Youth Media Team

Youth Media Team Youth for Peasant Rights

31/12/2024

"සොයා දියව්‌..
සොයා දියව්‌ මට සරණක්‌
මා අත ගන්නට..
පෙරුම්‌ පිරූ යෞවනයන්‌

දකුණේ දී.. උතුරේ දී
මරා දැමුයේ..
තෙපි නොවේද පව්කාරයිනි..

නීල වරල මතුවන නර කෙස්‌ ගනිමී..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..

නීල වරල මතුවන නර කෙස්‌ ගනිමී..
බාල සුවඳ ආලේපන ගෙන උලමි..
දෙතන එරෙන කිරී.. දොවා ඉවතලමි
දෙතන එරෙන කිරී.. දොවා ඉවතලමි
තෙපිටයි ඒ ශාපේ.. පව්කාරයිනි..

සොයා දියව්‌..
සොයා දියව්‌ මට සරණක්‌
මා අත ගන්නට..
පෙරුම්‌ පිරූ යෞවනයන්‌

தெற்கினிலே வடக்கினிலே
கொன்றீறே
நீர் எல்லாரும் படுபாவிகளே

මැලවි නෙතූ මහනෙල්‌ නා දලු දෙතොලේ..
ගිලිහෙයි පෙති සියපත වන්‌ වත මඬලලේ..

මැලවි නෙතු මහනෙල්‌ නා දලු දෙතොලේ..
ගිලිහෙයි පෙති සියපත වන්‌ වත මඬලලේ..
நெஞ்சில் எழும் தீயை கண்ணீரில் தாங்குகிறேன்
හදෙහි නැගෙන ගිනි.. කඳුලින්‌ ඉවසමි
තෙපිටයි ඒ ශාපේ.. පව්කාරයිනි..

සොයා දියව්‌..
සොයා දියව්‌ මට සරණක්‌
මා අත ගන්නට..
පෙරුම්‌ පිරූ යෞවනයන්‌

දකුණේ දී.. උතුරේ දී
මරා දැමුයේ..
තෙපි නොවේද පව්කාරයිනි..

පව්කාරයිනි...."

Pradeepa Dharmadasa's Song
Performed by


30/11/2024
07/09/2024

අපි ඔබ පෙන්නා දුන් දුෂ්කර මාවතේ ගමන් කරමින් සිටින්නෙමු

යම් පුද්ගලයෙකුට, කණ්ඩායමකට, හෝ පුළුල් සමාජ පංතියකට ගමන් කිරීමට දුෂ්කර නමුත් පියමං කළ යුතු නිවැරදි මාර්ගය පෙන්වා දුන් සරත් ප්‍රනාන්දු නම් අපූර්ව මිනිසා අප අතරින් වෙන් වී අදට දසවසරක් සපිරෙයි.

ඒ දුෂ්කර මාවත ඔස්සේ අපට ගමන් කිරීමට සිදු ව ඇත්තේ මහ පොළොව සමග තම ජීවිතය වෙනස් කර ගැනීමට පොර බදන මිනිස් සමූහයක් සමගිනි.

දශක ගණනක් පුරා අසාර්ථක වූ ආර්ථීක දේශපාලන වැඩපිළිවෙළක සිරකරුවන් බවට පත් කොට ඇති ලාංකේය ගොවියාට තමන්ගේ ම වූ න්‍යායක් හා වැඩපිළිවෙළක් ඔස්සේ ඊට මුහුණ දීම හැර වෙනත් මාර්ගයක් නොමැති බව පෙන්නා දුන්නේ සරත් ප්‍රනාන්දු ය.

බහුජාතික සමාගම්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙන් ම දූෂිත ව්‍යාපාරික කණ්ඩායම් රාජ්‍ය අනුග්‍රහය සහිත ව ජනතාව ගේ ජීවිතය සොරා ගනිමින් සිටින බවත්, නැවත ඔවුන් ගේ ජීවිත අත්පත් කර ගැනීමට විකල්ප ජීවන දැක්මක් කඩිනමින් ජනතාව අතරට ගෙන යාම අප ගේ අනවරත කාර්යභාරය විය යුතු බවත් ඔහු කියා සිටියේ ය.

ඒ නිසා ම විවිධ අවස්ථාවන් හි දී පියවරක් ඉදිරියට යන අතර පියවර දෙකක් ආපසු ගැනීමට අපට සිදු වූ වාර අනන්ත ය. නමුත් ඊළග මෙහොතේ අප තබන්නට යන සෑම පියවරක් ම ශක්තිමත් එකක් බවට පත් කර ගැනීමට ඔහු ගේ දර්ශනය අප දැඩි පිටිවහලක් විය.

