව අනාවරණය වී තිබේ.
✈️ බ්‍රිතාන්‍ය බරපතල වංචා විමර්ශන කාර්යාලය (SFO): එයාර් බස් (Airbus) සමාගම ලොව පුරා සිදුකළ දූෂණ සම්බන්ධයෙන් 2020 වසරේදී නිකුත් කළ නිල වාර්තාව (අංක: U20200131001) තුළ මේ ගැන තොරතුරු රැසක් ඇතුලත් බව වාර්තා වනවා.
✈️ මෙහි ශ්‍රී ලංකාවට අදාළව "Indictment 2" යටතේ මැදිහත්වූ පිරිසගේ මැදිහත්වීම සඳහන් කර තිබෙනවා.
✈️ එහි සම්පූර්ණ තීන්දුව සහ කරුණු ඇතුළත් ලේඛනය (Statement of Facts) අවශ්‍යනම් sfo.gov.uk ඔස්සේ මාර්ගගතව ලබාගත හැක.
✈️ සෙවිය යුතු නම: "SFO enters into Deferred Prosecution Agreement with Airbus"
Paragraph 78 සිට 84 දක්වා ශ්‍රී ලංකාවට අදාළව "Srilankan Airlines" සහ "Biz Solutions" හරහා මුදල් ගිය ආකාරය විස්තරාත්මකව දක්වා ඇත.
👊 මේ ගැන තව තොරතුරු තිබේද...?
2026.03.18
✏️ sajith ranasinghe
#එයාර්බස්_වංචාව
#ශ්‍රීලංකන්_ගුවන්_සේවය
#කපිල_චන්ද්‍රසේන