Prime News Puls

Prime News  Puls සමබර, සත්‍යවාදී හා විමර්ශණාත්මක මාධ්‍යකරණය.
ශ්‍රී ලංකාවේ එකම පුවත් විශ්වකෝෂය

18/12/2024

එක්සත් ජනරජ පෙරමුණ සංවිධානය කෙරෙන වනසතුන්ගේ සහ මිනිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව..

11/12/2024

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව

දාහක් භික්ෂූන් කැඳවා පවත්වන්නට සැලසුම් කල මහ සඟ සමුළුවක වරුණ !                    නාමල් රාජපක්‍ෂ කල එලි බහින්නට දස බල සේ...
15/03/2024

දාහක් භික්ෂූන් කැඳවා පවත්වන්නට සැලසුම් කල මහ සඟ සමුළුවක වරුණ !

නාමල් රාජපක්‍ෂ කල එලි බහින්නට දස බල සේනා නමින් project එකක් පටන් ගත්තේය. පොහොට්ටු මන්ත්‍රීවරුන් එක්කාසු කරගෙන රට වටා යන්නට රාහුල් ගාන්ධි පන්නයේ වැඩක් ලෙස සැලසුම් කළ ඒකට ඇත්තටම හිටියේ දහයකට අඩු පිරිසකි. ඊලඟට නාමල් රාජපක්‍ෂ ඇල්ම බැල්ම දැම්මේ තම පියා මෙන්ම භික්ෂුන්වහන්සේලා වෙත ය.

Project එක භාර දුන්නේ රාජපක්‍ෂ නිකායික මැදගොඩ අභයතිස්ස හිමිට ය. උන්වහන්සේ රාජපක්‍ෂ මුදල් ද යහමින් පාවිච්චි කරමින් පසුගිය දිනවල නාමල්ව රට තුළ ඉහළට ගෙන ඒමට මහා සඟ සමුළුවකට භික්ෂු සංඝයා එකතු කරන්නට කටයුතු සූදානම් කළේය.

සඟ සමුළුව පවත්වන්නට යෙදී තිබුනේ පසුගිය 14 වෙනිදාය. ඉලක්කය වී තිබුනේ භික්ෂු සංඝයා දාහක් නමකි. තැන ලෙස තෝරාගෙන තිබුනේ නගානන්ද බෞද්ධ මධ්‍යස්ථානයයි.

අදාල ශාලාව බෞද්ධ භික්ෂූන්ගෙන් කොපමණ පිරී තිබුණේ ද, අභයතිස්ස - නාමල් project එක කොච්චර සාර්ථක වුනා ද යන්න අනන් මනන් අවශ්‍ය නැත. මෙහි එල්වා ඇති ඡයාරූපය පමණක් ඊට ප්‍රමාණවත් ය.

මහින්ද රාජපක්ෂ පවා සහභාගී වී සිටි අදාළ අවස්ථාවට වැඩම කරමින් සිටි ඇතැම් රටේ පිළිගත් භික්ෂූන් ශාලාව හිස් බව ආරංචි වී ආපසු හැරී ගිය බවට ද තොරතුරු ඇත.

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරවීමේ රාජපක්ෂලාගේ කූට උත්සාහය පරදවමු..! සජබයේ සහායත් රාජපක්ෂලාට ද?ජන අරගලයකින් එලවා ...
15/03/2024

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරවීමේ රාජපක්ෂලාගේ කූට උත්සාහය පරදවමු..! සජබයේ සහායත් රාජපක්ෂලාට ද?