2022 වසරේ රටේ ඇති වූ නව සමාජ පිබිදීම තුළින් ජනතාව ගේ බලය සම්බන්ධයෙන් නව සමාජ සම්මුතියක් නිර්මාණය කිරීමට බොහෝ දුරට ඉඩකඩ විවරව ඇත. ඒ තුළ ශක්තිමත් ගැමි ගොවි ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට අපි දැන් පියවර තබමින් සිටින්නෙමු.

ඒ වෙනුවෙන් මහන්සි වී වැඩ කිරීමටත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කොට ඇති ආර්ථීක දේශපාලන වැඩපිළිවෙළ පරාජය කිරීම සදහා පුළුල් ම එකතුවකට සහයෝගිතාව ලබා දීමත් අප කළ යුතු ය. ඒ වෙනුවෙන් කටයුතු කිරීමේ දී ග්‍රාමීය ආර්ථීක වැඩපිළිවෙලක් තුළ සුළු ගොවියා මෙන් ම පහළ මාලයේ ජීවත් වන බහුතර ජනතාව ආරක්ෂා කර ගැනීමේ සටනට අපි ක්‍රියාකාරී ව මැදිහත් වන්නෙමු.

ඉදිරි වසර කිහිපය අප තෝරා ගත් මාර්ගයේ ගමන් කරන තීරණාත්මක කාල වකවානුවක් වනු ඇත. සියලු‍ දෙනා එක් ව දරන උත්සාහයකින් ඉතා කෙටි කාලයක් තුළ සුබ සිහින දැකීමට වෙහෙස වී වැඩ කිරීම මගින් සරත් ප්‍රනාන්දු ප්‍රමුඛ අපගෙන් සමු ගෙන ගිය සියලු‍ නායක, ක්‍රියාකාරීන් ගොඩනැගූ දර්ශනයට කළ හැකි උපරිම දායකත්වය වනු ඇත.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
07 සැප්තැම්බර් 2024

நீங்கள் காட்டிய கடினமான பாதையில் நாங்கள் நடக்கிறோம்!

ஒரு குறிப்பிட்ட நபருக்கோ, குழுவிற்கோ அல்லது பரந்த சமூக வகுப்பினருக்கோ கடினமான ஆனால் சரியான பாதையைக் காட்டிய அற்புதமான மனிதர் சரத் பெர்னாண்டோ. இவர் நம்மை விட்டுப் பிரிந்து பத்து வருடங்கள் ஆகின்றன.

அந்த கடினமான பாதையில் பூமியோடு வாழ்க்கையை மாற்ற போராடும் ஒரு கூட்டத்துடன் பயணிக்க வேண்டும் எனக் கூறி பல தசாப்தங்களாக தோல்வியுற்ற பொருளாதார மற்றும் அரசியல் வேலைத்திட்டத்தின் கைதிகளாக ஆக்கப்பட்ட இலங்கை விவசாயிக்கு தனது சொந்த கோட்பாடு மற்றும் வேலைத்திட்டத்தின் மூலம் அதனை எதிர்கொள்வதைத் தவிர வேறு வழியில்லை என்பதை காட்டியவர் சரத் பெர்னாண்டோ.

பன்னாட்டு நிறுவனங்கள், உலக வங்கி, சர்வதேச நாணய நிதியம், ஊழல் நிறைந்த வணிகக் குழுக்கள் அரசின் ஆதரவுடன் மக்களின் வாழ்க்கையைத் திருடி வருவதாகவும், மக்களுக்கு மாற்று வாழ்க்கை தொடர்பான பார்வையை விரைவாகக் கொண்டு வருவதற்காக நாம் தொடர் பங்காற்ற வேண்டும் என இவர் தொடர்ந்து வலியுறுத்தினார்.

அவர்களின் வாழ்க்கையை மீண்டும் பெற வேண்டும் அதனால்தான் நாம் வெவ்வேறு நேரங்களில் ஒரு அடி முன்னோக்கியும் அதேநேரம் இரண்டு அடி பின்நோக்கியும் நகர்ந்த சந்தர்ப்பங்கள் பல உள்ளன. ஆனால், அடுத்த நொடியில் நாம் எடுக்கப்போகும் ஒவ்வொரு அடியையும் வலிமையானதாக மாற்றுவதற்கு அவருடைய நோக்கு எமக்கு பலமான உறுதுணையாக இருந்தது.

