03/06/2026
"බුදුන් වහන්සේ අයිති කාටද?" පූජා කලීතා විසින් රචිත, අනෝලි පෙරේරාගේ වර්ණවත් සිතුවම් සහිත ඉංග්‍රීසි, සිංහල, නේපාල සහ හින්දි යන භාෂාවලින් යුත් නවතම ළමා සාහිත්‍ය කෘතිය දොරට වැඩීම සහ සංවාදශීලී සාකච්ඡාව සඳහා ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
දිනය: 2026 ජූනි 12, සිකුරාදා
වේලාව: පස්වරු 4:00 සිට
ස්ථානය: ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය, අංක 14, නිදහස් මාවත, කොළඹ 07
දේශක මඬුල්ල
පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි
මහාචාර්ය ජගත් වීරසිංහ
ආචාර්ය සසංක පෙරේරා
ආචාර්ය පූජා කලීතා
ආචාර්ය මධුභාෂිණී දිසානායක රත්නායක