ජන අරගලයකින් එලවා දැමූ ගෝඨා ඇතුළු පවුල් පාලනය දැන් නැවතත් ශ්‍රී ලාංකේය දේශපාලන දේහයට විෂබීජ එක් කරමින් තිබේ. අලුත්ම විෂ බීජය බැසිල් රාජපක්ෂ සිරස හරහා ඊයේ එළියට දැම්මේ ය. ඒ නිසි වේලාවට පැවැත්විය යුතු ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ දරමිනි. ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා ඉක්මණින් මහා මැතිවරණයකට රට ගෙන යාම බැසිල් ප්‍රමුඛ රාජපක්ෂලාගේ උත්සාහය වී තිබේ. මන්ද ජනාධිපතිවරණය මුලින් ම පැවැත්වීම බලයේ සිටින ජනාධිපතිවරයාට සහ රාජපක්ෂලාට අතිශය අවාසිදායක තත්ත්වයක් බැවිනි.

සිරස හරහා එලි දකින මෙම අලජ්ජී උත්සාහය පාර්ලිමේන්තුව විසුරුවීම උදෙසා වන අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක වෙසින් කරලියට පැමිණෙමින් තිබේ. වත්මන් විපක්ෂ නායකයා වන සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස හරහා සමගි ජන බලවේගයේ සහාය මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය කෙරෙහි ලබාගැනීමට රාජපක්ෂලා උත්සාහ දරමින් සිටිති. විපක්ෂ නායකත්වයේ දියාරු බව නිසා දිනෙන් දින ජනතාවගෙන් ඈත් වීම හේතුවෙන් සජිත් ප්‍රේමදාසට ද මේ ක්‍රියාවලියට සහාය දැක්වීම වාසි සහගත බව ඔහු සිතන බවක් පෙනේ.

කෙසේවෙතත්, තනි පවුලක ඉරණම විසඳීමට දරන උත්සාහයේ දී රටේ ඉරණම තීරණය කිරීමට තවදුරටත් ඉඩ දිය යුතු ද? රාජපක්ෂලාගේ සහ ඔවුන් විසින් සහාය දක්වන ආණ්ඩුව මැතිවරණ කල් දමන්නේ 2022 වසරේ සිට ය. ජන අරගලය හරහා පිටවූයේ රාජපක්ෂලා කෙරෙහි මෙරට මහජනතාව තුළ පවතින විරෝධය ප්‍රකාශයට පත් විය. පවතින මහජන විරෝධය හේතුවෙන් 2023 පැවැත්වීමට නියමිත ව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දමන්නට බැසිල් රාජපක්ෂගේ සෘජු මැදිහත්වීම ද හේතු විය.

මේ අවස්ථාවේ ජනාධිපතිවරණයක් නිසි වේලාවට පැවැත්වුවහොත්, රාජපක්ෂ පවුල සහ ඔවුන් විසින් සහාය දක්වන ආණ්ඩු පාර්ශවයට අන්ත පරාජයක් අත්පත් වන බවට සැකයක් නැත. එහෙයින් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා ක්ෂණික මහ මැතිවරණයකට ගොස් ආසන 30 ක් වැනි ප්‍රමාණයක් තමන්ට ලබා ගත හැකි බවට බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුව කල්පනා කරයි. එවන් ප්‍රතිඵලයක් යටතේ බැසිල් රාජපක්ෂ අගමැති ධුරය ලබා ගත හැකි සභාග ආණ්ඩුවක් ගොඩ නැගීම රාජපක්ෂලාගේ කූට අභිප්‍රාය වී තිබේ.

මහජන ඉල්ලීම තිබෙන්නේ ජනාධිපතිවරණයක් සඳහා ය. නමුත් එම ඉල්ලීම් තුට්ටුවකට මායිම් නොකිරීම සාමාන්‍යයෙන් රාජපක්ෂලාගේ සිරිතයි. රාජපක්ෂ පවුලට වාසිදායක වෙලාවට මැතිවරණ පැවැත්වීමත්, අවාසිදායක තත්ත්වයක දී මැතිවරණ කල් දැමීමටත් රාජපක්ෂලා කටයුතු කරති. රාජපක්ෂලාට අවශ්‍ය වෙලාවට ව්‍යවස්ථාවට සංශෝධන එක් කරති. අවාසිදායක තත්ත්වයක දී සංශෝධනවලට විරුද්ධ වෙති. රාජපක්ෂ පවුලට වාසිදායක තත්ත්වයක දී කොළඹ වරාය චයිනා මර්චන්ට් වෙත විකුණුවා සේ ෂැංග්‍රිලා හෝටලයට ඉඩම් වික්කා සේ ජාතික දේපළ විකුණා දමති. ඔවුන්ගේ පාලනයෙන් තොර තත්ත්වයක දී ජාතික දේපළ බේරාගන්නට මර හඬ දෙමින් මහජනතාව රවටති. ජාතික සම්පත් උලාකෑම සඳහා රාජපක්ෂ පවුලේ උදවිය පත් කරති. ඊට හොඳම උදාහරණය රාජපක්ෂලාගේ 'ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්' කොල්ලයයි.