2022ஆம் ஆண்டு நாட்டில் ஏற்படுத்தப்பட்ட புதிய சமூக விழிப்புணர்வின் ஊடாக மக்கள் அதிகாரம் தொடர்பில் புதிய சமூக ஒருமித்த கருத்தை உருவாக்குவதற்கான வாய்ப்பு ஏற்பட்டுள்ளது. தற்போது வலுவான கிராமப்புற விவசாய இயக்கத்தை உருவாக்க நடவடிக்கை எடுத்து வருகிறோம்.

அதற்காக நாம் கடுமையாக உழைக்க வேண்டும் மற்றும் சர்வதேச நாணய நிதியம் முன்வைக்கும் பொருளாதார மற்றும் அரசியல் வேலைத்திட்டத்தை தோற்கடிக்க பரந்த குழுவிற்கு ஒத்துழைப்பை வழங்க வேண்டும். அதை நோக்கிச் செயல்படும்போது, ​​கிராமப்புறப் பொருளாதாரத் திட்டத்தில் சிறு விவசாயிகளைப் போலவே கீழ்த்தளத்தில் வசிக்கும் பெரும்பான்மையான மக்களைப் பாதுகாக்கும் போராட்டத்தில் தீவிரமாகத் தலையீடு செய்வோம்.

நாம் தேர்ந்தெடுத்த பாதையில் நடக்கும்போது அடுத்த சில வருடங்கள் ஒரு முக்கியமான காலகட்டமாக இருக்கும். அனைவரின் கூட்டு முயற்சியுடன் மிகக் குறுகிய காலத்தில் நல்ல கனவுகளை நனவாக்க கடுமையாக உழைத்து, சரத் பெர்னாண்டோ தலைமையில் எம்மை விட்டுப் பிரிந்த அனைத்து தலைவர்களும் செயற்பாட்டாளர்களும் கட்டியெழுப்பிய தொலைநோக்குப் பார்வைக்கு ஆற்றக்கூடிய அதிகபட்ச பங்களிப்பை ஆற்றுவோம்.

காணி மற்றும் விவசாய சீர்திருத்த இயக்கம்
07 செப்டம்பர் 2024

01/05/2024

Farmers May Day 2024

01/05/2024

Farmers May Day

ගොවි බලය පෙන්නන ඇත්ත ගොවි මැයි දිනයක්...!දේශපාලන පක්ෂ ගෑවිලාවත් නැති සැබෑ වැඩකරන පන්තියේ මැයි දිනයක්....!මෙච්චර කල් ලංකා...
23/04/2024

ගොවි බලය පෙන්නන ඇත්ත ගොවි මැයි දිනයක්...!

දේශපාලන පක්ෂ ගෑවිලාවත් නැති සැබෑ වැඩකරන පන්තියේ මැයි දිනයක්....!

මෙච්චර කල් ලංකාවෙ මැයි දිනේ / කම්කරු දිනේ තිබුනෙ දේශපාලන පක්ෂ වලට.

මේ පාර ඒක වෙනස් වෙනවා.

ඇත්තටම කැත්ත උදැල්ල එක්ක වැඩකරලා දාඩිය මතින් ජීවිතේ ගැටගහන ගොවියා දේශපාලන පක්ෂ නැතුව මැයි දිනයක් සමරනවා.

ගොවියගෙ හයිය පෙන්නමු....!

වැඩි විස්තර කියන්නම් ✊

விவசாயிகளின் சக்தியை வெளிப்படுத்தும் உண்மையான விவசாயிகளின்
மே தினம்...!

அரசியல் கட்சிகள் இல்லாத உண்மையான உழைக்கும் வர்க்கத்தின் மே தினம்....!

இலங்கையில் இவ்வளவு காலமும்
மே தினம்/ தொழிலாளர் தினம் அரசியல் கட்சிகளுக்குத்தான், இம்முறை அந்த நிலை மாறுகிறது.

உண்மையிலேயே மண்வெட்டி பிடித்து வேளாண்மை செய்து பிழைப்பு நடத்தும் விவசாயி அரசியல் கட்சிகள் இல்லாமல்
மே தினத்தை கொண்டாடும் நேரம் இது!

விவசாயிகளின் பலத்தை காட்ட ஓன்றினைவோம்...!

மேலதிக விபரங்கள் தொடரும்✊️





08/01/2024

உரிமைக்கான குரல்அனுசரனை :- காணி மற்றும் விவசாய சீர்திருத்த இயக்கம்

UVA province Youth Media Team  collaborated with  their regional radio station, UVA radio, in producing this radio  Prog...
01/01/2024

UVA province Youth Media Team collaborated with their regional radio station, UVA radio, in producing this radio Program,Thunmansala 🎉

තුංමංසල - 1 වැඩසටහනදායකත්වය :- MONLAR Project

Address

57, Medawalikada Road
Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when Youth Media Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Youth Media Team:

Share