දසක දෙකක් තිස්සේ, වර්තමානයේ දී පවා රට පාලනය වන්නේ රාජපක්ෂ පවුලට ඕනෑ හැටියට ය. මයිනන්ට, කපුටන්ට රටේ ජනතාවගේ ඉරණම, දූ දරුවන්ගේ අනාගතය තීරණය කර දීමට ඉඩ දී තවත් අප බලා සිටිය යුතු ද? නැත. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා ඉක්මන් මහා මැතිවරණයකට ගොස් නැවත ජන මතය කොල්ල කෑමට රාජපක්ෂ පවුල ඇතුළු නඩයට ඉඩ දිය යුතු නැත! පාර්ලිමේන්තු මැතිවරණයකට පෙර එක්කෝ පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුය. නැතහොත් ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. බැසිල් රාජපක්ෂලා නැවත මැද්දට පැන මේ මැතිවරණ ක්‍රියාවලිය අවුල් කිරීමට දරන උත්සාහයන් පරාජය කළ යුතු ය. බැසිල්ලා වැනි කුමන්ත්‍රණකාරයන්ට, විදේශිකයන්ට අවශ්‍ය ආකාරයට මැතිවරණ ක්‍රියාවලිය අවුල් කිරීමට ඉඩ නොදිය යුතුම ය.

අශෝක අබේගුණවර්ධන දැන් කඩේ යන්නේ ජවිපෙ බලයට පත් කර ගන්නට ය. එසේ කඩේ යමින් කියන්නේ පරණ හොරු අල්ලන්නට කියාය. නමුත් දැන් බලන...
22/02/2024

අශෝක අබේගුණවර්ධන දැන් කඩේ යන්නේ ජවිපෙ බලයට පත් කර ගන්නට ය. එසේ කඩේ යමින් කියන්නේ පරණ හොරු අල්ලන්නට කියාය. නමුත් දැන් බලන් ගියාම අපට කියන්නට වෙන්නේ අශෝක අබේගුණවර්ධනගේ හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් කියා ය. අශෝක, අතන මෙතන රතන සාදු සමග 2015 දී සහාය දුන්නේ මෛත්‍රීට ය.

අශෝක 2015 දී තමන් කරන ලද වීර වික්‍රමය පිළිබඳ පොතක් ද ලිව්වේය. ඒ අනුව 75 වසරක දුෂණ හා අපරාධ ගැන ජවිපෙ බණ දෙසන විට අශෝක අබේගුණවර්ධන එහි ප්‍රධාන වගඋත්තරකරුවෙකු වන්නේය. මෛත්‍රී බලයට පත් කිරීමට තමන් සිදු කළ කැප කිරීම සඳහා මෛත්‍රි කප්පමක් ලෙස අශෝකට ලබා දුන්නේ සෙමා ආයතනයයි. සෙමා ආයතනය චන්ද්‍රිකා විසින් ගොඩනැගු ආයතනයක් වූ අතර, එහි අරමුණ වූයේ රාජ්‍ය ආයතන ප්‍රතිසංවිධානය කිරීමට රජයට උපදෙස් දීම යි.

මෛත්‍රී සමයේ දී සෙමා ආයතනයට කරන්නට යමක් තිබුණේ නැත. අශෝක අබේගුණවර්ධන විසල් වැටුපක් සැප වාහන තබා ගනිමින් කිසිදු වැඩක් නොකොට වසර පහක්ම තනතුරේ වැජඹුණේ ය. සෙමා ආයතනයේ සිටින අතරේම රතන සාදු සමග එක්ව ජනාධිපති අරමුදලෙන් රු. මිලියන 500 ලබා ගෙන හරිත කෟෂිකර්ම ව්‍යාපෘතියක් ඇරඹුවේය. එම සමස්ත ව්‍යාපෘතියම දැවැන්ත බොරුවක් වුයේය. එම ව්‍යාපෘතියේ මුදල් මිලියන 300 වංචා කොට ඇති බව මෛත්‍රී ජනාධිපතිවරයා දැන ගත් පසුව හරිත කෘෂිකර්ම ව්‍යාපෘතිය පමණක් නොව සෙමා ආයතනය ද වසා දමා අශෝක අබේගුණවර්ධන ගෙදර යැව්වේය.

නමුත් දැන් අශෝකලා කතා කරන්නේ පිරිසිදු පාලනයක් ගැන ය. නමුත් තමන්ට හැන්ද තිබෙන විට බෙදා ගත්තේ එහෙමය. අශෝකට සම්බන්ධ දුෂණ පිළිබඳ ලිඛිත සාක්ෂි සහිත සෙමා ආයතනයේ කණ්ඩායමක් දූෂණ විරෝධී කොමිසමට පැමිණිලි කිරීමට ලක ලෑස්ති වන බවට ද, ආරංචියක් තිබේ.

මම දන්නවා – මම කරනවා – මම ඒකෙන් වින්දනයක් ලබනවා  – (ලැකාන්)  අනුරතමන් BRANDED ඇඳුම් ආයිත්තම් පලඳින්නේ ඒවා දකින අය කුලප්ප...
18/02/2024

මම දන්නවා – මම කරනවා – මම ඒකෙන් වින්දනයක් ලබනවා – (ලැකාන්) අනුර

තමන් BRANDED ඇඳුම් ආයිත්තම් පලඳින්නේ ඒවා දකින අය කුලප්පු කර සතුටක් ලබා ගන්නට යැයි ජවිපෙ නායකයා මෑතක සිරස රූපවාහිනිය සමඟ කල වැඩසටහනක දී ප්‍රකාශ කර ඇත.

මෙය එක්තරා ආකාරයකට පරපීඩක (අනුන්ව තලා පෙලා සතුටු වන) මානසික තත්ත්වයක් ලෙස සලකා විස්තර කර ගත යුත්තකි.
ලංකාවේ මෑතකාලීන ව සිදු කරන ලද සමීක්ෂණ වලින් 50% කටත් එහා ඡන්ද ලබාගෙන ලංකාවේ මීළඟ ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිත යැයි ලාංකේය ජහමනයා පමණක් නොව, ඉන්දීය මධ්‍යම රජය පවා දැන් විශ්වාස කරන අනුර කුමාර දිසානායක මෙවැනි මානසික මට්ටමක් (PERVERT) ඇති අයෙකු ද යන්න ඒ පිළිබඳ ප්‍රාමාණිකයන් විසින් විමසා බලා රටේ ජනතාවට කරුණු වටහා දිය යුතුය.

මන්ද යත් රටේ රාජ්‍ය නායකයාගේ යහපත් මානසික මට්ටම ඒ රට කරවීමට අත්‍යන්ත ලෙස ම වැදගත් හෙයිනි. පිස්සෙක් රජ වුනත් එකයි රජා පිස්සෙක් වුනත් එකයි කියා කථාවක් තිබෙන්නේ එහෙයිනි.

මීට වසර හයකට පමණ පෙර තම BLOG අඩවියට ලිපියක් ලියන වෛද්‍ය රුවන් M ජයතුංග මෙලෙස දක්වා ඇත.

"දේශපාලන නායකයන් ගේ මනෝ ගතිකයන් ඔවුන් ගේ දේශපාලන තීරණ වලටත් එසේම රටක අනාගතයටත් බලපාන බව මනෝ විද්‍යාඥයන් පෙන්වා දෙති. A First-Rate Madness: Uncovering the Links Between Leadership and Mental Illness නම් ග්‍රන්ථය ලියූ සුප්‍රක​ට වෛද්‍යවරයෙකු වන Dr. Nassir Ghaemi රාජ්‍යයක් අසාර්ථක වන විට, මහජන සාමය කඩවී යන යුගයක මානසික අක්‍රමතාවන් ඇති පුද්ගලයෝ අපව පාලනය කරන බව කියයි. එසේම සාමය සහිත සමෘද්ධිමත් කාල වල ඔවුන් අපගේ රෝගීහු වන බව වෛද්‍ය Nassir Ghaemi වැඩි දුරටත් සඳහන් කරයි.

දේශපාලන ඉතිහාසය හොඳින් විශ්ලේෂණය කරන වෛද්‍ය Nassir Ghaemi චර්චිල් , හිට්ලර්, ස්ටාලින් යන නායකන් තුල තිබූ මනෝ භාවයන් මෙන්ම මානසික අක්‍රමතාවයන් ඔවුන් ගේ දේශපාලන තීරණ වලදී ඉතා ස්ථිර ලෙස බලපෑ අයුරු තර්කාන්විතව පෙන්වා දෙයි. උදාහරණයක් ලෙස චර්චිල් විශාදයෙන් පෙළුනේය​. මේ නිසා නෙවිල් චේම්බලේන් මෙන් නොව හිට්ලර් ගේ අනාගත අභිප්‍රායන් පිලිබඳව යම් අවලෝකනයක් චර්චිල් තිල තිබූ බව වෛද්‍ය Nassir Ghaemi පවසයි. මෙම තත්ත්වය වෛද්‍ය Nassir Ghaemi හඳුන්වන්නේ Depressive Realism යන නමිනි. තවද හිට්ලර් තුල තිබූ ඇම්ෆිටමීන් කෙරෙහි ඇබ්බැහි වීම මෙන්ම ඔහු තුල තිබූ ද්වී ද්‍රව විශාදය (Bipolar affective disorder) සහ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD) නිසා අවසාන කාලයේදී හිට්ලර් සිහිමඳ ආකාරයෙන් යුද්ධය පිළිබඳ තීරණ ගත් අයුරු වෛද්‍ය Nassir Ghaemi පෙන්වා දෙයි."

වැඩි දුරටත් කරුණු දක්වන වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ;

….“ශ්‍රී ලංකාවේ දේශපාලනය කෙරෙහි බලපෑම් ඇති කරන ලද පුද්ගලයන් ගේ මනෝභාවයන් පිලිබඳව ශ්‍රී ලංකික මනෝ විද්වතුන් විග්‍රහ කොට නැත​. මේ සඳහා ඔවුන් තුල සාධාරණ බියක් පවතිනවා වන්නට පුලුවන​. එහෙත් වෘත්තීයවේදීන් ලෙස තමන් ගේ දැණුම සහ අත්දැකීම් යොදාගෙන ජනතාවට ප්‍රතිවේධනයක් ලබා දීම ඔවුන් ගේ යුතුකමක් වෙයි.…….” යනුවෙනි.

අදාල සම්පූර්ණ ලිපියට link එක

https://transyl2014.blogspot.com/.../02/blog-post_19.html...

ජවිපෙ නායකයාගේ වචනවලින්ම පෙන්වා දෙන පරිදි ඔහු ඇඳුම් අඳින්නේ ප්‍රාථමික විලි වසා ගැනීමේ හෝ fashion එකක් ලෙස හෝ යන කාරණාවට එහා ට ගොසින් “අනෙකාගේ දෑසට ලක්වීමට ය”. ඒ වෙනුවෙන් ඔහු BRANDED ඇඳුම් භාවිතා කරන බව කියයි.

(මෙහි විරුද්ධභාෂය වන්නේ ඔහුගේ පක්ෂයේ ප්‍රබල සාමාජිකාවක් වන කොලඹ මහ නගර සභාවට තරඟ කිරීමට සිටි ව්රායි බල්තසාර් තමන් වසර ගනනකින් ඇඳුමක් මිලට ගෙන නැතැයි කියමින් facebook එකේ මහා ගාලගෝට්ටියක් ඇල්ලීමය.)

එතනින් නොනැවතී ජවිපෙ නායකයා කියන්නේ තමන්ගේ ඇඳුම් දැක තමාගේ අනෙකා කුලප්පු වනු දැකීමෙන් ඔහු සතුටට පත්වන බවයි. එනම් ඔහු නිරූපණය කරන්නේ අනෙකාගේ ආශාවයි. අනෙකා යනු ඔහුගේ ඇඳුම දැක කුලප්පුවන කෙනා ය. එනම් ඔහු නොකියා කියන්නේ අනෙකා මා දැකීමෙන් පෙලීමකට ලක් වෙනවා, ඒක මම දන්නවා, ඒකෙන් මම වින්දනයක් ලබනවා යන ප්‍රකට මනෝවිශ්ලේෂක ලැකාන් ගේ උපුටනය (නරුමත්වය – CYNICISM) නිවැරදි බවයි.
එමනිසා 2018 දී වෛද්‍ය රුවන් M ජයතුංග ලියා ඇති ලෙසම ලංකාවේ දේශපාලන පිටියේ ප්‍රධාන චරිත ගැන මනෝවිශ්ලේශී විග්‍රහයක් ලබා ගැනීම වටී, මන්ද රාජ්‍යකරණයේදී කටයුතු කරන්නේද එම පුද්ගල මනස හරහා ම නිසා ය.

රනිල් වෙනුවෙන් ප්‍රසන්නගෙන් නාස්තියක්! බොරු වැඩක්!වජිර අබේවර්ධන කොළඹ flower road හි රනිල් වෙනුවෙන් කාර්යාලයක් විවෘත කර ද...
17/02/2024

රනිල් වෙනුවෙන් ප්‍රසන්නගෙන් නාස්තියක්! බොරු වැඩක්!

වජිර අබේවර්ධන කොළඹ flower road හි රනිල් වෙනුවෙන් කාර්යාලයක් විවෘත කර දැන් ටික කාලයකි. ඒ සඳහා ඔහු කුලියට ගත්තේ සුවිසල් මැදුරක් වන අතර, කොළඹ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ට බල කරමින් කැම්පේන් එකට කියා මුදල් ගෙන්වා ගැනීමට ද වජිර අබේවර්ධන කටයුතු කර ඇත.

ඊලඟට රාජගිරියේ තවත් කාර්යාලයක් දැමූ අතර, නුගේගොඩ පැරණි ප්‍රසිද්ධ ඡයාරූප ශාලා ගොඩනැගිල්ලක පිහිටි මහලක තවත් කාර්යාලයක් රනිල්ගේ කැම්පේන් එක කිරීමට යැයි කියා “කැම්පේන්කරුවෝ ” ආරම්භ කර ඇත.

දැන් අලුත්ම කාර්යාලය ආරම්භ කර ඇත්තේ කොළඹ විජේරාම, මලලසේකර මාවතේ ය. ඒ අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසිනි. මෙහි සියලු බරපැන නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයට අයත් ආයතන වල සභාපතිවරුන්ගෙන් අය කර ගැනීමට නියෝග කර ඇත.

තොරතුරු වාර්තා වන පරිදි ආරම්භක බර පැන Waters Edge සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරු හරහා අය කර ගැනීමට පියවර ගෙන ඇති අතර මේ සම්බන්ධව අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයා අතර ගැටුමක් ද, නිර්මාණය වී ඇති බවට මලලසේකර මාවතේ පිහිට වූ කාර්යාලයෙන් ම වාර්තා වේ.

රාජපක්ෂ පාලනය තුල සිදු කළ ආකාරයෙන්ම රනිල් වික්‍රමසිංහ පාලනය තුලත් තම තම කැම්පේන් සඳහා රජයේ දේපල සහ මුදල් ජයටම පරිහරණය කිරීම නොඅඩුව සිද්ධ වන බවට මෙය එක් සරල උදාහරණයක් පමණි.

රට වැල් පාලමෙන් එතෙර කරන්නට යැයි කියා ජනපති පුටුවට පිනා චාන්ස් එකක් හරහා වාඩි ගත් රනිල් වික්‍රමසිංහ තම බල ලෝභය උදෙසා තම හෙංචයියන් හරහා රාජපක්ෂලා කරපු ලෙසම රාජ්‍ය දේපල උලා කෑමට පටන් ගෙන ඇත.

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ...
31/01/2024

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙක් හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් මාතර දී තවත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 28, 42, හා 58 යන වයස්වල පසුවන මීගමුව, අලව්ව හා බූස්ස යන ප්‍රදේශවල පදිංචිකරුවන් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් ඝාතනයට යොදාගත් ටී 56 ගිනිඅවි බැහැර කිරීම සම්බන්ධයෙන් හා අපරාධ සිදුකිරීමේ දී මුදල් ගනුදෙනු සිදුකිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත්ව ඇත.

වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරයි.

හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ලෙතන්ටි වතුයායේ පාසල් සිසුවෙකු තම නිවස තුළ දී ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව හැටන් පොලිසිය ...
31/01/2024

හැටන් පොලිස් බල ප්‍රදේශයට අයත් ලෙතන්ටි වතුයායේ පාසල් සිසුවෙකු තම නිවස තුළ දී ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ, ලෙතන්ටි වතුයායේ පදිංචි වයස අවුරුදු 15ක් වන සෙන්ගම් ගෝබිනාත් නමැති සිසුවෙකි.

ඊයේ (30) රාත්‍රීයේදී ඔහු මෙසේ ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

සිසුවා ගෙල වැළලාගෙන මිය යාමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර මේ පිළිබඳව හැටන් පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ සිදුකරනු ලබනවා.

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල සහ ප්‍රසම්පාදන අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගැනීමට නීති අංශ උපදෙස් ලබා ...
31/01/2024

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙලිය රඹුක්වැල්ල සහ ප්‍රසම්පාදන අතිරේක ලේකම් සමන් රත්නායක අත්අඩංගුවට ගැනීමට නීති අංශ උපදෙස් ලබා දී තිබෙනවා.

හිටපු විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකර සහ අනෙකුත් අමාත්‍යංශ නිලධාරීන් ගැන පිළිබඳව ගනු ලබන තීරණය පසුව ලබා දීමට නියමිතයි.

ආසාවේ දිලිසෙන දෑස් - අවසන් ජවනිකාව අපේ ජනාධිපතිතුමා පොඩි කාලේ සිට දක්ෂයෙකි.  ඇමරිකන් ජනාධිපතිවරුන්ගේ රුව සහිත කුඩා පිලි ...
31/01/2024

ආසාවේ දිලිසෙන දෑස් - අවසන් ජවනිකාව

අපේ ජනාධිපතිතුමා පොඩි කාලේ සිට දක්ෂයෙකි. ඇමරිකන් ජනාධිපතිවරුන්ගේ රුව සහිත කුඩා පිලි රූ එකතුවක් ඔහු සතුව තිබුන අතර එම අනු රූ පත්වීමේ වර්ෂ අනුපිළිවෙළට පෙල ගැස්වීමට තරම් කුඩා වයසේදීම රනිල් ට හැකියාවක් තිබිණ.
ජාත්‍යන්තර දේශපාලන කාරණා ගැන රනිල්ගේ ලැදියාව එතරම් ඈතට ඇදී යයි.
මේ කාරණය හදිසියේම මතකයට එන්නේ ලඟදි රනිල් පලස්තීන රාජ්‍ය ගොඩ නැගීම ගැන පලස්තීන විදේශ ඇමතිට කරුණු පෙන්වා දෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන නිසාය.

රනිල්ට එදා සිටම තිබුනේ දේශීය උරුවකට වඩා විදේශ ලැදියාවකි. බලය උදෙසා දේශීයත්වය එහෙන් මෙහෙන් කථා කරන්නට ගොස් කට ඔහු වරද්දාගත් අවස්ථා රැසක් වූ අතර කලුතර ට පස්දුන්රට කියා හඳුන්වන්නේ පස් පුරවා හදපු නිසා යැයි කීම ජනප්‍රිය උදාහරණයකි.

නමුත් බලය සම්බන්ධ කාරණයේදී රනිල්ට දේශීය විදේශීය වෙනසක් තිබුනේ නැත. දන්නා වයසේ සිට බලය අත්පත් කරගැනීම තම ආත්මීය ආසාව ( මේ හා බැඳුන මනෝමූලික කාරණා වෙතත් ඒවා කථා කිරීම ලිපියේ අරමුණ නොවේ ) කරගත් රනිල් දැන් වසර තිස් හතලිස් ගණනක් පාර්ලිමේන්තු ඇවිත් ඇත. වසර තිස් ගණනක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාය. කීප වරක්ම රටේ අගමැති විය.
පිනා චාන්ස් එකක් හරහා ( ගෝටාගේ පිහිටෙන් බැසිල්ගේ ආනුභාවයෙන් චන්ග් නෝනාගේ ආරක්ෂාවෙන් ) රටේ ජනාධිපති ධූරයට පැනගන්නටද රනිල් වාසනාවන්ත විය.

රටේ ජනතාවගේ ඡන්දයක් හරහා ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීම රනිල්ට හීනයකි. ඔහු ඒ බව හොඳින්ම දනී. හේ දැන් වයසය. දැන් ඔහු තම බල ව්‍යාපෘතියේ ඊලඟ පිම්මට ලක ලැහැස්ති වේ. එය ඇත්තේ ලංකාවෙන් පිටය. ජනතා ඡන්දයක් අවශ්‍ය නැත. රනිල්ට ඒවා නොලැබෙන බව ඔහු දනී , නැති නම් ඔහු online safety bill එක දාන්නේ නැත.

ජනාධිපතිධූරයට පත්ව ගෙවුන මාස 17 ට රනිල් 18 වතාවක් විදෙස් සංචාර වල නිරත වූයේ රටේ ණය ප්‍රශ්නය විසඳන්න හෝ රටට ආයෝජන රැගෙන එන්නට හෝ නොවේ. ඒ ඔහුගේ ඊලඟ ආසාව ඉටු කර ගන්නට අවශ්‍ය HOME WORK ටික කිරීමටය.

රතු මුහුදේ හූති ගරිල්ලන්ට ගහන්න ලංකාවේ ඕනෑ තරම් ආර්ථික ගැටලු තිබියදී සතියකට ඩොලර් මිලියන ගණනක් වැය කර නාවික හමුදා සහිත නැවක් ඔහු පිටත් කර හරින්නේ මේ ඊලඟ බල ආසාවේ සිහින වල කිමිදෙමිනි.

2024 ලංකාවේ ජනාධිපතිවරණය රනිල්ගේ ඉලක්කය නොවේ.... ඔහුගේ තරඟය එන්නේ 2026 දීය.... ඔහුට ප්‍රතිවාදීන් දෙදෙනෙකි.... කෙනෙක් කාන්තාවකි.....ඇය බාබඩෝස් හී වත්මන් අගමැතිනිය වන Mia Mottley ය. අනෙකා හිටපු කොලොම්බියානු ජනාධිපති Juan Manuel Santos ය.

30/01/2024

නිදහස් දින සැමරුමට සැරසෙන ගුවන් කරනම් කරුවෙක් අනතුරේ

Address

Rajagiriya
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Prime News Puls posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Prime News Puls:

Share